දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගිය හය දෙනකුගෙන් සිව්දෙනකු ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

නුගේගොඩ ප්‍රදේශයේ සිට ගිය තරුණයන් කණ්ඩායමක් බෙවරලිය ප්‍රදේශයේ දොළක දියනාමින් සිටි අවස්ථාවේ ඒ අතරින් සිව්දෙනෙකු මෙලෙස දියේ ගසාන ගොස් ඇත.

අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව පොලිසිය සඳහන් කළේය.