ලොව වඳ වී යන ශාඛ ලේඛනයට අයත් ගයිරිනොප්ස් වල්ල හෙවත් වල්ලපට්ටා හෙවත් පට්ට වැල් ඉන්දියාවට යැවීමේ ජාවාරමක් ඇතැයි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුද හවුල් කැරගෙන ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකු තෙත් කලාපයේ රක්‍ෂිතවලින් මෙම ශාඛය කුඩා කැබැලි වලට කපා රට පටවතියිද එසේ පැටැවීමට සූදානම් කැර තුබූ කිලෝ 500ක් පමණ අත්අඩංගුවට ගත්තේ යැයි ද නිලධරයෝ කියති.
කිලෝ දහයකට හෝ විස්සකට ගැමියාට රුපියල් හාරපන්දාහක් දී එකතු කැර ගන්නා මෙම ශාඛයේ ග‍්‍රෑමයක් ඇමෙරිකා ඩොලරයක් ඩොලර් දෙකක් (රු. 135x270) මිලකට එතෙර අලෙවි වෙතියි කියති.
කලවාන අඩවි වන නිලධාරි එච්.ඒ.බී. හේරත්, බිට්ටු වන නිලධාරී බී.පී.එස්. වීරකෝන් හා සම්පත් සිසිර කුමාර මේ වැටැලීම කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ එකක් රුපියල් 270 වෙන්න ඇති. (නි)
මේ අගාර් වුඩ් වර්ගයට නෑකම් කියන ශාකයක්. මෙම ශාක තායිලන්තයේ වාණිජව වවනවා. මෙම ගස් වලට වැළඳෙන දිලීර ආසාදනයකට විරුද්ධව ගස විසින් රසායන ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර එම දිලීරයට ඔරොත්තු දෙන්න ක්‍රියා කරනවා. එම රසායන ද්‍රව්‍යය ඉතා වටිනා සුවඳ විලවුන් සැදීමට ගන්නවා. සාමාන්‍යයෙන් මෙය සිදුවීමට වසර 30 ක් වත් යනවා. එහිත් දිලීරය වැළඳුන ගස්වල විතරයි මේ සුවඳ හැදෙන්නේ. නිස්සාරණය කළ දියරය ලක්ෂ ගණනක් වටිනවා. දැනට තායිලන්තයේ මේ දිලීරය බලෙන් ගස් වලට එන්නත් කරනවා. කෝටි ගණනක් විදේශ විනිමය උපයනවා. ලංකාවෙත් මේ ගස් තියෙනවා නම් අපිටත් මේක කරන්න පුලුවන්.
මම අපේ ගෙදර ඉදිරිපිට ගහ විකුණුවා කිලෝ එකක් රුපියල් 130,000.00ට.($10,500.00). මම නම් දන්නවා මේ ශාකයේ වෙළඳ වටිනාකම. ඔයාලත් මේ ගහක් හොයලා කීයක් හරි හොයා ගන්න. (නි)
මම මේ වල්ලපට්ට වැල් වලින් පිරිත් මණ්ඩපත් ගහනවනේ. (නි)
මේවා තමයි නව අපනයන බෝග.. එදා සුද්දා රට යවපු දේවල් තවමත් අපි රට යවන්නෙ.. අලුත් බෝගයක් හොයාගන්න හොද වෙළදපොලක් තියෙනවානම් ඒක රට යවමු..!!(නු)
කලින් මේ පුවතම ගහේ නම සදහන් නොකර පළවුණා...මම හිතන්නේ නම සදහන් නොකලානම් හොදයි...මොකද අපේ මිනිස්සුන්ගෙන් බේරගන්න බැරිවෙන නිසා....(ස)
මෙ ගහ ඉතා වටිනා සුවඳ විලවුන් සැදීමට ගන්නවා . ගහේ නම සදහන් නොකර පළවුණා නමි මම හිතන්නේ හොදයි ...(ස)
ඕක ලංකාවෙ තිබුණයි කියලාවත්, හොරු කවුද කියලාවත් මට නම් වැඩක් නැහැ. මම අහන්නේ කෝ යුද්ධය කාලයේදී අපට ලැබුණු රත්තරං ටික කියලා? (නි)
මේක වද වී ගෙන යනවා නම් ඉතිං වවන්න බැරිද? අනේ බොරුනේ මේවා. කවුරුහරි මොකක් හරි කරනකල්ම ඉන්න ඕනෑ අපේ අයට ඒ දේවල් වල වටිනාකම තේරෙන්න. (නි)
වල්ලපට්ටා යනු තයිමලේසියේ කුලයට අයත් වඳවී යන ශාඛ විශේෂයකි. 1981 වසරේදී ඉලිනෝයි විශ්ව විද්‍යාලය මගින් ලංකාවෙන් සොයාගන්නා ලද මෙම ශාඛයක් රසායන විද්‍යා පර්යේෂණයන්ට යොදා ගැනීමෙන් අනතුරුව පළමු වරට මෙම ශාඛවල පත්‍ර වලින් පිළිකා නාශක රසායනික සංයෝග ලෙස සැලකෙන කුකර්බිටැසින් සහ සිටොයින්ඩොසයිඩ් නිස්සාරණය කර ඇත. එම රසායනික සංයෝග ඇසුරින් පිළිකා මර්දනය සඳහා කිසියම් ඖෂධයක් නිපදවන ලද්දේදැයි මම නොදනිමි. එහෙත් වල්ලපට්ටා නීති විරෝධී ලෙස අපනයනය කරන ජාවාරමක් ඇත්තේ එම ශාඛයේ වටිනාකම අපට වඩා ඔවුන් දන්නා බැවිනි. පරිසර විද්‍යාඥයකු වශයෙන් මාගේ තර්කය වනුයේ අපගේ මෙම වටිනා ජාන සම්පත් ආරක්ෂා කරගත යුතුවා මෙන්ම ඉන් කිසියම් වටිනා ඖෂධ නිශ්පාදනයක් සිදුකළ හැකිනම් ජාවාරම් කරුවන්ගෙන් අපගේ අයිතිය ආරක්ෂා කර ගනිමින් එම සම්පත තිරසාර භාවිතය සඳහා යොදාගත යුතු බවයි. මන්දයත්, එම ඖෂධය මිනිස් සංහතියේ උන්නතිය සඳහාම වන බැවිනි. එසේම ජෛව සම්පත් ආරක්ෂාකර ගැනීම අප සියළු දෙනාගේම වගකීමක් බවද සිහිපත් කරමි. (නි)
බලාගෙන ගියාම මේක නියම වැලක්නෙ...!!(නු)
මේකත් ඔන්න ඔහේ කැළේටම යට කරලා දාන්න. නැත්නම් අමතක කරන්නකෝ. (නි)
මේ ගහේ දලු තලලා බලන්නකෝ සුවද මොකක්ද කියලා. (නි)
මම කිව්වෙ මේවා පිරිත් මණ්ඩප හදන්න ගන්නවා කියලයි. (නි)
අපේ රටේ වස්තුන් තමයි මේ විනාශ වෙන්නේ (දී)
අහන් ඉන්න බැරිනම් බලන් ඉන්න බැරිනම් අපිට කරන්න තියෙන්නේ මෙච්චර ලොකු විදේශ විනිමයක් අපට ලැබෙනවානම් අපි මේක අපනයන බෝගයක් විදියට වගා කරමු (අ)
මෙම ශාකය ඒකදේශික නොවේද?? (අ)
අපරාදෙනේ අපි මේ තේ, පොල්, රබර් වවන්නේ. (මත් ද්‍රව්‍යයක් නොවේ නම්) මේක වවලා විකුණුවා නම් ඉවරයිනේ. කිලෝ එකක් රුපියල් 270,000 ක් නේ. (නි)
ශාක වර්ග වර්ග කර විකුණන්න පුලුවන්නේ. (නි)
මෙම ගස් වර්ගය මම නම් දැක තිබෙන්නේ සබරගමු පළාතේ පමණයි. මෙතරම් වටිනා බව විශ්වාස කරන්නත් අමාරුයි. (නි)
අපේ ගෙදර ඉදිරිපිටත් මේ වගේ ගහක් තියෙනවා. ගෙඩිත් එනවා. මම දන්නෙ නැහැනේ මේ තරම් වටිනවා කියලා. (නි)
කවුද කියන්නේ මේ ගහ වදවීගෙන යනවා කියලා. රත්නපුර පැත්තට නම් මේ ගහ හරිම කරදරයක් වෙලයි තියෙන්නේ. (නි)
මේ පැළෑටිය මෙච්චරටම වටිනවා නම් ඇයි අපට ඒක නීත්‍යානුකූල විදියට වැඩිදියුණූ කර ගන්න බැරි? (නි)
කතාව ඇත්ත. අපි ඉස්සඑ මේවායින් වරිච්චි බිත්තිත් බැන්දා.දැන් බේතකටවත් හොයා ගන්න බැහැ. (නි)
ඉන්දියාවටත් පටවන්නකෝ ජපන් ජබර, සැල්වීනියා, ඩෙංගු වගේ දේවල්. (නි)
මම කැළේට ළගදි ගිහින් මේ ගහක් හොයලා හොයලා, අන්තිමට වළි කුකුළෙක් අල්ලගෙන ආවා. (නි)
වද වී ගෙන යනවා නම් ඉතිං, කීයක් හරි හොයා ගන්න කෙනෙකුට ඒක කරගන්න දීලා සද්ද නැතුව ඉන්නකෝ. (නි)
ඊයේ අපි තරගය පැරදුණු දුකටත් එක්කම මේ මනුස්සයාව වැල් පට්ටයකින්ම එල්ලුවා නම් හරි. (නි)
මේචචරම ගණනකට අපනයනය කරන්න පුලුවන් නම් වෙනම වගාවක් විදියට කරන්න පුළුවන් නේද? කැළයේ තිබෙන ගස් වලට ඇති ඉල්ලුම සඳහන් කිරීමත් නොකළ යුතුයි. (නි)
මේ ශාකයේ වෙළඳ වටිනාකම මේ පුවතට ඇතුළත් නොකළා නම් තමයි හොඳ. දැන් ඉතින් අපේ අයියලා තව කීප දෙනෙක් ජාවාරමට බහින්න ඉඩ තියෙනවා මේක දැකලා. අපේ අයට 'බිස්නස් අයිඩියාස්' එන්නේ එහෙමනේ. (නි)
සහ ගහන අපරාධ මේවා. (නි)
මෙම ශාකය මෙතරම් වටින්නේ ඇයි? (නි)
මොනවටද මේවා පාවිච්චි කරන්නේ? මේක නම් වෙන්න බැරි දෙයක්. (නි)