දකුණු අප්‍රිකාවේ ක්වාසූලූ පළාතේ හොවික් නගරයේ ලේසර් වානේ කදන් වලින් නෙල්සන් මැන්ඩෙලාගේ අපුරු මූර්තියක් නිර්මාණය කැර ඇත.
මුර්තී ශිල්පි මාර්කෝ සියැං පෙනෙලිගේ මේ නිර්මාණය මුර්ති ශිල්පයේ විශ්මය ජනක උත්සාහයකි. ලෙසර් තාක්ෂණයෙන් හැඩ තල කැපු වානේ කදන් පනහකින් ඔහු මැන්ඩලාගේ මුහුණේ රුව මුර්තිමත් කරයි.
මීටර් 5-6 සිට 6-10 දක්වා උසැති වානේ කණු අතරින් මැන්ඩලාගේ මුහුණ දැක බලා ගැනීමට නම් එක්තරා දුරක සිට එක්තරා කෝණයකින් බැලිය යුතුය.
‘නිදහස සොයා මැන්ඩෙලා ගමන් කළ මාර්ගය සංකේතවත් කැරමින් මාර්ගයක කෙළවර මුර්තිය ඉදි කැර ඇත.
මැන්ඩලාගේ මුහුණ දැකගැනීමට නම් මුර්තියේ සිට මීටර් 35 ක් ඈතට යා යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැන්ඩෙලා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම මැන්ඩෙලා ප්‍රතිරූපනයත් ශ්‍රේෂ්ඨයි. (ත)
තමන් වෙනුවෙන් හෝ රටක් වෙනුවෙන් නොව, ඔබ සිර දඩුවම් වින්දේ කලුහමට උරුමකම් ලද අප සැවොම වෙනුවෙනි. ඔබ ඉන් ලද ජයග්‍රහණය අපද නොඅඩුව බුක්ති විදින්නෙමු. එහෙත් ඔබ විසින් ලොවට ලබාදුන් ආදර්ශය කීදෙනෙක් පිලිපදින්නේ දැයි නොදනිමු.(නදී) අජරාමර නායකයාණෙනි ඔබ වෙනුවෙන් ලියන්නට මුගත් මදියයයි සිතමි! ඔබට නිවන්සුව!
මැ න්ඩෙලා ලංකාවට උදව් කලාද? දන්නේ නැති හින්දයි අහන්නේ.(නදී)
ලෝකයේ විශිෂ්ටතම මිනිසකු වෙනුවෙන් කරන ලද විශිෂ්ටතම නිර්මාණයක්. අගය කලයුතුයි. (නදී)
නෙල්සන් මැන්ඩෙලා කියන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකි. පොත පත ඇසුරෙන් -ඔබගේ දැනීම උදෙසා.(නදී)
නුතන තාක්ෂණය යොදාගත් අපූරු නිර්මාණයක්.(නදී)
ලෝකයේ විශිෂ්ටතම මිනිසකු වෙනුවෙන් කරනලද විශිෂ්ටතම නිර්මාණයක්. අගය කලයුතුයි. (නදී)
විශිෂ්ට නිර්මාණයක්. මේකත් කවදාහරි මොනාලිසා වගේ ජනප්‍රිය වේවි. පුදුම හතෙන් එකක්.(නදී)
මැරුණත් සලකන්නේ හොඳින් හිටපු නිසා බව අපේ අයත් හිතනවානම්? (ත)
අගය කළ යුතු විශිෂ්ට නිර්මාණයක් (ත)
අපූරු නිර්මාණයක් හරිම ලස්සනයි
ලොවක් දිනු වටිනා නායකයෙක් වෙනුවෙන් කළ විශිෂ්ට නිර්මාණයක් අගේ කිරීමට නොදන්නා අයත් ඉන්නවා. (ත)
විශිෂ්ට නිර්මාණයක් (ත)
අගය කළ යුතු නිර්මාණයක් (ත)
නිදහස වෙනුවෙන් අවරුදු 20 ක් හිරේ තැපලත් අවරුදු 7 ක් රට පාලනය කරලා වැදගත් විදිහට තව කෙනෙකුට ඉඩ දීල ගිය විශිෂ්ට නායකයෙක්.මැන්ඩෙලා මහතාණෙනි ඔබට නිවන් සුව! (අ)
ඉතාමත් දක්ෂ අයුරින් මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක මැන්ඩෙලා මහත්මයා මැරෙන්න කලින් ඉදන් අන්තර්ජාලේ සැරිසැරුවා. මැන්ඩෙලා මහතාණෙනි ඔබට නිවන් සුව! (නදී)
මැන්ඩේලාට නම් වානේ කඳක් හරි තිබුනා පිහිටට. අපිට ඉතින් කෙහෙල්කොට කඳක්වත් තියෙයිද අන්තිමට ? (නදී)
ෂා.. නියම වැඩක්.ඔහුට කරන ලොකු ගෞරවයක්. (අ)
විශිෂ්ට ක්‍රියාවක්