වෙරෝනා නුවර සංගිත ප්‍රසංගයක් අවසන් වී සුළු වෙලාවකින් ඒම ප්‍රසංගයට ගෙනා ශබ්ධ විකාශන යන්ත්‍ර හා සංගිත භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි සංවිධායකයෝ කියති.
ප්‍රසංගය අවසන් කොට සියලු බඩු භාණ්ඩ ලොරියට පැටවු පසු ලොරිය පණ ගැන්විමට නොහැකි වී ඇත. පසුව ලොරිය ක්‍රිඩාංගනයේ දමා ශබ්ද විකාශන යන්ත්‍ර වල හිමිකරු හා සංගිත කණ්ඩායමේ සාමාජිකයින් පැය කිහිපයකට නිවෙස් බලා ගිය මොහොතේදී යුරෝ දහතුන් දහසකට ( රුපියල් 2301000 ) අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ. මේ සොරකම ගැන ලොකු සැකයක් තියෙනවා. ක්‍රිඩාංගණය හතර වටින්ම ආවරණය වෙලයි තියෙන්නේ.
ලොරියේ බඩු පුරවා එතන දාලා ගිය විත්තිය දන්නේ අපේ කීප දෙනයි. පාන්දර තුනටයි මම ලොරිය ළඟින් ගියේ. පහ වෙනකොට එළිය වැටෙනවා. ඒ පැය දෙක තුල තමයි මේ හොරකම කරලා තියෙන්නේ‘. ශබ්ද විකාශන යන්ත්‍රවල හිමිකරු සුජි එසේ කියයි.
රියල් එයිට් සංගිත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පි ගීත් දරනුයේද එවැනිම අදහසකි. මම ගොඩාක් මහන්සිවෙලා කරන රෑකියාවෙන් ලබන සුලු වෑටුපෙන් තමයි මගේ කෑලි පහක ඔගන් එක ගත්තේ. අද මගේ ඒ අශාව විනාස වෙලා. මේ හොරකම් කල බඩු ගෙනියන්න තවත් ලොරියක් ගෙන්න ඕනෑ
කම්බි වැටෙන් උඩින් පැනලා හතර පස් දෙනෙක් එකතු වෙලා තමයි මෙක කරලා තියෙන්නේ. එල්ලේ තරගාවලිය හා මෙම සංගිත ප්‍රසංගය වෙනුවෙන් වෙහෙසුණු වෙරෝනා නගරයේ ශ්‍රි මාල් නිරෝෂණ මහතා කියනුයේ ඉතාලි පොලිසියට පෙර තමන් ඈතුළු පිරිසට සොරුන් ගැන හෝඩුවාවක් සොයා ගෑනිමට හැකිවනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්නේ වැඩිහරියක් හොරු සහ හිගන්නෝ කියන්නේ නිකන්ද? (නි)
නැතිවුණු බඩු ටික ලංකාවේ අඩු මිළට විකුණන මාර්කට් එකේ තියේවිද දන්නෙ නැහැ, තව ටික දවසකින් (නි)
ලෝකෙන් උතුම් රටේ සමහරක් ඔහොමයි. (ත)
ලංකාවේ වාසනාවට මෙයාලා රටින් ගියේ. (ත)
ශ්‍රී ලාංකිකයෝ ඉපදෙනකොටම හොරකම අතේ අරගෙනනේ එන්නේ.ඕක දන්නේ නැද්ද . (ත)
මෙය පටන් ගෙනීමට පෙර මම පෙර නිමිති පහල කලා, උත්සවය අවසානය හොදින් නිම නොවන වගේ,ඔය වගේ දේවල් ඉතාලියේ තියනවා (ත)
අපි මහා කාලකන්නි ජාතියක්. බොරුවට කෑ ගහනවා විතරයි අපි ආගමක් ගැන කියා කියා බලු වැඩ සේරම කරනවා. කිසිම එකමුතු කමක් නැහැ. රට කට ගියත් ඉන්න දන්නේ නැහැ හොර වැඩ කරනවා, මරා ගන්නවා ඉගෙන ගෙන රට ගිය අය කරන්නෙත් ලංකාවේ දේ නැති වෙන වැඩමයි. කවමදාවත් අපි ආපසු නැගිටින්නෙ නැහැ. මේ ඉන්න දේශපාලුවෝ ටිකත් මේක නැති කරලම දායි.(නදී)
අනිකුත් යුරෝපයේ රටවල් වලටත් වඩා ඉතාලි වල හොරකම් වැඩිවෙන්න කාරණය ඉතාමත් පැහැදිලියිනේ (නි)
මේවගේ වැඩ කරන අයටද සංගීත සංදර්ශන පවත්වල තියෙන්නේ.අනේ ඒගොල්ලෝ රස විඳලා තියෙන්නේ අමුතුම ක්‍රමයකටනේ.. (ස)