කොළඹ වරායේ දකුණු ජැටිය හා දිය කඩනය බැලීමට පසුගිය අට වැනිදා සිට අද සවස 4.00 වන විට අඩු ගණනේ ලක්ෂ 50ක් පැමිණි බව වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කියයි.
පෞද්ගලික වාහන 55000ක් ද මේ කාලයේ වරායට පැමිණ ඇත.
වරාය නැරඹීමට දී තිබූ කාලය දින දෙකකින් දීර්ඝ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනෙත්, අපිත් කැමතියි අපේ රටට හොඳක් වෙනවට ඒත් මේ වරාය අයිති අපිට නෙමෙයි. මේක අයිති චීනයට. අවු.99 කට බඳුදීලා, ඉතිං මීට පස්සෙ අපේ පරණ වරායට නැව් එන එක අඩුවෙනවා. මේ රටේ ආදායම පිටරැටියන් අරං යනව. දැන් බලන්න අපේ මුහුදු තීරයේ මාළු අල්ලන්නත් චීනයට දීල. (ස)
අපේ රටේ මිනිස්සු බත් කනවාට වැඩියෙන් තණකොළ තමා කන්නේ (අ)
කන්දක් කියල හිතාගන බල්ලෙක් බුරල පහක් දන්නා කිව්වලු
ඇත්තටම හොද වැඩක්නම් අගය කරන්න ඕන. අපි ඇත්ත කතා කලොත් මේක කොළඹ වාරයේ තියන අනිත් ජැටි වලට වැඩියේ පහසුකම් ගොඩක් වැඩි එකක්. එත් මේකේ ඇතිය, පාලනය, ලාබ, මේ හැමදේම යන්නේ චීනයට. ඒ විතරක් නොවෙයි කොළඹ අනිත් ජැටි වලට එන නැව් දැන් කෙලින්ම මෙතනට යන නිසා අපේ අදායම තවත් අඩු වනවා. (අ)
අනේ අපි කවද මේ කන්ද නගින්නද කියල..
මොකටද වරාය බලන්න ගියේ? (ස)
රටේ මිනිස්සු ඉන්න කෝටි 2 කි.මුළු රටෙන්ම 1/4ක් එන්න පුලුවන්ද? මායාවට අහුවුණ මිනිසුනේ, දැන්වත් ඇස් ඇරලා බලන්න ලංකාවට වෙන්න යන දේ.බුද්ධිමත්ව හිතලා තීරණ ගනිමු. (නි)
වරාය බලන්න යනකොට රත්‍තරන් මාල එහෙම බැදන් යන්නේ බොහොම ප්‍රවේශමෙන්.(නදී)
ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 4/1ක් නේද? (නි)
මේ රටේ වෙන නරක වගේම හොද වැඩත් අපි අගය කල යුතුය (අ)
අනේ බන්දුල, ඔයා දන්න හරිය තමයි මේ (නි)
වැඩිපුරම සෙනඟ ඇවිත් තිබුනේ ගොඩක් දුර පළාත් වල ඉදලා. ඈත ගම වල මිනිස්සු ඇත්ත තත්වේ දන්නේ නැහැ. මේක අපේ නෙවෙයි චීනේ වාරයක් කියලා. සාදු සාදු කියලා වැඳ වැඳ තමයි යන්න ඇත්තේ. වාරයේ අදායම චීනෙට යන එක ලක්ෂ 50ක් වූ දේශප්‍රේමී ජනතාවට බලාගන්න පුළුවන් . අය්යෝ සල්ලි. (ස)
අපේ සමහර කොටසක් කිසිම දෙයක් අගය කරන්නේ නැ.මේ වගේ දෙයක් අපි අගය කර යුතුයි.මේ වගේ දේවල් වලට දේශපාලනය ගාව ගන්න එපා. (ස)
මේවයේ අදායම චීනෙට ගියත් කමක් නැ ඉන්දියාවට යන්නේ නැතිව.චීනය අපිට කොයි වෙලෙත් උදව් කරන බෞද්ධ රටක්. (දී)
අසංග මමත් ඉන්දියාවට එතරම් කැමතක් නැත , නමුත් චීනය බෞද්ධ රටක් නොවේ , චීනය විසින් බෞද්ධ දේශයක් වන ටිබෙට් රට ආක්‍රමණය කර එහි ජිවත් වන බෞද්ධයන්ට අපමණ හිරි හැර කරමින් පාලනය කරේ , එහි බෞද්ධ නායකයා ඉන්දියාවට පලාගොස් ඉන්දියාවේ ජිවත් වේ ( අ)
අසංකගේ මුහුකුරා ගිය දැනුමක මහත. හරිම ආඩම්බරයි. අසංක, බන්දුල, සම්පත් වැනි අය අපේ රටට සම්පතක්. (ස)
ණය වෙන එකට කව්රුත් අකමැති වෙද්දී , අසංග මහත්මයා කියනවා ණය වුනොත් කමක් නැතිලු. අනේ අපේ අයගේ මොලේ තරම! (නි)
අන්තිමට කරදර විදින්න වුනේ අපිට. මිනිස්සු ආවෙ අලුතෙන් හදපු වරාය, නියමු කුලුන බලන්න. අන්තිමේදී හැතැප්ම 4 ක් විතර පයින් ගිය කට්ටිය වැසිකිලි, බොන්න වතුර, ආහාර ගන්න කඩා වැදුනේ අපේ කොටසට. මිනිස්සුන්ගේ ජීවිත රකින්න අනතුරක් නැතුව ආපහු යවන්න පුදුම දුකක් වින්දා. (නි)
ලක්ෂ 50ක්? අම්මෝ! (නි)
ගණන් කරන්න දන්නැති අය කියන කතා ගණන් ගන්න නරකයි (අ)
මිනිස්සු වරයා වගේ වගේ දෙයක් බලනෙක වැදගත් , මේ වැනි දෙයක් කරනකොට කලින් ප්‍රවාහන පහසුකම් , කෑමබීම , වැසිකිලි අවශ්‍යතා වැනි දේ ගැනත් කලින් හිතල බලල සැලසුම් කරන්න ඕනේ , නැත්නම් අපහසු තාවයට පත්වෙච මිනිස්සු බනිනේ ආණ්ඩුවට, මෙතන පෙනේනේ බලධාරීන්ගේ දුර්වලතා (අ)
සමාවෙන්න ඕනා, වරයා බලන්න ඉන්දියාවෙනුත් ඇවිල්ලද?(නදී)
අර මාගම්පුර වරාය බලන්නත් ඔය වගේ සෙනගක් ගියා මතකද? අන්තිමට මොකද වෙලා තියෙන්නේ. මේවගේ ජනතාවක් ඉන්න රටක දේශපාලකයන්ට ජයමගුල් තමයි.(නදී)
මේක බොරුවක්ද?(නදී)
මේ සතිය බොරුවක්.(නදී)
අපේ රටේ දියුණුව දුටුවම සතුටු හිතෙනවා. (නි)
රටේ ඉන්නෙත් ලක්ෂ 200ක් වගේ ගණනක් නේද? ඒකෙන් ලක්ෂ 50ක් ඇවිල්ලද වරාය බලන්න එක සතියට? (නි)
අනුවණයෝ ගොඩක් එන්න රටක කපටි පාලකයන්ට රජ මගුල් කිවුවලු (දී).
මේකෙන්ම පේනවා බල්ලෝ බිරුවට කදු පහත් නොවෙන බව. (නි)
වරාය බලපු අයට තරු පෙනේවි අපේ රට චීනෙට නයකරලා කරපු දෙයින් අපිට ලැබෙන්නේ 15% යි කියල දැනගත් දදවසට.(නදී).
මිනිස්සු මේ තරම් මෝඩද මේක විස්වාස කරන්න, නිකන් හදල බලන්න පොලිම් සිද්දාන්තය, එක විනාඩියකට යා හැකි සංඛයාව සහ දින කට ආදි වශයෙන්, සම්පත්ලා වගේ අයට හොඳා, පවු,(නදී)
රටේ දියුණුව නොවේ, චීනයේ දියුණුව. (ත)
අද මමත් ගියා වරාය බලන්න. වැඩේ නම් පංකාදු පහයි. මේ වරාය නිසා අපේ රට දියුණු වෙනවා නම් මම ඒකට ජනාධිපත්තුමාට ස්තුතිය පුදකරනවා. හැබැයි ලක්ෂ පනහක් මේක බලන්න ආවා කියන එකත් පුද්ගලික වාහන 55000 ආවා කියන එකත් පිලිගන්න අමාරැයි ((5000000/(6*8*60*60)=30 ඒ කියන්නේ තත්පරයකට මිනිස්සු 30ක් ) ඒ වගේ තදබදයක් නං වරාය ඇතුලේ තිබුනේ නෑ කියලයි මටනම් හිකෙන්නේ.වාහන 55000 ක් ආවනම් (55000/(6*8*60)=20 ) විනාඩියකට වාහන 20 ක් ඇතුලු වෙන්න ඕනෙ. ජනාධිපති තුමා මෙච්චර හොද වැඩක් කරලත් ඇයි මෙහෙම බොරු සංඛ්‍යාලේඛණ? (ත)
සම්පත් මල්ලි දාන්න පහක්..කියන්න ඕන දේ ඔයා කිව්වා..හැබයි මම මෙයාට නම් කැමතිම නැහැ.. චම්පික රණවක වගේ මහත්තයෙක් මෙතන හිටියනම් හිතට මීට වඩා සතුටුයි. (ත)
මෝඩයන්ට මැජික්. හම්බන්තොට , මත්තල දැකපු මෝඩයන්ට තවත් එකක් දැන් ඉතින් දේශප්‍රේමින් ටික මට බැනපල්ලා.(නදී)