IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට


විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි.

මුස්ලිම් ජාතිකයන් බව පැවසෙන මෙම සැකකරුවන් පිරිස මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී කාර්යාලය පවසයි.


කිසියම් පිරිසක් කාලයක සිට නීති විරෝධීව රක්ෂිතයට ඇතුළු වී දින ගණන් එහි නැවතී සතුන් දඩයම්කර එම මස් කැලෑව තුළදීම ගිනිමැල ගසා වියළා පසුව පිටතට රැගෙන එන බවට වනජීවී කාර්යාලයට තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන කරමින් සිටි වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ හදිසි වැටලීමක් කරමින්  සැකකරුවන් සමග අදාළ භාණ්ඩ තොගය මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.


එහිදී අත් අඩංගුවට ගත් දඩමස් හා ගිනි අවි සමග සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


විල්පත්තුව ජාතික උද්‍යානය භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා මහතාගේ උපදෙස් මත,  විල්පත්තුව වනජීවී අඩවි ආරක්ෂක ඩී.එම්.ටී.ඩී. දිසානායක,  මොල්ලිකුලම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක වී.ජී.එම්.ටී. ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම කළහ.

(සටහන සහ ඡායාරූප - කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)



අදහස් (18)

විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට

Dil Saturday, 10 June 2017 09:12 AM

මේ පැත්තේ කිසිම සතෙකුට නිදහසේ ඉන්න හම්බෙන එකක් නෑ.

:       0       212

nimal Saturday, 10 June 2017 09:25 AM

කොහොමද මුස්ලිම් මිනිසුන් අදාළ වන්නේ මේකට...

:       126       4

sanju Saturday, 10 June 2017 10:10 AM

කැලේ මැද්දේ ගෙවල් හදන්න දීල සත්තු පරිස්සම් කරන්න පුලුවන්ද? එකත් දීලා තියෙන්න සතුන්ට ආදරේ කරන සෙට් එකකට. කොහොමද ටිකිරි මොලේ?

:       186       261

mohamed Saturday, 10 June 2017 10:24 AM

මෙහෙම රටට විනාසයක් වෙන විදිහට වැඩ කරන්න එපා....

:       1       25

charith Saturday, 10 June 2017 11:08 AM

සතෙක් පෙන්නන්න බැරි සෙට් එකට නීති දාලා ඕවා නවත්තන්න බෑ. විල්පත්තුවේ එක සතෙක් නැති කරන කම් ඔය කට්ටියට නින්ද යන්නේ නෑ.. කොහොමත්...

:       115       192

palitha Saturday, 10 June 2017 12:28 PM

ඔය සත්තු මරන්නේ හලාල් කරලා වෙන්න ඇති නේද? බලධාරීන්ගේ ඇස් ඇරේවා !!!

:       55       92

රොෂාන් Saturday, 10 June 2017 01:27 PM

ඔය කවුරු කොහොම මෙතන බයිලා ගැහුවත්..... දඩ මස් කෑල්ලක් එක්ක හීන් අඩියකට සෙට් වෙන්න තිබුණා නම් එහෙම..., අපේ අයියලා ටික එපාම කියයි ? පිනට මස් ටික දුන්න කෙනා එතකොට කවුරු වුණත් කමක් නැහැ.

:       3       54

don Saturday, 10 June 2017 02:25 PM

සොබාදහම නොදන්න මිනිසුන් ජිවත් වන රටවල් කාන්තාර බවට පත්වේ. තිරිසන් සතුන්ගෙන් පරිසරය විනාශ නොවේ. එ් මිනිසා විසින් පරිසරයත්, සොබාදහමත් විනාසකරයි...

:       0       23

nandana kumara Saturday, 10 June 2017 03:20 PM

මානව හිමිකම් එකෙන් කොටින්ට මැරුණ අය සමරන්න පුළුවන් කිව්වා වගේ මුස්ලිම් අයට මුවන් මරන්න පුළුවන් කියයිද මන්දා?

:       38       90

ajithSaturday, 10 June 2017 11:15 PM

සිංහල මිනිසුන් මුවන් මරන්නේ නැද්ද?

:       0       0

sarath Saturday, 10 June 2017 05:08 PM

මේකටත් බොදුබල සංවිධානයට බනියිද දන්නෑ... කොහොමටත් ඔය විල්පත්තුවේ ඉන්න අයටයි, සත්තුන්ටයි දැන් සෙනසුරු ලබලා ඇත්තේ...

:       0       0

samantha Saturday, 10 June 2017 05:31 PM

එතකොට මේවා හලාල්ද? නැත්නම් එන පැත්තකට හරවාගෙන මේක කරනවාද?

:       0       0

sarath Saturday, 10 June 2017 05:38 PM

නරින්ට කුකුල්ලු බාර දුන්න වගේ තමයි විල්පත්තුව ..... බාර දීම. ඉක්මනටම විල් ටිකත් හිඳිලා ගියහම මේ ත්‍රස්තයින් ට සතුටු හිතෙයි. සංහිඳියා පරිසර වේදීන්ට හොඳට නින්දයයි බහුතර අපිට කැලයක් නැති වෙයි. එ්ක තමයි සංහිඳියාව කියන්නේ...

:       0       0

pitabaddara jayaa Saturday, 10 June 2017 08:59 PM

මේ ඉතින් එකක් විතරයි... තව මොනතරම් දේ සිදුවෙනවද? මේ මිනිස්සු පොදුවේ ගත්තම රටට, ගහට, කොළට, සතා සිව්පාවට ආදරේ මිනිස්සු නෙවෙයි. අවාසනාව ඉතින් අපේ රටේ පාලකයෝ මේවා නොදැක්ක ගාණට ඉන්න එකනේ...

:       0       0

කරුණාපාල Saturday, 10 June 2017 11:31 PM

සොබාදහම විතරක් නෙමේ, මනුස්සකමත් නැතිව ගිය රටේ, මුවෝ ටික විතරක් බේරුණොත්, ඒකත් ලොකු දෙයක් ?

:       0       0

Gayan Sunday, 11 June 2017 01:46 AM

මේක නම් ලෝකෙටම පිළිකාවක්... ගස්වැල් සතා සිව්පාවෝ මිනිස්සු යන සියල්ල ම විනාශ කරන්න හදන කොට්ඨාසයක්නේ...

:       0       1

max Sunday, 11 June 2017 02:50 AM

මම නම කීයටවත් විශ්වාස කරන්නේ නෑ..මේක මුස්‌ලිම් මහත්වරු කළා කියලා. මේක වෙන කාගේ හරි වැඩක්... මෙහෙම හොඳ මිනිසුන් මුවන් මරයිද?

:       0       0

ravin Sunday, 11 June 2017 05:49 AM

විල්පත්තුවේ තියෙන අනවසර ඉදිකිරීම් වලින් තරාතිරම නොබලා සියලුදෙනා ඉවත් කළා නම් ඉවරයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 102 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 418 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 247 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 623 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 594 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1430 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site