තම මව්බිම සමාජ සත්කාර රැසක් ඉටු කළ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය තවත් සත්කාරයකට මුල පුරා තිබේ.
මහ නුවර මහරෝහලේ පිළිකා වාට්ටුව ගොඩනැගීමට මුදල් උපකාර කිරීමටත් මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය කිහිපයක් ලබාදීමට ඔවුන් ඉදිරිපත්ව සිටි.
මහ නුවර මහරෝහලේ හා මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන් ඒ සදහා තම සංගමයෙන් ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතයිදබෙහෙත් ද්‍රව්‍ය ලබා දීම සදහා ඉතාලි සංවිධාන කිහිපයක් කැමැත්ත ප්‍රකාශ කළ බවත් මහනුවර ඉදිවන පිළිකා වාට්ටුවට මුදල් පරිත්‍යග කිරීම සදහා සංගීත ප්‍රසංගයක් ජුලි මස 15වැනිදා වෙරෝනා නුවරදී පවත්වන බව එම සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි .
ඒ සදහා සියලු දෙනාගේ සහයෝගය තම සංගමය අපේක්ෂා කරන බව ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත් කාර්යය මම අගයමි. නමුත් මෙවැනි දේවල් විනිවිද මුල්‍ය ගිණුම් කළමනාකරණයක් සහිතව කරන ලෙස යෝජනා කරමි. එසේ නැතිවුනොත් පිනට කැමති අය මුදල් නොදෙනවා මෙන්ම මේ දේවල් වවා ගෙන කන පිරිසට මෙය තෝතැන්නක් වනු ඇත. (නි)
අනිවාර්‍යයෙන්ම අපි සූදානම්.(නදී)
මහා පින්කමක් කරයි.(නදී)
රජයෙන් නොකෙරෙන දේවල් කර අසරණ රෝගීන්ට පිහිට වීම මහා පින්කමකි. සහය වෙන පවුල් වල අයට සංසාරය පුරාම නිරෝගී බව ලැබෙනවා.(නදී)
වෙන්නප්පුවට බනින්න බලාගෙන පිරිසක් ඉන්නවා මෙතන. නමුත් හොඳ වැඩක් කළහම හොඳයි කියන්න එක්කෙනෙක්වත් නැහැ. තව ඔය වගේ වැඩ ඉදිරියටත් කරන්න ශක්තිය පතමි (නි)
වෙන්නප්පුව ජනතාවට අපේ සුබ පැතුම්...! (නි)
එයට සැම අතකින් සහය වන සැම දෙනාටම දේව ආශිර්වාදය නොඅඩුවම ලැබි කරන කියන රැකියා කටයුතු සියල්ලක්ම සිතනා ලෙසම ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරන්නම්.(නදී)
ඉතාල ඉන්න ලංකාවේ කෙනෙක් මොනවා හරි නරක වැඩක් කලොත් වෙන්නප්පුවේ මිනිස්සුන්ට බනින කුහකයෝ දැන් මොකද කියන්නේ? (නි)
පොඩි හරි හොඳක් අහගන්න නම් හොඳ ගොඩක් කලයුතුයි. එක තමයි ලෝකේ හැටි. පොඩි නරකක් කලොත් නරක ගොඩක් අහ ගන්න නම් පුළුවන්.(ස)
ඉතාලියේ සියලුම පන්සල් සහ සංවිධාන වලින් කරන ඉල්ලීමයි. ආයතනික බේදයකින් තොරව මෙම සංවිධානය සමග සාකච්ඡා කර මේ සත් කාර්යය උසස් මට්ටමකින් කිරීමට උදව් වන්න. මෙම තරුණ කැලට සුබ පතමි. (නි)
හොද දෙයක් නම් හොදයි. හැබැයි මේ මහත්තයා එයාගේ නම දාගෙන , අපේ පඩි වලින් කොටසක් කපාගෙන වැඩේ කරනවා එහෙම නෙවෙයි නේද? මොකද ගියපාරත් මේ අයියා එහෙම කළා.(නදී)