විනාඩියක් ඇතුළත වානේ කම්බි 20ක් කටින් නවා ලෝක වාර්තාවක් තැබීමට හඟුරන්කෙත තරුණයෙක් අද (6) සමත්විය.
කොළඹ වරායේ ජය බහාලුම් අංගනයේ සේවකයකු වන ජනක කාංචන (24) එම දස්කම අද මෝදර වරාය පරිශ්‍රයේ මහවැලි පුහුණු අභ්‍යාස ආයතනයේදී ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන් හා ඇමැති අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් ඉදිරියේ දී සිදුකළේය.
මීට පෙර රුසියා ක්‍රීඩකයකු කටින් කම්බි 12ක් නවා එම ලෝක වාර්තාව තබා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි අපේ දකුණේ කොල්ලෝ....ජයවේවා.......(බ)
අබේරත්න ඔයාට වැරදිලා එයා නුවර කොල්ලෙක් (බ)
හඟුරන්කෙත එස්බී දිසානායක ඕක ඔයිට කලින් කළා නේද? එක කටින් බතල කොළ 2000ක් හිටෙව්වා විනාඩියට (බ)
අබේරත්න පස්ස බිම ඇනුණා නේද ? දකුණේ උතුරේ බස්නාහිරේ ,, නෙවේ අපේ රටේ කොල්ලෙක් කියන්න පුරුදුවෙන්න ,,අපේ රට බොහොම පුංචි රටක් , දකුණේ මිනිස්සුන්ට කොහොමත් තියෙනවා පණ්ඩිත අදහස් ඔය වගේ (බ)
රටේ වැඩ කරන්නේ දකුණේ අය විතරද ? (බ)
කාංචන ඔබට ජය වේවා ! (බ)
මමත් දකුණේ මාතර. නමුත් අබේරත්න මහත්මා ගැන ලැජ්ජා හිතෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ දකුණ නොවේ. දකුණ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ජනක කාංචන වීරයාට සුබ පැතුම්. (නි)
කරුණාකර වරින් වර දන්ත වෛද්‍යවරයෙක් හමු වී දත් වල එනමල් ආවරණයට හානි පැමිණ ඇත්දැයි බලාගන්න. ඔබට නොදැනුවත්ව දත් වලට හානි සිදු වී තිබෙන්න පුළුවන් (නි)
දකුණේද කොහේද කියන එක නෙමෙයි වැදගත්, මේ තරුණයාගේ දක්ෂකම (නි)
එස් බි ගෙන් ප්‍රවේශම් වන්න. (බ)