මීගමුව මුහුදු වෙරළේ පැවැති 2012 ආසියානු වෙරළ දැල්පන්දු තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. එහි පිරිමි ශූරතාව ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. කාන්තා සහ පිරිමි වෙරළ දැල්පන්දු තරග මීගමුව ”කැටමරන් බීච්” හෝටලය අසළ වෙරළේදී පෙරේදා (1 වැනිදා) පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයින මෙම තරගාවලියට සහභාගි වූහ. කාන්තා දැල් පන්දු තරගාවලියේ අනුශූරතාව මාල දිවයින් කණ්ඩායමට හිමිවිය. අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මාලදිවයින් පිල ලකුණු 19-10කින් පරාජය කරන ලදී. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චම්පා ගලප්පත්ති විසින් මෙහෙයවන ලද අතර කාංචනා ජයවීර, චතුරාංගනී මල්කාන්ති සහ රාජිකා ගයනි සෙසු සාමාජිකාවෝ වූහ. පිරිමි අවසාන මහා තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්විණි. එහිදී ඉන්දීය කණ්ඩායම විසින් පාකිස්තානු පිල පරදවා ලකුණු 21-13ක ජයක් අත්කර ගන්නා ලදී. ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, මීගමුව මහජන බැංකු ශාඛාවේ කළමනාකරු ආනන්ද ප්‍රනාන්දු සහ ලංකා ”ස්පෝර්ට්ස් රයිසන්” පුද්ගලික සමාගමේ සභාපති තිලක් වීරසිංහ යන මහත්ම මහත්මීන් විසින් ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට පදක්කම් පළඳවන ලදී.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෙරළ දැල්පන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට
දුමින්ද Tuesday, 04 September 2012 07:46 AM
අපගේ සුභ පැතුම් ....(ස)
හේමන්ත Monday, 03 September 2012 08:36 PM
ලස්සන පුංචි දෙපා කළු කර ගන්න එපා වෙරළේ පන්දු ගසා නංගියේ....(ස)
චන්ද්‍රසිරි Monday, 03 September 2012 01:20 PM
ගොඩ බිම ශූරතාවය නැතුවට වෙරළ ශූරතාවය ලබාගෙන තියෙන්නේ...(ස)