මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම අද(13) පෙරවරු 9.30ට මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබියදී පෙරවරු 8.15ට පමණ පිරිසක් සමග එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පීත්ත පටියක් කපා එය විවෘත කළේය.
නව බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති චම්පික රණවක ද එහි පැමිණි අතර මේ මොහෙත වනවිට ඔහු උත්සවය සභාවේ කටයුතු ආරම්භ කර ඇත. විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් එහි සිටීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ආරක්ෂාව සඳහා ඉංගිරිය, හොරණ,මොරගහහේන ඇතුළු අවට සියලුම පොලිසිවලින් නිලධාරීන් 150ක් පමණ එහි කැඳවා ඇතැයි ද පොලිසිය කියයි.
ජායාරූප - බුද්ධික කුමාරසිරි
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![DSCN0342[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN03421.png)
![DSCN0367[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN03671.png)
![DSCN0370[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN03701.png)
![DSCN0380[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN03801.png)
![DSCN0384[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN03841.png)
![DSCN0388[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN03881.png)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අපේ සහයෝගය ඔබට හිමි වේ. පි (ම) ජයවේවා
තාම \'රාජ උෂ්ණය\' තියනවා. කොයි තරම් ඉහල ගියත් ජම්මේ අත්හරින්න බෑ. (ම)
විදුර වික්‍රමනායක මාධ්‍ය ඉදිරියේ කතා කරන විලාශය දැක්කම හිතාගන්නත් බෑ මේ කරන චන්ඩිකම්.ගිය ආණ්ඩුව කලේ ඔය වගේ වැඩ කරන්න බැරි වුණේ ඇයි කියලා (ම)
නියමයි විදුර මහත්මයා! ඔබට ජය! (ම)
බාගෙට පිස්සු. සල්ලි මහජනතාවගේ. මෙයයි නටන්නේ. (බ)
අනේ ඔය කොයි ඇමතිත් නැතුව බදු ගෙවන පුරවැසියෙකුට දෙන්න විවෘත කරන්න. මම හිතුව විදුර මහත්තයට මොලේ තියනවයි කියලා. දැනුයි දන්නේ එහෙම එක්ක නැහැ කියලා.(බ)
මේ මිනිසුන්ට නම් ඇත්තටම පිස්සු. කොහොමද අපි මහජන නියෝජිතයෝ කියල මේ වගේ උදවියට කියන්නේ? කතාවෙන්ම පේනවා කවුද චන්ඩි පාට් දමන්නේ කියල. (ම)
අැත්තටම සුපිරි (ම)
මේ රටේ මිනිස්සු කෙලින්නෙම පිස්සු.(ම)
පොදු ජනතාවගේ මුදල්වලින් ඔවුන් වෙනුවෙන් හදන පහසුකම් නේ. ඔන්න ඕක බස් මගියකුටම විවෘත කරන්න දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි නේ !! (ම)
මේ බස් නැවතුම විදුරලා බලයේ ඉන්නකොට හදාගන්න බැරි වුණානේ (ම)
එයාගෙ අප්පොච්චගෙ බුදලෙන් වෙන්න ඇති හදන්න ඇත්තේ. එයානේ මේ තොප්පි දාගෙන චන්ඩි පාට් දාන්නේ. මෙහෙමත් විකාර.(බ)
අපේ බදු ගෙවන සල්ලි වලින් හදපුවා විවෘත කරන්න දඟලන දැඟලිල්ලක්. පවතින රජයේ කෙනෙක් විවෘත කරන එක සම්ප්‍රදාය. එකට අනිත් අය නටන්න ඕනෑ නෑ (ම)
බලය නැතිකොට චන්ඩි පාට් මෙහෙම නම් එකල කොහොම ඉන්න ඇද්ද (ම)
හොඳ මිනිස්සු නරක්වෙන්නෙත් නරක මිනිස්සු හොඳවෙන්නෙත් මේ දේශපාලනය නිසාදෝයි වරකට හිතෙනවා... (ම)
රටේ සල්ලිවලින් හදලා මොකටද ඔය දෙගොල්ලෝ ඕකට පොරකන්නේ. උත්සවයට හෝල්ට් එක හැදුවට වඩා සල්ලි යන්න ඇති (බ)
වෙදගේ, ඒ කාලේ ඔය වගේ හෝල්ට් එකක් විවෘත කරන්න දේශපාලකයෝ ආවේ නෑ! ඒ කාලේ විවෘත කරපු දේවල් වල හැටියට ඕව මොනවද? (බ)
විදුර මැතිතුමනි , ඔබ උදාරයි! !!!!!!!!! (ම)
ඔබට ජය විදුර මැතිදුනි (ම)
‘අපේ අතින් කලින් වැරදි ගොඩක් සිදුවුණා . අපි වැරදි හදා ගෙන අරගලයට පන පොවමු‘ මෙන්න ඒ කට්ටිඅගේ වැඩ. ආයිත් දෙමුනේ. නවත්තපු තැනින් පටන් ගන්න. (බ)
පාඨලී මහත්තයෝ, පසුගිය කාලෙක කෙනෙක් කීව සෙරෙප්පු දෙක සුප් හදල බොන කතාවක්,මට පෙනෙන හැටියට නම් ඔබත් එසේමයි? (බ)
ඔව් ඔබ උදාරයි !! වැඩේ නම් කූජිතයි (ම)
අපේ බදු ගෙවන සල්ලි වලින් හදපුවා විවෘත කරන්න දඟලන දැඟලිල්ලක්. පවතින රජයේ කෙනෙක් විවෘත කරන එක සම්ප්‍රදාය. එකට අනිත් අය නටන්න ඕනෑ නෑ (ම)
බලය නොමැතිව පිස්සු වැටුණ උන්මත්තකයෙක් (ම)
විදුර මැතිඳුනි ඔබ එදත් අදත් ඇත්ත කතා කරන කෙලින් වැඩ කරන පුද්ගලයෙකි. තමන් හැම දෙයම කරල වෙන කෙනෙක් මොකටද මෙික විවෘත කරන්නේ. ඔබ හොරණ අපිට සැබෑ නායකයෙක්.(ම)
විදුර මතිදුනි, ඔබ කවදත් නොබියව ඉදිරියට යන මිනිසෙකි. අපේ සුබ පැතුම් , කිසිවෙකුට දෙවෙනි නොවන ඔබ උදාර මහත්මයෙකි.(ම)
ජය වේවා විදුර මැතිදුනේ (බ)
බොරුවට කළු පටි දාගෙන ඇවිල්ල මෙතන මිනිස්සු කුලප්පු කරනවා. මෙයට ඕක කලින් හදල විවෘත කරන්න තිබ්බනේ. බොරු සෝබන මේ පාරනම් මෙයා ඡන්දෙත් පරාදවෙයි වගේ (බ)
හොරණ? මේ පළාතේ මිනිස්සුන්ගේ මානසිකත්වය ටිකක් හිතාගන්න අමාරුයි.බන්ධනාගාරය හදනවට විරුද්ධයි.දැන් තවත් විකාරයක්. (ම)
විදුර මහත්තයට දෙවියන්ගේ හාල් කැවිලද මන්ද ? (බ)
මම නම් අපේ අයියලාගේ කුජීත වැඩ දිහා ස්වාධීනව බලන් ඉන්නේ...එහෙන් යුද ජයග්‍රහණය වෙනුවෙන් ඇන කොටා ගත්තා....දැන් විවෘත කිරීම් වලටත් අයිතිවාසිකම් කියනවා...මෝඩ ජනතාව තවම දේශපාලකයන්ගේ හෙන්චයියලා වෙලා උන් පස්සේ දුවනවා (බ)
මහජන බදු මුදලින් සැදෙන ගොඩනැගිලි විවෘත කිරීමේ ස්මාරක වල සඳහන් විය යුත්තේ එම ගොඩනැගිලි මහජන මුදලින් නිමාවට පත්කළ වගයි. ලංකාවේ මන්ත්‍රීවරුන් හැසිරෙන්නේ මේ දේවල් ඒ අයගේ පුද්ගලික මුදලින් කළා වගෙයි. මේ පුහු දේවල් දැන් නැවත් විය යුතුයි. (බ)
මෝඩ මිනිස්සු තමා ඕවට ගහ බැනගන්නේ තමන් දෙයක් කළානම් කොටන්න ඕනි නැ මිනිසුන්ගේ හිතේ තියෙයි (බ)
ඉතින් මේක විවෘත කරන්න පොරකන්න ඕනැයැ .පොදු වැසිකිලියක් හදල වතුර බාල්දියකුත් දීල ඒක විවෘත කරන්නතත් මේ උතුමන්ටම එන්න කියමුකෝ. (බ)
විදුර මැතිඳුනි ඔබ එදත් අදත් ඇත්ත කතා කරන කෙලින් වැඩ කරන පුද්ගලයෙකි. නමුත් මේ කරපු වැඩේ නම් අනුමත කරන්න බැහැ. බලය නැතිව මෙහම චන්ඩි පාට් දානවා නම් බලය තියන කොට කොහම කරන්න ඇත්ද මේ චන්ඩි හින්ද තමයි මහින්ද මහත්තය පැරදුනේ සාමයට තර්ජනයක් වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගතයුතුයි (බ)
මේක මහින්ද ගේ කාලේ අාරම්භ කරපු එකක්.. ඉතින් මේවා තමුන් කරපුව කියල නම ගහගෙන කරන එක හොද දෙයක් නෙමේ . මේවා පටන් ගත්තු එයාලටත් ආරාධනා කළානම් තමා හොඳ (බ)
නැවතත් මහින්ද පාලනයක හීන දකින සම හරක් මෙම ක්‍රියාව උතුම් ලෙස දකින එක තමයි දුක.මැති ඇමති වරුන්ට මෙලෙස කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් දැන් පවතින ආණ්ඩුව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුය. (බ)
හදන්නේ කව්රුත් විවෘත කරන්නේ කව්රුත් ! දැන් අයට ඕව කරනවා තියා හිතන්නවත් බෑ. (බ)
බලය තිබුන කාලෙ අඩු වශයෙන් කොළඹ - හොරණ පාර හදල බස් මගීන්ට පහසුවක් සලස්සපු නැති වික්‍රමනායකල දැන් බලෙන් බස් ස්ටෑන්ඩ් විවෘත කරනවා. අනේ හැබෑටම මෙහෙමත් නාටක. (ම)
නියමයි විදුර මහත්තයෝ. අපේ උත්තමාචාරය.(හේ)
කවුරු මොනවා කිව්වත් හොරණ අපි දන්නවා.(හේ)
මේ ආණ්ඩුවේ සංවර්ධනයක් නෑනේ ඒකනේ පළාතේ මන්ත්‍රීගේ පින්තූරයක් සඳහනක්වත් නැතුව විවෘත කරන්නේ (බ)
මේ මිනිහ විදුර ද අවිදුරද? මේවා කවුරු කළත් මහජන සල්ලි, (බ)
අපි නොදන්නා හොරණතැන්න (බ)
මේ කරපු වැඩේ නම් හරි නෑ නේද?(හේ)
කලින් ආණ්ඩුව කාලේ හදපුව නේද මේ. (හේ)
ලංකාවේ දේශපාලකයෝ තවමත් ඉන්නේ වනචාරී යුගයේ ඔය රට හදන්න බැ තව අවුරුදු 100 ගියත් (හේ)
අනුන් හදපුවා තමන්ගේ නම ගහලා විවෘත කරන්න ගියාම තමයි ඔය ප්‍රශ්න! (හේ)
මේවා තමයි විහිළු වැඩ කියන්නේ.(හේ)
ගොන් පාට් තමයි ඉතින්. (හේ)
මේ වගේ අය නිසයි රටවත් සංවර්ධනය වෙන්නේ නැත්තේ.(හේ)
මට දේශපාලකයෝ ගැන නෙවේ කණගාටු ,වටේ ඉන්න සහ මේකේ සටහන් දාන කට්ටිය ගැන (බ)
විදුර මහත්තය මෙච්චර කල් කරලා තිබෙන්නේ රංගනයක් බව අද ඔහු ඔප්පු කළා. බලය නැතුව මෙහෙම නම් බලය ලැබුනොත් කොහොම හිටීද? ජනතාව මේ දේශපාලුවන්ගේ ජවනිකා නිසා හැමදාම අතරමන් වෙනවා. ඔහුගේ හැසිරීම පෙන්නුම් කරන්නේ මේ රටේ දේශපාලනය කිරීමට ඇති ලොකුම සුදුසුකම මැරකම බව නොවේද? (බ)
මේ ගැන ලැජ්ජ වෙන්න.(හේ)
දෙන්නට සමගියෙන් ඕක විවෘත කරන්න තිබ්බනේ.(හේ)
මෙතැන යම් වැරැද්දක් සිදු වෙන්න ඇති.ඒත් පොලිසියට ඇඟිලි දිගු කිරීම වැරැදියි.(හේ)
අනුන් හදපුවා තමුන්ගේ වගේ විවුර්ත කරන්නත් ලජ්ජා වෙන්න ඕනේ නමුත් හැමෝම මීට වඩා වැදගත් විදිහට හැසිරෙන්න ඕනේ.(හේ)
මේ කරපු වැඩේ හරි නෑ නේද මහත්තයෝ.(හේ)
බයෙත් බෑ.(හේ)
ඇමෙරිකාවේ පාරවල් හදනකොට ලියන්නේ ඔබේ බදු මුදලින් මේවා කරන බව. විවෘත කරන්න දේශපාලකයෝ එන්නේ නැහැ (බ)
අහෝ! ශ්‍රී ලංකා පොලිසිය??? මාර නිර්භීතයි නේද පොඩි මිනිස්සුන්ට (බ)
අනුන්ගේ පහනෙන් එළිය බලන්න ඇවිල්ලා තියෙන්නේ සමහරු... (නි)
අනුන්ගේ ඒවා තමුන්ගේ වගේ විවෘත කරන්නත් ලැජ්ජා වෙන්න ඕනෑ (නි)
ජනතාවගේ බදු මුදලින් හැදුව තැන් වලට නම දාගන්න දේශපාලකයන්ට ලැජ්ජා නැද්ද? (නි)
මේ වගේ අශීලාචාරකම් මහින්ද යුගයේ සම්ප්‍රදායයි. මේවට පක්ෂ බේදයෙන් තොරව විරුද්ධවීම ශීලාචාර මිනිසුන්ගේ යුතුකමයි. (නි)
විදුර මහතා කොන්ද පණ ඇති හොඳ දේශපාලකයෙක් (නි)
මහින්ද යටතේ පුස් පැටවෙකු මෙන්ම මෙෙත්‍රි යටතේ බෝ පැලයක් මෙන් සිටි විදුර හදිසියෙම චන්ඩියෙක් විම ජනතාවට ? (අ)
මින් පස්සේ එයාලට හදල එයාලටම විවෘත කරගන්න කියන්න (අ)
අනුරාධ බන්ධනාගාරේ ඔයාගේ ගමේ හදා ගන්රන හොරණ මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතුව (අ)
පාලන තන්ත්‍රයේ ඉන්නා මෝඩ රැලෙන් එකෙක්.අපේ රට පාලනය කරන්නේ මේ වගේ අයද. ?(අ)
මේ ඔක්කොම විකාර ශ්‍රීලනිප නායකයෝ විනය කඩන පක්ෂ සාමාජිකයන්ට විරුද්ධව පියවර ගැනීමට පැකිළීම නිසයි. සිරිමාවෝ, චන්ද්‍රිකා, මහින්ද පක්ෂ නායකත්වය දරන කාලයේ මෙසේ හැසිරුණ පක්ෂ සාමාජිකයන්ට විරුද්ධව පියවර ගන්න පැකිලුනේ නැත. පක්ෂයේ විනය ආරක්ෂා කරගන්න බැරි මිනිස්සු කොහොමද රටක් පාලනය කරන්නේ? (නි)
ලැජ්ජා හිතෙනවා මේවා දැක්කහම (නි)
කවුරු කුළල් කාගෙන විවෘත කළත් මේවා මහජන මුදල් (නි)
දෙගොල්ලොම එකතුවෙලා විවෘත කළා නම් නේද ලස්සන? (නි)
මම මෙච්චරකල් හිතාගෙන හිටියේ වැදගත් මහත්තයෙක් කියලනේ. බලාගෙන ගියාම එහෙම නැහැනේ. ලැජ්ජා නැද්ද මන්දා? (නි)
විදුර මහත්තයෝ, වැඩේ නම් කැතයි හොඳේ! (නි)
කොහොමත් මේ ආණ්ඩුව කරන්නේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන එක. මෙලෝ රහක් නැහැ. (නි)
විලිලැජ්ජාවේ බැහැ චම්පික මහත්තයෝ! (නි)
20 ගුණයේ සංවර්ධනයේ එක කොටසක්ද මෙය? පුදුමදනවන සංවර්ධන වේගයක් තිබෙන රට ශ්‍රී ලංකාව! (නි)
"අනුන්ගේ කුඩුවල බිත්තර දන්නා එපා" (අ)
ඔබට හිමි ඔබගේ ගමට හිමි පසුගිය රජයෙන් ගොඩනැගු බස් නැවතුමේ නියම හිමිකරුවා ඔබයි. ඔබගේ සාදාරන විවෘත කිරීමට මේ මාගෙන් පිදෙන උණුසුම් ප්‍රනාමයයි. ජයවේවා ! (අ)
අපේ සල්ලි වියදම් කරලා මේ අය මෙපොරකනවා විවෘත කරන්න වටකරගෙන දෙපැත්තේම ගොන්නු උන්ව උත්සන් යනවා .පුදුම රටක් මේ ලංකාවනම් .සදා වලේ (අ)
අති විශිෂ්ඨයි මහත්මයානණි (අ)
මේකට අදහස් දමන අයට තේරෙන්නේ නැහැ මේ ඔක්කොම මහජන මුදලින් කළයුතු කෙරියයුතු කාර්යයන් සහ මෙවැනි දේවල් වලට කවුරුත් සහභාගිවීමට අවශ්‍ය නැහැ කියා. දැන් ඉතින් ගහගන්නයි පොරකන්නයි තියෙන්නේ (නි)
මොරගහහේන, කොල්ලනි කෝ සද්දේ? දෙන්න හූවක්. මේ වගේ අයට දෙන්න සද්දයක්. නමක් තිබුනට හැමෝම පණ්ඩිතයෝ වෙන්නේ නැහැ. (නි)
පසුගීය කාලේ දෙන දේ කකා හිටපු පිනෙක් නටන නැටුමක් (අ)
මේ ආණ්ඩුවට කරන්න තියන්නේ කලින් හදපු දේවල් විවෘත කරලා තමන් කළා කියන එක. මැතිවරණයක් නොතියා ඉන්නේ ඇයි කියලා ඔක්කොටම තේරෙනවා (නි)
කලින් හැදුවත් දැන් හැදුවත් මේ හදලා තකහනියෙන් විවෘත කරන්නේ මහජන මුදලින්. ඒ නිසා කලින් හැදුවා කියලා එයාට විවෘත කරන්නවත් නම දාන්නවත් බැහැ. පවතින රජයේ කෙනෙක් විවෘත කිරීමයි සම්ප්‍රදායයි. නමුත් වඩාත් හොඳ එහෙමවත් නොකර පොදු මහජනයාටම මෙය දීමයි. නම දාන්න දඟලන්නෙ ලංකාව ඉන්දියාව වගේ රටවල් තමයි. (නි)
නූගත් මිනිසුන් උසිගන්වන එකනම් ඒතරම් හොඳ නැහැ. හිතාගෙන හිටියෙ විදුර බුද්ධිමත් කියලා. දැනුයි තේරුනේ ඒකත් එහෙම නැහැ කියලා. (නි)
විදුරගෙ තනි වියදමින් හදපු එකක් වෙන ඇමති කෙනෙක් විවෘත කරන්න ඇවිල්ලද? දන්නෙ නැති නිසයි අහන්නේ (නි)
සිසි ලා වගේ අය ඉන්නකම් මහජනයා මුලාකරලා ඡන්දෙ ගන්න දේශපාලඥයින්ට වරදින්නෙ නැහැ. සල්ලි මහජනයාගේ. සිසිලා වැඳ වැටෙනවා. අනේ ඇයි මෙච්චර නිවට අපේ මිනිස්සු? බස් නැවතුමේ නියම හිමිකරුවා මහජනතාවයි. (නි)
සිසි, මේවා මහජන මුදලින් කරන ඒවා. ඒවා කරවන මැති ඇමතිලා, මාසික වැටුප් වලට අමතරරව, අවුරුදු 5 න් විශ්‍රාම වැටුප්, වාහන, ඉන්ධන, මෙකි නොකී සියළු වරප්‍රසාද ගන්නවා. අපි දුක් වින්ඳට දේශපාලඥයො එහෙම නැහැ. ඒ නිසා ඔයතරම් වැඳ වැටෙන්න එපා කාටවත්. (නි)
විදුරගේ මොළය, පරිණතබව, උගත්කම, ඉවසීම, දේශපාලන දැනුම වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබුනා. කට ඇරියමනේ උගතා කවුද නූගතා කවුද කියලා අඳුරගන්න ලැබෙන්නේ. (නි)
විදුර කියන්නේ නියම සිංහල කෙළින් කථාකරන ආදර්ශමත් නායකයෙක්. බොරු සිල් රෙදි පොරවාගත් අයට අනුන් කරපුවා විවෘත කරන්නේ නැතුව තමන් අතින් වුණ වැරදි ගැන සොයලා බැලුවා නම් හොඳ නැද්ද? (නි)
සියළු සැප විඳින, මෙතනට පවා යාන වාහන ආරක්ෂකයින් පිරිවරා පැමිණි, දේශපාලඥයාගේ වටේ සිටින දුප්පත් අම්මලා තාත්තලා අයියලා ගැන මට හරිම දුකයි. මොනවා ලබන්නද මේ කාටවත් කඩේ යන්නේ රස්සා වලට නොයා, අව්වේ කරවෙමින්? (නි)
ඔව් යසන්ත, එයාගෙ තනි වියදමින් හදපු එකක් වෙන ඇමති කෙනෙක් විවෘත කරන්න ඇවිල්ලා. ඒකනේ මෙච්චර ආවේගශීලි වෙලා තියෙන්නේ. (නි)
ගීතා නෝනා කලින් මෙහෙම වැඩක් කළාම මම හිතුවා අනේ නිළියක්නේ, දේශපාලනය ගැන දන්නෙ නැහැනේ කියලා. දැන් බැලුවහම විදුර වික්‍රමනායකලත් ඒ බෝට්ටුවෙමනේ. (නි)
අනුන්ගේ දේවල් විවෘත කරන්නේ නැතුව තමන් විසින් කරපු දෙයක් විවෘත කළා නම් තමා හරි. බලයේ ඉන්න කාලෙ අපි දැක්කේ නැහැ කිසිම දෙයක් හදනවා (නි)
පාලිත, ඔයා අනුන් කරපුවා කියලා කිව්වේ මේක විදුර මහතාගෙ තනි වියදමින් හදපු එකක්ද? (නි)
ඔව් පාලිත, මෙතනට ඇවිල්ලා කෑගහලා, කළුපටි බැඳලා හොඳ ආදර්ශයක් බාල පරපුරට දීලා තියෙනවා. සතුටුයි ඒ ගැන. (නි)
නිලන්ත, දේශපාලඥයෝ පාරවල්, බස් නැවතුම් තමන්ගෙ වියදමින් හදන්නෙ නැහැ. ඒවා අපේ සීනි 250 න්, පරිප්පු 100 න් ගන්න බදු වලින් හදන දේවල්. පාරවල් හදනවා තියා දේශපාලඥයෝ යන්නෙ එන්නේ, තෙල් ගහන්නෙ, රට යන්නේ, සියළු සැප විඳින්නේ අපේ සල්ලි වලින්. (නි)
අනේ හැබෑට මෙහෙමත් විහිළු! (නි)
මේක හැදුවේ මහින්ද නම් 2015 ජනවාරි 8 වෙනිදට කලින් විවෘත කළේ නැත්තේ ඇයි? (නි)
දේශපාලඥයෝ තමන්ගෙ වියදමින් පාරවල්, බස් නැවතුම් හදන්නෙ නැහැ. ඒ අය හදාගන්නෙ තමන්ගෙ ආර්ථිකය, තත්වය, බලය, නෑදෑ පරපුර විතරයි. (නි)
අවුරුදු ගානක් තිස්සේ තාත්තයි පුතයි හිටියා හොරණ කරපු වැඩක් නෑ හොරණ කොළඹ පාර අවුරුදු ගානකින් අත තිබ්බේ නෑ .. අන්තිමට මග නැගුමෙන් හදන්න පටන් ගන්නකන් ඇහැක් ඇරල බැලුවේ නෑ .. දැන් චන්ඩිකම් දාන්නනම් එනවා ..(බ)
විදුර ජය ශ්‍රී (අ)
වික්‍රමනායකලා යනු හොරාකෑ අය නොවේ. අපි එය හොඳාකාරව දනිමු (නි)