IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


විභාග අස්සේ ඡන්දෙට ගුරු සංගම් විරෝධය

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනිදා ආරම්භ වී 31 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, එසේ තිබියදී ජාතික විභාග දෙකක් පැවැත්වෙන වකවානුවක මැතිවරණ පැවැත්වීමට විරෝධය දක්වන බව ලංකා ගුරු සංගමය කියයි.

2012 වසරේ උතුරුමැද හා සබරගමු පළාත් සභා මැතිවරණ අගෝස්තු මස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර පැවැත්වීම විභාගයට පෙනී සිටි දරුවන්ට බරපතල ලෙස බාධාකාරී වූ බව ද, ඒ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද, පසුගිය වසරේද එවැනි අත්දැකීම් තිබියදී මේ වසරේද උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතරතුර මැතිවරණ පැවැත්වීම බරපතල ගටළුකාරී තත්ත්වයක් බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඉන්දියාව වැනි රටවල පවා මැතිවරණ කොමසාරිස්  ජාතික මට්ටමේ විභාග කාල සටහන් ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන පසුබිමක ලංකාවේ මේ ආකාරයට කටයුතු සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවත් ඊට දැඩි විරෝධය පළ කරන බවත් ස්ටාලින් මහතා කියයි.



අදහස් (0)

විභාග අස්සේ ඡන්දෙට ගුරු සංගම් විරෝධය

ජෙෆ් Monday, 15 July 2013 02:29 PM

විභාග නැතිවී මෝඩයෝ බිහිවුණාම ඔවුන්ගේ කරපිටින්ම පාර්ලිමේන්තුවට යන්න හරි පහසුයි. මොලය වැඩි අය වැඩිවුනොත් දැන් දේශපාලනය කරන හොරුන්ට, මිනීමරුවන්ට, ඉස්ත්‍රී දුෂකයන්ට තැනක් කොහිද? එහෙම වුනොත් ආයි පාර්ලිමේන්තුවේ ඉන්නේ ඩි.එස්. සේනානායක, ඩග්ලි සේනානායක, එස්, ඩබ්ලිවු. බණ්ඩාරනායක වැනි මහත්වරුන් පමණයි.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 15 July 2013 02:43 PM

මේ විදිහට හැම දෙයක්ම එකට පටලවලා ජනතාව කරකවලා අත හැරියම කොච්චර පහසුවක්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 July 2013 07:42 PM

කාලිංග මහත්තය පිලි අරන් තියෙනවා එහෙම කලා කියල..ලෙඩ්ඩු ඇපේට තියල දොස්තරලා හෙදියෝ වර්ජනය කරන එක,ළමයි ඇපේට තියල ගුරුවරු වර්ජන කරන එක වගේ දේවල් අපිනම් දකින්නේ වසල ක්‍රියා හැටියට..එව ඔබතුමාගේ රතු පාට කණ්ණාඩියට වාසල ක්‍රියා කියල නොපෙනෙන බව දන්නවා. මම ආරක්ෂක හමුදාවකට සම්බන්දව හිටලා දැන් විශ්‍රාමිකයෙක්..පන්දම් අල්ලලා තැනකට එන්න මට අවශ්‍යතාවයක් නැහැ මහත්තයෝ..අපි කියන්නේ පේන ඇත්(අ)

:       0       0

ශාන්ත Monday, 15 July 2013 03:42 PM

බන්දුල කියල කෙනෙක් ලියලා තියෙනවා. එයත් පාසල් ගිය නැති කෙනෙක්. ඒකයි ළමයින්ට බාදා වුනාට කමක් නැත යන අදහසින් ගුරු සංගමයට බනින්‍නේ.පක්ෂග්‍රාහී වුනාට කමක් නැහැ හරි වැරැද්ද දකින්න... (නි)

:       0       0

විපුල Monday, 15 July 2013 12:10 PM

"ඉන්දියාව වැනි රටවල පවා මැතිවරණ කොමසාරිස් ජාතික මට්ටමේ විභාග කාල සටහන් ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන පසුබිමක ලංකාවේ මේ ආකාරයට කටයුතු සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවත් ඊට දැඩි විරෝධය පළ කරන බවත් ස්ටාලින් මහතා කියයි" කණගාටු වෙන්න එපා මහත්තයෝ. මෙහෙ බහුතර දේශපාලනය කරන්නේ විභාග පාස් වෙන්න බැරි වෙච්ච අයනේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 July 2013 04:08 PM

හරි හරි ශාන්ත මහත්තයෝ, මම පාසල් ගියේ නැහැ. ඒ වුනත් ඔයාට වඩා මට ඇත්තට අඩන එකයි, බොරුවට අඩන එකයි අදුනන්න පුළුවන්. ඇග පුරාම දේශපාලනේ දුවන ඔය ගුරු සංගම් ලොක්කගේ ළමයින්ට තියෙන ආදරේ අපි හොදට දන්නවා. පහු ගිය අවරුදු කීපයේ උසස් පෙළ විභාග කාල වලදී මෙයාලා හැසුරුණු ආකාරය මට නම් හොදට මතකයි. ඔය සමහර විට දන්නේ නැතුව ඇති. අපි ඉස්කෝලේ නොගිය නිසා දන්නවා. බන ඇත්ත වුනත් ඒවා අහන්න හිතෙන්නේ සිල්වත් භික්ෂුවක් කිවොත් විතරයි. නපුන්සක වනචාරියෝ කියන බන අහන්න හිතෙන්නේ නැහැනේ ඒවායේ ඇත්තක් තිබුනත්.(නදී)

:       0       0

අනුර ශාන්ත Monday, 15 July 2013 12:34 PM

එක පාරක් වුන දේ දෙවැනි පාරත් කරනවා නම් ඒක අප රටේ පාලන තන්ත්‍රයේ වැරදිනේ. හැකිතරම් ඉක්මනින් මේ ක්‍රමය වෙනස් කරගන්න බලමු (නි)

:       0       0

උපාලි Monday, 15 July 2013 01:14 PM

විපුල සහතික ඇත්ත. ඒ නිසා විභාග ලියන අයත් එක්ක ඒ ගොල්ලෝ තරහයි. අනික ගුරු සංගම් සභාපති මහත්තයා දන්නවද ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස් කොයි තරම් ප්‍රබලද කියලා? අගමැතිවත් ඊට ඉහලින් යන්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 July 2013 01:47 PM

විභාග අස්සේ ඡන්ද තියන්න බැරි උනාට ගුරු සංගමේට ඉස්ට්‍රයික් කරන්න පුලුවන් නේද. අනේ යන්න මහත්තයෝ යන්න. ඔයා ළමයින්ගේ විභාග,උත්තර පත්‍ර බලන ඒවා ඇපේට තියලා ස්ට්‍රික් කරපු හැටි අපිට මතක නැහැ කියල හිතුවද ?(නදී)

:       0       0

සරත් අතාවුද Monday, 15 July 2013 01:55 PM

අපේ අය විභාග කරලා නැහැ නමුත් ආචාර්ය උපාදි නිකම්ම ලැබුන නිසා විභාග කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැහැ.(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 15 July 2013 05:43 PM

බන්දුල පෙරේරා කියන මනුස්සය තමන්ගේ නුගත්කම ගැන හොද වර්ණනවක්ම කරගෙන තියෙනවා,ඒ ඔබතුම දේශපාලනය කරන විදිය තමයි ඔය,ආණ්ඩුවේ කාගෙන් හරි පන්දමකට තැනකට අවම ඔහොම තමයි,හැම දේකටම එහෙයි කියන්න ඕන මන්ත්‍රී තුමාගේ,ගුරුවරු ඉස්ට්‍රයික් කරේ ආණ්ඩුව ඊට කලින් ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදැකුව නිසා, අනිදුවට අවන්කවම ළමයි ගැන හිතන්න ඕන කමක් තිබ්බ නම් වර්ජනයකට නොයන තැනට වැඩ කරන්න තිබ්බ,බලාගෙන බන්දුල පෙරේරා මහත්තයෝ බන්දුල ගුණවර්ධන කපල ඔබතුමාට අධ්‍යාපන ඇමතිකම දෙයි ඔහොම ගියොත්, (අ)

:       0       0

ප්‍රියාන් Monday, 15 July 2013 02:00 PM

මෙයාල දරුවෝ ගැන හිතන ජාතියක් නෙවෙයි. එයාලගේ දරුවෝ හදා ගන්න බැරි උන එක අනිත් දරුවන්වත් කන්න හදනවා.(නදී)

:       0       0

පැහැසර - ජා ඇල Monday, 15 July 2013 02:12 PM

අපිට ඉන්නේ සාඩම්බර තාත්ත කෙනෙක්නේ. ඒකයි මේ තරම් හොද වැඩ විතරක්ම වෙන්නේ අපේ රටේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 275 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2044 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 924 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1015 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1240 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site