IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විදුලි ප්‍රශ්නෙ මහ උසාවියෙන් කල් තියයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුකූලව විදුලි ගාස්තා සංශෝධනය සිදු කළ බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නෙරිල් පුල්ලේ මහතා මෙම දැනුම් දීම කළේ නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අගවිනිසුරු මොහාන්  පීරිස්, සත්‍ය හෙට්ටිගේ සහ පී ඒ රත්නායක මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම අධිකාරණය හමුවේ සලකා බලූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීමෙන් පසු විදුලි ගාස්තු සංහෝධනය කිරීම පිළිබඳ පූර්ණ බලය හිමිව ඇත්තේ මහජන උපයෝගීතා කොමිෂමට බවත්ය.



අදහස් (0)

විදුලි ප්‍රශ්නෙ මහ උසාවියෙන් කල් තියයි

සරත් හේවගේ Tuesday, 21 May 2013 08:43 PM

කමල් කියන දේ නම් එයා හරියට ගලපලා කියලා තියනවා. (නි)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 04:02 PM

මෙතන ප්‍රශ්නේ දැන් රටේ ඉන්නේ 2008 හිටපු අපි නෙමෙයි. අපි එදාට වඩා බොහොම දුප්පත්, අහේනියට පත්වෙලා. එදා නීතියකට අනුව කියලා 100% කින් වැඩිකළ බිල් ගෙවන්න අතේ සල්ලිත් නැහැ. නීතිය මිනිසා වෙනුවෙන්ද නැත්නම් මිනිසා නීතිය වෙනුවෙන්ද කියලයි දැන් සළකා බලන්න තියෙන්නේ මගේ හිතේ. (නි)

:       0       0

හේවා Tuesday, 21 May 2013 10:05 PM

මම මේ අහන්නේ මෝඩකමටයි. අර අකුනු සැර වලින් ලැබෙන විදුලිය අපට ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

මොහාන් Tuesday, 21 May 2013 04:56 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන්නේ ඕවට තමා.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 May 2013 10:20 PM

මතකද පෙට්‍රල් රුපියල් 100ට දෙන්න ඉස්සෙල්ලා දුන්න තීන්දුව? මගේ අප්පේ! (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 21 May 2013 05:33 PM

නියම දෝෂාභියෝගයකින් බේරුනා.(නදී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Tuesday, 21 May 2013 05:36 PM

උසාවියටත් විදුලි බිල ආවහම රගේ බලාගන්න පුළුවන්. (නි)

:       0       0

මොහොමෙඩ් Wednesday, 22 May 2013 12:28 PM

කමල් ඔබේ පැහැදිලි ප්‍රතිචාරයට තුති! ඔබේ අදහස පාර්ලිමේන්තුවට යවන්න වටිනවා. එතකොට තමයි සමහරුන්ට තරු පෙනෙන්නේ! (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 21 May 2013 05:43 PM

කොහොම ගැහැව්වත් භූම රංගයක් වගේ දුප්පත් මිනිහගේ පැත්තට තමයි ආයේ එන්නේ.(නදී)

:       0       0

පවිත්‍ර දේවි Wednesday, 22 May 2013 12:51 PM

ඔයාල විදුලිබිලට මට බැනල හරියනවද? ඔයාලගේ විදුලි බිලෙන් සීයට හැත්තෑ පහක් ඔයාලා ගෙවන්නේ ඇමති මණ්ඩලයේ බිලෙන්. මට බනින්න එපා මගේ බිල මාසෙටම අනුපන්දාහයි. ඒකෙන් පාලොස් දාහක් මම ගෙවනවා. ඉතිරි සොච්චම තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. දැනගනිල්ලා.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 21 May 2013 06:08 PM

ඒ කියන්නේ අද සිට ක්‍රියාත්මක වන විදුලි බිල තව කල් ගිහින්ද ? සිරස්තලයෙන් කියවන දේ ප්‍රවුර්තියේ පහේදිලි නැහැ නේ.(නදී)

:       0       0

සුනිල්-මෙල්බෝර්න් Wednesday, 22 May 2013 02:36 AM

ආණ්ඩුව කරන ඕනෑම වැරදි වැඩක් හෝ වැරදි තීරණ හරි කියන මිනිස්සු මේ රටේ ඉන්නතාක් කල් මේ රට හදන්න බැහැ. අනිත් අය ආණ්ඩුවෙන් ලබා ප්‍රයෝජන ගන්න බලාගෙන වැරදි උපදෙස් ආණ්ඩුවට දෙන අය. (නදී)

:       0       0

අපොන්සු Tuesday, 21 May 2013 06:31 PM

එහෙනම් ඒකටත් අර කොළොන්නාවේ මිනීමැරුමට වුණ දේම වෙයිද කියලා මට බයයි.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 21 May 2013 07:23 PM

දුප්පත් මිනිහට තමයි හැමදාම වරදින්නේ (නි)

:       0       0

සුසන්ත Tuesday, 21 May 2013 08:10 PM

මේ ප්‍රශ්නෙ ඉවර වෙන්න නම් අගේ ඉදන් කන කන අය අයින් කරන්න ඕනෑ. (අ)

:       0       0

අරුණ Tuesday, 21 May 2013 08:10 PM

එදාට වැඩිය අද අපි අසරණයි (නි)

:       0       0

අරුණ Tuesday, 21 May 2013 08:12 PM

උපාලි , ඔයාගේ කතාව මුළු රටම අනුමත කරනවා. එදාට වඩා අද අපි අසරණයි.(නදී)

:       0       0

කමල් Tuesday, 21 May 2013 03:48 PM

විදුල බිල වැඩි වෙනවාට කැමැති කොටසක් සහ අකමැති කොටසක් රටේ ඉන්න බව පෙනේ. කැමැති අයගෙන් අය කිරීමටත් අකමැති අයගෙන් අය නොකිරීමටත්, කැමැති අය හරහා විදුලි බල මණ්ඩලයේ අලාභය පියවා ගැනීමටත් ක්‍රමවේදයක් සකසමු. (නදී)

:       0       0

තුසිත Tuesday, 21 May 2013 08:13 PM

කමල් හරියට හරි. මමත් ඒකට එකගයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 1531 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 669 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 1473 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 6945 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 808 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 301 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25087 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 813 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site