IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වැලිඅමුණ වාර්තාව වැලිඅමුණකින් වහන්න හදයි

පසුගිය රජයේ දේශපාලකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන්ගේ සේවය අයුතු ලෙස ලබාදුන් බවත් එම ආයතනය සල්ලාල පාරාදීසයක් වූ බවත් කියන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් කියයි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතාගේ වාර්තාවේ චෝදනා සම්බන්ධ පරීක්ෂණ වලදී ක්‍රියාකළ ආකාරය පිළිබද ඔහුගෙන් මාධ්‍යව්දීන් ඇසු ප්‍රශ්නයකදී හෙතෙම අපහසුතාවයට පත් විය.

එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූයේ ගුවන් සේවය පිළිබද පරීක්ෂණ විධිමත් කරන බව පවසමිනි.මහින්ද රාජපක්ෂගේ සමීපතයෙක් වන නිශාන්ත වික්‍රමසිංහගේ පාලනය යටතේ දූෂණ සහ අක්‍රමිකතා සිදුවූ බවත් එම කාලයේ එම ආයතනය සල්ලාල පාරාදීසයක් වූ බවත් චෝදනා කරමින් ඔවුහු දේශපාලනයේ බොහෝ දුර පැමිණියහ. මේ චෝදනා 2015 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ සුලබ වූ නමුත් ඉන්පසු පත්වූ නව කාර්ය මණ්ඩලයේ නිළධාරීහු එම චෝදනා පෞද්ගලික ගැටළු බව හා තමන්ගේ විෂය පථයට අදාළ නොවන බව පවසමින් ඒවායින් බැහැර වීමට උත්සහ ගනිති.

“ඒවා පෞද්ගලික කාරණා.මෙතනට ඒක ගැලපෙන්නේ නැහැ“යැයි රාජපක්ෂ සමයේදී නාමල් රාජපක්ෂට ගුවන් සේවිකාවකගේ සේවය නිශ්චිත නොවන පදනමින් ලබාදීම සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකදී සභාපතිවරයා පැවසීය.

ගුවන් යානා ඇණවුම් කිරීම පිළිබද ගැටළුව තමන්ට අදාළ නොමැති බවත් පසුගිය සමයේ ඒ 350 ගුවන් යානාවක් මිලදීගැනීමට අත්සන් කළ බදු ගිවිසුම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට නව ගුවන් යානාවක වටිනාකමට සමාන මුදලක් ගෙවීමට සිදුවන බවත් හේ පැවසීය.

“ඒ සම්බන්ධ කිසිම දෙයක් අපගේ විෂය පථයට අදාළ නැහැ“යැයි ගුවන් සේවය මුල්‍යමය අර්බුදයකට ඇද දැමීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් කවුරුදැයි මාධ්‍යවේදින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

ගුවන් සේවය ඉහළ නිළධාරීන්ට ගුවන් සේවිකාවන්ගෙන් සහ තරුණ සේවිකාවන්ගෙන් ලිංගික ආශ්වාදය ලබාගත හැකි සල්ලාල පාරාදීසයක් බවත් වැලිඅමුණ වාර්තාවේ සදහන් විය.

සමහර ගුවන් සේවිකාවන් පිටතින් බඳවා ගත් අතර ඉන් සමහර සේවිකාවන්ට අසාමාන්‍ය වැටුප් ලබාදී ඇත. නාමල් රාජපක්ෂ වෙනුවෙන් සේවය කළැයි කියන මෑතකදී අත්අඩංගුවට ගත් සේවිකාවටද එලෙස අසාමාන්‍ය වැටුප් ලබා දී තිබේ.නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.



අදහස් (0)

වැලිඅමුණ වාර්තාව වැලිඅමුණකින් වහන්න හදයි

වින්සන්ට් Thursday, 06 October 2016 06:20 PM

වැලිඅමුණ මහතාගේ වාර්තාවට අයකළ මුදල ගැන කණගාටුවෙන දහම් මහතා, එම ආයතනයේ ඊට එහා ගිය විනාශයන් ගැනත් යම් කණගාටුවක් ප්‍රකාශ කළේ නම් සතුටු විය හැකිය. කාට ඡන්දය දුන්නත් "උනුත් එකයි මුනුත් එකයි" කීවානම් තරමක් හෝ සාධාරණ වෙනවා ඇත. (නි)

:       0       0

දහම් Thursday, 06 October 2016 09:03 AM

වැලි අමුණ මේ වාර්තාව හදන්න කීයක් අය කළාද. ඔන්න ඕව කර ගන්න තමයි මහින්දට විරුද්ධව වැඩ කරලා මේ ආණ්ඩුව මේ ගොල්ලෝ පත් කර ගත්තේ. (බ)

:       0       0

ගිහාන් Thursday, 06 October 2016 09:27 AM

ශ්‍රීලන්කන් ආයතනය විනාශ කළා. නාමල් සහ වික්‍රමසිංහ මාම සේවිකාවන්ට පෞද්ගලිකව හොදින් සැලකුව.මේ මහජන දේපල විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද? (බ)

:       0       0

ජයරත්න Thursday, 06 October 2016 10:35 AM

නිලධාරීන් එක්ක හෙට්ටු වෙලා වැඩක් නැහැ. විශේෂ අධිකරණයක් හා නීති මාලාවක් වහා ගෙන ආ යුතුයි. අතීතයට බලපාන පරිදි වුනත් කමක් නැහැ. (ර)

:       0       0

සමන් Thursday, 06 October 2016 11:28 AM

අන්තිමට මේකත් ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ වගේ ප්‍රලාපයක් වුණා නේද? (බ)

:       0       0

සුසිල් Thursday, 06 October 2016 02:00 PM

පසුගිය සමයේ ඒ 350 ගුවන් යානාවක් මිලදීගැනීමට අත්සන් කළ බදු ගිවිසුම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට, නව ගුවන් යානාවක වටිනාකමට සමාන මුදලක් ගෙවීමට සිදුවේමේක තමයි තිත්ත ඇත්ත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 183 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 110 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 267 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 120 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 626 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1317 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site