IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘වැලිවේරිය පොලිසියට එන්න කිව්වෙත් නැහැ‘

‘අද වැලිවේරිය පොලිසියට එන්න කියා හමුදාව ගම්වාසීන්ට දැනුම් දී නෑ. අපි කිසිම කෙනෙකුගෙන් බලෙන් ප්‍රකාශ ගන්නේ නෑ. කැමති කෙනකුට ඇවිත් ප්‍රකාශ දෙන්න පුළුවන්. කැමතිනම් නොදී ඉන්නත් පුළුවන්.‘ යැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

‘මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නා ඇවිත් ප්‍රකාශයක් දෙන්න කියා. නමුත් සිතාසි යැව්වේ නෑ. වැලිවේරියෙ සිදුවේමෙදි මාධ්‍යයට ගැටළුවක් වුණාදැයි සොයා බැලීමට තමයි මාධ්‍යවේදීන්ට එන්න දැනුම් දුන්නේ. මාධ්‍යවේදීන්ට අනිවාර්යෙන්ම එන්න කියා අප දැනුම් දී නෑ.

මාධ්‍යවේදීන් ඇවිත් ප්‍රකාශ දුන්නොත් ඔවුනට සිදුවුණැයි කියන ප්‍රශ්න ගැන අපේ වාර්තාවේ ඇතුළත් කරන්න පුළුවන්.  ‘ යැයි ද බ්‍රිගේඩියර්වරයා පවසයි.

මහජනයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වැලිවේරිය පොලිසියේ අද ශාලාවක්ද වෙන් කර තිබූ බව එහි ගිය මාධ්‍යවේදීහු දුටහ.

පොලියේ උසස් නිලධාරියකු පැවසුවේ ප්‍රකාශ ලියා ගැනීම සඳහා යුද හමුදාවෙන් එන බව දන්වා තිබූ බවයි. ඒ අනුව  අවශ්‍ය පහසුකම් සැපයූ බවත් ඔහු කියයි.



අදහස් (0)

‘වැලිවේරිය පොලිසියට එන්න කිව්වෙත් නැහැ‘

කුමාර Monday, 19 August 2013 09:47 AM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..... (ස)

:       0       0

කින් බෙනට් Sunday, 18 August 2013 07:25 PM

මම අදනේ දන්නේ දැනුම් දීම කියන එකෙයි, සිතාසිය කියන එකෙයි තේරුම එකයි කියලා. මෙච්චර කල් හිතාගෙන හිටියේ සම්පුර්ණයෙන්ම තේරුම් දෙකක් කියලා.අද ඒකත් දැනගත්තා.දැන් අපේ ළමයෙකුට වුණත් උගන්වන්න පුළුවන් විභාගයේදී දැනුම්දීම කියන එකට සමාන වචනයක් කියන්න කිවුවොත් සිතාසිය කියලා ලියන්න කියලා (නි)

:       0       0

කින් බෙනට් Sunday, 18 August 2013 07:28 PM

පොඩි ලියුම් කෑල්ලක් වත් හරියට ලියාගන්න බැරුව කොහොම තනතුරු දරනවද මන්දා ....[ 2013.08.17 වන 09.00 පැයට ](නදී)

:       0       0

කින් බෙනට් Sunday, 18 August 2013 07:30 PM

නීල් රණා... ඔබ මෝඩයෙක් බව ඕනවට වඩා පෙන්වීමෙන් වලකින්න.(නදී)

:       0       0

රනිල් ඩබ් Sunday, 18 August 2013 07:46 PM

මෙතන ඉන්නේ මාර කඩේ යන කට්ටියක්. උඩින්ම සිතාසිය කියලා ගහලාම තියෙද්දිත් මේක සිතාසියක් නෙවෙයි කියනවානේ. (දී)

:       0       0

සජිත් Sunday, 18 August 2013 07:59 PM

අනේ අපේ හමුදාව

:       0       0

නිකී ප්‍රනාන්දු Monday, 19 August 2013 10:23 AM

''සාමන්‍ය ජීවිත්යෙදී අපි පිස්සොත් එක්ක කතාවට යන්නෙ නැහැ. එහෙත් අන්තර් ජාලයේදි අපිට ඒ වගේ අයත් හමුවෙනවා. බන්දුල පෙරේරා කියන මනුස්සයා දැක්කම මට ඒක මතක් වුනේ''...... ඉසුරු , අන්තර්ජාලයේ වුණත් බන්දුල පෙරේරා වගේ පිස්සෝ දකින්න ලැබෙන්නේ කලාතුරකින් තමා .. (ස)

:       0       0

රෝහණ Monday, 19 August 2013 10:35 AM

යුද හමුදාවේ උසස් නිලධාරීතුමනි ඔබතුමාලා ඔබේ හමුදාවට තිබෙන ගෞරවය ඔබලාගේ ක්‍රියාකාරකමින්ම නැති කරගන්න යන්නේ. මිනිස් ජීවිත කියන්නේ මිලකින් කියා නිම නොකළැකි දෙයක් අනික විනය කියන එක යුද හමුදාවකට තිබිය යුතුම දෙයක්. එහෙම නැතිවුනත් අපේ රට නොදියුණු ජාතියක් වශයෙන් ලෝකය හදුන්වාවී. එය නැති කරගන්න ලොකු සටනක් ගෙන යන්න වේවි.(ස)

:       0       0

කොඩිතුවක්කු -කොක්මාදුව. Sunday, 18 August 2013 08:44 PM

ජනතාවට කරපු අපරාදයට මදිවට දෙන ටොන් පච හලනවා ... (දී)

:       0       0

චමි Sunday, 18 August 2013 08:45 PM

දැන් මේගොල්ලන්ගේ අස්චර්යය බේරෙනවා මානව හිමිකම් අමු අමුවේ කඩනවා හත්පොලේ ගාගෙන නේද මහත්තයෝ කරපු වරද පිළිඅරන් ඕගොල්ලන්ට සෙත් පතපු බොඩි පුජ තියපු ඒ අසරණ මිනිස්සුන්ට සදරනයක් කරන්න . මේ මුල් පාර නෙවෙඉනෙ (දී)

:       0       0

ද සිල්වා Sunday, 18 August 2013 11:49 PM

හමුදාවේ කට්ටිය උසාවි ගියාම කියාවිද දන්නෙ නැහැ මතක නැහැ කියලා (නි)

:       0       0

තිලක් Monday, 19 August 2013 12:10 AM

වැරදිකරුවන්ට දඩුවම් දෙන්න බය ඇයි? (නි)

:       0       0

ටිකිරි Monday, 19 August 2013 01:31 PM

ඉහත ඡායාරූපයෙන් පෙන්වලා තියෙන්නේ යුද්ධ හමුදාව මගින් කරනු ලබන මූලික පරීක්ෂණයක් සඳහා සාක්කි දීමට සිවිල් පුද්ගලයන්ට කරලා තියන දැන්වීමක්. ඒක යුද හමුදාවේ සම්ප්‍රදායටයි කරලා තියෙන්නේ. ඒකේ පහතින් හමුදාවේ උසස් නිලධාරියෙක් අත්සන් කරලත් තියනවා. ඒක නීත්‍යානුකූල ලියවිල්ලක්. කාරුණිකව කරලා තයන දැන්වීමක්. මට හිතෙන විදියටනම් ඒකේ මාතෘකාව කුමක් වුනත් ඒක එතරම් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් දැන් අවංකව ප්‍රශ්නය විසඳා ගන්න අවශ්‍යතාවයක් තියනවා නම්, තමන්ට යුද්ධ හමුදාවෙන් යම් අසාධාරණයක් වෙලා තියනවා නම් ප්‍රශ්නය අවුල් කරන්න යන අයගේ බොරු අර්ථ කථන වලට අහුවෙන්නේ නැතුව , නීති ගරුකව මේවට උදවු කරන්න ඕනෑ. (නි)

:       0       0

බඩී Monday, 19 August 2013 05:27 AM

හමුදාව ඉදිරියේ සිවිල් ජනතාව සාක්ෂි දීම කිසිසේත්ම නොකළ යුතුය. මෙහි පණ්ඩිත අදහස් දක්වන සම හරක්ට එහි බරපතලකම නොදැනෙන හැටි. මෝඩකම පෙන්නන්න එපා අනේ. (නි)

:       0       0

තිසර Monday, 19 August 2013 02:01 PM

හමුදාපතිතුමා හමුදාවේ නම රැක ගනිත්වා! (නි)

:       0       0

අනුරාධ Monday, 19 August 2013 05:48 AM

හමුදාවට දැනටමත් ජාත්‍යයන්තර ප්‍රශ්නයක් තියෙද්දී ඇයි ඔහොම මෝඩ වැඩ කරන්නේ? (නි)

:       0       0

සත්‍ය Monday, 19 August 2013 05:56 AM

බන්දුල, අනුන්ගේ කටේ සුප්පු ඔබන්න කලින් ඔයාගේ සුප්පුව කලින්ම වෙන්කරගන්න හොඳේ? දේවාලේ කපුවෝ පහ කරන මළ වල ගඳ දෙවියන්ටත් දැනෙන්නේ නැතිලු. (නි)

:       0       0

බඩී Sunday, 18 August 2013 04:05 PM

හමුදා උසාවියකට පුලුවන්ද සිවිල් ජනතාවට සිතාසි යවන්න. හොදම දේ තමා මේ හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධව සහ අපරාධ සම්බන්ධයෙන් උසාවියක නඩු පවරන එක. ඒකට මාධ්‍යවේදීන් සහ සිවිල් ජනතාව සාක්ෂි දෙයිනේ. (නි)

:       0       0

උපාලි Monday, 19 August 2013 06:10 AM

සත්‍යපාල, ඔබ හරියටම හරි. බන්දුල, ඔබ සමග පළවෙනි වතාවට මම විරුද්ධ වෙන්නේ කණගාටුවෙන්. 'සාක්ෂි කරුවෙකුට සිතාසිය' කියන්නේ ආරාධනා පත්‍රයක්ද? උසාවියෙන් යවන්නෙත් මෙයට සමාන ලියවිල්ලක් තමයි. මේ ලිපියේ 'කාරුණිකව' කියන සම්ප්‍රදායික යෙදුම ඉවත්කලොත් මේක නියෝගයකට සමානයි. සිතාසි යැව්වේ නැහැ කියන එකේ තේරුම මොකක්ද මේ ලියවිල්ලේ 'සිතාසිය' කියල ලියලම තියෙනකොට. මෙවැනි ප්‍රකාශ මගින් කෙරෙන්නේ එකක් කඩතොළු වසාගන්න ගිහින් තවත් කඩතොළු ඇතිකරනවා කියන එක තමයි මටත් පේන්නේ. එයින් අසීරුතාවයට පත්වෙන්නේ රජයමයි කියන එක මේ ප්‍රකාශකයන්ට නොතේරීම අවාසනාවක්. (නි)

:       0       0

සත්‍යපාල Sunday, 18 August 2013 04:25 PM

"එකක් කඩතොළු වසාගන්නට ගිහින් මට වුන කාරියා, ගොඩක් කඩතොළු හදා දුන්නයි කම්මලේ ආචාරියා " කියලා පරණ මිනිස්සු කියුවේ කට කහනවට නොවේ.ටිකෙන් ටික මේ ගැටළුව පඹ ගාලේ පැටලෙනවා.කරුණාකර පියවර කිහිපයක් පස්සට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යන්න.ඔය යන්නේ වැරදි පාරේ.ඔහොම ගියොත් අමාරුවේ වැටෙනවා වැටෙනවාමයි. විවේචනය කරන්නේ හදාගන්නට මිස බන්දුල පෙරේරා වගේ කරන වැරදි සියල්ල හරි කියමින් තවත් වැරදි මග යන්නට නොවේ.ඉතිහාසය පුරා ලේ වැගිරුන මේ රටේ තවත් ලේ වැගිරෙන්නට නොදී රට තබාගන්නට දේශපාලකයන්ට වඩා පුරවැසියන් වන අපිට කැක්කුමක් වගකීමක් තිබෙන නිසාමය. (නි)

:       0       0

නීල් රණා Sunday, 18 August 2013 04:34 PM

සාක්ෂිකාරියක ලෙස සාක්ෂි ලබාදෙන්න කැමති මාධ්‍යයවේදීන්ට කැමති නම් පමනක් ඉදිරිපත් විය හැකි බව නේද මේ පවසා ඇත්තේ? (නි)

:       0       0

අසංක Monday, 19 August 2013 02:06 PM

දේශපාලකයෝ එපා වෙලා ඉන්න ජනතාවගේ ගෞරවය හමුදාවට ලැබෙන එක නවත්වන යෙදූ උපායක්ද මේ? (නි)

:       0       0

අමිල Sunday, 18 August 2013 04:38 PM

"ඇස්පනා පිට බොරු වීම" (නි)

:       0       0

රත්න Sunday, 18 August 2013 04:44 PM

බුදු අම්මෝ! දැන් එහෙනම් සිතාසි යවන්නේ භූතයෝද? (නි)

:       0       0

කමල් Sunday, 18 August 2013 05:02 PM

මේ ඡායාරූපය දැක්කම ප්‍රකාශ කරන අය ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා අපට, ඒ අයට කිසිම ලැජ්ජාවක් නැතුවා ඇති. තව මොකක්හරි කියයි දැන් මේක වහන්න. ලැජ්ජා නැතිකම මොකක්ද එකටත් වඩා ලොකුයිනේ (නි)

:       0       0

රසික Sunday, 18 August 2013 05:07 PM

මේ කැදවලා තිබෙන ලිපිය යවලා තියෙන්නේ තුන්වනි පාර්ශවයේ අයෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

ඉසුරු Monday, 19 August 2013 07:19 AM

සාමන්‍ය ජීවිත්යෙදී අපි පිස්සොත් එක්ක කතාවට යන්නෙ නැහැ. එහෙත් අන්තර් ජාලයේදි අපිට ඒ වගේ අයත් හමුවෙනවා. බන්දුල පෙරේරා කියන මනුස්සය දැක්කම මට ඒක මතක් වුනේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 August 2013 05:36 PM

තුවක්කුවේ බලය අහිංසකයන්ට පෙන්නලා දැන් එක එක කතාත් කියනවා. (නි)

:       0       0

වරුණ Monday, 19 August 2013 07:57 AM

දැන් ඒකත් නැහැ කියනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 19 August 2013 08:09 AM

උපාලි මහත්තයට මම හැමදාමත් ගරු කරනවා..සිතාසිය කියන වචනේ නියමාකාරයෙන් බරපතල ආකාරයෙන් අර්ථ දැක්වෙන්නේ සිවිල් නීතිය අනුව සිවිල් අධිකරණ ක්‍රියාවලියකදී..මෙතන අර්ථ දැක්වෙන්නේ වෙන විදියකට..සාක්කි දෙන්න නියෝග දෙන්න හමුදාවට බැහැ කියලා මේ අදහස් දාන අය දන්නෙම නැතුව ඇති කියල හිතනවද? මේ වචනයක පටලැවිල්ල අල්ලාගෙන එතනත් හමුදාවට පහර ගහන්න හදන්නේ..පරමාර්ථ පැහැදිලියි .හිටපු හමුදා සාමාජිකයෙක් හැටියට මම දන්නවා හමුදා සමාජිකයා මේ රටේ නීති පද්ධති දෙකකට යටත් බව..වරදකට සිවිල් නීතියෙන් දඩුවම් ලැබූ පමණින් හමුදා නීතියෙන් ගැලවීමක් නැහැ..සිවිල් නීතියට අභියෝග කිරීමක් නෙමෙයි එතන යන්නේ වෙනස් ක්‍රියාවලියක්.ඒ ක්‍රියාවලිය සදහා මහජන සහය පැතීමක් කරලා තියෙනවා..ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා.සිවිල් උසාවියක වගේ ආවේ නැහැ කියලා අල්ලලා හිරේ දාන්න හමුදාවට බැහැ..මේ ලිපියේ අරමුණත් එක නෙමෙයි..සිතාසිය කියන වචනේ කට්ටිය තමන්ගේ වාසියට ඉතාමත් දැනුවත්වම හමුදාවට පහරගහන්න භාවිතා කරනවා... (ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 18 August 2013 06:25 PM

සිවිල් උසාවියක සිතාසියකයි මේ ලිපියෙය් වෙනස වටහාගන්න බැරිද? සත්‍යපාල මහත්තයෝ, එන්න සුප්පුවක් කටට දීලා නලවන්න.කාටවත් බලෙන් සාක්කි දෙන්න එන්න කියලා තියෙනවද මේකේ.හමුදාවේ පරීක්ෂණයයි පොලිස් පරීක්ෂණයයි කියන්නේ දෙකක්.මේ පරීක්ෂණය යන්නේ හමුදාව් පැත්තෙන්. වැරදි කරුවන් ඉන්නවා නම් හමුදා නීතිය යටතේත් ඔවුනට හිමි දඩුවම ලබලා දෙන්න.හමුදාවෙන් පීඩා වින්දා කියන අයගේ සාක්ෂි ඒකට වැදගත්.. (නි)

:       0       0

දසුනි Sunday, 18 August 2013 06:30 PM

ජාත්‍යන්තර බලවේග මර්දනය කරන්න බැහැ කියමුකෝ.ලෝකයේ හොදම හමුදාවක් ඉන්න අපිට ඔය කියන "තුන් වෙනි පාර්ශවය" හොයා ගන්න බැරි ඇයි? (නි)

:       0       0

බුද්ධි Sunday, 18 August 2013 06:48 PM

මේ රටේ හමුදාවට තිබුණ තැනත් නැති වෙන්නයි යන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2260 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1700 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2520 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2689 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 621 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1233 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35982 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site