IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘වැලිවේරිය වෙඩිතැබීමේ සාක්කි වනසන්න දෙන්න එපා‘

‘ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් විටින් විට වැලිවේරිය ප්‍රදේශයට ඇවිත් කටඋත්තර  ගැනීමට යැයි  කියමින් ජනතාව යුඳ හමුදා   කඳවුරු  වෙත ගෙන යාමට උත්සහ කර තිබෙනවා.   හමුදාව   මේ අයුරින් කට උත්තර  ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව අපේ විරෝධය පල කරනවා.‘ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුව වෙනුවෙන්  නීතිඥ නාමල් රජපක්ෂ මහතා ගම්පහ වැලිවේරියේදී පැවසීය.

‘මේ  කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ  කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී තියෙනවා. එබැවින් හමුදාව විසින් සාක්කි විනාශ කිරීමට හෝ වෙනස් කරන්න උත්සහ කරන්න  එපා.

හමුදාවට මේ සම්බන්ධයෙන් මැදිහත්වී සාමාන්‍ය ජනතාවගේ කටයුතු වලට ඇගිලි ගැසීමට නීත්‍යානුකූල බලයක් නැහැ. පොලිසියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉඩදෙන්න.

හමුදාව මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී  පොලිසියෙන් උදව් උපකාර ඉල්ලා තියෙනවා, ජනතාවගෙන්  කට උත්තර ලබා ගැනීම සඳහා.   

 හමුදාව  සාමාන්‍ය ජනයා සමග ගැටුමක් ඇති වී ඇති අවස්ථාවක, ඔවුන්  උත්සහ කර තියෙනවා, ජනතාව ගනේමුල්ල යුද හමුදා කඳවුර වෙත ගෙනයාමට.

නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය කැමැත්තක් දක්වා නැහැ. ජනතාව කැමැත්තක් දක්වලත් නැහැ.

අපි ඒ නිසා නැවතත් ඉල්ලා සිටිනවා යුද හමුදාවෙන්,  මේ පරීක්ෂන ස්වාධිනව කරන්න පොලිසියට ඉඩ දෙන්න කියලා.

හමුදව මේ ජනතාව සමග ආරවුල් ඇතිකරගන්නේ නැතිව   ස්වාධීන පරීක්ෂණයක් කර  ඒ ගොල්ලන්ගේ නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.

නමුත් සාමාන්‍ය ජනතාවගෙන්  ප්‍රකාශ ලබා  ගැනීමට   අවස්ථාවක් හමුදාවට ලැබිය යුතු නැහැ. ඒ අවස්ථාව උදාකරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. 

හමුදාව ප්‍රකාශ කර තියෙනවා  ප්‍රහාර එල්ල කළේ, හමුදාව  කුපිත කළේ තුන්වෙනි  පාර්ශවයක් විසින් කියලා.

 නමුත් ඒ සම්බන්ධයෙන් කතාකරන ජනතාව ඉන්න, මෙතන. ඔවුන් කිසිදු අවස්ථාවක තුන්වැනි පාර්ශ්වයක් හෝ වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධ වුණේ නැහැ කියලා කියනවා.

මිනිසුන් සැබෑ ලෙසම වතුර  අවශ්‍යතාවය වෙනුවෙන් තමයි, සටන් කරලා අන්තිමට පාරට බැස්සේ.

දැන් හමුදාවේ උත්සහයක් තියෙනවා ගම්පහ  මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මරණ පරීක්ෂණ අවස්ථාවේදී වෙනත් සාක්කිකාරයන් යොදවා මේක වෙනත් පාර්ශ්වයක් හෝ දේශපාලන කණ්ඩායමක් විසින් කළා කියලා කියන්න.

මේ  සිද්ධිය හරියට දැක්ක ඇසින් දුටු අය කරුණාකර  ඒ අවස්ථාවට ඉදිරිපත් වී සාක්කි දෙන්න.  මේ සිද්ධිය යටගහන්න ඉඩදෙන්න එපා.

මෙය හෙළි දරව්කරගන්න ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි නීතිඥ සංගමය වෙනුවෙන් හැමෝටම නිති ආධාර නොමිලේ ලබා දෙනවා.‘

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ  නීතිඥ හරිෂ්ක සමරනායක මහතා -

 අද දවසේ අපි පොලිසියට පැමිණියේ මේ ගමේ ජනතාව අපෙන් ඉල්ලීමක් කර තිබූ නිසයි. අද හමුදාවෙන් ඇවිත් කට උත්තර   ගැනිමට වැලිවේරිය පොලිසියට එන බව කියා තිබෙනවා.

 ඒ නිසා ඇවිත් මිනිස්සු වෙනුවෙන් කතාකරන්න කියලා කියලා ඉල්ලීමක් කළා.

වැලිවේරිය නගර මාධ්‍යයේ සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් අපෙන් නීති උපදෙස් පැතූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අනුබද්ධ ආයතන වලින් ප්‍රකාශ නිකුත් කළා නොමිලේ නිතිඥ සහාය ලබා දෙනවා කියලා.

ඒ අනුවයි අපි මෙතනට ආවේ. එතකොට අපිට දැන්ගන්ට ලැබුණා පොලිසියට  ඇවිල්ලා හමුදාවෙන් කට උත්තර ලබා ගන්නට යනවා කියලා.

අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේ  සම්පුර්ණ බලතල හිමිවන්නේ අපරාධ නඩු සංග්‍රහයේ 108,109 වගන්ති අනුවයි.

ඒ වගන්තිවලට අනුව ඒ සදහා බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට හෝ ඇමතිවරයා විසින් පත්කරන ලද යම් බලධාරියෙකුට.  එහෙම බලධාරියෙක් පත් කළා කියලා මෙතන ගැසට් පත්‍රයක් නැහැ.

ඒ නිසා දැනට කට උත්තර ලබා ගැනීමට පුළුවන් එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි.

යම් කෙනකුට කියන්න  පුළුවන් මම කැමත්තෙන් හමුදාවට කට උත්තර ලබා දෙන්න යනවා කියලා.  හමුදාවට විතරක් නොවේ. දේවාලේ කපු මහත්තයා ළගට වුවත් කටඋත්තර දෙන්න යන්න පුළුවන්, කැමැත්තෙන්.  ඒකේ  කිසි ප්‍රශ්නයක් නැහැ.

 නමුත් අපි  ජීවිතෙන් බැඳිලා ඉන්නවා කට උත්තරයක් දෙන්න ශ්‍රී ලංකා පොලිසියට  පමණයි කියන දෙයට.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය බාර පොලිස් කණ්ඩායම. ඒ නිසා ඒ අයට කට උත්තර ගන්න පුළුවන්.  ඒ ඇරුනම වෙනත් ආයතනයකට  කට උත්තර ගන්න  නීතියෙන් කිසිම බලයක් නැහැ.

ඒ වගේම අපි දන්නවා දැනට ගම්පහ උසාවියේ නඩුවක් තියෙනවා මේ මරණ සම්බන්ධයෙන්.  මේ නඩුව තිඛෙන්නේ මේ මරණ සම්බන්ධයෙනුයි.  ඒ නිසා වෙනත් ආයතනයක් ඇවිල්ලා  මරණ සම්බන්ධයෙන් කට උත්තර ලබා ගන්න යනවා නම් ඒ නඩුවේ තියෙන සාක්කි වලට අයථා බලපෑමක් කළා කියන කාරණාවට යටත් වෙනවා.

ඒ  නිසා යම් කෙනෙක් ඉන්නවා නම් මේ අයට දැනුම් දීලා ඇවිල්ලා සාක්කි දෙන්න කියලා ඒ අය ඒ සාක්කි විනාශ කිරීමක් යන කාරණා මත අත්අඩංගුවට ගන්න පුළුවන් බව නීතියේ තියෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය සම්පුර්ණ සහයෝගය දෙනවා කියලා තියෙනවා, පරික්ෂණ ස්වාධිනව කරන්නට.  ඉතින් අපි අද දවසේ ඉල්ලා සිටිනවා, යම් කෙනෙක් උත්සහ කරනවා නම් මේ සාක්ෂි වෙනස් කරන්න හෝ නිතියට පරිබාහරිව සාක්කි විනාශ කරන්න කටයුතු කරන්න  නීතියේ ප්‍රතිපාදවලට පිටස්තරව වෙන වෙන ආයතවන වලින් කට උත්තර ගන්න ඒක සම්පුර්ණ නීති විරෝධීයි.

අපි එය හෙළා  දකිනවා.

නීතියේ බිද වැටිමක්, යහ  පාලනයේ බිද වැටීමක්  ලෙස  අපි එය දකිනවා.

ඒ වගේම වැලිවේරියේ පොලිස් ස්ථානාධිපති දැන් කිව්වා යම් කෙනෙක් කට උත්තර ලබා දෙන්න කියලා බලපෑම් කරනවා නම් හෝ බල කරනවා නම් ඇවිත් පොලිසියට පැමිණිලි කරන්න අපි එය විභාග කරනවා කියා.

ඒ නිසා එවැනි දේවල් තව දුරටත් ඇති වෙනවා නම් කරුණාකර පොලිසියට ඇවිත් පැමිණි කරන්න.



අදහස් (0)

‘වැලිවේරිය වෙඩිතැබීමේ සාක්කි වනසන්න දෙන්න එපා‘

කින් බෙනට් Sunday, 18 August 2013 06:52 PM

ඕක හින්දා තමයි කියන්නේ ඕනෑවට වඩා කාටවත් පුම්බන්න එපා කියලා. පුම්බලා වැඩි වුණහම අන්තිමේදී පුපුරනවා කියලා හිතුවොත් නම් හොඳයි.රටක හමුදාවක් ඉන්නේ රටේ ආරක්ෂාවට මිසක් ගම් වල ඇතිවෙන ප්‍රශ්න විසදන්න නෙමෙයි. ඒවාට තමයි පොලිසි තියෙන්නේ (නි)

:       0       0

දම් Monday, 19 August 2013 04:15 PM

බන්දුල නමින් ලියන්නේ මේ රටේ බහුතරයක් නියෝජනය කරන පරිනාමයේ මුල් යුගය නියෝජනය කරන අය.(ස)

:       0       0

පින්තූ සිරිල් Sunday, 18 August 2013 07:16 PM

දැන් දැන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? (නි)

:       0       0

රංජිත් රණසිංහ Monday, 19 August 2013 09:31 AM

මේ සම්බන්ධයෙන් ස්වාධින පරික්ෂණයක් අවශ්‍යයි. මානව හිමිකම් කොමිෂමේ සභාපති ජනාධිපති විසින් පත් කරනු ලබයි. ඔවුන් ඔබට විශ්වාසද ජාත්‍යන්තර පරීක්ෂණයක් නම් ඉතා හොදයි. නැතිනම් හිටපු ඉහළ අධිකරණ නිලධාරියෙකු නම් සුදුසු යි. (ස)

:       0       0

සංජීව Sunday, 18 August 2013 07:18 PM

මුහුණු දැක්කහම මොනවද දන්නේ නැහැ කියන්න පුළුවන්?වැරැද්ද වැරද්දක් විදිහට දකින්න අපේ මිනිස්සු පුරුදු වුන දවසට අපේ රටට යහපත් කලක් උදාවෙයි. (නි)

:       0       0

කුමාර Monday, 19 August 2013 09:44 AM

බන්දුල නමින් ලියන්නෙ කොම්පැනියෙ කෙනෙක්වද්ද? (නි)

:       0       0

දන්දී Sunday, 18 August 2013 07:47 PM

ඕනෙම ආයතනයක මිනිස්සු ඉන්නවා සල්ලි වලට යටවෙන. එහෙම අය වෙන්න ඇති වෙඩි තිබ්බේ අහක ඉන්න ලමයින්ට?

:       0       0

චාමික Sunday, 18 August 2013 07:59 PM

ලංකාව යන අත නම් ඇත්තටම මට නම් නොතේරේ (දී)

:       0       0

අනුර Sunday, 18 August 2013 08:02 PM

කොහොම උත්සාහ කලත් ජනතාවගේ මතකයෙන් යවන්න බැහැ (දී)

:       0       0

බණ්ඩාර Sunday, 18 August 2013 08:40 PM

වැරැද්ද කරලා තව වහන්නත් එනවා (දී)

:       0       0

තිලකරත්න බණ්ඩාර Monday, 19 August 2013 11:25 AM

මේකේ අවසානය මොකක්ද? තෙරුවන් සරණයි,දේව පිහිටයි අපේ ලක් වැසියන්ට. (නි)

:       0       0

බන්දු Sunday, 18 August 2013 09:25 PM

"අපිට ඉන්න ලෝකේ විනීතම හමුදාව එහෙම කුපිත වුනා කියලා පිළිගන්න පුලුවන්ද ? " ඔව් නොබී නින්දටගියම හරිම විනීතයි. (අ)

:       0       0

රංජිත් Sunday, 18 August 2013 09:38 PM

ඔයාල හිතන්නේ මේ රටේ ඉන්නේ කොන්ඩේ බැදපු චීන්නු කියලද ,(අ)

:       0       0

තිලකරත්න Monday, 19 August 2013 12:13 PM

මට දුක මගේ රට ගැන. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 19 August 2013 01:26 AM

කවුරුවත් බොරුවට පොලිසි ගානෙ රස්තියාදු වෙන්න ඕනෑ නැහැ. දෙනෝදාහක් බලා සිටියදී වුණ මේ ඝාතනයට සම්බන්ධ අය අත්අඩංගුවට අරන් උසාවි ගෙනෙන්න බැරි මොකද? (නි)

:       0       0

දිල් Monday, 19 August 2013 03:12 AM

මෙතන කියනවා හමුදාව කුපිත කලේ තුන්වෙනි පාර්ශවයේ එක්කෙනෙක් කියලා. එතකොට වෙඩිතියන්න කියලා අණ දුන්නේ කවුද? (නි)

:       0       0

සත්‍ය Monday, 19 August 2013 05:31 AM

විනීත හමුදාවක් තිබුන ට වැඩක් නැහැ ඒවා විනීතව මෙහෙයවන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Monday, 19 August 2013 05:54 AM

මේක නම් ඉතාම බරපතල දෙයක්. රටේ සිවිල් නීතිය පිළබඳ ප්‍රශ්නයකදී හමුදාව සාමාන්‍ය ජනතාව කැඳවලා පරීක්ෂණ පැවැත්වීම නොකළ යුතු දෙයක්. නීතිඥ සංගමය දරන අදහස සම්පුර්ණයෙන්ම නිවැරදියි. (නි)

:       0       0

ඉරෝෂන් Monday, 19 August 2013 02:10 PM

අපි හැමදාම ප්‍රාර්ථනා කළේ ඉපදෙන හැම ආත්මයකම ශ්‍රී ලංකාවේ (ලක් මෑණියන්)තුල ඉපදේවා කියලා.දැන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම ආත්මයක් වැරදිලාවත් ඉපදෙන්න එපා කියලා. (නි)

:       0       0

කැනඩා දිසා Monday, 19 August 2013 06:37 AM

මේ වෙලාවේ ඇයි ඔබ සංගමයේ ජංගම ඒකකයක් මේ අසල ජනතාවගේ සත්‍ය අදහස් රැකීම සදහා ස්ථාපිත කරන්නේ නැත්තේ .මම හිතන හැටියට එය ඉතාමත් අත්‍යවශ්‍ය කාර්යක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 August 2013 05:27 PM

මේ හැමෝම එකතු වෙලා වැලිවේරියේ ජනතාව නොමග යවන්න හදන්නේ කියලා වෙලාවකට හිතෙනවා. අන්තිමට තමන්ම තමන්ට වෙඩි තියා ගත්තා කියයිද දන්නේ නැහැ (නි)

:       0       0

චාමික Sunday, 18 August 2013 05:34 PM

වගකීමෙන්ද ඔය කියන්නේ? අපිට ඉන්න ලෝකේ විනීතම හමුදාව එහෙම කුපිත වුනා කියලා පිළිගන්න පුලුවන්ද ? මොකක්ද ඇත්ත එතකොට ? (නි)

:       0       0

වරුණ Monday, 19 August 2013 07:53 AM

අපි මේ සියල්ල තරයේ හෙළා දකිනවා (නි)

:       0       0

මාන‍ගේ Sunday, 18 August 2013 06:03 PM

පුහුල් හොර කරෙන් දැනේ. එකක් කඩතොළු වහගන්න ගිහින් තව එකක් නොවෙයි ගොඩක් හදාගන්නයි අර අඳින්නේ.... (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 18 August 2013 06:05 PM

මුහුණු දැක්කම ගොඩක් දේවල් කියන්න පුළුවන් (නි)

:       0       0

ගයන් Sunday, 18 August 2013 06:06 PM

වැලිවේරියේ ජනතාව වතුර ප්‍රශ්නයට පිළියම් ඉල්ලලා උද්ගෝෂණය කරපු දවස් වල ඔය කව්රුවත් හිටියේ නැහැ ජනතාව වෙනුවෙන්. (නි)

:       0       0

රනිල් Sunday, 18 August 2013 06:09 PM

චාමික කියන එක හරි. (නි)

:       0       0

සනත් Sunday, 18 August 2013 06:14 PM

රාමසාන් වලට පස්සේ සෞදියේ ඉන්නේ බන්දුලට අංජනම් කියන වරමක් ලැබිලද කොහෙද. දැන් මූණු බලාගෙනත් මොනවදෝ කියන්න පුළුවන්ලු. මට කියන්න තියෙන්නේ අහෝ බන්දුල, කවුරු කළත් වැරැද්ද වැරැද්ද ලෙස දකින්න. පාට කන්නාඩි දාගෙන තමුන් නොදන්නා ප්‍රශ්න දෙස හැම දෙයක්ම දන්නා ලෙස ප්‍රකාශ නිකුත් නොකරන්න කියලා විතරයි. (නි)

:       0       0

අමිල Sunday, 18 August 2013 06:41 PM

ශාක්ෂි ඕනෑත් නැහැනේ. ඕක වෙච්චි දවසෙම කිවුවනේ තුන්වැනි පාර්ශවයේ වැඩක් කියලා (නි)

:       0       0

සුදත් Monday, 19 August 2013 09:05 AM

අනේ ඔය මහත්තුරුන්ට ඔය විනාශය වෙන්න කලින් ඔය උපදෙස් නොමිලේ ලබාදෙන්න බැරිවුණාද? (නි)

:       0       0

කින් බෙනට් Sunday, 18 August 2013 06:47 PM

හමුදාවට ලේ හිඟයක් එහෙම ඇතිවෙලා ලේ ගන්න ජනතාවව එක්කගෙන යන්න ආවා වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 850 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 950 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1668 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2089 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 529 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1075 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35827 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site