තිස් වසරක යුද සමයේ කොටින්ගේ මර්මස්ථානයක් වූ යාපන පෙරියපච්ච්‍යලිපලෙයි ගණේෂ කෝවිල හා ගනේෂ දේවාලය යුද හමුදාවේ පස්වැනි පාබල හමුදාවෙන් පිළිසකර කිරීමට යයි.
කොටි සංවිධානය මෙම කෝවිල අල්ලාගෙන එහි සිට හමුදාවට බොහෝ ප්‍රහාර එල්ල කළේය.
ආගමික සහජීවනය ඇති කරලීමේ වැඩපිළිවෙළ යටතේ කෝවිල පෙර තිබූ තත්ත්වයටම පිළිසකර කරව බව යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු බුදු පිළිමයක් හැදුවොත් හොඳයි. විශේෂයෙන්ම නැගෙන හිර පළාතේ අපේ යට ගියාව නැවත මතු කර ගත යුතුයි. හින්දු පන්සල් හදන එක හොඳ වැඩක්.(ස)
මේවා අපේ සම්පත්, අපේ සංස්කෘතිය. ඒ කියන්නේ ලාංකික බව. හොඳ වැඩ තුලින් හොඳ ප්‍රතිපල ලැබේවා. (ස)
ආගමික සහජීවනය ගැන තවත් කියන්න දේවල් තියෙනවා (අ)
හොඳ වැඩක් (අ)
කවුරු හරි දන්න කෙනෙක් කියනවද දේවාලයෙයි කෝවිලෙයි වෙනස මොකක්ද කියලා.(ස)
අපේ ත්‍රිවිද හමුදාව සෑමවිටම කරන්නේ හොඳ වැඩ. අපේ රට බේරා දුන්නා සේම, සියලුම ජාතින් සියලුම ආගම් වෙනුවෙන් ඔවුන් කැපවී ක්‍රියා කරන බව මැනවින් ඔප්පු වෙනවා. ඔබ සැමට අපේ ප්‍රණාමය සෙබළුනි !(ස)
සනුල් ඔබට .දේවාලය කියන්නේ දෙවියන් සිටිනා තැන කියන එක. මේවයේ දෙවියන් ඉන්නවද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. කෝවිල කියන්නේ හින්දු අයගේ පන්සල කියන එක.(ස)
අංශුමය විශ්වයේ ඉලෙක්ට්‍රෝන මීසෝන වැනි ක්‍ෂුද්‍ර අංශු තත්වයේදී ඒවා පවතින්නේ ශක්ති තරංග හා පදාර්ථ යන ද්වියිතික තත්වයන් අතර දෝලනය වෙමින්. එවිට විශ්වයේ යථා ස්වරුපය වන්නේ පදාර්ථය හා ශක්තිය (විඥානය) අතර දෝලනයක්. ඒ නිසා විශ්වය සැකයක් නැතිවම අනිත්‍යයි, දුක්ඛයි. එහෙත් විඥානමය හෙවත් විද්‍යාත්මක ලෙස පාර භෞතික තත්වයක් වන අනාත්මභාවය විශ්ව පරිණාමය හා බැඳී සංසාරයේ ඉදිරියට ගලායන ආත්ම භාවයක් බවටත් පත්වී දෙපැත්තට දෝලනය වේ නම් එක දෙයක් පමණක් සත්‍යයයි අනෙක අසත්‍යයි කියා එකිනෙකා මරා ගැනීමෙන් ඇති පලය කුමක්ද? (නි)
කවුද මේ නීල්? (නි)
විශිෂ්ට ක්‍රියාවක්. මේවා කරන්න කලින් ජාත්‍යන්තරයේ මාධ්‍ය වලට අරාධනා කරලා කරන්න තිබුනේ. දැනටත් පරක්කු නැහැ. (නි)
කෝ මේ මුස්ලිම් සහෝදරවරු සද්දයක් නැත්තේ ... කියන්නකෝ මොකද හිතන්නේ මේගැන. (ස)
බලාගෙනයි පුතා , බිම් බෝම්බත් ඇති.(ස)
නීල් මහත්මයා, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය බුද්ධ නුවනින් අවබෝධ කළ දෙයක්. එය අපි දන්නා බටහිර භෞතික විද්‍ද්‍යාවෙන් පැහැදිලි කරන්න අමාරු බව අපගේ පුද්ගලික අත්දැකීම. කොහොම උනත් මේ ගැන ගැන තර්කයක් ගොඩ නගන්න අපි අදහස් කරන්නෙ නැහැ. මොකද ඕනෙම කෙනෙක් යම් මතයක් දරනවද ඒකෙන් අපට හානියක් නොවන නිසා.(නදී)
අන්න තවත් අපේ රණවිරුවන්ගේ හොද දෙයක්. අපි සියලු දෙනා ඔබ සමගයි.(නදී)
නීල් වගේ රාමුවක ඉඳගෙන මේ දෙස බලන අයටනම් වැඩි වැටහීමක් මේ ගැන එන්නේ නැහැ.මීටත් වැඩිය යටගිය අතීතයක් අපි හැමටම තියෙනවා.තවමත් අපෙන් සඟවන රාවනා යුගය වැනි අපේම යුගයන්.ශිව පාර්වතිලට වන්දවලා අපෙන් ඒ යුගය හංගලා තියෙන්නේ.ඒත් ඉන්ද්‍රජිත් කුමරුගේ සේනාව අපිට සිහි ගැන්වූ අපේ හමුදාව සැදැහැ සිතින් යම් දෙයක් කරයි නම්,ඔවුනට අපේ ප්‍රණාමය. (නි)
මගේ හදපිරි සතුට මෙසේ අකුරු කරමි හමුදා විරු සොයුරනි මෙවැනි දේ දැකීමත් ..,ඇසීමත් වාසනාවකි ඔබ සැමගේ දෑතට යෝද බල යෝද සක්තිය ලැබේවා සියලු දෙවියන් සුරකිවා .(අ)
අසේල කියන විදිහට මා රාමුවක් තුල කොටුවී නැහැ. ඒ අදහස වැරදියි. රාවණ රජු පිළිබඳව මගේ විග්‍රහය දීර්ඝ බැවින් මෙහිලා සඳහන්කිරීම අසීරුයි. නමුත් මා විසින් රචිත "නොනිමි මෙහෙවර" කෘතිය කියවා එය දැනගත හැකියි. ඉන්දිකට කියන්නට ඇත්තේ මා කියා ඇත්තේ පාර භෞතික විද්‍යාව ගැන මිස ඔබ දන්නා සාමාන්‍ය භෞතික විද්‍යාව ගැන නොවන බවයි. ඒ හැර බුදුන් අවභෝධකරගත් දේ ඒ ආකාරයෙන්ම වටහාගාත් පසේ බුදුවරු ඒ කාලෙත් හිටියා. එයින් ඔප්පුවෙන්නේ මෙය බුදුන්ට පමණක් අවභෝධවන ඥානයක් නොවන බවයි. එවැන්නන් දැනුත් සිටිනවා. මතුවටත් එසේමයි.(නදී)
රට වෙනුවෙන් කැපවුන අපේ සෙබලුන් අගය කර ඔවුන් සිහිපත් කර නැවත ප්‍රතිසංස්කරනය කරන්න. අපි අනවශ්‍ය දෙයට කැමති නැහැ (නි)
කියන්න බැරිතරම් සතුටුයි. මෙයයි වියයුත්තේ (නි)
අනුරාධ, ඔන්න මම ආවා, අනේ පොඩ්ඩක් වටපිට බලන්න පරණ මුස්ලිම් පල්ලියක් එහෙම තියෙනවද කියල? අපිට තවත් පහසුයි, (අ)
දැන් එතකොට නීල් කියන්නේ එයා බුදුවෙලා කියල වෙන්න ඇති, නැත්නම් බුදුරජාණන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම්පුරා, බුදුවන භාවයේදී සයවසක් අනන්ත දුෂ්කර ක්‍රියාකොට අමාරුවෙන් අවබෝධකරගත් ලෝක සත්‍ය , නීල් වසර කිහිපයක් කොහෙහරි බටහිර සුද්දන්ගේ දැනුමෙන් ලියවිච්ච පොත පත කියවා ඉක්මනින්ම අවබෝධකරගත් බවයි. (නි)
කෝ අපේ ජාතිවාදී අයියලා ටික? මොනාවාහරි කියන්නකෝ (නි)
නියමයි. මේවා ලෝකෙටම කිය කියා ඉන්න ඕනෑ නැහැ. අපි අපේ වැඩේ කරමු. ඇත්ත කවදා හරි දිනයි. (නි)
මේ අයට මොනවා කලත් වැඩක් නැහැ.(නදී)
එළාරටත් අවසන් ගෞරව දුන් රටක් බොලව් මේක. (නදී)
මේ තමා මගේ ජාතියේ මහගු අභිමානය. අපිට ජාති ආගම් බේද නැහැ. අපි කව්රුත් මිනිස්සු. මුළු ලොවම මේ සත්‍ය අවබෝධ කරගනිත්වා.(නදී)
"අයියා නායක" දේවාලේ ප්‍රතිසංස්කරණය කිරීම රජයේ වගකීමක් වන්නේ "ගණපති" යනු ගණයට හෙවත් ප්‍රජාවට අධිපති යන අර්ථය අනුව "ජනාධිපති" යන්න ව්යුපන්න වන නිසාම පමණක් නොවේ. ගණ දෙයියෝ සතු බුද්ධි, ඍද්ධි, සිද්ධි යන ත්‍රිත්වය රටක් පාලනයේදී අත්‍යවශ්‍ය ගුණාංග වන අතර ඔහුගේ සොහොයුරා වන කතරගම ස්කන්ද කුමාර දෙයියෝ යුද්ධයට අධිපති වීමත් ඉතා වැදගත්. එහෙත් කණගාටුවට කරුණනම් මේ දෙදෙනාගේම භාරකාර මව්පියන් සේ සැලකෙන ශිව පාර්වතී යුවලගේ ප්‍රතිමා ත්‍රිකුණාමලයේ ඉදිකර නිමවා ගැනීමටත් පෙර කඩා දැමීමයි.(නදී)
මෙහි වැඩවලට අවට ගම්වල දමිල ජනතාවත් හැකිතරම් සහභාගී කරවා ගන්නවා නම් මෙහි නියම ප්‍රතිපල ලබා ගන්න පුළුවන් වේවි (නි)
අර කට්ටිය රෑට හොරෙන් ගිහින් කෝවිලට ගිනි තියයිද දන්නෙ නැහැ. පරිස්සමින් (නි)
මොනවා කළත් මෙයාලට ගුණයක් නැහැ. අපේ පැරැන්නෝ කියපු විදියට පොටෝ එකේ ඉන්න කෙනයි, මැරුන කෙනයි ඇරෙන්න ජීවත්වෙලා ඉන්න එකම කෙනෙක්වත් මේ ජාතියේ විශ්වාස කරන්න බැහැ (නි)
නියමයි. මේ වගේ පුවත් කියවනකොට හරි සතුටක් දැනෙනවා. (නි)
සතුරාටත් අනුකම්පා කළ සහ කරන ජාතියක් සිංහලයෝ කියන්නේ. (නි)
නිකමට වගේ ඕකත් අවට හාරලා බැලුවොත් වැදගත් සාධක සමහරවිට හොයාගන්න බැරි නැහැ (නි)
කෝ අර සම්බන්ධන්ලා එහෙම නැද්ද ඕවා කරන්න? (නි)
බොහොම හොද ක්‍රියාවක්. (ස)
බලාගෙනයි පුතා ,කැණීම් කලොත් සමහර විට බිම් බෝම්බත් ,පුරා වස්තුත් හම්බවෙයි. අලුත්වැඩියා කරලා හමුදාවේ භාරකාරිත්වය යටතේ , හමුදාවෙම භක්තිය ඇති මණ්ඩලයකට වගකීම පැවරීම සුබයි වගේ. (නි)
බලාගෙනයි පුතා ,කැණීම් කලොත් සමහර විට බිම් බෝම්බත්, පුරා වස්තුත් හම්බවෙයි. අලුත් වැඩියා කරලා හමුදාවේ භාරකාරිත්වය යටතේ, හමුදාවෙම භක්තිය ඇති මණ්ඩලයකට වගකීම පැවරීම සුබයි වගේ. (නි)
මේ වගේ හොද ක්‍රියාවන් තුලින් අපට හදවතින් අප ජාතිය,දේශය ගැන සියුම් ආඩම්බරයක් දැනෙනවා. හැමදාම ඇගේ ලේ කුරුවල් වෙන නිව්ස් දැකලම දැන් ඇතිවෙලා තියන සිත්වලට ටිකක් ජාතීයේ ආඩම්බරයක් දැනුන හදවතට. අපිට ජාති බේද, එපා ,රට කෑලි වලට කඩන්නත් එපා. අපිට ඕන අපි හැමෝම උපන් දේශයේ, සතුටින් සැනසීමෙන්, ජීවිතේ සතුට සමාදානයෙන් විදගෙන, අපි විදපු ඒ භුක්තීන් ,උධාර විදියට මතු පරපුරටත් ජාතියේ නාමයෙන් නිදහස්ව ඉතිරි කරලා යන්නයි. අපි හැමෝම මිනිසුන් විදියට හදවතට තට්ටු කරලා බැලුවොත් අවශ්‍ය එපමනයි නේද?(නදී)
විජේසිංහ - ඔයා ජාතිවාදියෝ හොය හොය ඉන්නේ නැතුව හොද වැඩක් කරද්දී ඒක අගය කරලා කමෙන්ට් එකක් දාන්න. හොද වැඩක් අගය කරන්න බැරි ඔයයි ජාතිවාදියා.(නදී)
ඉතාමත් හොඳ වැඩක්. හින්දු ආගමත් බුදු දහමත් ඉතාම ලගින් ගමන් කරන ආගම් 2 ක්. බුදු හාමුදුරුවොත් බුදු වෙන්න කලින් හින්දු. එතකොට බුදු වීම සඳහා උපයෝහී කර ගත්තෙත් හින්දු භාවනා ක්‍රම. හැබැයි අනිත්‍ය, දුක්ක, අනාත්ම කියන ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය තුලින් සංසාර දුකෙන් අත්මිදීම පවතින්නේ බුදු දහමේ පමණයි. අරහත් භාවයට පත් වුන යැයි පිළිගන්නා අපේ රේරුකානේ චන්ද්‍රවිමල නායක හාමුදුරුවෝ "බෞද්ධයා ගේ අත් පොත" කියන පොතේ පැහැදිලිවම කියනවා ලොවුකික කාරණා වලට දෙවියන්ගේ පිහිට ලබා ගත්තට කමක් නැහැ කියලා. "සියලු සත්වයෝ සුවපත් වෙත්වා." (අ)
කාව රවට්ටන්නද දන්නේ නැහැ.(ස)
නිකමට වගේ පොඩ්ඩක් මැදින් හාරලා බැලුවොත් නරකද ඇත්තටම. (ස)