ඇඹිලිපිටිය මොරකැටිය නගරයට අද (30) අලුයම සිට වල් අලි දෙදෙනෙක් පැමිණ සිටිති.
උඩවලව වනෝද්‍යානයේ සිට මේ අලි කෑම සොයා යද්දී නගරය දෙසට එන්නට ඇතැයි කියති.
මොරකැටියට ආ අලි දෙදෙනා දෙපැත්තට යමින් සිටින බවත් එසේ යද්දී කාන්තාවක හා වනජීවී නිලධරයකු ඇතුළු පස් දෙනකුට පහරදී ඇති බවත් කියති.
පහරකෑමට ලක් වූ 71 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව කියති.කූඩුවක සිටි බල්ලකු බුරද්දී එක් අලියකු බලු කූඩුවද කඩා බිඳ දැමූ බව පොලිසිය පවසයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලය විනාශ කරගෙන ටවුම කැලේට ගියා. ඉතින් අහිංසක සත්තු කොහාටද යන්නේ. (නි)
මේ සතුන්ට ඉන්න තිබුන කැලය නැතිකළේ කව්ද? (නි)
මේකත් අපේ රටේ අනෙකුත් හැම ප්‍රශ්නයක් වගේම ප්‍රතිපත්තියක් නැතිකම නිසා සිද්ධවෙන දෙයක්. මේ සතුන්ගේ වාස භූමි අපි අල්ලාගත්තා නම් එයාලට ඉන්න කෑම බීම වගේ දේවල් සපයන්න ක්‍රමයක් යොදන්න තිබුනා. නමුත් අපි අනිත් හැමදෙයකම වගේ ප්‍රශ්නයේ වලිග කොනින් අල්ලාගෙන විකාර කරනවා (නි)
පවු අහිංසක සත්තු! (නි)
ජයා, විකාර කතා කියන්න එපා. උඩවලව වනෝද්‍යානයේ අලින්ට ඉන්න ඕනෑතරම් ඉඩ තියෙනවා. මෙතන වෙලා තියෙන්නේ විදුලිවැටේ ඇති දෝෂයක් නිසා විදුලිවැටෙන් පැන අලින් ගම්මාන වලට ඇතුළු වී මොරකැටිය නගරයට පැමිණීමයි. අනිත් එක දිවා කාලයේදී විදුලි වැටේ විදුලිය විසන්ධි කරලයි තියන්නේ (නි)