IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


විදේශයන්හි සිරවී සිටින ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නතර කරන්නේ නැ

( තිළිණි ද සිල්වා )               

                      
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව වුවද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.                   


මේ වනවිටත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 50,000කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, ලියාපදිංචි වී ඇති තවත් සෙසු පිරිසද ඉදිරි දිනවලදී දිවයිනට රැගෙන ඒමට පියවර ගන්නා බවද සාචංරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.                      


ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සංචාරකයින් පැමිණිය ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පැමිණෙන ගුවන්යානාවලට  ප්‍රමුඛතාව හිමිවන  බවත් පෙන්වා දුන් සංචාරක අමාත්‍යවරයා ,  සංචාරකයින්ට රට විවෘතකරන බව ප්‍රකාශ කිරීමත් සමග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රමිකයින් අතර අනියත බියක් පැතිරවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.     

                           
ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි සේ කලබල වී , ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කලාට පසු තවත් කොරෝනා පොකුරක් බිහි විය හැකි බවතට යහපාලන ආණ්ඩුවේ හිටපු පිරිස් සිදු කරන අසත්‍ය ප්‍රචාර වලට  ජනතාව තවදුරටත් ඇන්දවිය නොහැකි බවද  සංචාරක අමාත්‍යවරයා කියා සිටී.                                             


කොවිඩ් වසංගතය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය නිසා යැපෙන මිලියන 2.5 කට ආසන්න පිරිසක් පසුගිය මාස 10 ක කාලය තුල දැඩි පිඩාවට පත්වු අතර කොවිඩ් වසංගතය නිසා රටක් හැමදාමත් වසා තැබිය නොහැකිබවද හෙතෙම පෙන්වා දුන්නේය.                             

                
ආණ්ඩුව ගුවන්තොටුපල විවෘත කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්නේ ඉතා විධිමත් සැලැස්මක් අනුව බැවින් ගුවන්තොටුපලට පැමිණිමේ සිට ඔවුන් ආපසු සිය රට බලා යන තුරුම සෞඛ්‍ය හා සංචාරක අංශ අධීක්ෂනය යටතේ එය සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



අදහස් (3)

විදේශයන්හි සිරවී සිටින ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නතර කරන්නේ නැ

de silva Thursday, 17 December 2020 09:27 AM

අගෝස්තු මාසේ ඉදන් කියනවා ගෙන්වා ගන්නවා කියලා... කෙරෙන පාටක් නැහැ. හැමදාම කියන්නේ බොරු. ලක්ෂ 2-3 ගෙන්වලා හොටෙල්වල ඉන්න පුළුවන් හැමදාමත් රට ඉදලා එනවා. චීන්නු, ක්‍රිකට් ක්‍රීඩකයෝ එනවා. මෙයා කියන්නේ බොරු... 2/3 තියෙනවා නම් විධායක ජනාධිපති ඉන්නවා නම් විපක්ෂය කුමක් කරන්නද?

:       0       8

Pathum Thursday, 17 December 2020 12:47 PM

රජයට අවශ්‍ය අය දැන් ගෙන්වගෙන ඉවරයි.

:       0       0

a.b.srila Thursday, 17 December 2020 01:06 PM

ආණ්ඩුවට කිසිම සැලසුමක් නෑ. රට ඉන්න මිනිස්සු ගෙන්න ගන්න. මම ඉන්නේ සෞදි දමාම් නගරේ... මේ ගුවන් තොටුපලේ ඉඳලා අනෙක් හැම රටකටම ගුවන් යානා යනවා. නේපාලය, බංගලාදේශය වගේ රටවලටත්.. අපේ රටට පසුගිය මාස 07ක කාලයක් තිස්සේ ගියේ ඉතා සීමිත යානා 10කට අඩුයි. සාමාන්‍ය කාලවල ශ්‍රීලන්කන් සතයකට ඍජූ ගුවන් ගමන් 03ක් තිබුණා.. රියාද් ගිහිල්ලා පොරොත්තු ලේඛනයේ ඉඳලා තමයි යන්න ඕනෑ. හෝටල් වෙලා නිරෝධායනය වෙන්න කැමති මිනිස්සු මෙහෙ ඉන්නවා. සැලසුමක් තියනවා නම් හෝටල් කර්මාන්තයත් රැකලා. අපිටත් අපේ රටට එන්න පුළුවන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 199 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 350 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2995 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 477 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2180 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 482 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 290 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1715 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site