IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වඳවීයන ශාකය ගලවා සිටුවීමට වනජීවීයේ අවසරය

(විනීතා එම් ගමගේ)


මධ්‍යම අධිවේගී මාර්ග‍යේ පළමු කොටස ඉදිකීරීමේ දී හමුවු මෙරටට ආවේණික වඳ වී ඇතැයි විශ්වාස කරමින් සිටි ශාඛයක් වන  කෲඩියා සිලනිකා ශාකය පවතින තැනින් ඉවත් කොට යළි රෝපණය කර සංරක්ෂණය කිරීම සදහා  පුද්ගලික සමාගමට ලබාදීම කෙරෙහි විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා ඇත.

එම ශාකය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තම සමාගම වෙත අවස්ථාව දෙන්නැයි එම සමාගම මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබිණි.


එම ඉල්ලීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසරය සදහා ඉදිරිපත් කර ඇති අතර මෙම ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා යවා ඇත්තේ ඒ සම්බන්ධයෙනි.
 
එකී ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු විද්වත් මණ්ඩලයක ගේ අනුමැතිය යටතේ අවශ්‍ය කටයුතු සිදුකිරීම සම්බන්ධව ද විරුද්ධත්වයක් නොමැති බව ද එම ලිපිය මගින් දන්වා යවා ඇත. 

1911දී හමුවූ කෲඩියා සිලනිකා ශාකයෙන් පසු මුල්වරට හමුවී ඇති මෙම ශාඛය මධ්‍යම අධීවේගීමාර්ගයේ පළමු අදියරේ මාර්ගය තුළ පිහටා ඇති බවත් එම ශාඛ්‍ය නිසා අධිවේගී මාර්ගයේ එක් ස්ථානයක් වෙනස් කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා ඊට හානි නොවන පරිදි සුදුසු වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධව විරෝධයක් නොමැති බව ද සූරියබණ්ඩාර මහතා සිය ලිපියෙන් දන්වා ඇත.


කෙසේ වෙතත් එම ශාඛය වනජීවී රක්ෂිතයක හෝ සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක පිහිටි නොගැඹුරු ජලය සහිත පරිසර පද්ධතියක් ආශ්‍රිතව ප්‍රතිස්ථාපනය කළ යුතු බව ද එම ලිපිය මගින් දන්වා තිබේ.

මෙම පෞද්ගලික සමාගම මුතුරාජවෙල තෙත් බිමෙහි ගොල්ෆ් පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ඉල්ලා මේ වනවිට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කරමින් සිටින සමාගම වේ. 



අදහස් (4)

වඳවීයන ශාකය ගලවා සිටුවීමට වනජීවීයේ අවසරය

gas martin Wednesday, 23 December 2020 10:25 AM

ඒ කියන්නේ ඕක එයාලාගේ ගොල්ෆ් ඉඩමේ හිටෙව්වාම බලන්න ඇතුල් වෙන්න වෙන්නෙත් සල්ලි ගෙවලා එහෙනම්... මාර මොලේ තමයි. හොඳ ප්‍රචාරයක් දෙයි. මෙහෙම ගහක් කීයක් ගෙවලා වත් මෙයාලාට සල්ලිවලට නම් ගෙවලා ගන්න ලැබෙන්නේ නැහැ. අපේ කට්ටිය නිකම්ම දෙන්නයි යන්නේ... මාර ප්ලෑන් එක..

:       0       0

Ruhunu Wednesday, 23 December 2020 10:30 AM

ඔක බදියුදීන්ට කිව්වා නම් නියමෙට කරලා දෙයි.

:       0       0

මෝ Wednesday, 23 December 2020 02:49 PM

ගහ ගලවල සුදුසු ස්තානයට, අරං ගිහින් හිටවලා සාත්තු සප්පායම් කරන්න යන මුලු වියදමත් දැම්ම නං නරකද? අනිවාර්යයෙන් හයිවේ එකට යන වියදමට වඩා වැඩියි.

:       3       9

කේ Thursday, 24 December 2020 09:31 AM

වෙන රටක නම් පාර අධිවේගී මාර්ගය හදයි ගසට හානියක් නොවෙන්න. ඒත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. ඒතරම් මොලය දියුණු කරපු ඉන්ජිනේරුවෝනේ ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 725 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3675 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4691 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12363 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4372 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 577 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site