විදුලි බිලට එරෙහි වර්ජනය නිසා රජයේ හෝ ඕනෑම කාර්යාලයයක් අඟහරුවාදා (21) වසා තැබුවහොත් තමා ඉල්ලා අස්වෙන බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා ගම්පොල රතනසාර විහාරයේ දී පැවසීය.
‘විපක්ෂය වර්ජනය කරන්නේ සුළු දේවල්වලට විතරයි. මේකත් ඒවගේ එකක්. එකම කාර්යාලයයක් හෝ වහලා පෙන්වන්නැයි මා ඔවුන්ට අභියෝග කරනවා. වර්ජන කරන්න ගිහින් ලාල් කාන්ත එකපාරක් ඇන ගත්තා. මේ පාර රනිලුයි ලාල් කාන්තයි දෙන්නම ඇන ගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ගමනට වැඩිය අපේ විදුලි බිල මේ ගමන අඩූයි. (නි)
අභියෝගයෙන් දින්නාම කාටද වාසිය අපිටද කාටවත් නැහැ
එතකොට ඇමතිතුමාගේ බිල 60ට අඩු ඇති නේද? (නි)
ඔබතුමාද ගෙදර විදුලි බිල ගෙවන්නේ? (ස)
ඔහොම යන්න උප ඇමතිතුමා, ජය වේවා! (නි)
එයාලට පිස්සු ,අපිට ඩබල් පිස්සු (නි)
අරින්න එපා ඇමතිතුමා කෙලින්ම ඉල්ලා අස්වෙන්න. කරන හැටි බලන්න (අ)
දැන් ඔය ඉල්ලා අස්වෙන්නේ ඇමතිකමෙන්ද, මන්ත්‍රීකමෙන්ද, නැත්නම් වෙන මොකකින්හරිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අසාදාරණයට විරුද්දව මිනිස්සු පාරට බහිනකොට, ඒක විහිළුවකට ගන්න එපා.(ස)
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා. (ස)
වර්ජනය කරන්න ඕනෑ නැහැ. ජනතාවට සහනයක් දෙන්න. ඔබතුමා ඉල්ලා අස්වෙන්නත් එපා. ජයවේවා. (නි)
වර්ජනය කරලා හරි මර්දනය කර ගන්න ඕනෑනේ. (නි)
මෝඩ වැඩ කරන්න එපා
ඡන්දයක් ආවම බලන්නකො අපේ විරෝධයත්... (නි)
ලෝකයේ ජිවන බර වැඩිකරන්න උද්ගෝෂණය කරන එකම රට ශ්‍රී ලංකාවයි! දුප්පත් ජනතාවට තමයි හැම පැත්තෙන්ම දුක. (නි)
බාර ගන්නවාද
මොනවා කරන්නද අපි
දෙයියෝ සාක්කි
ඒක තමා. එයාලට නම් මොකෝ. අපිනේ තැලෙන්නේ (නි)
මේ ප්‍රතිචාර දාලා තියෙන අය හරියට කියවලා නැහැ මේ ප්‍රවෘත්තිය. (නි)
ලංකා ඉතිහාසේවත් නැහැ. ඔන්න පුලුවන් නම්. (නි)
රට ගැන හිතලා අපි කාලයක් දුක් වින්දා. අපට තවත් දුක් විදින්නද කියන්නේ? (නි)
අනේ අපොයි
තලන යකඩේ උඩ පැන පැන තලනවා. බලමුකෝ තලලා මේ පාර ඡන්දෙන් ගෙදර යද්දී... (නි)
කෝටිපතියෙක් වන මෙතුමාගේ විදුලිබිලත් ආණ්ඩුවෙන්ම ගෙවන නිසා මිනිස්සුන්ගේ දුක කොහොමවත් තේරෙන්නේ නැහැ. (නි)
අන්න ඔබට වැරදුන තැන.ඔබතුමා ව්‍යාපාරික මොලයෙන් ජනතාවගේ අසරණ ප්‍රශ්න වලට දෙන උත්තර වැරදියි. (නි)
මීට කලිනුත් කි දෙනෙක් නම් අස්වුණාද? (නි)
උප ඇමති තුමා චන්ඩියෙක් වෙලා වගේ. අරින්න එපා උප ඇමතිතුමා. ඔහොම යමු. (නි)
එක අයෙක් අස් වුණාට මදි ,10 දෙනෙක් වත් අස් වුණා නම් පාඩුවට දුවන විදුලි බල මණ්ඩලය නඩත්තුවට හොඳටම ඇතිවෙයි එම මුදල් (නි)
මේ අයට ජනතාව පක්ෂ පාට වලින් තොරව උත්තර දිය යුතුය (නි)
අභියෝග හා වාද පමණයි ලංකාවේ දේශපාලනය කියන්නේ
කවුද එක ගන්නේ කියලා බලමුකෝ (නි)
මීට කලිනුත් සමහරු නම් කිව්වා. කෝ ඉතින් ඉල්ලා අස්වුණා ද? (නි)
අපිට කාවවත් වැඩක් නැහැ. විදුලි බිල වැඩිවීම, ජීවන වියදම් වැඩිවීම වැනි දේට මෙතුමා පක්‍ෂද කියලා දැනගැනීම විතරක් ප්‍රමාණවත් (නි)
රජයේ කාර්යාල ඇරලා තිබුනත් මොකක්ද ඇති පලේ? (නි)
ඇමතිතුමා තවම දන්නේ නැහැ වගේ , වැඩ වර්ජනය කියන්නේ මොකක්ද කියලා. (නි)
මොකටද අභියෝග වැඩක් කරන්න මිනිස්සුන්ට
අවන්කවම මෙයාලට තේරෙන්නේ නැහැ විදුලි බිල වැඩිකරපු නිසා මහජනතාවට අපහසු බව. දැන් මේ වර්ජනය කුමන්ත්‍රණයක්ද ඇමතිතුමෝ. (නි)
වර්ජනවලින් රටට කිසිම ප්‍රයෝජනයක් නැත. නමුත් උප ඇමතිතුමාලා රටේ ප්‍රශ්න ගැනත් හිතන්න.නැත්නම් අපේ රටත් කවදාහරි ඉතියෝපියාවක් වෙනවා. (නි)
මේ අභියෝගයෙන් ඉල්ලීම් ඉෂ්ට වනවාද
අපි අහගෙන ඉන්නවා ඒ ගොල්ලෝ කියනවා
මේවා"සුළු දේවල්"? (නි)
ඇයි ගම්පොල ? යටිනුවරට මොනවද කරලා තියෙන්නේ? (නි)
එහෙම අස් වුනහම ඒ වර්ජකයන්ට වෙන පාඩුව මොකක්ද? ඒ ගොල්ලෝ කැමතිත් වෙයි වෙනසකටත් එක්ක (නි)
ඔබතුමාට මෙය සුලුදෙයක්. එහෙත් ජනතාවට? (නි)
කමල්, අපිනේ විඳවන්නේ. එයාලට මේවා විහිළු. තේරුම් දැනගෙන කතිරය පාවිච්චි කරමු. (නි)
මෙතුමාගේ විදුලි බිල කීයද, එතුමා ගෙවන්නේ කීයද කියලා අපිට කියනවද දැනගන්න? ඒක අපිට කිව්වට පස්සේ ඔබතුමා කියන්නේ මොනවද කියලා අපි හොයලා බලන්නම්. (නි)
විකාර වැඩ
මේ අයට ලස්සන උත්තර දෙන්න පුලුවන්, ඒත් මේක පත්තරයක්. කිවුවා කියලා හිතාගන්න. (නි)
ඔයා ඉතින් දේශපාලනයෙන් සමුගත්තත් ආණ්ඩු පක්ෂයට යන්නෙ නැහැ කියලනේ කලිනුත් කිව්වේ.... දැන් මොකද දේශපාලනයෙන් සමුගත්තද ? (නි)
කතා කරන්න එපා ... මම කැමති නැහැ