IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වෙබ් අඩවියක් ලියාපදිංචියට ලක්ෂයක්

වෙබ් අඩවි පාලනයට රජය පුවත්පත් මණ්ඩල පනත සංශෝදනය කිරීමට යයි. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ තක්කඩි හා මඩ වෙබ් අඩවි පාලනයට නීති රීති සකසන බවයි. අලුතින් වෙබ් අඩවියක් ලියාපදිංචියට රුපියල් 100,000 ද වාර්ෂිකව රුපියල් 50,000 ද ගෙවිය යුතුයැයි කරුණු සඳහන් ලියවිල්ලක් එහිදී මාධ්‍යවේදීන් අතර බෙදා හැරිණි. මාධ්‍යවේදීන්ගේ අදහස වූයේ මේ ගාස්තු ඉතා අධික බවයි. ගාස්තු වෙනස් කළ හැකිදැයි සොයාබලන බව ද හොඳ වෙබ් අඩවිවලට මේ නීති වලින් කිසිම අයුක්තියක් හෝ අසාධාරණයක් නොවන බව ද ජනමාධ්‍ය ඇමති සඳහන් කළේය.



අදහස් (0)

වෙබ් අඩවියක් ලියාපදිංචියට ලක්ෂයක්

දර්ශන් Friday, 13 July 2012 07:27 AM

තව මඩ ගැසිලි වැඩි කර ගන්නවා වගේ

:       0       0

ජනිත් Friday, 13 July 2012 07:35 AM

ගෙදර ඉන්න බල්ලවත් රුපියල් 10000ක් දීලා රෙජිස්ටර් කරන්න කියං තව ටික දවසකින්...

:       0       0

ජනිත් Friday, 13 July 2012 08:14 AM

වෙබ් හොස්ටින්ග් වලට ගෙවන්න ඕනිත් 3000යි. මේ අය බලන්නේ කොහෙන් හරි මොකකින් හරි සල්ලි කඩා ගන්න.

:       0       0

තිලක් Friday, 13 July 2012 07:40 AM

රඡයක් උනාම හරි තීරණ අවශ්‍ය වෙලාවට ගන්න ඹ්‍න. මෙතන තිරණ ගන්න මිනිසුන්ගෙ මොලේ කළදක්වත් තියන බව පේන්නේ නැහැ. මොකද මඩ ගහන කෙනා ලක්ෂයක් නෙවෙයි කෝටියක් වියදම් කරල හරි එයාගේ වැඩය කරගන්නවා. සාමාන්‍ය මිනිහෙකුට දැන් වෙබ්‍ අඩවියක් ආරම්‍භ කරන එකත් අහෝසි වෙනව මේ වැඩ නිසා

:       0       0

දරුවෝ Friday, 13 July 2012 08:20 AM

හරිම අසාධාරණයි

:       0       0

වරුණ Friday, 13 July 2012 07:43 AM

මඩ වෙබ් අඩවි මුවාවෙන් ගාණක් හොයා ගන්න වද්ද මේ හදන්නේ? අයියෝ සල්ලි.

:       0       0

සෑම් Friday, 13 July 2012 09:05 AM

ප්‍රවෘත්ති සම්බන්ධ වෙබ් අඩවි විතරයි නේද ලියාපදිංචි කරන්න අවශ්‍ය?

:       0       0

සහන් Friday, 13 July 2012 09:08 AM

එතකොට වෙබ් අඩවියේ ලංකාව රෙජිස්ටර් නොකළොත් ඒත් 100000ක් ගෙවන්න වෙනවද?

:       0       0

සේන,අම්බලන්ගොඩ Friday, 13 July 2012 03:07 PM

වෙබ් අඩවි පවත්වාගෙන යන්නට අපට අවශ්‍ය වූයේ අසරණ කවියන් සූරා කන ඇතැම් කවියන්ගේ නම ගම හා පැදි පෙළක් ඔවුන්ගෙන් ලියවාගෙන. එම තොරතුරු කවියන්ගේ නාම ලේඛණය නම් වූ පොත් පිංචක සටහන් කොට මහා මුදලක් ලබා ගැනීමේ ජාවාරම නතර කරවීමයි. එය මේ වනවිට හොඳින් ක්‍රියාවට නැන්වේ. මෙබඳු අවස්ථාවක මේ තරම් මුදලක් ගෙවන්නට වෙතොත් එම වෙබ් අඩවි වහාම නතර කර දැමීමට අපට සිදුවෙනු ඇත. එහි පාඩුව සිදුවන්නේ අසරණ කවියන්ටමය.

:       0       0

අසංක Friday, 13 July 2012 09:31 AM

මේකද මෙයාලගේ ඊ - ශ්‍රී ලංකා

:       0       0

අසෝක Friday, 13 July 2012 08:58 AM

ගොඩක් අයට ලෝකය ගැන කිසිම අදහසක් නැ. ඒ අය බලන්නෙ කියක් හරි හොයා ගන්න. වෙන කිසි දෙයක් නැ.

:       0       0

ජනර Friday, 13 July 2012 09:39 AM

‍ඩෙංගු , කිරි පිටි ,වෙබ් .... එකම ශ්‍රේණියක ඊ ළඟට?

:       0       0

ඩිලාන් Friday, 13 July 2012 09:06 AM

තමන් කරන්න හදන දේවල් ගැන දන්න කෙනෙකුගෙන් අහලා බැලුවොත් නරකද?

:       0       0

ඩොමිනි Saturday, 14 July 2012 09:31 AM

අන්තිම අසාධාරණයි

:       0       0

සමන්ත Friday, 13 July 2012 09:48 AM

ප්‍රායෝගික නෑ....

:       0       0

රට වැසියෙක් Friday, 13 July 2012 09:51 AM

කට්ටියගේ බර කරගහන්න වෙබ් අඩවි වලටත් දැන් උරදෙන්න වෙලා වගේ ..

:       0       0

කිරිමාටින් Friday, 13 July 2012 09:18 AM

කොලුවා හරි.මේවා මෝඩ වැඩ.මේ අය හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා

:       0       0

නිශාන්ත Friday, 13 July 2012 09:20 AM

එක පාරක් බැල්කනියෙන් වැටුණා.ඊළගට මෙතුමා මොනවා කර ගන්න යනවද මන්දා

:       0       0

රෝහණ Friday, 13 July 2012 09:59 AM

මඩ වෙබ් අඩවි වලට මේකත් ගාණක්ද? මේකෙන් බැට කන්නේ නිකන් අහිංසක මිනිස්සු

:       0       0

ජගත් Friday, 13 July 2012 10:03 AM

පේමන්ට් එකට ගිහින් ලේන්සුවක් දිගඇර ගත්තනම් මීට වඩා හොඳ නැද්ද අපට ?

:       0       0

ද කරෝලිස් Friday, 13 July 2012 10:05 AM

ඕන ඩොට් කොම් එකක් මලේ........... අද තුට්ටුවයි වෙළඳ පොලේ ..............

:       0       0

නිරාන් Friday, 13 July 2012 09:28 AM

හුස්ම ගන්නත් ටැක්ස් ‍‍ගෙවන්න වෙයිද ????

:       0       0

ධනුෂ්ක Friday, 13 July 2012 09:32 AM

මෝඩ වැඩක් වගේ....

:       0       0

සම්පත් Friday, 13 July 2012 09:47 AM

දැන් හැමදේම ඔන්ලයින් කියලා තේරෙන්නේ නැද්ද මේ ගොල්ලන්ට. වෙන රටක ඉදන් වෙබ් අඩවියක් අපි විවෘත කරනවනේ. හූ...............................

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 10:31 AM

අයියෝ, මොනවද මේ කරන්නේ? අපිටත් එක්ක ලැජ්ජයි.මඩ වෙබ් අඩවි මුදා හරින්නේ වැඩිපුරම පිටරටවලින්.කරන්න තියෙන්නේ එස්.එල්.ටී. එක හරහා ෆිල්ටර්ස් දාන එකනේ

:       0       0

ශශි Thursday, 12 July 2012 11:09 PM

ඊ ලඟට හුස්ම ගන්නත් කීයක් හරි ගෙවල ලියාපදිංචි වෙන්න වෙයි.

:       0       0

තිලක් Saturday, 14 July 2012 12:39 AM

මම හිතන්නෙ ප්‍රවෟත්ති වෙබ්‍වලට විතරයි

:       0       0

ජන්තු Friday, 13 July 2012 05:24 PM

මේ යන විදියට වැසිකිලි යන්නත් බද්දක් ගනීද දන්නේ නැ 'මළ බද්ද' කියල...අපොයි...

:       0       0

අනුෂ්කා Saturday, 14 July 2012 12:51 PM

ඉතිං වෙන රටක ලියාපදිංචි කරනවනෙ.. මේක විහිළුවක්..

:       0       0

කොලුවා Thursday, 12 July 2012 11:24 PM

මේක ප්‍රායෝගික නැහැ. ඕකෙන් පිටරටවල් වල ඉඳන් තව තවත් දරුණු විදියට මඩ ගහන වෙබ් අඩවි පටන් ගනීවි. වෙබ් අඩවි අවහිර කරන එකත් ප්‍රායෝගික නැහැ. ඒවට ඇතුළු වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා

:       0       0

මහජනයා Saturday, 14 July 2012 12:55 PM

කරුණාකර පරිගණක දැනුම ඇති අය ප්‍රොක්සි සර්වර්ස් පාවිච්චි කරලා අවහිර කර ඇති වෙබ් අඩවි වලට යන හැටි අනිත් අයට කියා දෙන්න. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීමට මොවුන්ට ඉඩ දෙන්න බෑ. ලියාපදිංචි වෙන්නේ නැති වෙබ් අඩවි සියල්ලම අනාගතයේදී අවහිර කරයි. මොවුන්ට ඡන්දෙ දීපු අපිටයි මඩු වලිගෙන් තලන්න ඕනේ. කොටියා කාලා මළා නම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා දැන්.

:       0       0

ඩියොන් වේබ් Friday, 13 July 2012 01:19 PM

මෙයින් සාමාන්‍ය වෙබ් අඩවි වලට හානියක් නෑ

:       0       0

පී.ඩී.එම්.එස්. Thursday, 12 July 2012 11:19 PM

හැම දෙයකටම ගිනිගණන් බදු ගහනවා. බදුගහනවා වගේම, මිනිස්සුන්ගේ පඩිත් වැඩි කරන්න කියල මම ඉල්ලා සිටිනවා.

:       0       0

රශෝඩ් Saturday, 14 July 2012 09:03 PM

උද ගෙන මුන්ට චන්දෙ දුන්න එවුන්ට හෙන ගහන්න ඕන .යකෝ බාෂණයේ අයිතිය මුලික අයිතිවාසිකමක් නේද ලෝකේ. ඉදි අමින් හොදයි වගේ මුන්ට වඩා.ඔය මොනවා උන්ටත් ලග එන චන්දෙත් මුන් දිනනවා වාර්තා තියල. හොද වෙබ් අඩවි වලට මෙකින් ප්‍රශ්නයක් නෑලු.ඒ කියන්නේ රජයට කඩේ යන ඒවාට අවුලක් නැ.රජයේ වැරදි කිව්වොත් ඉවරයි.බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.මේ වගේ රටක ඉපදුන අපේ අවාසනාව.

:       0       0

හිච්චා Thursday, 12 July 2012 11:52 PM

100000 ක් ??????? පිස්සු හැදෙයි...

:       0       0

ලක්ෂය Thursday, 12 July 2012 11:54 PM

බලාගෙන, නැවතත් උඩුමහලකට එහෙම නගින්න එපා.හොදද

:       0       0

අලිබබා Friday, 13 July 2012 01:54 PM

ගණන් ගන්න එපා වැඩිය මේවා.

:       0       0

ධර්මාශෝක​ Friday, 13 July 2012 01:36 AM

හැමදේටම මුදල්. මුදලට යට නොවී, කොයි කා හටත් ​, පාට ජාතී, දුප්පත් පොහොසත්, මැති මන්ත්‍රි, නිල තළ වලට යට නොවෙන, රට ගැන හිතා යහපත් දේශයක් උදාකිරීමේ මහඟු චේතනාවෙන්, නීතිරීති පනවන්න.

:       0       0

ගාමිනී ලේකම්ගේ Friday, 13 July 2012 02:00 AM

මඩ වෙබ් අඩවි පාලනයට නීති සැකසීම හොඳයි. එනමුත් කිසියම් සේවාවක් සපයන ගුණාත්මක අගයක් ඇති කලාත්මක බවින් යුත් වෙබ් අඩවි සඳහා ලියාපදිංචියට රුපියල් ලක්ෂයක් අය කිරීම දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. මේ රටට විණිමය ගෙන එන විදේශ ගත ශ්‍රමිකයින් පිනවන වෙබ් අඩවි බොහොමයක් මේ නිසා වැසී යාමට හේතු විය හැකිය.විදේශ ගත ශ්‍රමිකයින් බොහෝ දෙනෙක් අන්තර්ජාලය භාවිතා කරති.තනිව දුරු රටක සිටිනා අයකුට අන්තර්ජාලය හොඳම මිත්‍රයකු වේ. එමඟින් රටේ තොරතුරු දැන ගැනීමට පාලුව තනිකම මකා ගැනීමට ඇති හැකියාව මේ නිසා බොඳ වී යැමට ඉඩ ඇත.

:       0       0

පී.කේ. සුමනාවතී Friday, 13 July 2012 04:20 AM

හොඳ වෙබ් අඩවි කෙසේ වෙතත් අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මම නම් කොයි එකටත් මල් වඩමක් ලෑස්ති කරලා තියා ගත්තා.

:       0       0

ලලිත් Friday, 13 July 2012 04:12 AM

අතීසාරේට අමුඩය ගැහුවා වගේ; එහෙමත් නැත්නම් පැස්බරා ඔලුව වැල්ලේ සඟවගත්ත වගෙයි ..... මේ වගේ දෙයකට බදු අය කිරීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ, රජයෙන් අනුග්‍රහය දැක්වීමයි...නැත්නම් අපි සෑමදාම එකතැන නේද?

:       0       0

නිශාන්ත Friday, 13 July 2012 05:08 AM

කණගාටුයි . මාධ්‍ය නිදහස නෑ...වෙබ් අඩවි වලටත් බලපත්‍ර ගන්න ඕන කියලා ඇහුවමයි මේ....

:       0       0

නිමල් Friday, 13 July 2012 06:39 AM

මොන බොරු වැඩද මේවා? අන්තර්ජාලයෙන් ඕනම .කොම් එකක් 1500කට ගන්න පුලුවන්නේ

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 06:43 AM

මොනවටද දැන් සල්ලි නොගන්නේ . ගොනා හැරෙන කොට අපි දන්නවා ‍පොල් පැලේ කන්න බව....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 360 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 949 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 294 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 191 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4626 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 966 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site