ආගමික අසමගිය ඇති කරන තාලයේ එස්එම්එස් කෙටි පණිවුඩ යැවීයැයි කියන සිව් දෙනෙක් කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රුපියල් දස දහස බැගින්වූ මුදල් ඇප සහ රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
මොහොමඩ් රිලා, මොහොමඩ් සිරාස්, මොහොමඩ් කියාස් හා මොහොමඩ් නෆ්ලාර් මේ සිව් දෙනාය.
ඔවුන් සිංහල මුස්ලිම් ජනයා අතර ගැටුමක් ඇති කිරීමේ අදහසින් එසේ නොකළ බවත්, අන්තර්ජාලයේ පළ වූ පණිවිඩයකට ප්‍රතිචාර දක්වා ඇති බවත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් එම් සුහයිර් මහතා අධිකරණයට කරුණු දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තත්ත්වය දිගටම ක්‍රියාත්මක වුණොත් හොඳයි (නි)
නස්රී, ඔයා ඔය කා ගැනද කියන්නේ? (නි)
දෙන්න එපා ඇප (දී)
ජාති ආගම් භේද නොබලා සියල්ලන්ටම සාධාරණය ඉෂ්ට විය යුතුය. සත්‍යා - සමන් දෙදෙනාගේ අදහස් කියවන්නත් ආසයි (දී)
කෝ අර හාමුදුරුනමත් ඝාතනය කළා කියලා කෙටි පණිවිඩ යවපු එක්කෙනෙක් වත් අත් අඩංගුවට ගත්තද ? මේ රටේ සාධාරනත්වය ඉටුවන්නේ මෙලෙසද ? (නදී)
ආගමික අසමගිය ඇති කරන්නේ එස්.එම්.එස් පණිවිඩ නොවෙයි ආගම් බේද අවුස්සලා දේශපාලන වාසි ගන්න තක්කඩි. බුද්ධ දර්ශනය ආගමක් නොවන නිසා සමගියකට හෝ බේදයකට හෝ බෞද්ධ සංස්කෘතිය ගාව ගන්න කාටවත් අයිතියක් නැහැ.(නදී)
දැන් සමහරු මේකත් ජාත්‍යන්තරයට කියන්න යයිද දන්නේ නැහැ (නි)
වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්න (නි)
මෙවැනි වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කරන්න (නි)
ඔවු ඉතින්, අන්තිමේදී මොන වරදක් කළත් කිසිම දෙයක් දන්නෙ නැහැ. මොන අරමුණින් කළත් අනවශ්‍ය දේවල් අවශ්‍යම නැහැ (නි)
චන්දන ගමගේ, ඔබ සමග එකඟයි. (නි)
කවුරුන් කළත් මේවා වැරදි වැඩ (නි)
නස්රී ඔය ඔය ක ගැනද කියන්නේ??? ශ්‍රී ලංකාව කියන්නේ අරාබියේ කොටසක් නොවේ. එය අයිති සිංහලයට මිසක් අන් කවරෙකුටවත් නොවේ. මෙය සිංහල අයෙක් කලානම් කොමද අද ඔයාලගේ සද්දේ..... මේකද ඔයාලගේ සර්ව ආගමික මානසිකත්වය (අ)
මේ කරන කාර්යය නම් හොඳයි (නි)
මෙහෙම දිගින් දිගටම සෝදිසියෙන් ඉන්න (නි)
ඔය වැඩේ සිංහළ අය කළා නම් ඇපත් නෑ. ජාත්‍යන්තරෙත් ගිනි තියලා බොදු බලසේනාවත් පට්ට ගහලා (නදී)
ආගමික අසමගිය ඇති කල අබසරණ ගිය කට්ටිය තවම එළියේ. (නදී)