(ඩයනා උදයංගනී)
වන සංරක්ෂණ කලාපයක් වන මුතුරාජවෙල තෙත් බිමෙහි කොටසක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක් බව සඳහන් පුවරු සවිකර ඇති බවත්, රක්ෂිත කලාපයක් පෞද්ගලික අංශයේ ඉඩමක් වූයේ කෙසේද යන්න ගැටලුවක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලය හරහා මුදල් ගෙවා පෞද්ගලික සමාගමක් විසින් මෙහි අක්කර 700ක් ලබාගෙන ඇති බවත්, එහි සංචාරකයින් සඳහා වන බහුකාර්ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවටත් තොරතුරු ලැබී ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මෙම භූමිය වනජීවී රක්ෂිත කලාපයක් බවට සවිකර තිබූ පුවරු ගලවා දමා අලුතෙන් සවිකර ඇති පෞද්ගලික ඉඩමක් බව සඳහන් පුවරු වහා ඉවත්කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොකළහොත් මෙම ව්‍යාපෘතියට එරෙහිව ජනතාව පෙළගස්වන ලෙස ඒ අවට මීසම්භාර පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ පැවසූහ.
ගොඩනැගිලි, ගොල්ෆ් පිටි, ව්‍යායාම මංතීරු ආදිය ඉදිකර මුතුරාජවෙල විනාශ කරන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවද කාදිනල්තුමෝ කියා සිටියහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ බොරැල්ල, අගරදගුරු නිල නිවසේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ‘හුස්ම දෙන හරිත පෙනහල්ල’ මුතුරාජවෙල සුරකිමු යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමන් පැවසුවේ රටක පාලකයන්ට, ආර්ථිකය මෙහෙයවන සමාගම්වලට හෝ විදේශීය බලවේගවලට රට අයිති නොමැති බවත්, රට අයිති එහි ජීවත්වන ජනතාවට බවත්ය.
රට පාලනය කරන අයට වසර 5ක 6ක කාලයකට රට බලාගන්නා වගකීම මිස අයිතිය ලබාදී නැති බවත්, දූෂිත නිලධාරීන්, දෙපාර්තමේන්තුවල අය ජන ජීවිත අවුල් කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ට පාරට බැස ගෙදර යන්නට වනු ඇතැයි ද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසූහ.
මුතුරාජවෙල පරිසර කලාපය විනාශ කිරීම 1991 වසරේ සිට විවිධ අවස්ථාවල සිදුව ඇතත් එක්වර අක්කර 700ක් තරම් බිම් ප්‍රමාණයක් විනාශ කෙරෙන්නේ පළමු වරට බව ද කාදිනල්තුමෝ කීහ.
මෙම භූමියට අත තබන්නට කිසිවකුටත් ඉඩ නොදෙන්නැයි ඒ අවට මීසම් භාර පියතුමන්ලාගෙන් ඉල්ලීමක් කළ කොළඹ අගරදගුරුතුමෝ ජනතා දේපලක් වන මුතුරාජවෙලට අයිතිය කියන්නට කවුරු හරි එනවා නම් ජනතාව ඊට විරුද්ධ විය යුතු බව ද සඳහන් කළහ.
මෙම කටයුත්තේදී සැම විටම ජනතාව සමඟ සිටින බවත්, ළඟදීම මුතුරාජවෙලට ගොස් මෙම කටයුතු නිරීක්ෂණය කරන බවත් කාදිනල්තුමෝ කීහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන සංරක්ෂණයේ අක්කර 700 පෞද්ගලික සමාගමකට ගිය ආකාරය ගැන අගරදගුරුතුමෝ විමසති
Mawbime anatayaa Thursday, 07 January 2021 11:45 AM
ඔබවහන්සේට ඇති කැක්කුම අනෙකුත් පූජකවරුන් හා පූජ්‍ය කියනා අය හට ඇතිනම් මේ රට මීටවඩා වෙනස් ...
Raveendra Thursday, 07 January 2021 12:14 PM
ඇත්තෙන්ම මේ පිළිබඳව ඔබ වහන්සේගේ උනන්දුව, කැපවීම අප හදවතින්ම අගයන්නෙමු. මෙය කිනම් හෝ පාපකාරී කාලකන්නි දේශපාලුවෙකුගේ ක්‍රියාවක්ද? නොඑසේ නම් කිනම් හෝ දේශපාලුවෙකුගේ ළඟම ගොට්ටෙකුගේ නිවට වැඩක් හෝ විය හැකිය.
sharm warnFriday, 08 January 2021 04:42 AM
වෙන කවුද මේ කැලේ ඕවට බලය දෙන්නේ? රාජපක්ෂ පවුලේ අයියා මලෝ අැරුණාම.. මොකද ඔයා, මම, ගිහින් ඕවා කරන්න අවසර දෙනවද? නැතිනම් විරුද්ධ පක්ෂවල ඉන්න අයට බලය තියෙනවද මේවා කරන්න?
fairoos Thursday, 07 January 2021 01:02 PM
මෙතුමාත් දේශපාලනයට එන්නයි යන්නේ... වෙන කවුරුහරි කියලා තිබ්බොත් බලන්න තිබ්බා රවීන්ද්‍රගේ අදහස්...
විජිත් Thursday, 07 January 2021 02:46 PM
පණ්ඩිතරත්න කියන පොහොට්ටුවන්ට ඡන්දෙට කලින් බැලමෙහෙවර කරපු ගොට්ටෙකුට දුන්නු දොළ පිදේනියක් ඔය. කාදිනල්තුමා ඔය ප්රශ්නය තමන්ගේ ඥාති බෑණාවන මහින්දගෙන් ඇහුවා නම් මීට වඩා හොඳයි.
pwsenevirathne Thursday, 07 January 2021 08:14 PM
දේශද්‍රෝහියෙක් වෙන්න ඉතා ආසන්නයි...
ranjith Friday, 08 January 2021 12:54 AM
මේ භූමියට ආදරේ නැති පාලකයෝ රට විකුණන හැටි නේද?
Bamunuarachchi Friday, 08 January 2021 04:00 AM
කාදිනල්තුමා වැඩට බැහැලා. ජය ශ්‍රී...!
hira Friday, 08 January 2021 04:06 AM
ඔතන ඉන්න හාමුදුරුවන් වහන්සේට තමයි නියම කැක්කුම තියෙන්නේ පරිසර විනාශය සම්බන්ධයෙන්.... ලොකු හඬක් නගනවා. කාදිනල් තුමා මෙතන පොඩ්ඩක් කැපිලා පේන්න හදන්නේ ... මේ සිදුවීම මීගමුවට ටිකක් ළඟින් සිද්ද වෙන හින්දා... අපි නොදන්න චෙස් ....