උතුරේ යුද්ධය පැවැති කාලයේ තර්ජනයට ලක්ව තිබූ වැලිකන්දේ සිංහපුර සූරියවැව ප්‍රාථමික පාසලේ සහ දිඹුලාගල අලුත්වැව ප්‍රාථමික පාසලේ සියළු දරු දැරියන්ට 2014 වර්ෂයට අවශ්‍ය පොත් හා උපකරණ බෙදා දීම සිදුකැරිණි. පරිගණක දෙකක් හා රූපවාහිනී යන්ත්‍රයක් බැගින් ද පාසල් දෙකට පිරිනැමිණි. බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රඥා පහන් සිළුව පදනම විසින් මෙම පරිත්‍යාග සිදුකරන ලදි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ මේ සත්ක්‍රියාව මමත් අගය කරමි. ස්තූතියි ! (ස)
සත්‍යා, ඔබට පින්තූර අංක 2 සහ 5 සම්බන්ධව ඇති ගැටලුවට පිළිතුරු ඇත. මෙම පින්තූර දෙකෙහිම ජනේල වලට අගල් 2 යකඩ කම්බි දැල් ගසා ඇත.එසේ දැල් ගසා ඇත්තේ හොරු එන නිසා නොව අලි එන නිසාය.2 වන පින්තූරයේ දැලක් නොපෙනෙන්නේ පොඩි එවුන් උත්සවයට පරණ සාරි වලින් නෙලුම් උයන රගහල වගේ පෙනෙන ලෙස අලංකාර කර තිබීමයි ඔවුන්ගේ ගම්මිරිස් ටික ගන්නට හෝ කවුරු හෝ ඉදිරිපත් වීම වරදක්ද? (නි)
මෙවැනි උතුම් සත් ක්‍රියාවන්ට අපි හැමෝම එකතු වෙමු. (දිල්)
මේවා මහත්පල ආනිසංශ දෙන වැඩ. නමුත් දුප්පත් මිනිසුන්ට ආධාර දෙන මුවාවෙන් ශ්‍රී ලංකාවේ ගම් වලට රිංගා ගන්න පිරිස් ගැන සැලකිලි මත නොවුන හොත් ඉඟුරු දීල ගම්මිරිස් ගත්තා වගේ වෙනවා. පැන්තාලියේ කිඹුල්ලු ඉන්න බැරි නැත්තෙත් නැහැ. (මා හට මේ අදහස පහළවුයේ මේ උත්සවය තියපු ගොඩ නැගිල්ලේ ජනේල දෙස බලල. පින්තුර 2 සහ 5) (දිල්)
උතුරේ නැවත පදිංචි කිරීම් වෙනුවෙන් දායක වෙන්න දැන් මිලානෝ හෙළ බොදු කැලට මහඟු අවස්තාවක් උදාවී ඇත. මෙහි නම් සඳහන් කිරීම නොකටයුතු බැවින් 'ලිමා' හි සිටින අපේ මාධ්‍යවේදී තුමා හමු වී සියලු කටයුතු කරන ලෙස දන්වා සිටිමු. (ස)
ඉතාම කාලෝචිත වැදගත් මහත් ආනිශංස ලැබෙන පිංකමක්. අපගේ සුභ පැතුම් මෙවැනි උතුම් ක්‍රියාවන් කරන ජාතිහිතෛශින්ට. තව තවත් මෙවැනි සත් ක්‍රියාවන් කරන්න ශක්තිය ලැබේවා. පිටරටවල ජිවත් වෙන හැමෝම සුළුවෙන් හෝ පුළුවන් විදිහට මෙවැනි යහපත් ක්‍රියාවන්ට උදව් කළ යුතුයි. (නි)
උතුරේ නැවත පදිංචි කරන සිංහල ජනතාවට විශාල සේවයක් එංගලන්තෙන් කරනවා. ප්‍රජා ශාලාවක් සමග කුඩා පන්සලක් සහ නිවාස කිහිපයක් දැනටමත් හදලා ඉවරයි. තවත් නිවාස 10 විතර අලුතින් ඉදිවෙනවා. සේරුවිලට වගේම තවත් කුඩා ගම්මාන ගණනාවකටම උදව් දෙනවා. එංගලන්තේ තවත් සංවිධාන කිහිපයක්ම යුද්ධයෙන් අසරණ වූ සිංහල ජනතාවට උදව් කරනවා. එහෙත් ඒ ඔක්කොමත් මදි. තවත් වැඩ රාශියක් තියෙනවා කරන්න. විදේශ රටවල සිටින සියලුම දෙනා පුළුවන් විදිහට උදව් කරන්න ඉදිරිපත් විය යුතුයි. (නි)
අක්ෂිගේ කතාව ඇත්ත(දිල්)
"බටහිරෙන් උදව්" කිව්වාම මං හිතුවෙ කැමරන් උදව් කරනව කියල. (ස)
ප්‍රඥා ප්‍රදීප දැල්වේවා. අපගේ උත්තමාචාරය. (නදී)
සුරනිමල කියනා දේට තව එකතු කරන්න පුළුවන්.. මුළු නැගෙනහිර හා උතුරු මැද සිංහලයන් වෙඩි තියන්න පුරුදුවෙන්න ඉලක්ක වගේ යොදාගත්තා අවුරුදු 30 දිගටම, ඔවුන් ජීවත් වුනේ සත්තුන්ටත් අන්ත විදියට. ඒත් නැගෙනහිර පුදබිම් හුඟක් ඔවුන් රැකගත්තා , බොහෝ දෙනෙකුට ආපසු එනවිට ඔවුන්ගේ ඉඩම් වෙනත් සුළු ජාතින් අල්ලගන. හමුදාව වත් රජය වත් මේ සටන ඉවර කලේ නැහැ. සැණකෙළි පැවත්තුවට බෝම්බ පිපිරීම නැවතුනාට මේක නියම මහජනයාගේ ජයක් නෙමේ. පොතුවිල් මුහුදු මහා විහාරයට විශ්‍රාම ශාලාවක් ඉල්ලන ඒ හිමියන් මාධ්‍යයට පවසා තියෙන්නේ අක්කර 264 තිබුන විහාර බිමෙන් 261ක්ම මුස්ලිම් ජනතාව අල්ලගන නිසා අක්කර 3ක් වැනි සුළු බිමක් පමණයි අද මෙම ඓතිහාසික විහාරස්තානයට ඉතිරිවෙලා තියෙන්නේ කියලයි. මොනතරම් දුක හිතෙන තත්වයක්ද? සේරුවිල , මඩකලපුව වැනි විහාරවල තත්වයත් මෙයමයි. ආධාර මෙතෙක් දී ඇත්තේ සුළුජාතීන්ට පමණයි. මේවා අප දැන්වත් කතා කලයුතුයි. පොතුවිල් මුහුදු මහා විහාරයට හා සේරුවිලට කෙලින්ම උදවු කිරීමට 0633730612 හෝ 0776166700 සහ 026 2226100 දුරකථන වලට කතාකලොත් පුළුවන්. තාමත් අසරණවී තිබෙනා පුදබිම් වලට අපේ උදවු අත්‍යාවශ්‍යයි. (ස)
මම දන්නා සමහර යුරෝපා රටවල එක එක සංවිධාන මේ වගේ වැඩ වලට කියල සල්ලි එකතුකරලා තමන්ට ගැලපෙන ගැහැණු මිනිස්සු කිහිප දෙනෙක් එකතු කරගෙන පාටි දානවා. ඒක නිසා විවිධ සංවිධානවලට සල්ලි දෙද්දී පරිස්සම් වෙන්න. තමාම කෙලින්ම උදව් කරන එක හොඳයි. .අතර මැදියන්ගෙන් පරිස්සම් වෙන්න.(නදී)
මිලානෝ වල සිටින පාලිත මහින්ද මහත්මය, කැමති නැතිද මේ වැඩ පිළිවෙලට දායකවෙන්න .අපි ගොඩක් මේ වගේ වැඩ කරන්නේ සද්ද අඩුවෙන් වැඩ වැඩියෙන්.හැකි නම් e-mail ලිපිනය දෙන්න පුළුවන්. ඇති හැකි අය නැති බැරි අය නගා සිටවමු.
අගය කල යුත්තක්.....!! (අ)
යුද්දය පවතින අවදියේදී වැලිකන්දේ පාසල් දරුවන් අනේකවිධ දුක්කම්කටලු වලට මුණ දුන් ආකාරය මගේ සියැසින්ම දුටිමි .බොහෝ විට රාත්‍රී කාලය බස් නැවතුමේ ගත කළහ .ගම් වල අසරණ මිනිසුන් කපා කොටා මරණයට පත් කරන ලදී .ඒ දිනවල මනම්පිටියේ අය පවා වැලිකන්දට ඒමට බිය වුනාය .මරණය දැක දැක තම දු දරුවන් සමග වැලිකන්දේ ජිවත් වූ ජනතාවද මෙම යුද ජයග්‍රහණ වල කොටස් කාරයන් බව අද දේශපාලකයන්ට අමතක වී ඇති බව පෙනේ .යුධය අවසන් වීමෙන් පසු එම ජයග්‍රහණයන්ගේන් පල ප්‍රොයෝජන විදින්නේ යුධ සමයේදී අබ ඇටයක ප්‍රමාණයට වත් දුක් කරදරයක් දුකක් කරදරයක් විදපු නැති අය නේදැයි දකින විට ඇතිවන්නේ ඉමහත් කනගාටුවකි.අද දේශපාලන හයිය නිසා චන්ඩි කම් කරන දේශප්‍රේමි චන්ඩින් හිටියේ ඇදන් යට බවද සදහන් නොකරම බැරි කරුණකි . කාටත් අමතක වී ඇති මෙම දුක් විදි ජනතාවට කරන ලද පරිත්‍යාගය ඉතා උසස් කටයුත්තකි . (අ)
මෙහෙ සැණකෙළි කරන නයිට් රේස් දුවන, එක රෑට ලක්ෂ ගණන් ක්ලබ් වලට දන් දෙන, එක එක සංවිදාන කියල ටී.වී වල පෙනී සිටින අය මේ වගේ දේවලට හිත යොමු කලොත් රටේම අයට සුබ අනාගතයක් උදාවෙන එක ශුවර්ම තමයි .ලංකාදීපය ඒ මගේ මුලට ඇවිත් අපේ අය පෙළ ගස්වන්න. අපෙත් සහය.(නදී)
අගය කලයුත්තක්. (අ)