සිංහල හා මුස්ලිම් ජනයා අතර අසමගිය හා වෛරය ඇති කරන එස් එම් එස් පණිවුඩ යැවූ බව කියන සිව්දෙනකු කොළඹ, පන්නල හා දෙහිවලින් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයකු මුලින්ම මීගමුවේ පදිංචිකරුවකුට එවැනි පණිවුඩයක් එවා ඇතැයි ද ඉන් පසු එය තවත් සිව් දෙනකු අතට පත්වී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
පරීක්ෂණ රහස් පොලිසියට භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ නීති රීති වලට අනුව පාලනය කරනු. ලෝකයේ සෑම රටකම අනන්‍ය වූ ආගමක් සහ සංකෘතියක් ඇත. ඒ සම රටක්ම පාලනය කරනුයේ ඒ ආගමික සංස්කතිනට වැදගත් කමක් දෙමිනි. බහු සංස්කෘතික රටවල් ලොව කොහෙවත් නැත. මා දැක ඇති එකම බහුසංස්කෘතික යි කියන රට ලංකාව පමණි. මේ රට සිංහලේ ලෙස සංශෝධනය විය යුතුය. බුදුසසුනත් සිංහල භාෂාවත් පමණක් ප්‍රධාන විය යුතුය. (අ)
නිමල ලතා කියන ආකාරයට ප්‍රදීප් පුද්ගලික අදහසක් පලකරලා වගේ (දී)
මරික්කාර් මහත්තයෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසනා කරලා තියෙන්නේ සැමටම මෙත් වඩන්න.(දී)
ආගම් ප්‍රශ්න ඇති වෙන විදිහට හැසිරෙන්න එපා (දී)
මිනිස්සු විෂමයි ගතිගුනත් විෂමයි (දී)
ප්‍රදීප්ලාට ඕන දෙයක් ලියන්නත් කියන්න්නත් පුළුවන්. මොකද ඒවා ආගමික සංහිඳියාව ඇතිකර දේවල් නිසා. (නදී)
ප්‍රදීප්, බුද්ද සාසනය අනුව අනිත් ආගමිකයන් සම්බන්ද දරන අදහස සහ අනුගමනය කුමක්ද කියල කියන්න පුලුවන්ද? දැනගන්නටයි අහන්නේ? (දී)
මේ වගේ ජරාජීර්ණ දේසපාලනය නිසා සින්හලයාවම එකිනෙකා ඇන කොට ගන්නා, මර ගන්නා තත්වයට පත් කරන දෙසපාලකයන් ඇත අඩංගුවට ගන්න.වැදගත් නියම මහතමා දේසපාලන නායකයන් වගේ මෙයත් කරවනවද?(දී)
ප්‍රදීප් හරියට හරි.එය එසේ සිද්ධ වියයුතුයි.(අ)
මේක හොයා ගත්ත විදිය කොහොමද ? පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවද? (අ)
ප්‍රදීප්, මේකේ මාතෘකාව කියවව්වද. වෛරය ඇති කරන අදහස් පලකරන්න එපා (අ)
ප්‍රදීප මහත්මයානනි ඔබේ අදහසට පින් ,ඔබ වැනි පුතකු බිහිකළ මවට,පියාට ,ගුරුවරුන්ට නමස්කාර කල යුතුයි. මරික්කාර් සොයල බලන්න දෙයක් නැහැ. (අ)
ජාති අතර සමගිය ඇති කරන්න මනා යහපත් අදහස් අතර ගැලපීමක් විතරයි අවශ්‍ය (දී)
හොඳ තීරණයක් (දී)
ප්‍රදීප් අදහස මමත් අනුමත කරනව. (දී)
චමිල හරි වෙන්න පුළුවන්.මොකා කවුරු උනත් කමක් නැහැ නීතිය ක්‍රියාත්මක වෙනවනම්...(දී)
හොඳ වැඩක්. (නි)
මමත් හොයලා බැලුවා. චමිලගේ කතාව ඇත්ත. ජාතීන් අතර කලකෝලාහල ඇතිවන ආකාරයට කවුරු කටයුතු කළත් තරාතිරම නොබලා දඩුවම් ලබාදිය යුතුයි (නි)
ඒක හොඳයි (නි)
චමිල, රිස්වාන් කියලා කෙනෙක් එසැණටත් ලියනවා වගේ මතකයි.මේ ඔයා ඒ රිස්වාන් නෙමෙයි නේද...? (නි)
ඉතා හොඳ වැඩක් (නි)
හැමෝම හොඳින් ජීවත් වුණා නම් කිසිම කරදරයක් නැහැ. (නි)
රෝහණ ගේ මොලය තියෙන්නේ ඔහුගේ පහල කොටසක වාගේ . ලෝකයේ දියුණු රටවලත් මෙවැනි නීති තියෙනවා . බටහිර රටවල් එස් එම එස් පමණක් නොවයි මේල් ( විද්‍යුත් ලිපි ) සහ ෆේස් බුක් පවා සොයා බලනවා .(අ)
චමිල කියන කතාව ඇත්ත. කොහොමද ඕක සිංහල කෙනෙක් කරානම්.... එහෙනම් මෙතන සර්ව ආගමිකයෝ ටික මැරෙන්න හදනවා. (අ)
චමිල නිකන් බොරු කියන්න එපා .(අ)
නීතය කටත් එක්ක සමානයද (අ)
ජාති අතර සමගිය ඇතිවෙන්න වැඩ කරන්න (දී)
එම විමර්ශනයට අනුව කුවෙට් රටේ ජීවත් වන ශි‍්‍ර ලාංකිකයෙකු වන රිස්වාන් නැමති මුස්ලිමි ජාතිකයෙකු විසින් මෙම පණිවිඩය මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ප‍්‍රථමයෙන් එවා ඇති බවට නිරික්‍ෂණය වු අතර ඉන් පසුව ඔහු සහ තවත් තිදෙනෙකු විසින් එම පණිවුඩය විවිධ අය වෙත බැහැර කර ඇති බව පෙනී යන ලදී. ඒ අනුව 2014-08-05 වන දින අපරාධ පරික්‍ෂණ දෙපාර්තෙමින්තුව විසින් එම පුද්ගලයන් හතරදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. (ස)
නම සහ ලිපිනය හෙලිකලා නම් තමයි හොඳ. (ස)
රෝහණ, අදහස් ප්‍රකාශ කෙරීමේ අයිතියයි, ප්‍රචණ්ඩත්වයට අනුබලදීමයි කියන්නේ දෙකක්. (නි)
එතකොට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මොකද වෙන්නේ? (නි)