නොවැම්බර් 1 වැනි දා සිට වෙන් නොකළ කුණු කසල එකතු නොකිරිමට සියලු මහ නගර සභා හා පළාත් පාලන ආයතන අද (29) තීන්දු කළේය.
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා සඑ සියලුම පළාත් පාලන ආයතන නියෝජතයන් සමඟ සාකච්ඡාවේ දී මෙ තීන්දුව ගැණිනි.
නිවාස, වෙළඳසල්, පාසල්, රොහල් මෙන්ම රජයේ ආයතන සියල්ලටම මෙය අදාල වන අතර කසල බැහැර කිරිමේ දී දිරන කසළ, නොදිරන කසළ සහ වීදුරු හා ප්ලාස්ටික් ලෙස වර්ග තුනකට බෙදා වෙන වෙනම මලු වල බහා බාර දිය යුතු වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙත කසල, වියලි කසල, කඩදාසි, විදුරු, වෙන වෙනම ප්ලාස්ටික්, යකඩ, ඇලුමිනියම්,තඹ,පිත්තල වැනි ලෝහ අපද්‍රව්‍ය එකට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වෙනමත් බැහැර කළ යුතුයි (බ)
1-දිරන කසළ. 2-නොදිරන කසළ සහ ප්ලාස්‌ටික්. 3-වීදුරු (ර)
දිරන කසළ සහ නොදිරන කසළ කුමක්ද යන්න ජනතාව දැනුවත් කළ යුතුය. නියමිත කසළ සඳහා වර්ණ මලු නම් කළයුතුය. (බ)
ඇත්තටම ලංකාවෙි මිනිස්සු අපිරිසිදුයි; තමන් සුද්ද වෙනවා, කුණු සියල්ල පාරට විසිකරනවා. අනෙක් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ කියල තිත්න ජාතියක් තමයි ලාංකිකයෝ. තමන්ට විනාශ කරන්න බැරි කුණු ටික විතරක් තෝරලා බේරලා දෙනවනම් කොච්චර හොදද? (ම)
කණු කුණු ගාන්නේ නැතිව මහා ජනතාව මේ වගේ හොඳ ක්‍රියාවන්ට සහයෝගය දෙනවානම් කුණුවලින් තොර නගරයක් දැකිය හැක.(ම)
බොහොම හොඳ වැඩක්..ඒත් මම දැකල තියෙනවා කුණු එකතුකරන අය මේ ඔක්කොම එකගොඩට දාගෙන අරගෙන යනවා.මෙහෙම වෙන්කරපු ද්‍රව්‍ය වෙන්කරලා අරගෙන යන්න ක්‍රමවේදයක් තියෙනවද?(ම)
ඉතාම හොද පියවරක්. දියුණු රටවල්වල ක්‍රියාත්මකයි.පරිසර හිතකාමී ජනතාව මේ පිළිබඳව උනන්දුවේවා....! (ම)
වින්සන්ට්ට මල් මිටක් පිරිනමන ගමන්, කරුණාපාලට තණකොළ මිටක් සහ පුන්නක්කු කෝප්පයක් පිරිනමමි ! (නි)
කරුණාකරලා හැකි ඉක්මනින් ජනතාව දැනුවත් කල යුතුයි. (ර)
මේක ඒ තරම් හොද වැඩක් නෙවෙයි. එකක් ගොඩක් මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ මොනවද දිරන්නේ, මොනවද නොදිරන්නේ කියලා. ලංකාවේ ගොඩක් ඉන්නේ දුප්පත් මිනිස්සු, විශේෂයන්ම ගම් වල. නගරයේ උනත් වයසක අය වැඩියේ මේ ගැන හරි දැනුවත් භාවයක් නෑ. අනෙක් එක මිනිස්සුන්ට කුණු පෙරල පෙරල වෙන් කරන්න වෙලාවක් නෑ, ඒක ප්‍රායෝගිකත් නෑ. එහෙම කරා උනත් ඒක හරියටම උනාද කියලා සහතික කරන්න බෑ. ඊට වඩා හොදයි නගර සභාවෙන්ම කුණු වෙන් කරනවා නම්. (ර)
කිසිම ප්ලාස්ටික් භාජනයක් හෝ විදුරැ භාජනයක් පිරිසිදු නොකර කුණු බක්කියට නොදමන්නත් කියන්න. අපවිත්‍ර පරිපාලනය කරන හොඳ රටවල් වල කුණු දාන්න පිළිවෙලක් තියෙනවා (ජපානය වගේ) . ඒවා මිනිස්සුන්ට පුරුදු කරන්න . කරුනාපාලවගේ පසුගාමී නොවී. (ර)
කුණු එකතු කර ඒවා වෙන් කර නිසියාකාරව කුණු විනාස කිරීම තමයි නගර සභාවේ රාජකාරිය. එම රාජකාරිය කුණු බැහැර කරන මහජනතාව ලවා වෙන් කරවා ගැනීම හෝ මිශ්‍ර කුණු භාර නොගැනීම වැනි නීති දැමීම වලංගු නැත. නමුත් අන් සියලු රටවල මෙන් මේ ආකාරයට කුණු වෙන් කර බාර දීමට ජනතාව උන්නදු කර එවැනි පිළිවෙලකට වැඩ කටයුතු කීරීමට පුරුදු කරවීම අගයයුතු කරුණකි. නමුත් මෙය අනිවාර්ය කිරීම වැරදි සහගතයි . (ර)
මේ තීරණය නිසා මිනිස්සු හැමතැනම කුණු විසිකරන්න පටන්ගනීවී. වරිපනම් ගෙවන ජනතාව වෙනුවෙන් උසස් ප්‍රමිතියක් ඇති කසල බඳුන් සමග විධිමත් කසල බැහැරකිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්න බැරි මොකද? ලෝකයේ බොහෝ දියුණු නගර අලංකාර කරන්නේ කසල සහ අපවිත්‍ර ජලය ප්‍රතිචක්‍රීකරණයෙන්. ඒ රටවලට කුණු කියන්නේ සම්පතක්. (නි)
මේවා ඉතින් කෙරෙන් නැති වැඩනේ.. කුණු කාරය අපේ කුණු ගෙනියනවා, නැත්නම් අපි ඌට ගහනවා. ගෙනියන්ඩ ආවේ නැත්නම් පාර අයිනෙන් ගෙනිහින් තියනවා, කුණු වෙලා පලාතම ගඳ ගහද්දි දාපු නීතියේ ප්‍රයෝගික වටිනාකම තේරෙයි. මහා නඟර සභාවට බදු පිට බදු ගෙවන්නේ කුණු ටිකවත් වදයක් නොවී අරන් පලයන් කියල, නැත්නම් ගෙවන බද්දෙන් තුට්ටුවක වැඩක් නෑ නාගරික අපිට. (බ)
ඉතාමත් කාලෝචිත තීරණයක්... (ර)
හොද තීරණයක්, ජනතා සහය අවශ්‍යයි මේක සාර්ථක කරගන්න නම්,ආණ්ඩුව එක්ක තියෙන තරහට මේක නොකළොත් දඩුවම මිනිස්සුන්ටමයි,එහෙම මිනිස්සු ඉන්න රටක් මේක, (බ)
මේ වැඩේ නම් හරිම හොදයි. ඒත් සමහර නාගරික ජනයා ජීවත්වෙන්නේ 10යි 10යේ විතර කාමරයක. මුළු පවුලක් ජීවත්වෙන්නේ මේ වගේ අඩු ඉඩක නම් තවත් කුණු උර 3ක් තියාගන්නේ කොහොමද?මේවා ගැනත් සළකලා බලන්න වෙනවා. (නි)
කලවමේ දාන කුණු ටික හරියට පිළිවෙලකට කලට වෙලාවට එකතු කරලා, ඒ කුණු ටික නිසි තැනකට බැහැර කර ගන්න බැරි බලධාරීන්, පණ්ඩිතකම් පෙන්නන්න නම් මාර දක්ෂයෝ. සමහර විට අපි නොදන්නවා වුනාට පොඩි වැඩබැරි එයාලට කරන්න පුළුවන් ලොකු වැඩ විතර වෙන්න ඇති මගේ හිතේ. (බ)
වැඩේ නම් හොඳයි. නමුත් ඔය එයාලගේ වාසියට හදාගත්ත එකක් වගේ. වෙන් කරලා නැහැ කියලා ගෙනියන්නේ නැතුව මඟඅරියි. එතකොට එයාලට වැඩ අඩුනේ. (නි)
අදහස වටිනවා. පාට තුනකින් බෑග් කොහෙන්හරි ලබාගන්න පුළුවන් වෙන්න ඕනෑ සාධාරන ගණනකට (නි)
වෙනත් දියුණු රටවල මෙම වෙන් වෙන්ව කුණු දැමීමේ ක්‍රමය ක්‍රියාත්මක වන බව නම් අපිත් දන්නවා. නමුත් ඒ රටවල ඒ සඳහා විවිධ පාට වර්ග වලින් යුත් කුණු බක්කි තබා තිබෙන ආකාරයත් අප දැක තිබෙනවා. හැබැයි ඒ රටවල බල්ලන්ට හා කාක්කන්ට ඇදගෙන යන්න පහසුවෙන විදිහට කුණු උර ගැටගසා ගේ ඉදිරිපිට හෝ පාර අයිනේ තබන ක්‍රමයක් නැහැ. ඒ වගේම කුණු රැගෙන යන ට්‍රැක්ටරයේ වවුලන් මෙන් මිනිසුන් එල්ලීගෙන ගොස්, කුණු එකතු කරගෙන පසුව මහා දවල් මහපාර දිගට කුණු උර හලමින් යන ක්‍රමයකුත් අප දැක නැහැ. අපේ අයට මේ දේවල් ක්‍රියාත්මක කරන්න කිසිම ප්‍රායෝගික අවබෝධයක් නැහැ. කොහේ හෝ රටක තියන දෙයක් අහුලා ගනිමින් එය අප රටේ ඒ ලෙසින්ම ක්‍රියාත්මක කිරීමට යාමෙන් ජනතාව අපහසුවට පත්වීම හා නැති ගැටළු මතුවීම තමයි සිදුවන්නේ. ඕනෑම දෙයක් ක්‍රියාත්මක කළයුතු පිළිවෙලක් තියනවා. ඒ ක්‍රමය පියවරෙන් පියවර කළයුතුයි. මේ සඳහා කළයුත්තේ අවශ්‍ය ප්‍රමාණයට තැනින් තැන කුණු බක්කි තබා, රාත්‍රී කාලයේ පමණක් කුණු ඉවත් කිරීමට කටයුතු කිරීමයි.
හොඳ වැඩක්. බටහිර රටවල් වල මෙය දශක 3 ක පමණ කාලයක සිට කරන දෙයක්. අපේ ජනතාවට මේ ගැන අවබෝධයක් ලබා දෙන්න ඕනෑ.
විදුරුයි ප්ලාස්ටිකුයි එක උරේක දාන්න කියලද කියන්නේ ? (ර)
වෙනත් රටවල දශක ගණනාවක් ක්‍රියාත්මක වුන අදහසක් ලංකාවෙ ක්‍රියාත්මක වෙන්න හදන්නෙ දැනුයි. (ර)
කවුද මේ බහලුම් දෙන්නේ? අපි සල්ලි දීල ගන්න ඕනද? (ර)
දිරන කසළ සහ නොදිරන කසළ කුමක්ද යන්න ජනතාව දැනුවත් කළ යුතුය. නියමිත කසළ සඳහා වර්ණ මලු නම් කළයුතුය. (ර)
එකනම් හොද වැඩක්. සමහරු හිතන්නේ කුනුටික මල්ලට දාල ගැටගැසුවම අපේ නෙවෙයිකියලා. (ර)
මේක හොඳ විසදුමක්. අපේ මිනිස්සු බහුතරයක් අපරික්ෂාකාරියි. (ර)