(තිළිණි ද සිල්වා)
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මාසයක කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හෙට (11) සිට යළි ආරම්භ කරන බව එම අමාත්‍යාංශය කියා සිටී.
වසංගත තත්ත්ව යටතේ හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන්ට අනුකූලව උප්පැන්න සහතික, අධ්‍යාපන සුදුසුකම් සහතික කර ගැනීම ආදී කොන්සියුලර් සේවා ඇරඹෙන බවද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටී.
ඒ අනුව අනිවාර්යයෙන්ම කලින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත දිනකට සීමිත ගනුදෙනුකරුවන් පිරිසකගේ ලේඛන සහතික කිරීමේ සේවා නැවත ආරම්භ වන බවද එම අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර https://mfa.gov.lk/online-consular-services/ යන වෙබ් දිගුව හෝ 0094 112 338 812 යන දුරකථන අංකය හරහා ඒ සඳහා වේලාවක් වෙන් කර ගත යුතු වන අතර, එසේ වේලාවන් වෙන්කර ගත හැක්කේ සතියේ වැඩ කරන දිනවල උදේ 10.00 සිට ප.ව 2.00 දක්වා පමණක් බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මේ ආකාරයට කලින් වේලාව වෙන්කර නොගත් පුද්ගලයින්ට කොළඹ 01 සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන අතර, හුදෙකලා කොට ඇති හෝ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මෙම කාලය තුළ දී කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටින්නැයිද එම අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී සිටී.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණය, වන්දි ගෙවීම්, නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෙනත් කාරණා සම්බන්ධ විමසුම් සඳහා 0094 112 338 836 හෝ 0094 113 136 715 හෝ 0094 776 032 252 හෝ 00 94 773 586 433 හෝ 0094 718 415 623 හෝ 0094 701 428 246 යන දුරකථන අංක වලින් සහ 0094 112 473 899 යන ෆැක්ස් අංකයෙන් හා විද්‍යුත් තැපෑල: [email protected] ඔස්සේ වැඩිදුර විමසිය හැකිය.
විදේශ අමාත්‍යාංශයේ මාතර සහ යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙක සතියේ වැඩකරන දිනවල දී සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කරන අතර මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය 0094 412 226 697 දුරකථන අංකයෙන් හා යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය 00 94 212 215 972 යන දුරකථන අංකය අමතා කලින් වේලාවක් වෙන් කර ගත යුතු බවද එම අමාත්‍යාංශය කියා සිටී.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි