
(ශාන්ත පී. බණ්ඩාර සහ චමින්ද වැවතැන්න)
වරාකපොළ මාහේන ප්රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ප්රදේශයට පැවැති තද වර්ෂාවත් සමග මෙම අනතුර සිදුව තිබේ. මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් සහ කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.
වෑන් රථයේ ගමන් ගත් තිදෙනකු මියගොස් ඇති අතර තුවාල ලැබූවන් ද වෑන් රථයේ ගමන් ගත් අය බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd