IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


විදෙස් ආයෝජන ගන්න කළ යුතු දේ ගැන ජනාධිපතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)

රටට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව කළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවෙහි නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දි පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේය.

නිදහස් වෙළෙඳ සාකච්ඡා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම අරබයා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 



අදහස් (17)

විදෙස් ආයෝජන ගන්න කළ යුතු දේ ගැන ජනාධිපතිගෙන් උපදෙස්

Mervyn Sunday, 06 November 2022 02:24 PM

මෙයාගේ පින්තූරෙ දාන්න ඕනෑමනම් දාගන්න. අප්‍රසන්නයි...!

:       7       7

de silva Sunday, 06 November 2022 02:54 PM

ටයිල් වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය තහනම් කරලා, කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගන්න නැහැ. මෙහේ ආයෝජනය කරලා අරම්භ කරන්න පුළුවන් ‌කුමක්ද? ඩයනා කියන විදියට ගංජා වගාවක් , ගණිකාව්‍යාපාරයක් හෝ කසිප්පු ව්‍යාපාරයක් හැර වෙන දෙයක් කරන්න බැහැ.

:       4       4

චින්තක Sunday, 06 November 2022 06:46 PM

ඇයි සිල්වා මහතා දන්නේ නැද්ද ලංකාවේ ඉස්තරම් ටයිල් හදනවා කියලා... ඒවායින් අරගෙන වැඩ කරන්න හැමදාම පිටරට දේ, සිරිසැප දේ කියන්න ලැජ්ජාවක් නැද්ද? ලංකාවේ නිපදවන කිසිවක් ආනයනය කිරීම තහනම් කරන්න ඕනෑ... එහෙම නැත්නම් මේ රට හදන්න බැහැ..

:       3       4

Rexi Sunday, 06 November 2022 03:01 PM

දැන් කියන උපදෙස් යහපාලන කාලයේ දීලා නැද්ද?

:       3       1

Bamunuarachchi Sunday, 06 November 2022 03:08 PM

1989 කාලේ විදෙස් ආයෝජකයින්,ව්‍යාපාරිකයින්, කර්මාන්ත කරුවන් රටින් පානා දැම්මේ ජේවීපී හැත්ත විසින්. ජේවීපිය අන්තිම පුරුකට මුලින් උපුටා දමා ඒ බව ලෝකෙට කිව්වොත් විදෙස් ආයෝජකයින්,ව්‍යාපාරිකයින්, කර්මාන්ත කරුවන මෙරටට සමහර විට එවි. නොඑන්වානම් නොඑන්නේ දැන් මෙරටේ නිෂ්පාදන වියදම අධික නිසයි. සහල් පවා පිටරටින් ගෙන්වනවානම් ලාබයි.

:       5       7

tikka Sunday, 06 November 2022 04:14 PM

හපොයි ආරච්චිබුවත් දන්න දේවල්. කොහෙද ඉස්කෝලෙ ගියේ.

:       2       6

BamunuarachchiMonday, 07 November 2022 06:56 AM

මොකෝ 1989 කාලේ හිටියේ තාත්තාගාව නේද? හලෝ රටේ හිටිය සමහර පෞද්ගලික සමාගම් සභාපතිලව ජෙප්පෝ මැරුවේ ඔලුවට වෙඩි තියලා. ඒ මිනිස්සු කර්මානත් සමාගම් අකුලාගෙන බංගලිදේශයට ගියා පළමුවෙන්ම රැකිය්වල් නැති උනේ සුළු රැකියාවල් කරපු මහා මිනිස්සු වෙන්න දඟලපු පොඩි ජෙප්පන්ට. උන් රැකියාවල් නැතුව අනාථ උනා. අපි ගිය ඉස්කෝලේ ගියානම් ඔහෙලා ජෙප්පෝ වෙන්නේ නැහැ. එහෙනම් අපිත් ගොයම් හිටවනවා. රටේ සිද්දඋන දේවල් හරියටම කියලා දෙන්නම්. 1971 ජේවීපී කැරැල්ල වෙනකොට අනුරගේ වයසත් අවුරුදු 3 නයි 1989 ජේවීපී ත්‍රස්ත වාදය කෙරෙනකොට මෑන් ගේ වයස අවුරුදු 21 .ඒ උනාට මිනිහා උපදින්න අවුරුදු 20 කලින් තිබුන රට ගැන කතා කරන්නේ ඇසින් දැක්කවගේ.

:       1       2

විපරමා Sunday, 06 November 2022 05:22 PM

1989 කාලෙටත් වැඩිය විනාශයක් වුනේ දූෂිත පවුල් පාලනේ අය කරපු දේවල් නිසා.. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම තාරුණ්‍යයට හෙටක් නිකම් පුස්සක්... මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා රටම වළපල්ලට ඇදලා දැම්මා..!

:       0       4

BamunuarachchiMonday, 07 November 2022 07:04 AM

හලෝ තාරුණ්‍ය කියන්නේ මොකක්ද? තාරුණ්‍ය කියන එකේ වයස් සීමාව කියන්න පුලුවන්ද? ඔයකියන තාරුන්‍යට රටක් පාලනය කරන්න දෙනවා තියා බල්ලෙක් නාවන්නවත් දන්නේ නැහැ? මහා ජෙප්පොම කියන විදිහට රට කඩා වටුනේ 1977 පසුව. මේ අහුලාගෙන කන පොඩි ජෙප්පෝ කියනවා රට කඩා වැටුනේ පවුල් වාදෙන්ලු. අහනවකෝ අර නලින් හෙවගේ මහින්දගේ පොතක් පෙන්නේ පෙන්න රනිල්ලා කරපු නාස්තිය ගැන කියන කතා.

:       0       0

BamunuarachchiTuesday, 08 November 2022 06:22 AM

කිනවකෝ බලන්න විනාස උනේ මොනවද කියලා රාජපක්ෂලා 2005-2014 දක්වා රටට කරප දේවල් 1977 පසු කිසිම නායකයෙක් කර නැහැ. ඔයකියන තාරුණ්‍යයේ වයස් සීමාව දන්නවාද? ඔය තාරුණ්‍යට කරන්න පුළුවන් මගුලක් නැහැ.කොටින්ම බල්ලෙක් නාවන්නවත් බැහැ. ඔහෙලගෙ නලින් හෙවගේම කියන විදිහට රට වැටෙන්න පටන් ගත්තේ 1977 සිට. ඒ කතාවතහන්න ඕනෙනම් මම ලින්ක් එක එවන්නම්. රනිල් යහපාලන කාලේ ට්‍රිලියන 7 ටවත් රට නය කළා කියනවා. මොකක්ද ඒකාලේ කරපු සංවර්දනය? කියනවා බලන්න.

:       1       0

Damayanthi Sunday, 06 November 2022 03:48 PM

විකුණන්න රටයි, රටේ ඉන්න ගැහැණුයි, මිනිස්සුයි.. වෙන ඉතින් දන්න දේකුත් නැහැනේ...

:       3       5

Nuwan Sunday, 06 November 2022 04:09 PM

විදේශ ආයෝජකයො ලෝකෙ පුරා යන්නෙ ලාභ ශ්‍රමය හොයාගෙන. ලංකාවේ ලාභ ශ්‍රමය තියනවද? වෘත්තීය සමිති, වැඩවර්ජන, කම්කරු නීති, කප්පම් ගන්න ඇමතිලා, පොලු තියපු උන්ට රින්ගන්න හදපු නීති. මේ එකක්වත් ආයෝජකයො කැමති දේවල් නෙවෙයි. ඉන්දියාව එක්ක අපට තරග කරන්න බෑ. ලංකාව ලෝකයට අත්‍යාවශ්‍ය වැදගත් රාජ්‍යයක් කරන්නෙ කොහොමද? බටහිර සමග බද්ද වෙලා සිංගප්පූරුව, තායිිවානයවගේ ඉදිරියට නොගිය එකේ පල විපාක.

:       1       7

sanjeewa Sunday, 06 November 2022 05:18 PM

ලංකාවේ කම්කරු ශ්‍රමය ඉතාම මිල අධිකයි. පුහුණු ශ්‍රමිකයින් ඉතා අඩුය. ශ්‍රී ලංකන් සහ තෙල් සංස්ථාව ප්‍රමුඛ රජය විසින් කරන ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබනවා. ඒවාට භාණ්ඩාගාරයෙන් මුදල් වියදම් කරනවා. එවිට උද්ධමනය ඉහළ යනවා. මේවගේ නාස්තිය, දූෂණය වළක්වා ගන්න එහි වෘත්තීය සමිතිවලට හෝ පාලකයන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ. මේවා වසා දමන්න. පුද්ගලික අංශයට කුලියට දෙන්න හෝ විකුණා දමන්න පාලකයන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ. එමනිසා උද්ධමනය දිනෙන් දින වැඩිවෙනවා.

:       0       4

Chathuri Sunday, 06 November 2022 05:41 PM

මහ උන්දැලාගේ ඇස් දෙක... මොලය පෑදෙන්නේ රට වැටුණාට පස්සේ... අවුරුදු 40කට ඉස්සර කරන්න තිබුණු දේවල් මේ. ජනග්‍රහණය අඩුම රට. කාලකන්නි ඉන්න වැඩිම රට. දැන් මේවගේ අයට තියෙන්නේ වැඩ දන්න කෙනෙකුට රට දීලා කට්ටියම හිරයට බාරවෙන්න. වෙන කියන්න දෙයක් නැහැ. කටින් බතල හිටුවන්න කලින් රටේ නායකයා කොන්ද කෙලින් තියන් යුක්තිගරුක වෙන්න ඕනෑ. මහින්ද හරි, රනිල් හරි මගේ සැමියා වෙලා හිටියා නම්. පන්සල් නොගිහින් නිවනට යන්න මග මම කියලා දෙනවා. සැමියාව හැම අතින්ම මී හරකෙක් කරන්නේ බිරිඳ. මේ රට සුරංගනා ලෝකයක් කරන්න තිබුණා.. හැම මනුස්සයාම හරි මාර්ගයට අරගෙන කරන ඒ පිනම ඇති. වස්තුවට මළපෙරේත කම නැතිනම්... තමන්ගේ දරුවන් මොන්ගල් වුණා කියලා. එක මිනිහෙක්ට පුළුවන්ද මුලු සේසත හොරා කාලා මොන්ගලයින්ගේ පොත් පුරවන්න. මේ සේරම කරන්නේ බිරිඳ දරුවන් නැති එකත් එකයි. දැන් තියෙන්නේ නාකි නඩේව ගව ගාලට දීලා සල්ලි කීයක් හරි ගන්න එක...

:       3       3

fairoos Sunday, 06 November 2022 05:56 PM

නන්දසේනලා රටට කළ විනාශය... ඕකෙන් ගොඩඑන්න නම් පොහොට්ටු සෙට් එකම තොලොංචි වෙලා යන්න ඕනෑ..

:       1       5

BamunuarachchiTuesday, 08 November 2022 06:24 AM

ඉස්සෙල්ලාම අපි තොලොංචි කරන්නේ හම්බයෝ ටික. නන්දසේන නැති උනාට අපි ඒ වැඩේ කරනවා.

:       0       0

Sunil Sunday, 06 November 2022 07:52 PM

මෙයාගේ පාලනය යටතේ අලුතින් එක ආයෝජකයෙක්වත් එයිදැයි බලමු... බොරු කතා විතරයි, කෙරෙන වැඩක් නැත...

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 996 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1745 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 607 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1687 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 885 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3712 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site