IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


වැලිකන්දට බටහිරින් උදව්

උතුරේ යුද්ධය පැවැති කාලයේ තර්ජනයට ලක්ව තිබූ වැලිකන්දේ සිංහපුර සූරියවැව ප්‍රාථමික පාසලේ සහ දිඹුලාගල අලුත්වැව ප්‍රාථමික පාසලේ සියළු දරු දැරියන්ට 2014 වර්ෂයට අවශ්‍ය පොත් හා උපකරණ බෙදා දීම සිදුකැරිණි. පරිගණක දෙකක් හා රූපවාහිනී යන්ත්‍රයක් බැගින් ද පාසල් දෙකට පිරිනැමිණි. බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රඥා පහන් සිළුව පදනම විසින් මෙම පරිත්‍යාග සිදුකරන ලදි.

 

 

 



අදහස් (0)

වැලිකන්දට බටහිරින් උදව්

sumangala ඇල්පිටිය Saturday, 07 December 2013 01:18 PM

ප්‍රඥා ප්‍රදීප දැල්වේවා. අපගේ උත්තමාචාරය. (නදී)

:       0       0

සිසිර Saturday, 07 December 2013 01:41 PM

අගය කලයුත්තක්. (අ)

:       0       0

ප්‍රසංග Saturday, 07 December 2013 01:56 PM

මෙහෙ සැණකෙළි කරන නයිට් රේස් දුවන, එක රෑට ලක්ෂ ගණන් ක්ලබ් වලට දන් දෙන, එක එක සංවිදාන කියල ටී.වී වල පෙනී සිටින අය මේ වගේ දේවලට හිත යොමු කලොත් රටේම අයට සුබ අනාගතයක් උදාවෙන එක ශුවර්ම තමයි .ලංකාදීපය ඒ මගේ මුලට ඇවිත් අපේ අය පෙළ ගස්වන්න. අපෙත් සහය.(නදී)

:       0       0

ප්‍රසා Sunday, 08 December 2013 05:40 PM

සත්‍යා, ඔබට පින්තූර අංක 2 සහ 5 සම්බන්ධව ඇති ගැටලුවට පිළිතුරු ඇත. මෙම පින්තූර දෙකෙහිම ජනේල වලට අගල් 2 යකඩ කම්බි දැල් ගසා ඇත.එසේ දැල් ගසා ඇත්තේ හොරු එන නිසා නොව අලි එන නිසාය.2 වන පින්තූරයේ දැලක් නොපෙනෙන්නේ පොඩි එවුන් උත්සවයට පරණ සාරි වලින් නෙලුම් උයන රගහල වගේ පෙනෙන ලෙස අලංකාර කර තිබීමයි ඔවුන්ගේ ගම්මිරිස් ටික ගන්නට හෝ කවුරු හෝ ඉදිරිපත් වීම වරදක්ද? (නි)

:       0       0

සුරනිමල Saturday, 07 December 2013 02:27 PM

යුද්දය පවතින අවදියේදී වැලිකන්දේ පාසල් දරුවන් අනේකවිධ දුක්කම්කටලු වලට මුණ දුන් ආකාරය මගේ සියැසින්ම දුටිමි .බොහෝ විට රාත්‍රී කාලය බස් නැවතුමේ ගත කළහ .ගම් වල අසරණ මිනිසුන් කපා කොටා මරණයට පත් කරන ලදී .ඒ දිනවල මනම්පිටියේ අය පවා වැලිකන්දට ඒමට බිය වුනාය .මරණය දැක දැක තම දු දරුවන් සමග වැලිකන්දේ ජිවත් වූ ජනතාවද මෙම යුද ජයග්‍රහණ වල කොටස් කාරයන් බව අද දේශපාලකයන්ට අමතක වී ඇති බව පෙනේ .යුධය අවසන් වීමෙන් පසු එම ජයග්‍රහණයන්ගේන් පල ප්‍රොයෝජන විදින්නේ යුධ සමයේදී අබ ඇටයක ප්‍රමාණයට වත් දුක් කරදරයක් දුකක් කරදරයක් විදපු නැති අය නේදැයි දකින විට ඇතිවන්නේ ඉමහත් කනගාටුවකි.අද දේශපාලන හයිය නිසා චන්ඩි කම් කරන දේශප්‍රේමි චන්ඩින් හිටියේ ඇදන් යට බවද සදහන් නොකරම බැරි කරුණකි . කාටත් අමතක වී ඇති මෙම දුක් විදි ජනතාවට කරන ලද පරිත්‍යාගය ඉතා උසස් කටයුත්තකි . (අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 07 December 2013 02:33 PM

අගය කල යුත්තක්.....!! (අ)

:       0       0

ප්‍රසා Saturday, 07 December 2013 03:01 PM

මිලානෝ වල සිටින පාලිත මහින්ද මහත්මය, කැමති නැතිද මේ වැඩ පිළිවෙලට දායකවෙන්න .අපි ගොඩක් මේ වගේ වැඩ කරන්නේ සද්ද අඩුවෙන් වැඩ වැඩියෙන්.හැකි නම් e-mail ලිපිනය දෙන්න පුළුවන්. ඇති හැකි අය නැති බැරි අය නගා සිටවමු.

:       0       0

කුමාරණ Saturday, 07 December 2013 04:09 PM

මම දන්නා සමහර යුරෝපා රටවල එක එක සංවිධාන මේ වගේ වැඩ වලට කියල සල්ලි එකතුකරලා තමන්ට ගැලපෙන ගැහැණු මිනිස්සු කිහිප දෙනෙක් එකතු කරගෙන පාටි දානවා. ඒක නිසා විවිධ සංවිධානවලට සල්ලි දෙද්දී පරිස්සම් වෙන්න. තමාම කෙලින්ම උදව් කරන එක හොඳයි. .අතර මැදියන්ගෙන් පරිස්සම් වෙන්න.(නදී)

:       0       0

අක්ෂි Saturday, 07 December 2013 05:24 PM

සුරනිමල කියනා දේට තව එකතු කරන්න පුළුවන්.. මුළු නැගෙනහිර හා උතුරු මැද සිංහලයන් වෙඩි තියන්න පුරුදුවෙන්න ඉලක්ක වගේ යොදාගත්තා අවුරුදු 30 දිගටම, ඔවුන් ජීවත් වුනේ සත්තුන්ටත් අන්ත විදියට. ඒත් නැගෙනහිර පුදබිම් හුඟක් ඔවුන් රැකගත්තා , බොහෝ දෙනෙකුට ආපසු එනවිට ඔවුන්ගේ ඉඩම් වෙනත් සුළු ජාතින් අල්ලගන. හමුදාව වත් රජය වත් මේ සටන ඉවර කලේ නැහැ. සැණකෙළි පැවත්තුවට බෝම්බ පිපිරීම නැවතුනාට මේක නියම මහජනයාගේ ජයක් නෙමේ. පොතුවිල් මුහුදු මහා විහාරයට විශ්‍රාම ශාලාවක්‌ ඉල්ලන ඒ හිමියන් මාධ්‍යයට පවසා තියෙන්නේ අක්කර 264 තිබුන විහාර බිමෙන් 261ක්ම මුස්ලිම් ජනතාව අල්ලගන නිසා අක්කර 3ක් වැනි සුළු බිමක් පමණයි අද මෙම ඓතිහාසික විහාරස්තානයට ඉතිරිවෙලා තියෙන්නේ කියලයි. මොනතරම් දුක හිතෙන තත්වයක්ද? සේරුවිල , මඩකලපුව වැනි විහාරවල තත්වයත් මෙයමයි. ආධාර මෙතෙක් දී ඇත්තේ සුළුජාතීන්ට පමණයි. මේවා අප දැන්වත් කතා කලයුතුයි. පොතුවිල් මුහුදු මහා විහාරයට හා සේරුවිලට කෙලින්ම උදවු කිරීමට 0633730612 හෝ 0776166700 සහ 026 2226100 දුරකථන වලට කතාකලොත් පුළුවන්. තාමත් අසරණවී තිබෙනා පුදබිම් වලට අපේ උදවු අත්‍යාවශ්‍යයි. (ස)

:       0       0

සත්‍යා Sunday, 08 December 2013 12:57 PM

මේවා මහත්පල ආනිසංශ දෙන වැඩ. නමුත් දුප්පත් මිනිසුන්ට ආධාර දෙන මුවාවෙන් ශ්‍රී ලංකාවේ ගම් වලට රිංගා ගන්න පිරිස් ගැන සැලකිලි මත නොවුන හොත් ඉඟුරු දීල ගම්මිරිස් ගත්තා වගේ වෙනවා. පැන්තාලියේ කිඹුල්ලු ඉන්න බැරි නැත්තෙත් නැහැ. (මා හට මේ අදහස පහළවුයේ මේ උත්සවය තියපු ගොඩ නැගිල්ලේ ජනේල දෙස බලල. පින්තුර 2 සහ 5) (දිල්)

:       0       0

අමිල - කටුනායක Saturday, 07 December 2013 05:56 PM

ඔබගේ මේ සත්ක්‍රියාව මමත් අගය කරමි. ස්තූතියි ! (ස)

:       0       0

සෙනෙවි Saturday, 07 December 2013 06:05 PM

"බටහිරෙන් උදව්" කිව්වාම මං හිතුවෙ කැමරන් උදව් කරනව කියල. (ස)

:       0       0

කමල් Saturday, 07 December 2013 07:00 PM

අක්ෂිගේ කතාව ඇත්ත(දිල්)

:       0       0

සිංහල රාවය බ්‍රිතාන්‍ය ශාඛාව Sunday, 08 December 2013 06:20 AM

උතුරේ නැවත පදිංචි කරන සිංහල ජනතාවට විශාල සේවයක් එංගලන්තෙන් කරනවා. ප්‍රජා ශාලාවක් සමග කුඩා පන්සලක් සහ නිවාස කිහිපයක් දැනටමත් හදලා ඉවරයි. තවත් නිවාස 10 විතර අලුතින් ඉදිවෙනවා. සේරුවිලට වගේම තවත් කුඩා ගම්මාන ගණනාවකටම උදව් දෙනවා. එංගලන්තේ තවත් සංවිධාන කිහිපයක්ම යුද්ධයෙන් අසරණ වූ සිංහල ජනතාවට උදව් කරනවා. එහෙත් ඒ ඔක්කොමත් මදි. තවත් වැඩ රාශියක් තියෙනවා කරන්න. විදේශ රටවල සිටින සියලුම දෙනා පුළුවන් විදිහට උදව් කරන්න ඉදිරිපත් විය යුතුයි. (නි)

:       0       0

සිංහල රාවය බ්‍රිතාන්‍ය ශාඛාව Sunday, 08 December 2013 06:25 AM

ඉතාම කාලෝචිත වැදගත් මහත් ආනිශංස ලැබෙන පිංකමක්. අපගේ සුභ පැතුම් මෙවැනි උතුම් ක්‍රියාවන් කරන ජාතිහිතෛශින්ට. තව තවත් මෙවැනි සත් ක්‍රියාවන් කරන්න ශක්තිය ලැබේවා. පිටරටවල ජිවත් වෙන හැමෝම සුළුවෙන් හෝ පුළුවන් විදිහට මෙවැනි යහපත් ක්‍රියාවන්ට උදව් කළ යුතුයි. (නි)

:       0       0

සිංහල රාවය මිලානෝ ශාඛාව Sunday, 08 December 2013 07:13 AM

උතුරේ නැවත පදිංචි කිරීම් වෙනුවෙන් දායක වෙන්න දැන් මිලානෝ හෙළ බොදු කැලට මහඟු අවස්තාවක් උදාවී ඇත. මෙහි නම් සඳහන් කිරීම නොකටයුතු බැවින් 'ලිමා' හි සිටින අපේ මාධ්‍යවේදී තුමා හමු වී සියලු කටයුතු ක‍රන ලෙස දන්වා සිටිමු. (ස)

:       0       0

ශිරෝමි- පිළියන්දල Sunday, 08 December 2013 03:33 PM

මෙවැනි උතුම් සත් ක්‍රියාවන්ට අපි හැමෝම එකතු වෙමු. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 32 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 21 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 130 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 121 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 495 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 594 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site