නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ නවය වසරේ සිසුවකුගේ කනට පහර දුන්නැයි කියන ගුරුවරයකු රිමාන්ඩ් කිරීමෙන් පසුව විදුහලේ ගුරුවරු 111 දෙනෙක් අද වැඩ වැරූහ.
වාර විභාගය ද පවතිද්දී මේ තත්ත්වය උදා වූ බවත්, අංශ භාර ගුරුවරුන් 11 දෙනකු පමණක් පැමිණි බවත් විදුහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට සුභ අනාගතයක් කරා පාතබන බව පෙනෙනවා (නි)
එහෙනම් ඉතින් දරුවෙකුට කනට ගහපු එක හරි කියල වෙන්න ඇති අනික් ගුරු මෑණිවරු ගුරු පියවරු කියන්නේ. ඒ දරුවාගේ දෙමාපියන්ට මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද? මේ ගොල්ලන්ගේ දරුවෙකුට කවුරු හරි කනේ පාරක් ගැහැව්වොත් කොහොම මෙයාලට හිතේවිද? ගුරුවරු කියල අද උගන්නන්න එන හැමෝම ගුරුවරයා කියන උතුම් පදවියෙන් පිදුම් ලබන්න සුදුසු අය නොවේ. විභාගයක් පාස් උන පලියට ගුරුවරයෙකු වෙන්න බැහැ (නදී)
අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛනයේ තිබෙනවානේ දරුවන්ට දඩුවමක් කිරීමට අවශ්‍ය නම් එය සිදු කල යුතු ආකාරය. ඒවා එහෙම තිබෙන්නේ ළමුන්ගේ ආරක්ෂාවට එවැනි නීති අවශ්‍ය නිසා. අනවශ්‍ය නම් චක්‍රලේඛනය අහෝසි කරලා දාන්න තිබුනනේ. කිසිවෙකුටත් නීතියට ඉහලින් යන්න අයිතියක් නැහැ. ගුරුවරයා වෘත්තිකයෙක්. ඔවුන් අදාල වෘත්තීය නීතින් පිලි පැදිය යුතුයි. ඒවා උල්ලංගනය කරනවා නම් ගුරුවරයා වුවත් දඩුවම් වලට යටත් විය යුතුයි. (නදී)
කරුණාකර ගුරු ගෞරවය රැකගෙන වැඩකරන්න. නැත්නම් මේ ගොල්ලොත් බස් රියදුරෝ ගානට වැටෙයි. උසාවියේ තීන්දුවට ගරු කරන්න. රටට වැරදි ආදර්ශයක් දෙන්න එපා. (නදී)
අද කාලේ හැටියට කනට ගහන එක නම් ඒ තරම් හොද මදි. එ්ත් අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරුන්ගෙන් ගුටිකාපු විදිය බැලුවොත්, ගුරු මණ්ඩලයේ භාගයක්ම එහෙනම් රිමාන්ඩ් එකේ. විදුහල්පති තුමා දවසක් මට වේවැලෙන් තට්ටම් දෙකට ගහපු ගැහිල්ලට කලිසමේ මුත්‍රාත් ගියා. අම්මා තමයි ගෙදර ගිහිල්ලා තෙල් ගෑවේ. වැඩේ කියන්නේ අම්මත් එම පාසලේම මගේ පන්තිබාර ගුරුවරිය. ඇය තමයි මම ගැන විදුහල්පතිතුමාට පැමිණිලි කරලා තියෙන්නේ. (නදී)
චමින්ද, සුරංගනා කතා නොකියා ඉන්නවද? (නි)
කසුනි ඔයාල සුරංගනා කතා අහල නෑ. ඔයාල මේ ඊයේ පෙරේද උපන්න අය නිසා ඕව දන්නෙත් නෑ. චමින්ද කියල තියෙන දේ ඇත්ත. මොකද මමත් මම ඉගෙන ගත්ත පාසලේ විදුහල්පති තුමාගෙන් හොදට ගුටි කාපු කෙනෙක්. පන්තියේ කෙනෙක් කරපු වැරැද්දකට මුළු පන්තියටම 2 ගානේ වැදුනා. පන්ති නායකයා වෙච්ච මට 3ක් හම්බ උනා. මෙතන වැදගත්ම දේ මගේ ඉස්කෝලේ ඒ අවදියේ අපිට දඩුවම් කරපු විදුහල්පති තුමා මගේම පියා වීමයි. ඔයාල සින්තටික් යුගයේ උපන්න අය නිසා ඕව තේරෙනව අඩුයි.(නදී)
කසුනි,ප්‍රභාත් ඔයාට උත්තර දීලා තියෙනවා.ඒ නිසා මට කියන්න දෙයක් නැහැ.ජයවේවා ! (නි)
ගැහැණු ළමයි කොහෙද ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙන්නේ.මේවා ඉතින් කාන්තා පක්ෂයට සුරංගනා කතා වගේ තමයි. (නි)
එදා දුම් බීම විලාසිතාවක් වුනාට අද එය සලකන්නේ නරක පුරුද්දක් විදියට. එදා කරත්තේ ගියාට අද කරත්තේ යන්න ඕනේ නෑ. එදා ලාම්පු එළියෙන් පොත් කියෙව්වට අද එහෙම ඕනේ නෑ. රජ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමාගේ ගෙදර බැල මෙහෙවර කරමින් ඉගෙන ගන්න සිදුවුනට අද එහෙම නෑ. ප්‍රබාත්, චමින්ද, සුසන්ත ඔයාල ඒ කාලේ නිකරුනේ කලිසමේ මුත්‍රා යනකම් ගුටි කෑවට අදත් එහෙම වෙන්න ඕනේ නෑ. කාලයත් එක්ක සමාජ පරිවර්ථන සිදුවෙනවා. හණමිටිය කරේ තියාගන්න එපා. කව්රු වුනත් අධ්‍යාපන අමත්‍යංශයේ චක්‍රලේඛ්නයට පිටින් සිසුන්ට දඩුවම් කරනවා නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.(නදී)
චාමික, ඔය චක්‍රලේඛන කියන ඒවා අපි ඉස්කෝලේ යන දවස් වලත් තිබුනා. එ්ත් අපේ දෙමව්පියෝ, අපිට ගුරුවරු දඩුවම් කරයි කියලා,ගුරුවරුන්ව මට්ටු කරන්න ගියේ නැහැ අදකාලේ වගේ. ඒ ගුරුවරු නිසයි අද අපි කාටවත් කරදයක් නැතුව හොදින් ජීවත් වෙන්න පුරුදු වුනේ. මාව යහමගට ගත්ත මගේ දෙමව්පියන්ටත්,මට දඩුවම් කරපු ඒ ගුරුවරුන්ටත් මම අදත් මල් තියලා වදිනවා. මම හිතන්නේ ඔබ තාම ලාබාල වැඩියි මේවා තේරුම් ගන්න. ඔබේ දරුවෙක් යම් දවසක දඩාවතේ ගියොත් ඔබටත් තේරේවි ගුරුවරු දඩුවමක් නොදුන් එකේ පල විපාක සහ ගුරුවරු මට්ටු කරන්නට යාමේ පල විපාක. (නදී)
චමින්ද, මේ සමාජයේ හැමදාම අහන්නේ මොනවද ? ඔබේ පැසුණු බුද්ධියෙන් හිතලා බලන්න පුළුවන් කැමති නම්. (නි)
චාමික, ඔබේ උත්සාහය අගය කරනවා. සමහර අයට බොහෝ දේ තේරුම් කරන්න අපහසුයි. අඩුවෙන් හිතලා, දකිනදේට ඔහේ ලියනවා. මොනවා කරන්නද? මෙහෙම අය ඉන්න රටක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.(නදී)