(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා හා ප‍්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය.
කසුන් පළිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතා ඒ බව දැනුම් දුන් අතර තම සේවාදායකයාගේ එම උපකරණවල ඇති තොරතුරු ඔහු ඉදිරියේදී පරීක්‍ෂාවට ලක් කිරීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.මෙම සහනය අර්ජුන් මහෙන්ද්‍රන් මහතාටද ලබා දී ඇතැයි ජනාධිපති නීතීඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතා කීය.
එම ඉල්ලීම කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් පැවසුවේ ලෝකයේ කිසිදු නඩු වාර්තාවක හෝ කිසිඳු ප‍්‍රඥප්තියකට අනුව තොරතුරු ලබා ගන්නා අවස්ථාවේදී එහි හිමිකරුට එම ස්ථානයේ සිටීමට ඉඩ ලබා දී නැතැයි කීය.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් කොමිසම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘විද්‍යුත් උපකරණ බාරදීමට සූදානම්‘
Nuwan Friday, 04 August 2017 12:37 PM
ඕවා නිකන් එකතු කරගත්තට වැඩක් නැහැ. සේරම ෆෝමැට් කරලා රිඉන්ස්ටෝල් කරලා ද බලන්න.
asaSaturday, 05 August 2017 04:39 AM
ඔබ හිතනවාට වඩා තාක්ෂණය දියුණුයි.
NuwanSaturday, 05 August 2017 09:26 AM
එහෙමනම් ඇයි ඇපල් පාස්වර්ඩ් එක ගන්න සිංගප්පූරු යනවා කිව්වම උසාවිය පිළිගන්නේ... සහෝදරයා තාක්ෂණය දියුණු වුණාට මේ ලංකාවේ හැමදේම නොපිට යන්නේ ලොකු ලොක්කන්ගේ ගැලවීමට, දත්ත රිකවර් කිරීම ගැන මම නොදන්නවා නොවේ.