ඇඹිලිපිටිය, උඩවලව හා කොළඹගේආර ඇතුළු වලවේ කලාපයේ අඹ මිල පහළ වැටී දහස් ගණන් අඹ විසි කිරීමට සිදු වී ඇතැයි අඹ වගා කළ අය කියති.
ගවයින්ගේ කෑම සඳහා ඉඳුණු අඹ ගොඩවල් තැන තැන ගොඩ ගසා ඇත.
කර්තකොලොම්බු අඹ ගෙඩියක් ගහ යට දී රුපියල් හතරට පහට අලෙවි විය. රට අඹ රුපියලකි. කොහු අඹවලට මිලක් ඇත්තේම නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කර්තකෝළඹන් ගෙඩියක් රුපියල් පනහක් හැටක් වෙනවා. (ත)
තායිලන්තේ හැම තැනම අඹ හොදට හැදෙනවා. නමුත් එක ගෙඩියක්වත් කුණු වෙන්න ඇරලා නාස්ති කරන්නේ නැහැ. ක්‍රමවත් විධියට කළමනාකරණය කරලා අඹ වලින් විවිධ නිෂ්පාදන කර යුරෝපයේ රටවලට අපනයනය කරලා විස්මිත ලෙස විදේශ විනිමය උපයා ගන්නවා. (ත)
වස විෂ යොදන නිසා මිනිසුන්ට ලංකාවේ පළතුරු ගැන විශ්වාසය නැති වෙලා. (ත)
මම ඉන්නේ මලයාසියාවේ. මෙහෙ කර්තකොලොම්බන් තරම්වත් හොද නැති අඹ ගෙඩියක් රුපියල් 200 ට වැඩී..අලිපේර ගෙඩියක් රුපියල් 200යි. අපේ ගොවියාගේ අස්වෙන්න මේ රටවලට එවනවනම් හොද මිලක් තියෙනවා.(ත)
සිංහගේ කතාව හරියට හරි. (ත)
මොහාන්, ඔයාගේ කතාව ඇත්ත. (ත)
මම ඉන්නේ සැම්බියා.ඇෆ්රිකානු රට වුනත් ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.. කවදා අපේ අයට තේරෙයිද මේවා? (ත)
කලින් සිටම ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොයොදවන්නේ ඇයි (දිල්)
අපේ පාලකයන්ගේ ඔලුවේ තිබෙන්නේ අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් , චෝගම් සමුළු , කැසිනෝ , කුඩු කන්ටේනර් වැනි දේවල් මිසක් අපේ රටේ නිපදවන ආහාර නිසි පරිදි බෙදාහැරීම ගැන නොවේ.(නදී)
නවසීලන්තයේ ඉන්න මගේ මිතුරන් කීපදෙනෙක්ම කිව්වා ඒ ගොල්ල ඔස්ට්‍රේලිය අඹ ගෙඩියක් ගන්නේ රුපියල් 800 කට කියල. පීජි දුපත්වලින් ගේන පුංචි අන්නාසි ගෙඩියක් රුපියල් 500 ක් වෙනවා. මං දන්නේ නැහැ අපේ විදේශ වෙළඳාම දියුණු කරන්න අඹගෙඩි ගානට තියෙන රාජ්‍ය ආයතන ඇයි මේවා නොදකින්නේ කියල. (දිල්)
මේ දවස්වල එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අඹ හොයා ගන්න හරි හිගයි. හරියට ඇසුරුම් කරලා එව්වා නම් මොකද වෙන්නේ.(නදී)
තාමත් අපේ මිනිස්සු අන්තර් ජාතික ක්‍රමවේද භාවිතා කරනවා අඩුයි. විශේෂයෙන් පලතුරු එළවලු වගේ දේවල් වලට ගබඩා සීතකරන වගේ දේවල් ගැන සලකල බලන්න කාලය ඇවිත් නේද ? අපරාදේ මිනිසුන්ගේ මහන්සිය සහ වියදම් කල මුදල්.(නදී)