හැටන් වන රාජ වත්තේ සිදු කළ විදුලිය විසන්ධිය යළිත් ඉල්ලා අද (21) මහා මාර්ග හරස් කර උද්ඝෝෂණයක් කළහ. ගස්වලින් සිදුවන අනතුරු නිසා හැටන් වනරාජ වත්තේ පවුල් 250කට සපයන විදුලිය දින 15ක් තිස්සේ විසන්ධි කර ඇත. පොලිසිය හා විදුලි බල මණ්ඩලය පැමිණ අනතුරුදායක ගස් ඉවත් කිරීමට ක්‍රියාකරීමත් සමග වර්ජනය අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ගෙදර බිල රු. 4800/= යි. මමත් වීදි බහිනවා තව වැඩි උනොත්. හැබැයි මේ පාරත් පලා බබාට දීල බලනවා.(නදී)
මේ කට්ටිය ඔයා කියන වත්තේ සේවකයෝ වෙන්න ඕනා. වත්ත අයිති සමාගම ඔය ගස් ටික ඉවත් කරන්නේ නැතුව තමන්ගේ සේවකයන් දවස් 15 ක් අඳුරේ තිබ්බ නම් මොකක්ද දඬුවම? (නදී)
විදුලිබල මණ්ඩලයට පුළුවන් වෙලාවට බිල නොගෙවුවොත් ඉක්මනට ඇවිත් විදුලිය විසන්ධි කරන්න විතරියි. සේවා සපයාගන්න නම් උද්ගෝෂණ කරන්න ඕනේ , මේව පෞද්ගලික අංශයට පවරන්න, නාස්තිය අඩු වෙන්න නිසා සමහරවිට් විදුලි බිල අඩු වේවි,(ස)
ද සිල්වා, පෞද්ගලික අංශයට පවරලා බිල අඩුවුණු එක දෙයක් කියන්නකෝ බලන්න. දැනට විදුලිබල මණ්ඩලයට රු .26/- ට විදුලිය දෙන පුද්ගලික අංශය ජනතාවට එයට අඩුවෙන් විදුලිය දේවි කියලා හිතන්න තරම් අන්ධ වෙන්නේ මොකද? (නි)
චින්තක , සිල්වා මහත්තයා නිවැරදියි (නි)
අපිට විදුලිය එපා , පයිප්ප එපා , කාර්පට් පාරවල් එපා , මොකද අපිට බිල්? ටැක්ස් ගෙවන්න සල්ලි නැති නිසා, රස්සාවල් ගොවිතැන් නැති නිසා... (නි)