IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘වෙරළට ආ විස සතුන් ජෙලිෆිෂ් නොවෙයි“

දකුණු සහ බස්නාහිර පළාත් අවට මුහුදේ මේ දිනවල බහුලව දක්නට ලැබෙන විෂ සහිත නිල් පැහැති සතුන් ජෙලිෆිෂ් හේවත් ලොඩියන් නොව සතුන් රැසක් එක්වී සිටින සත්ත්ව ඝනාවාස රැසක් බව පරිසරවේදීහු කියති. එම සතුන් ජෙලිෆිෂ් ලෙස හැඳින්වීම වරදකි.

මාරාන්තික විෂ සහිත මොවුන් ස්පර්ශ වීමෙන් ලෝකය පුරා මරණ වාර්තා වී ඇතත් පසුගිය වසර 35ක කාලයේ දී මෙරටින් එවැනි කිසිදු මරණයක් වාර්තා වී නැත. මේ සතුන් ස්පර්ශවීමෙන් පසු කැසිල්ලක්, ඇඟපත වේදනාව, ඉදිමුම හා හෘදයේ දුර්වලතා ඇතිවිය හැකියැයි වෛද්‍යවරු කියති. 

1982 වර්ෂයේ සිට වසර 33 ක කාලයක් මෙම සත්ත්ව ඝනාවාස පිළිබඳ පරීක්ෂණ පවත්වන පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ ෆිසේලියා නමැති සත්ත්ව ඝනයට අයත් මේ සතුන් විශේෂ රැසක් මුහුදේ දක්නට ඇති බවයි.

ලොඩියකු හෙවත් ජෙලිෆිෂ් සතකු ලෙස පෙනෙන මොවුන් එක් ඒකකයක් ලෙස සැළකූ විට එසේ පෙනුන ද ඒ එක් සතකු නොව සතුන් සමූහයක් එක්ව ගොඩනගාගත් මේ සත්ත්ව ඝනාවාසය ඉංග්‍රීසි බසින් “පෘතුගීස් මෑන් ඕ වෝ“ ලෙස හඳුන්වයි. එහි අර්ථය බැලූ බැල්මට පෘතුගීසි යුද මිනිසා ලෙස හැඟී ගිය ද ඉන් අර්ථ ගැන්වෙන්නේ පෘතුගීසි යුද නැව යන්නයි. 18 වැනි සියවසේ දී ඉංග්‍රීසි ජාතික නැව් දියුණුවන තුරු පෘතුගීසි හා ස්පාඤ්ඤ නැව් මුහුදේ ආධිපත්‍යය හිමිකරගෙන සිටි බැවින් මුහුදේ හමුවන උග්‍ර විෂ සහිත මේ සතුන් ද ඒ නමින් හඳුන්වා ඇත. ‘‘ෆ්ලෝටින් ටෙරර්“ හෙවත් ‘‘පාවෙන භීතිකාව“ නැතිනම් ‘‘බ්ලූබොට්ල්‘‘ හෙවත් ‘‘නිල් බෝතලය“ ලෙස ද ඇතැම් විට මේ සතුන් හඳුන්වයි.

ලොවපුරා මුහුදේ ව්‍යාප්තවී සිටින මේ සතුන් ෆිසේලියා ඝනයට අයත්වේ. එහි විශේෂ ගණනාවක් දක්නට ලැබෙන අතර ඉපිල්ලකු හා කොරල් සාදන බුහුබාවන් දහස් ගණනක් එක්වී මේ එක් ඝනාවාසයක් සාදයි. ඉපිල්ලා බැලූනයක් මෙන් දිස්වන අතර බුහුබාවන්ගෙන් ග්‍රාහක සෑදී ඇත. මේ පෙනුම හේතුවෙන් බොහෝ දෙනකු මෙම සත්ත්ව ඝනාවාසය ජෙලිෆිෂ් හෙවත් ලොඩියකු ලෙස වැරදියට වටහා ගනී.

මේ සත්ත්ව ඝනාවාසයේ සිටින ග්‍රාහක බුහුබාවාගේ “දංචක කෝෂ්ඨ“ නමැති කුඩා සෛලයක දඟර ගැසුණ තුඩ සංවේදී වන ඕනෑම දෙයකට විදීම සිදුකරයි. මිනිසකුගේ ශරීරයේ ඔවුන් ස්පර්ශ වූ විට එවැනි විදීම් සිය ගණනක සිට දහස් ගණනක් දක්වා එකවිට සිදුවිය හැකිය. ඇතැම් විට නිල් පැහැති සත්ත්ව ඝනාවාසය ම මිනිස් සිරුරේ ඇලී අධික වේදනාවක් හටගනී.

එය අතින් පිස දමා ගලවා දැමීමට උත්සාහ ගැනීමේ දී අතට ද විදීම සිදුවන අතර විෂ සහිත තුඩ සිරුරේ ඉතිරිවී තිබිය දී කොටසක් පමණක් ගැලවී යයි. එසේ වුවහොත් සිදුවන්නේ ඇලී තිබූ ස්ථානයේ සෛලය හානියට පත්ව වඩාත් වේදනාකාරී වීමයි.

මෙවැනි සත්ත්ව ගහනයක් තම සිරුරේ ස්පර්ශ වුවහොත් එය අතින් පිස නොදමා කෝටුවක් වැනි යමකින් ප්‍රවේශමෙන් ඇද ඉවත් කරන ලෙස ද වෛද්‍යවරු උපදෙස් දෙති.

එවැනි ස්පර්ශවීමක් සිදුවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙති.

නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

‘‘ මා මේ සතුන් ගැන වසර 33ක කාලයක් පර්යේෂණ කළා. සෑම වර්ෂයක ම නිරිත දිග මෝසම් කාලයේ දකුණු හා බස්නාහිර පළාත් අවට මුහුදේ වාරකන් ආරම්භයත් සමග නිල් පැහැති මේ සත්ත්ව ගහණ මුහුදු වෙරළ ආසන්නයේ දක්නට ලැබෙනවා. මේ සතුන් මුහුදු වෙරළ ආසන්නයේ සිටිනවානම් එවැනි ස්ථානවල දිය නෑමෙන් වැළකිය යුතුයි. මොවුන්ගේ විෂ ඕනෑම අවස්ථාවක මාරාන්තික විය හැකියි. මොවුන් නිල් පැහැති හා පාරදෘෂ්‍ය නැතිනම් විනිවිද පෙනෙන නිසා මුහුදේ දී මේ සතුන් පැහැදිලිව හඳුනාගැනීම ඉතා අපහසු කාර්යයක්. නමුත් මියගිය සතුන්ගේ කොටස් වෙරළට ගසාගෙන ඇවිත් නිල් පැහැති කොටස් හැටියට දකින්න පුළුවන්. එවැනි නිල් පැහැති ජෙලිමය ස්වභාවයක් ගන්නා කොටස් මුහුදු වෙරළේ ඇත්නම් මුහුදු දියට බහින්න එපා. “

පරිසරවේදීන් පවසන්නේ ජෙලිෆිෂ් හෙවත් ලොඩියකු ලෙස හඳුන්වන්නේ එක් සතකු බවත් මේ එම රූපකාය දරණ සත්ත්ව සමූහයක් බැවින් මොවුන්ට ජෙලිෆිෂ් හෙවත් ලොඩියන්යැයි භාවිතා කිරීම වරදක් බවයි.

Bluebottle 1 Bluebottle 2 Bluebottle 3 Terror  (1) Terror  (2) Terror  (3) Terror  (4)

 



අදහස් (0)

‘‘වෙරළට ආ විස සතුන් ජෙලිෆිෂ් නොවෙයි“

පෙරේරා Monday, 22 June 2015 08:04 AM

ජෙලි ෆිෂ් නෙවේ නම් විසත් තියෙනවානම් පාටකුත් තියෙනවානම් එහෙනම් දේශපාලුවෝ වෙන්න ඕනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3201 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2327 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3174 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3061 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site