මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනිදා ආරම්භ වී 31 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, එසේ තිබියදී ජාතික විභාග දෙකක් පැවැත්වෙන වකවානුවක මැතිවරණ පැවැත්වීමට විරෝධය දක්වන බව ලංකා ගුරු සංගමය කියයි.
2012 වසරේ උතුරුමැද හා සබරගමු පළාත් සභා මැතිවරණ අගෝස්තු මස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර පැවැත්වීම විභාගයට පෙනී සිටි දරුවන්ට බරපතල ලෙස බාධාකාරී වූ බව ද, ඒ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද, පසුගිය වසරේද එවැනි අත්දැකීම් තිබියදී මේ වසරේද උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතරතුර මැතිවරණ පැවැත්වීම බරපතල ගටළුකාරී තත්ත්වයක් බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ඉන්දියාව වැනි රටවල පවා මැතිවරණ කොමසාරිස් ජාතික මට්ටමේ විභාග කාල සටහන් ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන පසුබිමක ලංකාවේ මේ ආකාරයට කටයුතු සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවත් ඊට දැඩි විරෝධය පළ කරන බවත් ස්ටාලින් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඉන්දියාව වැනි රටවල පවා මැතිවරණ කොමසාරිස් ජාතික මට්ටමේ විභාග කාල සටහන් ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන පසුබිමක ලංකාවේ මේ ආකාරයට කටයුතු සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවත් ඊට දැඩි විරෝධය පළ කරන බවත් ස්ටාලින් මහතා කියයි" කණගාටු වෙන්න එපා මහත්තයෝ. මෙහෙ බහුතර දේශපාලනය කරන්නේ විභාග පාස් වෙන්න බැරි වෙච්ච අයනේ (නි)
එක පාරක් වුන දේ දෙවැනි පාරත් කරනවා නම් ඒක අප රටේ පාලන තන්ත්‍රයේ වැරදිනේ. හැකිතරම් ඉක්මනින් මේ ක්‍රමය වෙනස් කරගන්න බලමු (නි)
විපුල සහතික ඇත්ත. ඒ නිසා විභාග ලියන අයත් එක්ක ඒ ගොල්ලෝ තරහයි. අනික ගුරු සංගම් සභාපති මහත්තයා දන්නවද ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස් කොයි තරම් ප්‍රබලද කියලා? අගමැතිවත් ඊට ඉහලින් යන්නේ නැහැ. (නි)
විභාග අස්සේ ඡන්ද තියන්න බැරි උනාට ගුරු සංගමේට ඉස්ට්‍රයික් කරන්න පුලුවන් නේද. අනේ යන්න මහත්තයෝ යන්න. ඔයා ළමයින්ගේ විභාග,උත්තර පත්‍ර බලන ඒවා ඇපේට තියලා ස්ට්‍රික් කරපු හැටි අපිට මතක නැහැ කියල හිතුවද ?(නදී)
අපේ අය විභාග කරලා නැහැ නමුත් ආචාර්ය උපාදි නිකම්ම ලැබුන නිසා විභාග කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැහැ.(නදී)
මෙයාල දරුවෝ ගැන හිතන ජාතියක් නෙවෙයි. එයාලගේ දරුවෝ හදා ගන්න බැරි උන එක අනිත් දරුවන්වත් කන්න හදනවා.(නදී)
අපිට ඉන්නේ සාඩම්බර තාත්ත කෙනෙක්නේ. ඒකයි මේ තරම් හොද වැඩ විතරක්ම වෙන්නේ අපේ රටේ.(නදී)
විභාග නැතිවී මෝඩයෝ බිහිවුණාම ඔවුන්ගේ කරපිටින්ම පාර්ලිමේන්තුවට යන්න හරි පහසුයි. මොලය වැඩි අය වැඩිවුනොත් දැන් දේශපාලනය කරන හොරුන්ට, මිනීමරුවන්ට, ඉස්ත්‍රී දුෂකයන්ට තැනක් කොහිද? එහෙම වුනොත් ආයි පාර්ලිමේන්තුවේ ඉන්නේ ඩි.එස්. සේනානායක, ඩග්ලි සේනානායක, එස්, ඩබ්ලිවු. බණ්ඩාරනායක වැනි මහත්වරුන් පමණයි.(නදී)
මේ විදිහට හැම දෙයක්ම එකට පටලවලා ජනතාව කරකවලා අත හැරියම කොච්චර පහසුවක්ද? (නි)
බන්දුල කියල කෙනෙක් ලියලා තියෙනවා. එයත් පාසල් ගිය නැති කෙනෙක්. ඒකයි ළමයින්ට බාදා වුනාට කමක් නැත යන අදහසින් ගුරු සංගමයට බනින්‍නේ.පක්ෂග්‍රාහී වුනාට කමක් නැහැ හරි වැරැද්ද දකින්න... (නි)
හරි හරි ශාන්ත මහත්තයෝ, මම පාසල් ගියේ නැහැ. ඒ වුනත් ඔයාට වඩා මට ඇත්තට අඩන එකයි, බොරුවට අඩන එකයි අදුනන්න පුළුවන්. ඇග පුරාම දේශපාලනේ දුවන ඔය ගුරු සංගම් ලොක්කගේ ළමයින්ට තියෙන ආදරේ අපි හොදට දන්නවා. පහු ගිය අවරුදු කීපයේ උසස් පෙළ විභාග කාල වලදී මෙයාලා හැසුරුණු ආකාරය මට නම් හොදට මතකයි. ඔය සමහර විට දන්නේ නැතුව ඇති. අපි ඉස්කෝලේ නොගිය නිසා දන්නවා. බන ඇත්ත වුනත් ඒවා අහන්න හිතෙන්නේ සිල්වත් භික්ෂුවක් කිවොත් විතරයි. නපුන්සක වනචාරියෝ කියන බන අහන්න හිතෙන්නේ නැහැනේ ඒවායේ ඇත්තක් තිබුනත්.(නදී)
බන්දුල පෙරේරා කියන මනුස්සය තමන්ගේ නුගත්කම ගැන හොද වර්ණනවක්ම කරගෙන තියෙනවා,ඒ ඔබතුම දේශපාලනය කරන විදිය තමයි ඔය,ආණ්ඩුවේ කාගෙන් හරි පන්දමකට තැනකට අවම ඔහොම තමයි,හැම දේකටම එහෙයි කියන්න ඕන මන්ත්‍රී තුමාගේ,ගුරුවරු ඉස්ට්‍රයික් කරේ ආණ්ඩුව ඊට කලින් ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදැකුව නිසා, අනිදුවට අවන්කවම ළමයි ගැන හිතන්න ඕන කමක් තිබ්බ නම් වර්ජනයකට නොයන තැනට වැඩ කරන්න තිබ්බ,බලාගෙන බන්දුල පෙරේරා මහත්තයෝ බන්දුල ගුණවර්ධන කපල ඔබතුමාට අධ්‍යාපන ඇමතිකම දෙයි ඔහොම ගියොත්, (අ)
කාලිංග මහත්තය පිලි අරන් තියෙනවා එහෙම කලා කියල..ලෙඩ්ඩු ඇපේට තියල දොස්තරලා හෙදියෝ වර්ජනය කරන එක,ළමයි ඇපේට තියල ගුරුවරු වර්ජන කරන එක වගේ දේවල් අපිනම් දකින්නේ වසල ක්‍රියා හැටියට..එව ඔබතුමාගේ රතු පාට කණ්ණාඩියට වාසල ක්‍රියා කියල නොපෙනෙන බව දන්නවා. මම ආරක්ෂක හමුදාවකට සම්බන්දව හිටලා දැන් විශ්‍රාමිකයෙක්..පන්දම් අල්ලලා තැනකට එන්න මට අවශ්‍යතාවයක් නැහැ මහත්තයෝ..අපි කියන්නේ පේන ඇත්(අ)