IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


විමල් වීරවංශ උපවාසය අත්හරී

(ජයන්ත සමරකෝන්)

ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය උපවාසය අත්හළ බව නිල නොවන ආරංචි පවසයි. විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.
ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. 
වීරවංශ මහතා වෙනුවෙන් ඔහුගේ සටන් තමන් ඇතුළු පිරිස භාරගන්නා බව එහි ගිය හිමිවරු පිරිසක් කියා ඇතැයි ද ඔහු කීවේය. නාපානේ පේමසිරි රාමඤ්ඤ නිකායේ මහ නායක, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නාහිමි ඇතුළු තවත් නා හිමිවරු කිහිප දෙනෙක් ද විමල් වීරවංශ මහතාට උපවාසය අත්හරින ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (30)

විමල් වීරවංශ උපවාසය අත්හරී

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 30 March 2017 05:57 AM

මනුස්සය එදා කලෙත් බොරුව.අද කරන්නෙත් බොරුව,හෙට කරන්නෙත් බොරුව.ඕක තේරුම් ගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නවනේ.

:       2667       8601

පාල Thursday, 30 March 2017 06:14 AM

ලෙමන් පෆ් කාලා නැද්ද

:       1008       1679

sena Thursday, 30 March 2017 06:32 AM

ඕක වෙන බව අපි දන්නවා

:       174       626

Milton Thursday, 30 March 2017 06:35 AM

අනේ මෙහෙමත් රැවටිලි . අපෙ හාමුදුරුවරුත් මේ විකාරවලට සහයෝගය දැක්වීම හරිම කනගාටුවෙනවා . අපි ඔබවන්සේලගෙන් දෙපා නමැද ආයාචනා කරසිටින්නේ මුළු රටම යහපතට ගෙනියන රටකරවන පිරිසක් හදන ලෙස .තෙරුවන් සරණයි

:       553       1663

Susil Thursday, 30 March 2017 07:16 AM

දෙපාරම උපවාසය අතහැරියෙ ඉල්ලීම් දිනාගෙන නෙවෙයිනෙ, ගියපාර බෑන් කී මූන් අස්වුනෙත් නැහැ, මේ පාර ඇප ලැබුනෙත් නැහැ.

:       194       956

ravin Thursday, 30 March 2017 07:20 AM

බොරුවට ආයුෂ කෙටි බව තේරුම් යනකොට මෙහෙම වෙනවා.

:       231       552

kithsiri Thursday, 30 March 2017 07:49 AM

තෙරුවන් සරණයි

:       215       13

Deepal Nirosh Thursday, 30 March 2017 08:05 AM

උපවාස කළාට නම් කොහෙත්ම ඇප දිය යුතු නැහැ, හැබැයි විමල් උපවාස කළේ තමාට ක්‍රියාත්මක නීතිය තෝරටගත් අයවළුන්ට ක්‍රියාත්මක නොවීමට එරෙහිව මිසක් ඇප ලබා ගන්න නම් නොවෙයි. මොකද අපේ රටේ බන්ධනාගාරගතවන දේශපාලඥයින්ට ලැබෙන පෞද්ගලික රෝහල් ගත වීමේ වරප්‍රසාදය විමල්ට නොලැබීම තවත් අසාධාරණයක්.

:       339       1110

lakviduThursday, 30 March 2017 12:18 PM

දන්නා කෙහෙල්මලක් කියන්න, කොහෙද හලෝ පවුද්ගලික රෝහල් ගතවෙන්න දුන්නේ? කාටද කියල කියනවද?

:       184       122

P.U.A. jayawardana Thursday, 30 March 2017 08:23 AM

මට දුක ලංකාවේ මිනිස්සු තවම මේවට රැවටෙන එකයි

:       78       334

sudes Thursday, 30 March 2017 08:42 AM

වීරවංශ කාවද මේ රවට්ටන්න උත්සහ කරන්නේ?

:       3       264

සසි Thursday, 30 March 2017 08:54 AM

මේ සියල්ල රඟපාන්න කරන දේවල් ... තව දින කිහිපයකින් ඇප දෙන්න වෙනවා දින 90 සම්පුර්ණ නිසා.... ඕව දැනගෙන තමයි මෙච්චර කාලයක් ඉඳල උපවාස පටන්ගත්තේ.....

:       2       263

kari Thursday, 30 March 2017 08:59 AM

අනේ මෙහෙමත් විකාර සහ රැවටිලි. අපෙ හාමුදුරුවරුත් මේවට අහුවෙනවනේ ....

:       71       322

rohan Thursday, 30 March 2017 09:28 AM

පහුවෙලා හරි කරන්නේ වැඩකට නැති උපවාසයක් කියල කල්පන වෙලා මේ බොරු වැඩේ අතරපු එක වඩාත්ම හොද දෙයක්, වරදක් කරුවනම් දඩුවමක් විදින්න ඕනේ ඒක තම නියමය සහ නිතිය

:       27       298

Asiri Thursday, 30 March 2017 10:24 AM

මේ ගැන උනන්දුවක් නොමැත !!

:       0       13

ananda Thursday, 30 March 2017 11:39 AM

අනේ හැබෑටම මෙහෙමත් නාටක.

:       0       12

කෝකිල Thursday, 30 March 2017 11:49 AM

හාමුදුරුවරුන්ට මේ රටේ කරන්න වැඩ කොච්චර තියෙනවද?.

:       0       4

susantha Thursday, 30 March 2017 11:55 AM

මේ මනුස්සය නම් මේ රටට හෙනයක්.

:       283       209

Shihan Thursday, 30 March 2017 12:05 PM

ආදරනීය විමල්, ඔබගේ සතුරන් ඔබට කොතරම් බියද එමෙන්ම කොතරම් ඔබ කෙරෙහි වෛරයකින් පෙලෙනවාද යන්න මෙහි ඇති බොහෝ අදහස් වලින් පෙනේ. එහි අනෙක් අරුත නම් ඔබට ආදරය කරන මිනිසුන් අතර ඔබ කෙතරම් ජනප්‍රිය නායකයකුද යන්නයි.චීනයේ විසූ අති ශ්‍රේශ්ඨ යුද උපාය මාර්ගික විශ්ලේශකයෙකූ වූ සන් ෂු පවසන පරිදි " ඔබගේ සතුරන් ඔබගේ ගුන වර්නනා කරමින ඔබ පසසයිද, ඔබ සතුරන් අතර දුර්වල චරිතයකි.. නමුත් ඔබගේ සතුරන් ඔබව කර්කශ ලෙස විවේචනය කරයිද, ඔබ විනාශ කල හැකි සියලු මාර්ග සොයයිද, ඔබ සතුරන්ට බිය උපදවන ශක්තිමත් චරිතයකි. ආදරනීය විමල්,එලැඹෙන මහමැතිවරනයකදී ඔබව අප 500,000කට වැඩි චන්දයෙන් ඔසවා තබන්නෙමු.. ඔබට තුනුරුවන් සරනයි.. චිරන් ජයතු...

:       3920       4224

samFriday, 31 March 2017 10:25 AM

ඔබ කියන විදියට ලක්ෂ පහක වැඩි චන්දයක් ලැබෙන්න නම් ලංකාවේ ජනගහනය කෝටි පනහක් පනිනකම් ඉන්න වේවි . මොකද මේ ප්‍රතිචාරයට කැමැත්ත දක්වලා තියෙන්නේ දාහකට එක්කෙනෙකුටත් අඩුවෙනුවෙයි . ඔයා වගේ අය ගැන අනේ අපොයි කියනවා මිසක් වෙන මොනවා කරන්නද ?

:       348       141

lakvidu Thursday, 30 March 2017 12:25 PM

එතකොට මාරාන්තික උපවාසේ කියන්නේ කවුරුහරි මොනවහරි බොන්න දෙනකන් නොකා නොබී ඉන්න එකද? අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ.

:       1       90

reks Thursday, 30 March 2017 12:31 PM

කවුරුවත් වැරදියට තේරුම්ගන්න එපා. විමල් සහෝදරයා කලේ මාරාන්තික උපවාසයක්. ඔය කිරි වීදුරුවත් එයා බීලා තියෙන්නේ වස වීදුරුවක් කියල හිතාගෙන. බීලා බැලින්නම් කිරි. ඉතින් මොනවා කරන්නද. රැකපු සීලේ කැඩු නනේ , ඉතින් උපවාසේ අතහැරිය.

:       1       49

d.upul Thursday, 30 March 2017 12:53 PM

අපරාදේ. පාංශු කුලේ දෙන්න ඔක්කොම ලෑස්ති කරලා තිබුනේ.

:       1       49

wasantha Thursday, 30 March 2017 04:13 PM

හාමුදුරුවනේ හොර දෙසපාලකයින් රකින්න එපා..ඔවුන්ට දඬුවම් දිය යුතුයි .

:       1       47

eranga hasitha Friday, 31 March 2017 12:46 AM

තමන් ගැන නොසිතා රට ගැන සිතන්න

:       1       12

චන්දා Friday, 31 March 2017 08:38 AM

පසුගිය ආණ්ඩු පෙරළියත් සමගම පොට වරද්දගත් රටක් මේක. දැන් යන්නෙ අයාලේ, දේශයට හිතැති පිරිසක් ආයේ ගොනු කරනු බොරු. ඔක්කොටම වඩා මිනින්සුන්ගේ ගුණමකු කම ඉහටත් උඩින්.

:       106       175

rocky Saturday, 01 April 2017 01:48 AM

ශිහාන් ළමයෝ, අපි දන්නවා දෙවදත්තයාටත් මෝඩ අනුගාමිකයන් හිටපු බව! මුලදී අජාසත්ත රජ්ජුරුවන්ගෙත් සපෝට් එක ලැබුණා. කෝකාලික කියල එකෙකුත් අන්තිම වෙන තුරු හිටියනේ. ඒ කොහොම වුනත් අන්තිමේදී දේවදත්ත උන්නැහේටත් කෙළවුණ බව අමතක කොරන්න එපා! අනිත් කාරනාව `අපි` කියන්නේ ඔය ළමයට නොවෙයි. තනියෙන්ම කොහොමද ඡන්ද ඔච්චර ගන්නේ? පරණ ජිල්මාර්ට් එක දැන් තියෙනේ ඔයා ලඟද? දැන් නම් ඒ මැෂින් එක මලකඩ කාල ඇති! ඔයාගේ ඔය උපවාස වීරයාට අඩුම ගානේ ප්‍රාදේශීය සභා චන්දෙකින් වත් දිනන්න බැහැ මොකක් හරි වෙනත් පක්ෂෙක වලිගෙ එල්ලිලා ආවේ නැත්නම්!

:       437       276

Ranil Saturday, 01 April 2017 02:57 AM

වාහන අවභාවිත නොකරපු එක ඇමතිවරයෙක් ඉඳල තියනවද? අනික මේකදින 90 සිරගතව ඉන්න වෙන වරදක්ද?

:       208       339

CHANDRA WEERASINGHA Sunday, 02 April 2017 09:55 PM

රනිල්- අධිකරණ තීන්දු වලට එරෙහි වී ප්‍රතිචාර දැමීම වරදක්!! චන්ද්‍ර වීරසිංහ

:       13       0

chandra weerasinha Sunday, 02 April 2017 10:16 PM

රනිල්!! උසාවි තීන්දු අපහාසයට ලක් කරන්න එපා චන්ද්‍ර

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 616 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 197 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 463 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 703 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 181 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 575 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site