2012 දී සීත සමයේදී ශ්‍රී ලාංකිකයෙන් මාස හතරක් වෙනිසියුලාවේ සයිමන් බොලිවර් අන්තර් ජාතික ගුවන්තොටේ බිම නිදාගත්තේය.පොදු නාන කාමරයෙන් නා ගත්තේය.පරමේෂ්වරන් යන නම්න් පමණක් හැදින්වු ඔහු ගැන යු ටියුබ් වීඩීයෝවක් අන්තර්ජාලයට එක් විය.
ඔහුට ස්පාඤ්ඤ බස යන්තම් දැන සිටියත් ඉංග්‍රිසි කතා කිරීමට නොහැකි විය. මෙක්සිකෝවේ සිට වැරදීමකින් වෙනිසියුලාවට පිටුවහල් කැරුණු ඔහුට එරටින් පිට වීමට නොහැකි වුයේ වෙනිසියුලාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයයක් නොතිබු නිසාය.
අසරණවු පරමේෂ්වරන්ට ගුවන් හමුදා නිලධරයින්ගෙන් ඇදක්ද මානවහිමිකම් සංවිධානයකින් ආහාරපානද ලැබිණි.
පසු ගිය මැයි මාසයේ සිට ඔහු ආගිය අතක් නැත ඔහුට වෙනිසියුලාවේ ජීවත් වීමට අවසර දුන්නාද නොඒසේනම් ඔහුගේ රටට ගියාද යන්න කිසිවෙක් නොදනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'අසරණ පරමේශ්වරන්'?? මුන් තමයි පිට රටවලට ගිහිල්ල ලංකාවේ නම කතා කරන්නේ. (අ)
කොහොමද වැඩේ.... ඉංග්‍රීසිත් බැරි උනත ස්පන්ඥ දන්නවලු... ලංකාව අස්චරියට යන අතරේ මෙහෙ මිනිස්සු ලෝකේ එහා කොනේ ලතින් ඇමරිකාවට පැනල යනවා.... දැන් කියන්න ගියේ ද්‍රෝහියෙක් කියල...(අ)
හොදට බලන්න පසුගියදා එංගලන්තේදී ලංකාවේ අයට ගහන තැන පොටෝ වල ඉන්නවද කියල.එහෙම නැත්නම් ලගදි ලංකාවට එරෙහිව යන පෙළපාලියක බලන්න. (අ)
ලංකාවේ අතුරුදහන් ලිස්ට් එකේ ඉන්න අහිංසකයෙක්ද දන්නේ නැහැ. ඒ රටවලත් අතුරුදහන් වීම් තියනවා නේද ? මෙක්සිකෝවෙන් වැරදිලා පිටුවහල් කලා කියන එක ටිකක් පැහැදිලි මදි. පිටුවහල් කලේ වැරදි රටටද? නැත්නම් වැරදි මිනිහවද දන්නේ නැහැ. (නි)
කැත කරන්ඩ ලංකාවට නමක් තියෙනවද මිස්ට්ර් පිටිගල මිලානෝ?(නදී)
කමක් නැහැ. ඉන්න තැනකම ඉන්න. (නි)
මම මාස තුනකට පාරක් කැරක්ස් යන කෙනෙක්. මම දෙනගෙන හිටියේ නැහැ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. කැරකස් ගුවන්තොටුපොළේ ඉංග්‍රීසි දැනගෙන වැඩක් නැහැ. මම අවුරුදු ගානක ඉදන් වෙනිසියුලාවට එනවා. කවදාවත් ලංකාවේ කෙනෙක් හමුවෙලා නැහැ. එකම දවසක් ඩුබායි ඉදලා ආපු දෙමළ ජාතිකයෝ හතර දෙනෙක් කැරකස් යන්ට බ්‍රසිලයේ ගුවන්තාටුුපොළේදි මට හම්බ වුනා. දෙමල හතර දෙනාම ආපහු ඩුබායි ඇරියා. ලංකාවේ උනාට කාටවත් සිංහල, ඉංග්‍රීසි ,ස්පාඥ කතා කරන්න බැහැ. ස්පාඥ කතා කරන්ඩ බැරුව ගුවන්තොටුපොළෙන් එලියට ගිහිල්ලා ටැක්ෂි එකක්වත් ගන්න බැහැ. මම හිතන්නේ මේ මනුස්සයා වෙනිසියුලාවෙන් පැනලා ගිහිල්ලා මෙක්ෂිකොවට. ඒක නිසා තමයි ආපහු වෙනිසියුලාවට එවලා තියෙන්නේ. වෙනිසියුලාවේ හිටපු නිසා තමා ස්පාඥ කතා කරන්නේ. දැන් මිනිහා වෙනිසියුලාවේ හිටපු තැනටම යන්ට ඇති.(නදී)
බයවෙන්න එපා. එයා සමහරවිට ඊලමට හොද බිම්කඩක් තියෙනවද කියලා සොයා බලනවා ඇති. (නි)
සරත් වගේ රටින් පිට නොගිය කට්ටියට තේරුමක් නැතුව ඇති. හැබැයි යුරෝපේ, ඇමෙරිකාවේ ඔස්ට්‍රලියාවේ ඉන්න ලංකාවේ කට්ටියට ආඩම්බරයක් අපි ලංකාවේ කියන්න. නැතිනම් අපි වැටෙන්නෙත් ඉන්දියන් කාරයන්ගේ ගානට. මේ රටවල මිනිස්සු ඉන්දියන් මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සුන්ට කැමතියි.(නදී)
සුගත් ඉන්දියන් කට්ටිය අපිට වැඩිය එයාලට තැනක් තියනවා.(නදී)