IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


විමල්ගේ රුධිර සාම්පල පරීක්ෂාව පිටතින්

(ජයන්ත සමරකෝන්)

රිමාන්ඩ් භාරයේ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) පෙරවරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරීන් වීරවංශ මහතාගේ ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.

එහෙත් අද (ඉරිදා) නිවාඩු දිනයක් බැවින් ලේ සාම්පල් පරීක්ෂාව පිටතින් කරගෙන එන ලෙසත් දන්වා ඇතැයි දැනගන්නට තිබේ. 

බන්ධනාගාරය අසලදී වීරවංශ මහතා වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක්  කිරීමට බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය එක්ව සිටියහ. මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභික පත්ම උදයශාන්ත ඇතුළු සෙසු පක්ෂ නායකයින් හා මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.



අදහස් (31)

විමල්ගේ රුධිර සාම්පල පරීක්ෂාව පිටතින්

jayasiri Sunday, 26 March 2017 09:57 AM

ඔබතුමාට ඉක්මන් සුවය පතමු !!! බුදු සරණයි

:       3071       2822

lalithsjm Sunday, 26 March 2017 10:39 AM

හ්ම්ම්......ඒක හොදයි නැත්නම් ඒකත් දේශපාලනකරණය වෙන්න බැරි නැහැ.

:       228       212

kim Sunday, 26 March 2017 10:43 AM

පොදු දේපල වැරදි විදියට භාවිතාකරලා රටට කෝටි ගානක අලාභයක් කරලා තියනවා. රිමාන්ඩ් කරන්නේ අධිකරණයෙන්. උපවාස කරලා එලියට එන්න හදනවා නම් රටේ අපරාධකාරයන්ට දෙන වැරදි ආදර්ශයක්. කොහොම වුනත්, මිට වැඩ බරපතල හොරකම් වංචා සහ මිනීමැරුම් කරපු අය එළියේ ඉද්දි මෙයා විතරක් ඇතුලට දාන එක දේසපාලන පළිගැනීමක් කියල හිතෙන්න පුළුවන්.

:       511       456

KKSSunday, 26 March 2017 04:07 PM

රනිල් ලොක්කගෙ බෑදුම්කර මගඩිය ගෑන මතක් වෙලා නෑ වගේ නේද ?

:       556       464

sugathMonday, 27 March 2017 03:44 AM

බැඳුම්කර මගඩිය මෙතෙනට අදාල නැහැ. කුලියට සීනි කිරන්න එපා හොරුන්ව නිදහස් කරගන්න. මේ හොරා රටටම විනාශයක්. හාමුදුරුවරුන්ට දානයක් දෙන්නවත් හිතෙන්නේ නැහැ මේවගේ අයට උදව්කරනකොට.

:       16       45

ushani Sunday, 26 March 2017 01:14 PM

විමල් වීරවංශ මැතිතුමාට ඉක්මන් සුව පතමි.

:       2013       1724

rajapathi Sunday, 26 March 2017 02:41 PM

ලොවපුරා පිළිගැනීමට ලක්ව තිබු මානුසික හේතුන් මත කරන උපවාසයට අපහාස කිරීමේ චෝදනාවට විමල් වීරවංශට ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනුවෙමින් තිබෙන බව ජාත්‍යන්තර පුවපත් වාර්තා කර තිබේ .

:       487       72

chris Sunday, 26 March 2017 03:57 PM

ඔබතුමාට ඉක්මන් සුව

:       287       643

Lakvidu Sunday, 26 March 2017 04:18 PM

ඔය ලෙඩේට එකම බෙහෙත ඇප දීලා එලියට ගන්න එක. එලියට ආපුගමන් බලාගන්න පුළුවන් ලෙඩේ ක්ෂණිකව හොඳ වෙලා යටිගිරියෙන් කෑගහන හැටි! අනේ අපි නොදන්නා චෙස් .

:       1541       739

Nandalal de Silva - France Sunday, 26 March 2017 05:23 PM

බන්ධනාගාරය අසලදී ..... අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් කිරීමට බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමි ....ගත් තීරණය අපේ බුදු දහමට එකඟ නැතිබව මුන් වහන්සේලා දන්නේ නැති බව පේනවා. අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක්, අප දන්නා විදියට ගරු සරු ඇතුව සිදු කරන්නේ විහාරස්ථානයක බව අපේ ගමේ පන්සලේ පොඩි සාදු කලකට පෙර කිවූ බව මට මතකයි. සමහර හිමිවරුන් පසුගිය දිනක මහා පාරේ වාඩිවී පිරිත් දෙසු බව අප මාධ්‍ය වලින් දැන ගත්තා. අපේ රටේ "ප්‍රසිද්දයි කියා ගන්නා සමහර හාමුදුරුවෝ ", මෙවැනි උතුම් දෙයක් කිරීමට හිරගෙදරක් තෝරා ගැනීම ගැන අපේ රටේ අන්‍යාගමිකයන් බලන්නේ කොහොමද ?

:       562       161

sg Sunday, 26 March 2017 05:38 PM

දැන් ඉන්නේ හාමුදුරුවරු නෙවෙයි සිවුරුකාරයෝ

:       321       233

Chanak Los angeles Sunday, 26 March 2017 05:40 PM

ඔහුට ලැබුනු මේ වරප්‍රසාදය අනෙක් සිරකරුවන්ටත් ලැබිය යුතුයි එහෙනම් . සිරකරුවනේ නුඹලා සියලු දෙනාම වීමල්ගේ ක්‍රියාව අනුගමනය කරපල්ලා. නුඹලා ඔක්කෝටම රෝහල් ඇඳන්මත ආතල් එකේ ඉන්න පුළුවන්

:       663       288

Shihan Sunday, 26 March 2017 05:59 PM

ආදරනීය විමල්, දකුනු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය ශ්‍රී ලන්කාවේ විමල් වීරවන්ශ තුලින් අප දුටුවෙමු.. නීතියක් නොමැති රටක හඩක් නැති මිනිසුන්ට හඩක් වීම ඔබ සිරිගත කීරීමට හේතූවූ එකම වරදයි.. මහජන මතයට බියෙන් දිනෙන් දින ඡන්ද කල් දමමින් සිටින මෙම ආණ්ඩුව කවදා හෝ එහි අවසානයට ලගා විය යුතුය.. ඔබට ඡන්දය ප්‍රකාශ කල 313,801 මිනිසුන්ගේ ආශිර්වාදය සහ ආදරය ඔබ සමගයි. එලැඹෙන මහමැතිවරනයකදී ඔබව අප 500,000කට වැඩි ඡන්දයෙන් ඔසවා තබන්නෙමු.. විමල් ඔබට තුනුරුවන් සරනයි.. චිරන් ජයතු...

:       1407       898

thilak-dubai Sunday, 26 March 2017 06:03 PM

දැන් ඉන්නේ හාමුදුරුවරු නෙවෙයි සිවුරුකාරයෝ එහෙමත් නැත්නම් "චීවරධාරීන්".මහජන මුදලින් හත්මුතු පරම්පරාවටම වාහන 45 බෙදා දීමේ වරදට දඩුවම් විදින කෙනෙකු නිදහස් වෙන්න කියල අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායන කරාවිද?

:       4       16

thilak-dubai Sunday, 26 March 2017 06:07 PM

හරිහමන් අධ්‍යාපනයකුත් (9 සමත්)නැතිව, ජීවිතේටම හරිහමන් රැකියාවක් කරලත් නැතිව, පරම්පරාවෙන් කියල හරි හමන් දේපලකට හිමිකම් කියන්නෙත් නැතිව හිටිය විමල් ඒකාධිපතියාගේ යුගයේ දී අවුරුදු 5-6 තුලදී හිටිහැටියේම කෝටිපතියෙක් වුනේ කොහොමද?අධිසුඛෝපබෝගී නිවාස 3-4 කට හෝටල් 2-3 කට හිමිකම් කියන්නේ කොහොමද?

:       1       21

SusilMonday, 27 March 2017 06:43 AM

චින්තනයේ ආශ්චර්යයෙන්

:       1       14

thilak-dubai Sunday, 26 March 2017 06:11 PM

මහාචාර්යවරුත් විමල්ගේ පස්සෙන් යනකොට ගමේ ගොඩේ ,උගත් කමක් නැති,මෙලෝ හසරක් නොදන්නා සුමනපාලලා, ටිකිරි හාමිලා, සිරියාවතිලා, ජුවානිස්ලා විමල්ගේ පස්සෙන් යන එක අහන්න දෙයක්ද?

:       1       173

siriya Sunday, 26 March 2017 08:14 PM

ඔබගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවි පතමි !!!!

:       15       1

siri Sunday, 26 March 2017 08:46 PM

යාම පාලකයිනි දැන් සතුටුද? ඊයේ පෙරේද දවසක් මම දැක්ක අර "ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් "කියපු කවටය [රජ මැදුරේ අන්දරේ]කියනවා හොරෙන් කනවා කියල. ඒ තමුන්ලා වගේ එවුන් . විමල් එහෙම නැති බව ඉර හද වගේ විස්වාසයි.විමල් සහෝදරයා,ඔබට තෙරුවන් සරණයි.!!!!

:       65       14

වින්සන්ට් Sunday, 26 March 2017 09:14 PM

දේශපාලකයන් තමන්ගේ පැවැත්ම ගෙනයාමට කරන සහ කියන බොහෝ දේ ඉතා පිළිකුල් සහගතය. මේ හැම එකක්ම කරන්නේ ජනතාව රවටා ගැනීමටය. මේ කව්රුත් රට ගැන ජනතාව ගැන සිතුවේ නම් උපවාස කරන්නවත්, දුගී බව වෙනුවෙන් ජනතාවට කඳුළු සළන්නටවත් වන්නේ නැත. මාරාන්තික උපවාසවල යෙදීම මාලිගාවල සැප පහසුකම් ලැබීමට තරම් වාසනාව ලැබීමට හේතු වන්නකි.

:       0       0

Channa Sunday, 26 March 2017 10:00 PM

නෙල්සන් මැන්ඩෙලා සිරගත වුනේ රජයේ දේපොළ හොරකාලද ?

:       1       15

ravin Sunday, 26 March 2017 11:55 PM

මේ පල් හොරට සෙත් පතනවා ? ඔවු ඉතින් ලංකාවේ යහපත් ලෙස ජිවත් වෙන්නන්ට හැමදාම අගතියනේ. හොරු තක්කඩි, මැරයෝ, කුඩුකාරයෝ,ස්ත්‍රිදුෂකයෝ වගේ අයට තමා සෙත් පතන්න ඕනේ. සමාජ සධාරණිය ලෙස ජිවත් වන්නාට අමුතුවෙන් සෙත් පතන්න අවශ්‍ය නැත.

:       1       4

ranjith Monday, 27 March 2017 12:00 AM

හැම හිරකාරයාටම මේ වගේ සහන දෙන්න වෙනවා නැතිනම් හිරමැදිරි නැති කරන්න වෙනවා නීතිය කාටත් එක විය යුතුය හොරකම් කරපුදේශපාලකයන්ට එකකුත් රටේ සාමාන්‍ය අයට එකකුත් මොකද්ද මේ නීතිය

:       1       2

lesly jayawardana Monday, 27 March 2017 12:36 AM

කතාව නම් මද්දුම බණ්ඩාර වගේ....මාසයක් රිමාන්ඩ් ඉන්න බැරි වීරයා

:       1       4

wijitha Monday, 27 March 2017 12:47 AM

ජාතියේ වීරයාගේ රුධිරය පරික්ෂා කිරීමට තරම් වාසනාවන්ත වුණ පුද්ගලික රෝහලේ නම දැනගන්න කැමතිය. අනේ මේ වීරයාට මොකුත් වුනොත් මුළු ලංකාවම ඉවරයි නේද ?

:       1       1

ලුම්බිණි Monday, 27 March 2017 01:37 AM

88/89 කාලයේ නම් මෙතුමා දැරුවේ වෙනත් අදහස් සහ කළේ වෙනස් දේවල්.

:       1       1

tikiri banda-Nugegoda Monday, 27 March 2017 01:50 AM

වැඩිහිටියන් වශයෙන් ලංකා ඊ නිව්ස් වීරවංශට අවවාදයක් ලෙස කියන්නේ තමන්ගේ හොර තක්කඩි වැඩ සඳහා දරුවන් ගාවා ගැනීමෙන් වළකින ලෙසයි. 9 වන ශ්‍රේණියෙන් ඉහලට අධ්‍යාපනයක් ලබා ගැනීමටත් නොහැකි වී, සීගිරිය නැරඹීමටත් නොහැකි වී, පත්තරකාරයෙක් වීමටත් නොහැකි වී, තමන්ගේ වයසට සරිලන නිකැලැල් තරුණියක හා විවාහ වීමටත් නොහැකි වී, ගෞරවනීය දේශපාලකයෙකු වීමටත් නොහැකි වී තමන් විනාශ වූවා මදිවාට දරුවන්ගේ ජීවිතත් විනාශ නොකර අනාගත යථාර්තයට පිරිමියෙකු ලෙස මුහුණ දෙන ලෙසයි......

:       1       36

maim game banda Monday, 27 March 2017 02:40 AM

අපේ පිරිසිදු දහමට නිගාකරන හොර හාමුදුරු රල මේ අය අපේ පිරිසිදු දහමට නිගා කරන නිගන්ට හාමුදුරු රල නරක පුර්වාදසයක් සමාජයට දෙනවා

:       2       33

sudesh Monday, 27 March 2017 03:53 AM

මැතිදුණි ඔබට තෙරුවන් සරණයි.

:       261       2

wedage Monday, 27 March 2017 07:09 AM

බඩ ගින්නේ හිටියට කොන්ඩේ ජෙල් ටික නම් අඩු නැතුව තියෙනවා

:       1       99

Susil Tuesday, 28 March 2017 12:40 AM

අනේද කියන්නෙ චන්න, නෙල්සන් මැන්ඩෙලා කියන චරිතය ගැනවත් නොදන්න කෙනෙක් මොකක්ද ලියල තියෙනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 616 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 197 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 463 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 703 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 181 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 575 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site