වැලිවේරිය රතුපස්වල ගැමියන්ගේ පානීය ජල ප්‍රශ්නය විසදීමට රජය පියවර ගෙන ඇතැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා නැගු ප්‍රශ්නවලට උත්තර දෙමින් ඔහු එසේ පැවසීය.
විපක්ෂයේද සහයෙන් රජය ඒ ජල ප්‍රශ්නයට විසදුම් දෙන බව කි ඇමැතිවරයා ඉන් දේශපාලන වාසි නොගන්නැයිද ඉල්ලා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත්ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය සමග රජය දැනටම සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇමැති කීවේය.
වැලිවේරියේ සිද්ධිය ගැන අපක්ෂපාති පරික්ෂණයකත් පවත්වන බවද ඇමැති සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබා දෙනවා නම් ජත්‍යයන්තර පරික්ෂණයක් තමා අවශ්‍ය. (නි)
අනේ අනේ මෙයා දැන් ඇහැරිලා තියෙන්නේ .කලින් හිටියේ බොරැල්ලේ හින්ද වෙන්න ඇති .(අ)
ඉදිරියේදී මීට වඩා ආශ්චර්යයකට සුදානම් වෙන්න. (නි)
කෝ අර අහවල් ඇමති? මේක විදේශ බලවේගයක් සහ කුමන්ත්‍රණයක්.කෝ දැන් කට? (නි)
මොකටද ඕකට අපි ඔච්චර කලබල වෙන්නේ? (නි)
තත්වය උග්‍ර වීම නිසා වෙඩි තැබීමට සිදුවුවා නම් ,දණහිසෙන් පහළට වෙඩි තැබීමට බැරි වූයේ මන්ද? (නි)
පරීක්ෂණය පවත්වන්නේ කැලණියේ ඇමතිද (දී)
අනේ ඇමති අන්කල් ,තවත් සුරංගනා කතාවක් කියන්නකෝ.(අ)
ඇමති තුමා නිකම් බහුබූත දොඩවනවා , ආණ්ඩුව පිස්සු නටනකොට විපක්ෂයට කොමත් නිකම්ම දේසපාලන වාසී ලැබෙනවා , සහනයකට තිබෙන්නේ විපක්ෂ නායක තුමයි ජේ ආර් , රෝහණ විජේවීර , ප්‍රේමදාස වැනි කෙනෙක් විපක්ෂ නායක වෙලා හිටියනම් ආණ්ඩුවට මුණ දෙන්න වෙන්නේ මිට වඩා විශාල අර්භුදයකට
යුධ හමුදාව කුළුණු බර නෙතින් උපේක්ෂා සහගතව බලා හිදිද්දී බටහිර අධිරාජ්ජය වාදීන්ගේ මෙහෙය වීමෙන් පිට සක්වලින් පැමිණි පිරිසක් රජය අපහසුතාවට පත් කරන්න මේ ප්‍රහාරය එල්ල කළා විය හැකිද ?එසේ නම් ඔවුන්ට දඬුවම් දීම ප්‍රයෝගිකව කලනොහැක .ඔවුන් ශාක්ෂි නැති කිරීමට විදුලිය ද විසන්ධි කර ඇත
යුධ හමුදාව කුළුණු බර නෙතින් උපේක්ෂා සහගතව බලා හිදිද්දී බටහිර අධිරාජ්ජය වාදීන්ගේ මෙහෙය වීමෙන් පිට සක්වලින් පැමිණි පිරිසක් රජය අපහසුතාවට පත් කරන්න මේ ප්‍රහාරය එල්ල කළා විය හැකිද ?එසේ නම් ඔවුන්ට දඬුවම් දීම ප්‍රයෝගිකව කලනොහැක .ඔවුන් ශාක්ෂි නැති කිරීමට විදුලිය ද විසන්ධි කර ඇත
මේ ප්‍රදේශය තව වස 10-15 යනතුරු මේ රසායන වල විපාක විදින්න වෙනවා. නුසුදුස්සන් ඉහළ තැන් ඉන්නකොට ඔහොමතමයි (අ)
රනිල් මහත්තයෝ, මේවට ඉඩ දෙන්න එපා. දැන්වත් රටට සත්‍ය දැනගන්න ඉඩ දෙන්න (නි)
පාර අවහිර කරන්න අනුබල දීපු අය ගැනත් හොයන්න. (නි)
පානීය ජලය දෙන එක නෙමෙයි විසදුම. ඇසිඩ් එකතු වෙන එක නවත්තන එකයි. (නි)
කාගෙවත් උවමනාවට මේ පහර දීම කලේ,එත් මේවට උතර දෙන්න දාල තියෙන්නේ වෙන කාටවත්
අර මොරටුවේ සිද්ධියේ වාර්තාව සහ නිදහස් වෙළද කලාපයේ මරණය වාර්තාව තවමත් නැහැ. මේකටත් එහෙම වේවිද දන්නෙ නැහැ (නි)
ඔය වාර්තා අපිටත් බලන්න පුළුවන් නම්..... (නි)
මොනවාද ගරු ඇමතිතුමනි අරන් තිබෙන පියවර? (නි)
අහිංසකයන් තුන්දෙනෙකු පරලොව යන්න කලින් ඔය පරීක්ෂණ කළානම් කෙතරම් වටිනවාද? (නි)
අනේ ඇමතිතුමා, ඔයා කොහෙද හිටියේ මෙච්චර කල්? (නි)
ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය සමග රජය දැනටම සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇමැති කීවේය. අසරණ මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙව්වේ. (අ)
කී දෙනෙක් දැන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වනවාද? හමුදාව එකයි, පොලිසිය එකයි, මානව කොමිසම එකයි, ආණ්ඩුව තව එකයි. මොකද්ද මේකේ තේරුම? ඇයි ස්වාධින එක පරීක්ෂණයක් කරලා හමුදාව මෙතෙන්ට ගෙන්නපු අයටයි, වෙඩි තියන්න අණ දුන් අයටයි, නීති විරෝධී විදියට නම් මේවා කරලා තියෙන්නේ, දඬුවම් දෙන්නේ නැත්තේ? (නි)