IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙලේ සුදා අදත් උසාවියේ

මත්කුඩු ජාවාරමේ යෙදී ඇතැයිද,එසේ උපයාගත් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇතැයිද චෝදනා ලැබ සිටින සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා බැංකු කිහිපයක් සමගම ගනුදෙනු කර ඇති බවත් එම ගනුදෙනු වල තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස එම බැංකු වලට නියෝග කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මේ ඉල්ලීම සිදුකළේ අද (11) වෙලේ සුදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීය.

වෙලේ සුදා හා ගනුදෙනු කර ඇති බව අනාවරණයව ඇති තවත් සිරකරුවෙක්ගෙන්ද තමන්ට ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පැවසීය.

වෙලේ සුදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අදහස් දක්වමින් රිමාන්ඩ් කාලසීමාව දීර්ඝ කිරීම සඳහා සෑම සති දෙකක්ට වරක්ම තම සේවාදායකයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ගෙන ඒම දුෂ්කර කටයුත්තක් බැවින් ඒ වෙනුවට ඔහුව වැලිකඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවසරය දෙන ලෙස ඉල්ලා සිටියහ.

ඔවුන්ගේ ඉල්ලීමට එකඟතාවය පළකළ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී රිමාන්ඩ් කාලසීමාව දීර්ඝ කිරීමේ කටයුතු සඳහා සැකකරුව වැලිකඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

වෙලේ සුදාට මේ වන විට මරණ දඩුවම නියමවී ඇත.

නඩුව පෙබරවාරි මස 22 වැනිදාට කල් තැබිණ.



අදහස් (0)

වෙලේ සුදා අදත් උසාවියේ

සිල්වා Saturday, 12 December 2015 10:31 AM

වෙලේ සුදාට දඬුවම් දෙන්නට කලින්,වැරැදි කරපු තව කී දෙනෙක් එළියේ ඉන්නවද?(හේ)

:       0       0

ලංකාසිරි Friday, 11 December 2015 08:27 PM

අනිල්, ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන නිසයි. (නි)

:       0       0

වජිර Friday, 11 December 2015 11:14 PM

ඔහුට දඬුවම් දෙන්නේ කවදාද? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 12 December 2015 04:51 AM

පිළිගත්ත සාක්ෂි තිබෙයි නම් ඇයි තවත් මේ නඩු දික්ගස්සන්නේ? එකපාරටම තිදුවක් දුන්නා නම් ඉවරනේ. (නි)

:       0       0

පාලිත Saturday, 12 December 2015 07:47 AM

ඔහුට දඬුවම් දෙන්නේ එල්ලුම් ගහේ කඹය දිරපු දවසටද? (නි)

:       0       0

අනිල් Friday, 11 December 2015 02:32 PM

ඇයි මොහුට තවමත් දඩුවම් නොදෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 601 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4006 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2503 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1309 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1429 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27623 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site