(රංජිත් රාජපක්ෂ)
වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්තේ ගසක දර කැපීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අධිබලැති විදුලි සැර වැදී කැ ගසමින් සිටියදී වටවල පොලිසියේ නිළධාරින් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම සිසුන් දෙදෙනා ඉන් මුදා ගෙන වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
වටවල කුයිල්වත්ත දමිළ මහා විද්‍යාලයේ 7 සහ 8 වසරවල අධ්‍යාපනය ලබන අවුරුදු 12-13 වයස් කාණ්ඩවල පසුවන පාසල් සිසුන් දෙදෙනකු තම නිවසට ඉහළින් වු ලදු කැලැවක ගසක වියලි තිබූ දර කැපීමට ගසට නගින අවස්ථාවේ ගසට ඉහළින් ඇදතිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ගසේ ගැටීම නිසා ගස දිගේ විදුලිය කාන්දු වී විදුලි සැර වැදී තිබේ.
විදුලි සැර වැදී කෑ ගසමින් සිටි පාසල් සිසුවා සම්බන්ධයෙන් එම වතුයායේ වතු කම්කරුවන් එම මාර්ගයේ මාර්ග රාජකාරියේ නියැලී සිටි වටවල පොලිසියේ රථවාහන අංශයේ පො.කො. සංජිව (84586) නිළධාරියාට දැනුම් දීමෙන් පසු එම නිළධාරියා ක්ෂණිකවම වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා මගින් නෝටන්බ්‍රිජ් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා වෙත දැනුම් දි එම අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලි බලය ක්ෂණිකව විසන්ධි කිරිමෙන් පසු විදුලි සැර වැදී ළමුන් දෙදෙනා ඉන් මුදාගෙන රෝහල් ගත කර ඇත.
විදුලි සැර වැදී සිටි එක් ළමයෙකුගේ සිරුරේ ස්ථාන කිහිපයක් පිලිස්සුම් තුවාල තිබු බවත්, අනෙක් සිසුවාට කම්පනය පමණක් තිබූ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
විදුලි රැහැක් පද්ධතියේ ගැටෙමින් තිබු ගසේ අතු කපා දැමීමට විදුලි බල මණ්ඩලයේ නිළධාරින් පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් සම්බන්ධ ඡායාරූප, වීඩියෝ දෙමාපියන්ගේ අවසරයකින් තොරව ප්‍රසිද්ධ මාධ්‍යවල පලකිරීම සදාචාරාත්මක නැහැ. ඔබගේ මාධ්‍ය එම අවසරය ගත්තද? නැත්තම් දුප්පත් දරුවන් දෙමාපියන් නිසා එච්චර ගණන්ගන්න ඕන නැද්ද?
දරුවන්ට ජීවිත හානි සිදු නොවීම සතුටට කරුණක්. සමහර පළාත්වල විදුලි රැහැන් ඔහේ ඇදින්වාලේ එදලා තියෙනවා, ආරක්ෂාව ගැන කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. හැබැයි ඉංජිනේරුවාගේ නමට ඉස්සරහින් ඉංග්‍රීසි අකුරුවලින් ගැට නම්බු නාම ගොඩයි. මේ වගේ මෙලෝ රහක් නැති උන් තමයි ගොඩක් ලොකු ලොකු තැන්වල ඉන්නේ. බුද්ධිමත්ව හිතන්න දන්නේ නැහැ, දුර දක්නා නුවණකුත් නැහැ.