යුද හමුදාව වැලිවේරීයේදී පසු ගිය බ්‍රහස්පතින්දා (01) පාවිච්චි කළැයි කියන ටී 56 තුවක්කු 90 ක් රජයේ රස පරික්ෂක වෙත යැවීම සදහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරගෙන ඇත.
මේ ගැන විමසුවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා පැවසුයේ එදා වැලිවේරියේ අවි දැරු සියලු දෙනාගේ අවි රස පරික්ෂක වෙත යොමු කරන බවයි.
වැලිවේරියේ බීමට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන් හා හමුදාව අතර ගැටුමෙන් තිදෙනෙක් මරුමුවට පත් වුහ.තිස් හත් දෙනෙක් තුවාල ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අපේ පාසල් ළමයා... (නි)
හොරාගේ අම්මාගෙන් පෙන ඇහුවා වගේ වැඩක් (දී)
කිසිම සැකයක් උපදවා ගත යුතු නැත.යුද හමුදාව වැරදිකරුවන් නොවීමටද ඉඩ ඇත. (නි)
හරි නම් මේ තුවක්කු අත්අඩංගුවට ගන්න තිබුනේ වෙඩි තැබූ දිනයේදීමයි. මෙතන ප්‍රශ්නය තුවකු නොව නිරායුධ මිනිසුන්ට වෙඩි තැබීමට සහ මාධ්‍යවේදීන්ට පහර දීමට කවුද අණ දුන්නේ කියන එකයි (නි)
දැන් ඔය ඉදිරිපත් කරලා තියෙන්නෙ එතනට අරගෙන ගිය ඒවමද කියලා කොහොමද දන්නෙ. (නි)
කරපු අපරදෙට නීතියෙන් විතරක් මදි ස්වබාව ධර්මයෙනුත් දඩුවම් දෙන්න ඉක්මනටම! (නි)
උණ්ඩයේ රස අසරණ තිදෙනෙක් රස බලලා මරු වැළඳ ගත්තා. තව තිස් හත් දෙනෙක් රෝහලේ රස විඳිනවා. (නි)
ප්‍රතිපලය මිනිස්සු දන්නවා. (නි)
අනුමානයක් නැහැ වාර්තාවේ සඳහන් වෙයි එහි ජනතාව වගකිම බාර ගත යුතුබව (නි)
නිළධාරීන්ටත් ආතතිය හැදෙයිද දන්නෙ නැහැ (නි)
හරි නම් මේ තුවක්කු අත්අඩංගුවට ගන්න තිබුනේ වෙඩි තැබූ දිනයේදීමයි. මෙතන ප්‍රශ්නය තුවකු නොව නිරායුධ මිනිසුන්ට වෙඩි තැබීමට සහ මාධ්‍යවේදීන්ට පහර දීමට කවුද අණ දුන්නේ කියන එකයි (දී)
කීයක් මලාද,කීයක් අතුරුදහන් වුනාද,කී දෙනෙක් අයි.සි.යු. එකේ කී දෙනෙක් තුවාල කාරයෝ ඉන්නවද කියල අර්නර්ජාලයේ සදහන් කරලා තිබුන.ඔය මිනිස් සංහාරය ගැන මුළු ලෝකෙම දන්නවා.(දී)
ප්‍රබල ඇමති කෙනෙක් වෙඩි තියපු එක සාධාරණීකරණය කරලා තිබුනේ. තව මොනවද?එච්චරයි (අ)
දොවාගත් කිරි වලට ගොන් බෙටි දානවා කියන්නේ මේකට.(දී)
කව්දෝ බන්දුල පෙරේරා වෙන්න හදනවා.කොන්දක් තියෙනවා නම් තමන්ගේ නමින් අදහස් දාලා එන විවේචන වලට මුහුණ දෙන්න.මගේ මතය බලහත්කාරෙන් වෙන අයට පටවන්නවත් වෙන අයගේ මත පිළිගන්නවත් මට අවශ්‍ය නැහැ.අවශ්‍ය නිදහසේ මත ප්‍රකාශ කිරීම පමණයි. (නි)
දිසානාය,පාරට බැහැලා පාර හරස් කරලා මේ අසාදාරන ඝාතන වලට විරුද්ධව උද්ගෝෂණයක් සුදානම් කරන්න ඔය බයිලා කියා කියා ඉන්න වෙලාවේ. අසහාය නායක පොන්සේකා මහතාවත් පෙරටු කරගෙන හෙටම වැඩේට බහින්න.එන්න ටිකට් එකේ සල්ලි ඕනෑ නම් මම දෙන්නම්.මට හරි ආසයි ඔයා මුහුණ කට කඩාගෙන අත පය කඩාගෙන හැම තැනම වෙලාගෙන ඉස්පිරිතාලේ ඉන්නවා දකින්න. (නි)
රස පරීක්ෂක:'වැලිවේරියේ සිද්දියට සම්බන්ද තුවක්කු පරීක්සා කිරීමේදී මිටෙහි දාඩිය මුසු ලුණු රසකුත්,බදෙහි මලකඩ රසකුත්,බටයෙහි වෙඩි බෙහෙත් රසකුත්,මම තේ බොමින් සිටි බැවින් මද පැණි රසකුත් දැනිණි.ලෙයෙහි රස නොහදුනන ජනතාවක් සිටින රටකට මෙමෙ වාර්තාව ප්‍රමාණවත් යයි සිතමි.' (දී)
බන්දුල, දැන් අසනීපය හොදයිද (දී)
දිය පොදක් සොයන් තොල් වියලෙන පිපාසෙට... ජන රොදක් ලෙසින් පැතුවා විස නැසෙන්නට...... වෙඩි පතිත වුනා පට පට පපු කැවුත්තට ..... නුබ මළත් මලේ අපි එමු අඩු මකන්නට................. අරුත් සුන් වදන් දොඩවන ගිරව් කැනහිලු...... හෙටත් නගති උන් මේ ඝෝර බොරුව බියගුළු.... (නි)
වතුරේ රස දැනෙන්නේ නැතිකොට තුවක්කු වල රස හොයන්නේ කෙසේද? රස වෙනස් කරන හැටි හා වෙනස් වන හැටි දන්නා ශ්‍රී ලාංකිකයින්ට අභ්‍යාවකාශයේ සිට පැමිණි උණ්ඩයකින් මනුෂ්‍ය ඝාතන සිදුවූ බව නිගමනය වුවද අරුමයක් නොවනු ඇත. (නි)
සාක්කි මෙච්චර පැහැදිලිව පෙනෙන්න තියෙද්දී? (නි)
මම කලින් කියපු කතා වලටද මන්දා මට දැන් පිස්සු වගේ (නි)
තීන්දුව මොකද්ද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
බලමුකෝ. අපි ජීවත් වෙන්නෙත් රට තුලමනේ (නි)
ඉක්මනටම මැරුණු තුවාල වූ අයට වන්දි ලබාදෙන්න හැකි උදව් කරන්න (නි)
ගණන වෙනස් නොවී ඔහොමම තිබුණොත් ගොඩාක් හොදයි.... (නි)
ඔය ආයුධ වලට සමාන වෙන ඒවා යැවුවොත් නම් ඒවායේ රස වෙනස් වෙනවා නේද? (නි)
මේ තරම් ප්‍රමාද වෙලා? (නි)
රස බලලා ඉක්මනට වැරදි කව්ද කියලා කියන්න. (නි)
අම්මෝ ඕකට ටී56 ඒවා මේචචර ගෙනැවිල්ලද? තව හොරෙන් ගෙනාපු ඒවා කීයක් ඇද්ද දන්නෙ නැහැ (නි)
ඉතුරු වෙලා තියන වැඩ ටිකත් ඔය විදිහටම හමුදාවට කියලා කරන්නකො. ඊට පස්සෙ ඕනෑ නම් ප්‍රකාශයකුත් නිකුත් කරමු (නි)
ලේ රස මොන රසයිද දන්නෙ නැහැ (නි)
රස පරීක්ෂක තීරණේ මොකක් වෙයිද දන්නෙ නැහැ (නි)
රස බලල ඕන් පැණි රසයි කියලා කියනවා එහෙම නෙමෙයි ඕන්. (නි)
වෙඩි තියලා තියෙන්නේ දෙවැනි පාර්ශවයේ තුවක්කු වලින්ද දන්නෙ නැහැ (නි)