අජන්ත කුමාර අගලකඩ
ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ .
නිල රථ හිමි මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සදහා දැනට ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම අත්හිටුවීමට ද එමගින් යෝජනා කර ඇත .
පිටපළාත්වල නිලධාරීන් රැස්වීම් සහ සාකච්ඡා සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලවලට කැඳවීම සීමා කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ඔවුන් කැදවීම හා එසේ කැඳවන දිනවලදී සම්පූර්ණ දිනයම රැස්වීම් කිහිපයක් සදහා භාවිත කරන ලෙසත්, එමගින් උපදෙස් දී ඇත.
හැකි සෑම විටම සාකච්ඡා හා රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙස ද එමගින් උපදෙස් දී තිබේ.
අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටපළාත් නිලධාරීන් කොළඹට පැමිණීම අවශ්‍ය වන්නේ නම් ,තනි නිලධාරීන් එක් එක් වාහනය භාවිත කිරීම වෙනුවට කණ්ඩායමක් එකම වාහනයකින් කැදවන ලෙස ද උපදෙස් දී ඇත .
රැස්වීම් සහ සාකච්ඡා ,වාහන තදබදය අඩු වේලාවලදී සංවිධානය කරන ලෙසත් තැපැල් රැගෙන ඒම, ලිපි බෙදාහැරීම් ආදී කටයුතු සඳහා කාර් ,වෑන් රථ වෙනුවට යතුරුපැදි, පා පැදි හා ත්‍රීරෝද රථ ආදී වාහන භාවිත කරන ලෙසත් උපදෙස් දී ඇත.
සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා, තෝරාගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන ලෙසත් , ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ගේ හා පොලිසිය අධීක්ෂණය යටතේ ඒවා ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත .
මේ අතර රාජ්‍ය ආයතනවල ප ව 2:30 සිට පස්වරු 4.30 දක්වා පැය දෙකක කාලයක් වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කරන ලෙසත්, වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට හැකි සෑම විටම විදුලි පංකා භාවිත කරන ලෙසත් උපදෙස් දී ඇත.
නියමිත කාර්යාල වේලාවෙන් පසුව කාර්යාල වසා තැබීමට පියවර ගන්නා ලෙසත් , සති අන්ත දිනවල අත්‍යවශ්‍ය හා කල්දැමීම අපහසු අවස්ථාවලදී හැර,අනෙකුත් සෑම අවස්ථාවකදීම කාර්යාල වසා තබන ලෙසත් උපදෙස් දී ඇත .
විදුලි සෝපාන භාවිතය අඩු කරන ලෙස හා හැම හැකි සෑම විටම පියගැටපෙළ පාවිච්චි කරන ලෙසත්, අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසත් එමගින් උපදෙස් දී ඇත.
පළාත් පාලන ආයතන මගින් පාලනය වල වීදි ලාම්පු අනවශ අවස්ථාවලදී නිවා දමන ලෙසත්, ආධි ආරක්ෂිත සහ ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග වල හැර අනෙකුත් සියලුම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දමන ලෙසත් එම නිර්දේශ මාලාවෙන් යෝජනා කර ඇත .
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලිය - ඉන්ධන භාවිතයට දැඩි සිමා
නීලා Wednesday, 09 March 2022 08:27 AM
කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවෙ. දැන් එක රටක් - එක වේලක්. බයියනි දැන් ෂැපද?
වර්ණකුලසූරියWednesday, 09 March 2022 09:15 PM
දැන් සැපද කියලත් අහනවා.තෙල් මිළ ඉහළට ගියා කියලා ඒ කාලේ මහ බයියෝ ගොන් කරත්ත දැක්කුවා. බයිසිකල් පැද්දා. දැන් තෙල් මිළ දෙගුන වි තෙල් නැත්තටම නැති කල ඒ උත්තමයන් ගොන් කරත්ත දැක්කනවා දකින්නට අපි ආසාවෙන් බලා සිටිමු. රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා කිඹුලා බනිස් ගැන කිව්වා කොපමණ ලස්සනද? අගමැතිතුමා පැයක් නොවේ විනාඩි දහයක් විදුලිය කපන්නේ නැහැ කියන කොටත්, ළුනූ කෑවද දැන් සැපද කියලා අහන කොටත් අපි දාපු හුරේපාර මතක් වෙන කොට අම්මපා පුදුම හිතෙනවා. අපේ මොහොමඩ් මහතීර්ලා, ලී ක්වාන් යූ ගැන විමල් වීරවංශ ඇමතිතුමානෝ කියන කොට එදා අපිට හැලුනු සතුටු කදුළු මතක් වෙන කොට දැන් පස් කකා කඳුළු හෙලන්නට නොසිතෙන්නේ කාටද? එදා අයියා පොහොර ටික නිකං දීලා දාපන් ගෝඨා කිව්වාලු. එය අසා පිනා ගිය අපේ පිනාලා තවමත් පිං හරක් වශයෙන් මඩේ ලගිති. මේ පිං හරක් ටික තමන්ට කකුල් දෙකයි තියෙන්නේ කියලා තේරුම් ගන්න කම් මේ පුන්නක්කුව පහළ පංතියට කන්න වෙනවාමය. අලිබබා සහ හොරු හතළිහ හිරේ දමනවාමයි කියා පොරොන්දු වුන අපේ උගත් හිටපු ඇමති ගම්මන්පිල මහතාට එය කැරකි අලිබබා සහ හොරු ඔහුව හිරේ යවන කාලයත් වැඩි ඈතක නැත.
ISH Wednesday, 09 March 2022 08:34 AM
ඔය ක්‍රියාවලියන් අර්බුදයේ පමණක් නොවේ සෑම කාල වකවානුවම පිලිපදින්න තිබ්බේ. කොච්චර අවභාවිතයක් කරනවද?? මේවා අපේ සල්ලි යකෝ.. මේවා ඈහෙට පේන අවභාවිතයන්. නොපෙනෙන අවභාවිතයන් අපරමිතයි. මේකේ විහිලුව තමයි, උදේ වරුවේ ක්‍රියා කර, දහවල් උශ්ණය අදික වරුවේ එය ක්‍රියා විරහිත කිරීමට උපදෙස් දී තිබීම.
Sunil Wednesday, 09 March 2022 08:54 AM
බොහොම අගෙයි .අශ්වයා ගිය පසු ස්තාලය වසන මේ රජයේ තව්ටැහැ කාලෝචිත පියවරක්.ක්‍රියාත්මක කරන්න තව කොපමණ කල් ගත වෙයිද?
Hafeel Wednesday, 09 March 2022 10:24 AM
ඉතුරු අවුරුදු තුන හොඳට කරනවයි කියල ජනාධිපති කිව්වා නේ. මෙහමද හොඳට කරන්නේ? බලනකොට ගෙවී ගිය අවුරුදු දෙකට වඩා දැන් යන ගමන ඉතා නරකයි. දවසින් දවස ජනතාවට තහංචි. රාජ්‍ය සේවකයන්ට මේ කැපවීම් කරන්න කියන මේ මැති ඇමතිලා, ඔවුන් මේ කැපවීම් කරාවිද? ඒ නිසා මෙවැනි තහංචිවලින් ඩොලර් උපයන්න පුලුවන්ද? ඔකද විසඳුම? මේ ආණ්ඩුව දිනපතා ගන්නා තීන්දු සේරම අසාර්ථකයි. ඒ නිසා වත්මන් පාර්ලිමේන්තුවතුල බලය මාරුවියයුතුයි. කල හැකි අයට බලය දීල, රට වෙනුවෙන් සහයෝගය දෙන්න එක තමයි හොඳම වැඩ .
Perera Wednesday, 09 March 2022 11:59 AM
ඔන්න හොර එලියට පනිනවා .ඇමතිලාට සාමාන්‍යයෙන් දෙන ඉන්ධන ප්‍රමාණයට වඩා අමතරව තව ඉන්ධන දීලත් තියනවා මෙතෙක් කල්.මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
පිටිගල මිලානෝ Wednesday, 09 March 2022 11:59 AM
මීට අමතරව නගරාන්තර ගොන් කරත්ත මගී ප්‍රවාහන සේවයකුත් පටන්ගන්න.
ඩි.පි ප්ර්රසාද් Wednesday, 09 March 2022 12:07 PM
ඇත්තටම මෙම විදුලි අර්බුදය සදහා වගකිව යුත්තේ 2000 දශකයේ සිට මේ දක්වා ඉතාමත් ආකාර්යක්ෂම ලෙස මේ රට පාලනය කරන ලද රජයන්වල අදූර දර්ශි ක්‍රියා පිළිවෙත් බව සදහන් කල යුතුය. ඇතැම් විද්වතුන් මෙන්ම ඉංජිනේරුවන් විද්‍යාත්මක ක්‍රම වේදයන් ඔස්සේ විදුලිය ලබාදිය යුතු බව අවධාරණය කලත් ඇතැම් දේශපාලන බලවතුන්ගේ දැඩි බලපැම් මත අනවශ්‍ය තිර්ණ ගැනිමට ඇතැම් අවස්ථාවල නිලධාරීන් ට සිදුවීම ඉතා කනගාටුදායකය. රටවටා පවතින සමුද්‍රිය සුලං පද්ධති සුර්ය බල ශක්ති ග්‍රාමීය මට්ටමේ ප්ර්රජා මූල පදනම් කරගත් කුඩා ජල විදුලි බලාගාර ආදිය උපරිම ලෙස ප්ර්රයොජනයට ගැනීම විදී පහන් සදහා සුර්ය කෝෂ යොදා ගැනීම. හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සිදුවන අනවශ්‍ය විදුලි පාරිභොජනය අවම කිරීම තුලින් ඉදිරියේදි මෙම අර්බුදය යම් මට්ටමකට යාමනය කර ගත හැකිය.
කුමාර Wednesday, 09 March 2022 01:49 PM
ඔය ඇමැති, මන්ත්‍රිලා වාහන කීපයක් පිරිවරාගෙන යන්නේ ඒවා ඇල් වතුරෙන් දුවන හින්දා වෙන්න ඇති නේද?
Nihal Wednesday, 09 March 2022 03:16 PM
ඕවා කියන්න නම් අපිටත් පුළුවන්... සිමා කිරීම් නැතිව ජනතාවට සපයන්න තමයි පාලකයෝ ඉන්නේ.
ලක්බිම Wednesday, 09 March 2022 03:35 PM
සතියේ වැඩකරන කාලය සවස 5:30 දක්වා දික් කොට දිවා ආහාර සඳහා ගතකරන කාලය මඳක් අඩුකරමු. ප්‍රවාහන සේවා කාලසටහන් ඒ අනුව වෙනස් කරමු. සිකුරාදා හෝ සඳුදා රජයේ නිවාඩු දිනයක් කරමු. එවිට ඉන්ධන ඉතිරි කරගන්න පුළුවන් වේවි. පාසල් ප්‍රවාහන සේවා කාර්යාල ප්‍රවාහන සේවා... කාර්යාල දුම්රිය සහ පුද්ගලික වාහනවලින් සේවයට යන්නන් සිකුරාදා දින සේවයට නොයන බැවින් විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි වේවි... සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළයුතු අතර සෙසු වාහන සඳහා විදේශික සංචාරකයින්ට හැර පළාත් අතර දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි..
WasanthaWednesday, 09 March 2022 08:23 PM
මේ වගේ අය ඉන්නකන් රටට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ..
අසා--ධාරන Wednesday, 09 March 2022 05:57 PM
ඇමතිතුමෝ ඉස්සර කාලයේ රජයේ ආයතන වෙතට ලිපියක් යැව්වොත් එය ලැබුණා කියලාවත් පිළිතුරක් යවන සිරිතක් මෑතක් වනතුරුම තිබුණා.. නමුත් ඔබ ඇමති වුණාට පස්සෙද මන්දා කිසිම ආයතනයක් ලියාපදිංචි ලිපියකටවත්, ඊමේල් එකකටවත් උත්තර නොදෙන තත්වයක් තියෙනවා.. මේවාට ප්‍රතිකර්මයක් යොදන්න.
සුජිත් Wednesday, 09 March 2022 06:56 PM
ඔක්කොම මකබෑවියල්ලා. දැන් තමයි මිනිස්සු මේ නාස්තිකාර වියදම් ගැන හිතන්න අරන් තියෙන්නේ !!! දුකයි අපි ගැන...
sampath Thursday, 10 March 2022 11:28 PM
ඔය ආයතන ඔක්කොම පුද්ගලික අංශයට බාරදීලා කට්ටියටම පැදුරු, කොට්ට අකුලන් අයින් වුණානම් ලස්සනට වැඩේ කෙරෙනවා. විශේෂයෙන් විිදුලිය, ඛනිජ තෙල් පුද්ගලීකරණය කළ යුතුමයි. ඔය කාර්යාල තිබුණා නැතා... කියලා වෙනසක් නෑ. මිනිස්සුන්ට ඒවට එන්න එපා කරවලා තියෙන්නේ... ඒ නිසා පුළුවන් තරම් මිනිස්සු ඒවට නොයා වැඩ කරගන්නවා. කොහොමත් දවස් හත අටක් බඩගාන්න ඕනෑනේ... වැඩක් කරගන්න ඕවා වහලාම තියාගන්න එකයි සුදුසුම වැඩේ.