මස්කෙළියේ පාසල් සිසුන් පිරිසක් ලෝක උරුමයක් සීගිරියේ සිංහ පාදයේ දෙමළ අකුරු කුරුටු ගෑමේ ‘‘සුළු සිද්ධිය‘‘ ලංකාදීප පත්‍රය බරපතල දෙයක් ලෙස විකෘති පුවතක් සේ පළ කිරීමෙන් බරපතල හානියක් සිදු වීයැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගීරි ව්‍යාපෘති කළමණාකරු චන්දන වීරසිංහ මහතා සීගිරී කටුගෙයි දේශන ශාලාවේදී අද (28)කළ ප්‍රකාශයට විද්වත්හු විරෝධය පළ කළහ.
‘‘සීගීරි පුරා වස්තු සුරැකීමේ සන්නිවේදන කාර්යභාරය‘‘ මැයෙන් මේ සාකච්ඡාව කැඳවා තිබිණි.
වීරසිංහ මහතා හැඳින්වීමේ කතාවේදී කියා සිටියේ සන්නිවේදන දුර්වලතාව නිසා ලංකාදීප පත්‍රය සුළු දෙයක් විකෘති කිරීමෙන් සීගිරියට ලොකු හානියක් කළ බවයි.
පැය භාගයකින් එම කුරුටු ගී මකා දැමු බවද ඔහු කීය
ආරාධිත අමුත්තා වුයේ රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිස්ස වීරසේකර මහතායි. ඔහු කියා සිටියේ සීගිරිය ජාතික වස්තුවක් බවයි.එවැනි දෙයක් කුරුටු ගෑම කිසිසේත්ම සුළු දෙයක් නොවන බවත් ලංකාදීප පත්‍රය මුළු ජාතිය වෙනුවෙන්ම සිය සන්නිවේදන කාර්යභාරය මනාව ඉටුකර ඇති බවත් ඔහු කීය. ලංකාදිපය එම කාර්යභාරයට පැසසිය යුතු බවද ඔහු අවධාරණය කළේය. සීගිරියේ බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පී පී. ජී ලලිත් කුමාරසිරි මහතා කියා සිටියේ එම කුරුටු ගෑම් ඉවත් කිරීමට දවස් දෙකක් ගත වු බවයි. නාගලවැව විදුහල්පති ජයරත්න සුරියගොඩ මහතාද සමුළුව ඇමැතීය.‘‘ සිංහ පාදයේ කුරුටු ගෑම මධ්‍යම සංසුකෘතික අරමුදලට ‘‘සුළු දෙයක්‘‘ වෙන්න පුළුවන්. ඒත් අපට ඒක ලොකු දෙයක් . දැනගත්තෙත් ලංකාදීප පත්‍රය නිසයි. ලංකාදීපයට මුළු රටේම ප්‍රසංශාව හිමි විය යුතුයි. සන්නිවේද දුර්වලතාව ඇත්තේ සංස්කෘතික අරමුදලේ බව පේනවා ඒ දුර්වලකම් හදා ගැනීමයි කළ යුත්තේ.
සීගීරි ව්‍යාපෘති කළමණාකරු චන්දන වීරසිංහ මහතා සාකච්ඡාවෙන් නැඟිට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ලංකාදීප සමග එකග වෙමි. ඉතා උතුම් ලෙස අගය කරමි... අපි සියළු දෙනාටම අයිතියක් තියෙනවා රැක ගැනීමට අපේ සංස්කෘතිය..!(නු)
ලංකාදීප මාධ්‍ය උසස් ප්‍රමිතියකින් පවත්වන බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති නිසා දේශපාලඥයින්ගේ විහිළු අපි ගනන් ගන්නේ නැහැ.(නදී)
එක නිලධාරියෙකුට මුළු සීගිරියම බලාගන්න බැහැ. ආරක්ෂක නිලධාරීන් වැඩි කළ යුතුයි. පාසැල් ළමුන්ට ද විනයක් තිබිය යුතුයි. මොවුන් පාසැලේ බිත්ති වැසිකිලිවල මොනවා ලියලා ඇතිද?(නදී)
ඇයි මෙයාව තවමත් එම තනතුරේ තියාගෙන ඉන්නේ.(නදී)
ලෝක උරුමයක් ආරක්ෂා කරන්න දන්නේ නැති අයව ඔතන තියලා වැඩක් නැහැ. වහාම අයින් කරන්න.(නදී)
එයාට මේක සුළු දෙයක් ද (දී)
එයාලගේ තව සුළු වැඩක් මම දැක්කා. එකතුවෙන සියළුම ප්ලාස්ටික් බෝතල් දාන්නෙත් සිංහ පාදය ලගින් පහලට.(නදී)
මේ කළමනාකරුවා පත් කළේ කව්ද කියලා හොයන්න ඕනේ.(නදී)
යම් වරදක් පෙන්වාදුන් පසුව නැවතත් එය පුනපුනා කථාකිරීමේ ඵලක් නොවන බව අප කවුරුත් දැනගත යුතුය. වරද වරදක් ලෙස පිළිගැනීමත් යුක්ති සහගතය. (නි)
ඔය වගේ වටිනා දෙයක් සුළු දෙයක් විදියට සළකන කෙනෙක්ව තවත් ඔතන තියන එක හරිද? (නි)
අපුරු සුළු සිද්දියනේ.(නදී)
කැටපත් පවුර කුරුටු ගෑවා නම් ඒකත් සුළු දෙයක් කියයි.(නදී)
මේවාගේ ලොකු දේවල් පොඩියට පෙනෙන අයට ලොකු දේවල් හරියට පෙනෙයිද? මෙම පුද්ගලයා එතනට සුදුසුද කියා පොඩි නොවන ලොකු ප්‍රශ්ණයක් අපට ඇතිවෙනවා. (නදී)
සීගිරිය භාර එම කළමනාකරුට එම ක්‍රියාව "සුළු සිද්ධියක්" නම්, එම තනතුරට ඔහු කිසිසේත් සුදුස්සකු නොවේ. තමා භාරයේ පවතින මෙම ජාතික උරුමයට වූ හානිය සුළුකොට තකන ඔහු, වහා ඉන් ඉවත් කල යුතුයි. ලංකාදීප පුවත්පතට හා එම වාර්තාකරුට අපේ ස්තුතිය!(නදී)
බලාගෙන ගියාම අපේ රට කරවන අයට කිසිම දේශානුරාගයක් නැහැනෙ. අද අපේ රට මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ මේ වගේ අය ආරක්ෂාකරන මිනිස්සු රටේ ඉන්න හින්දා කියලා දැන්නම් තේරෙනවා. (නි)
කාංචනගේ වාර්තා මම කියවන්නේ ඉතාමත්ම කැමැත්තෙන්. (නි)
මේ වගේ අයද මෙහෙම වටිනා තැන්වල ඉන්නේ? (නි)
සීගිරි චිත්‍ර විකෘති කරපු එකත් සුළු දෙයක්ද දන්නෙ නැහැ නේද, එයාට? (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
අපේ උරුමය පමණක් නොවේ අපේ නමත් කෙළෙසනවා. (නි)
මේ පුද්ගලයා එලවන්නේ නැත්තේ ඇයි? ලංකාදීපයට ප්‍රණාමය! (නි)
ඔහුට මෙම තනතුර දැරීමට ඇති සුදුසුකම් ගැන මට දැනගැනිමට අවශ්‍යයි. (නි)
එම තනතුරට ඔහු කිසිසේත් සුදුස්සකු නොවේ. (නි)
තමන්ගේ වගකීම නොදැන කටයුතු කළාට, තමන්ගෙන් වු වරදට ලංකාවෙන්ම සමාව ගත යුතුයි.(නදී)
මොහු වහාම ඉවත් කළ යුතුයි.(නදී)
සීගිරිය කියන්නේ ලෝක උරුමයක්. ඒක රැකගත යුතුයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (නි)
අපි දැක්ක තාර ගාල වගේ "සුළුවෙන්" කුරුටු ගෑම් ඉවත් කරලා තියෙනවා.(නදී)
මේ වගේ පත්තර නැත්නම් අපි කොහොමද මේවා දැනගන්නේ.(නදී)
නුසුදුස්සෝ පන්දම් පාලියෙන් ආවාම ඔහොම තමා. සීගිරිය "ගල් කොරියකට" දුන්නත් අපි "බකන් නිලාගෙන" ඉන්න ඕනෑ. (නදී)
දෙන්න හිතෙනවා මට හොද පාරක්. (නි)
මාධයයේ මෙහවර අපි අගය කරමු. සීගිරිය ගැන කළමනාකරුගේ ආදරය සහ අවබෝදය දැන් අපිට තේරුම්ගන්න පුලුවන්. අපේ අවාසනාවට හුගක් තැන්වල ඉන්න නිලධාරියෝ ඔය වගේ තමයි.(නදී)
කොහොමටත් අපේ රටේ ඉන්න ලොක්කන්ට තමුන්යටතේ සිදුවන වැරදි පොඩි ඒවා තමයි. දැන් මෙතන වැරදි ප්‍රචාරයක් කෙරුවේ මාධ්‍යද?(නදී)
ලංකාදීපය පළකරපු පුවත ඉතා නිවැරදියි. එය සුළු සිද්ධියක් නෙවෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගීරි ව්‍යාපෘති කළමණාකරුගේ ප්‍රකාශය ගැන නම් ඉතා කනගාටුයි. ජාතික පුරාවස්තු ගැන හැගීමක් ඇති නිලධාරීන් මෙම තනතුරු වලට පත්කළ යුතුයි. නැත්නම් සිගිරිය ගලවන් ගියත් සුළු දෙයක් විදියට තමයි ඔය නිලධාරීන් දකින්නේ.(නදී)
ලංකාදීප ඔබ කල ඒ මෙහෙය අපද අගය කරන්නෙමු .(නදී)
ඒක ඇත්ත.(නදී)
අයියෝ සල්ලි.(නදී)
සීගිරි ගල ගල්මෝල් කාරයෙකුට දෙන්න බැරි නැහැ. ඒකත් සුළුකොට හිතලා. ජාතික සම්පත් ගැන දන්න කෙනෙකුට තනතුර බාරදෙන්න.(නදී)
චන්දන වීරසිංහට ඒක සුළු දෙයක් වුනාට අපිට සීගිරිය වටින ජාතික උරුමයක්.(නදී)
මේ වගේ මිනිස්සු හිංදා තමයි සිංහල ජාතිය වච වෙන්නේ.(නදී)
ඇයි මෙයාව තවත් තියාගෙන ඉන්නේ.(නදී)
මාධ්‍යයට තියෙන තැන බලපුවහම ලංකාදිපය ඉහළින්ම වැජඹෙනවා. (නි)
මේ කළමනාකරු වහාම ඉවත් කළ යුතුයි. ළමයි නොදැන කළා වෙන්න පුලුවන්. අපගේ පුරා වස්තු අප රැක ගත යුතුයි.(නදී)
මේ කළමණාකරු එතුමාගේ ගෙදර බිත්තියක මොනවා හරි ලිවුවානම් ඒක සුළු දෙයක් ලෙස සලකාවිද? (නදී)
ඔවු. සුලු දෙයක් වෙන්න ඇති. "නිතර පෙනෙන කුකුළගෙ කරමළය සුදුය"කියනව නේ. (නි)
වීරසිංහ මහත්තයෝ, ඔබට මෙය සුළු දෙයක් වුනාට අපට එහෙම නැහැ .(නදී)
එක වස බිදුවකින් ජීවිතයක් වනසා දමන්න පුළුවන්. මේකත් ඒ වගේ තමයි.