‘ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් විටින් විට වැලිවේරිය ප්‍රදේශයට ඇවිත් කටඋත්තර ගැනීමට යැයි කියමින් ජනතාව යුඳ හමුදා කඳවුරු වෙත ගෙන යාමට උත්සහ කර තිබෙනවා. හමුදාව මේ අයුරින් කට උත්තර ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව අපේ විරෝධය පල කරනවා.‘ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුව වෙනුවෙන් නීතිඥ නාමල් රජපක්ෂ මහතා ගම්පහ වැලිවේරියේදී පැවසීය.
‘මේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී තියෙනවා. එබැවින් හමුදාව විසින් සාක්කි විනාශ කිරීමට හෝ වෙනස් කරන්න උත්සහ කරන්න එපා.
හමුදාවට මේ සම්බන්ධයෙන් මැදිහත්වී සාමාන්‍ය ජනතාවගේ කටයුතු වලට ඇගිලි ගැසීමට නීත්‍යානුකූල බලයක් නැහැ. පොලිසියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉඩදෙන්න.
හමුදාව මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිසියෙන් උදව් උපකාර ඉල්ලා තියෙනවා, ජනතාවගෙන් කට උත්තර ලබා ගැනීම සඳහා.
හමුදාව සාමාන්‍ය ජනයා සමග ගැටුමක් ඇති වී ඇති අවස්ථාවක, ඔවුන් උත්සහ කර තියෙනවා, ජනතාව ගනේමුල්ල යුද හමුදා කඳවුර වෙත ගෙනයාමට.
නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය කැමැත්තක් දක්වා නැහැ. ජනතාව කැමැත්තක් දක්වලත් නැහැ.
අපි ඒ නිසා නැවතත් ඉල්ලා සිටිනවා යුද හමුදාවෙන්, මේ පරීක්ෂන ස්වාධිනව කරන්න පොලිසියට ඉඩ දෙන්න කියලා.
හමුදව මේ ජනතාව සමග ආරවුල් ඇතිකරගන්නේ නැතිව ස්වාධීන පරීක්ෂණයක් කර ඒ ගොල්ලන්ගේ නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.
නමුත් සාමාන්‍ය ජනතාවගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවස්ථාවක් හමුදාවට ලැබිය යුතු නැහැ. ඒ අවස්ථාව උදාකරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.
හමුදාව ප්‍රකාශ කර තියෙනවා ප්‍රහාර එල්ල කළේ, හමුදාව කුපිත කළේ තුන්වෙනි පාර්ශවයක් විසින් කියලා.
නමුත් ඒ සම්බන්ධයෙන් කතාකරන ජනතාව ඉන්න, මෙතන. ඔවුන් කිසිදු අවස්ථාවක තුන්වැනි පාර්ශ්වයක් හෝ වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධ වුණේ නැහැ කියලා කියනවා.
මිනිසුන් සැබෑ ලෙසම වතුර අවශ්‍යතාවය වෙනුවෙන් තමයි, සටන් කරලා අන්තිමට පාරට බැස්සේ.
දැන් හමුදාවේ උත්සහයක් තියෙනවා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මරණ පරීක්ෂණ අවස්ථාවේදී වෙනත් සාක්කිකාරයන් යොදවා මේක වෙනත් පාර්ශ්වයක් හෝ දේශපාලන කණ්ඩායමක් විසින් කළා කියලා කියන්න.
මේ සිද්ධිය හරියට දැක්ක ඇසින් දුටු අය කරුණාකර ඒ අවස්ථාවට ඉදිරිපත් වී සාක්කි දෙන්න. මේ සිද්ධිය යටගහන්න ඉඩදෙන්න එපා.
මෙය හෙළි දරව්කරගන්න ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි නීතිඥ සංගමය වෙනුවෙන් හැමෝටම නිති ආධාර නොමිලේ ලබා දෙනවා.‘
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ නීතිඥ හරිෂ්ක සමරනායක මහතා -
අද දවසේ අපි පොලිසියට පැමිණියේ මේ ගමේ ජනතාව අපෙන් ඉල්ලීමක් කර තිබූ නිසයි. අද හමුදාවෙන් ඇවිත් කට උත්තර ගැනිමට වැලිවේරිය පොලිසියට එන බව කියා තිබෙනවා.
ඒ නිසා ඇවිත් මිනිස්සු වෙනුවෙන් කතාකරන්න කියලා කියලා ඉල්ලීමක් කළා.
වැලිවේරිය නගර මාධ්‍යයේ සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් අපෙන් නීති උපදෙස් පැතූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අනුබද්ධ ආයතන වලින් ප්‍රකාශ නිකුත් කළා නොමිලේ නිතිඥ සහාය ලබා දෙනවා කියලා.
ඒ අනුවයි අපි මෙතනට ආවේ. එතකොට අපිට දැන්ගන්ට ලැබුණා පොලිසියට ඇවිල්ලා හමුදාවෙන් කට උත්තර ලබා ගන්නට යනවා කියලා.
අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේ සම්පුර්ණ බලතල හිමිවන්නේ අපරාධ නඩු සංග්‍රහයේ 108,109 වගන්ති අනුවයි.
ඒ වගන්තිවලට අනුව ඒ සදහා බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට හෝ ඇමතිවරයා විසින් පත්කරන ලද යම් බලධාරියෙකුට. එහෙම බලධාරියෙක් පත් කළා කියලා මෙතන ගැසට් පත්‍රයක් නැහැ.
ඒ නිසා දැනට කට උත්තර ලබා ගැනීමට පුළුවන් එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි.
යම් කෙනකුට කියන්න පුළුවන් මම කැමත්තෙන් හමුදාවට කට උත්තර ලබා දෙන්න යනවා කියලා. හමුදාවට විතරක් නොවේ. දේවාලේ කපු මහත්තයා ළගට වුවත් කටඋත්තර දෙන්න යන්න පුළුවන්, කැමැත්තෙන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ.
නමුත් අපි ජීවිතෙන් බැඳිලා ඉන්නවා කට උත්තරයක් දෙන්න ශ්‍රී ලංකා පොලිසියට පමණයි කියන දෙයට.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය බාර පොලිස් කණ්ඩායම. ඒ නිසා ඒ අයට කට උත්තර ගන්න පුළුවන්. ඒ ඇරුනම වෙනත් ආයතනයකට කට උත්තර ගන්න නීතියෙන් කිසිම බලයක් නැහැ.
ඒ වගේම අපි දන්නවා දැනට ගම්පහ උසාවියේ නඩුවක් තියෙනවා මේ මරණ සම්බන්ධයෙන්. මේ නඩුව තිඛෙන්නේ මේ මරණ සම්බන්ධයෙනුයි. ඒ නිසා වෙනත් ආයතනයක් ඇවිල්ලා මරණ සම්බන්ධයෙන් කට උත්තර ලබා ගන්න යනවා නම් ඒ නඩුවේ තියෙන සාක්කි වලට අයථා බලපෑමක් කළා කියන කාරණාවට යටත් වෙනවා.
ඒ නිසා යම් කෙනෙක් ඉන්නවා නම් මේ අයට දැනුම් දීලා ඇවිල්ලා සාක්කි දෙන්න කියලා ඒ අය ඒ සාක්කි විනාශ කිරීමක් යන කාරණා මත අත්අඩංගුවට ගන්න පුළුවන් බව නීතියේ තියෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය සම්පුර්ණ සහයෝගය දෙනවා කියලා තියෙනවා, පරික්ෂණ ස්වාධිනව කරන්නට. ඉතින් අපි අද දවසේ ඉල්ලා සිටිනවා, යම් කෙනෙක් උත්සහ කරනවා නම් මේ සාක්ෂි වෙනස් කරන්න හෝ නිතියට පරිබාහරිව සාක්කි විනාශ කරන්න කටයුතු කරන්න නීතියේ ප්‍රතිපාදවලට පිටස්තරව වෙන වෙන ආයතවන වලින් කට උත්තර ගන්න ඒක සම්පුර්ණ නීති විරෝධීයි.
අපි එය හෙළා දකිනවා.
නීතියේ බිද වැටිමක්, යහ පාලනයේ බිද වැටීමක් ලෙස අපි එය දකිනවා.
ඒ වගේම වැලිවේරියේ පොලිස් ස්ථානාධිපති දැන් කිව්වා යම් කෙනෙක් කට උත්තර ලබා දෙන්න කියලා බලපෑම් කරනවා නම් හෝ බල කරනවා නම් ඇවිත් පොලිසියට පැමිණිලි කරන්න අපි එය විභාග කරනවා කියා.
ඒ නිසා එවැනි දේවල් තව දුරටත් ඇති වෙනවා නම් කරුණාකර පොලිසියට ඇවිත් පැමිණි කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද කරලා තව වහන්නත් එනවා (දී)
බන්දුල නමින් ලියන්නේ මේ රටේ බහුතරයක් නියෝජනය කරන පරිනාමයේ මුල් යුගය නියෝජනය කරන අය.(ස)
අපි හැමදාම ප්‍රාර්ථනා කළේ ඉපදෙන හැම ආත්මයකම ශ්‍රී ලංකාවේ (ලක් මෑණියන්)තුල ඉපදේවා කියලා.දැන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම ආත්මයක් වැරදිලාවත් ඉපදෙන්න එපා කියලා. (නි)
මට දුක මගේ රට ගැන. (නි)
මේකේ අවසානය මොකක්ද? තෙරුවන් සරණයි,දේව පිහිටයි අපේ ලක් වැසියන්ට. (නි)
බන්දුල නමින් ලියන්නෙ කොම්පැනියෙ කෙනෙක්වද්ද? (නි)
මේ සම්බන්ධයෙන් ස්වාධින පරික්ෂණයක් අවශ්‍යයි. මානව හිමිකම් කොමිෂමේ සභාපති ජනාධිපති විසින් පත් කරනු ලබයි. ඔවුන් ඔබට විශ්වාසද ජාත්‍යන්තර පරීක්ෂණයක් නම් ඉතා හොදයි. නැතිනම් හිටපු ඉහළ අධිකරණ නිලධාරියෙකු නම් සුදුසු යි. (ස)
අනේ ඔය මහත්තුරුන්ට ඔය විනාශය වෙන්න කලින් ඔය උපදෙස් නොමිලේ ලබාදෙන්න බැරිවුණාද? (නි)
අපි මේ සියල්ල තරයේ හෙළා දකිනවා (නි)
මේ වෙලාවේ ඇයි ඔබ සංගමයේ ජංගම ඒකකයක් මේ අසල ජනතාවගේ සත්‍ය අදහස් රැකීම සදහා ස්ථාපිත කරන්නේ නැත්තේ .මම හිතන හැටියට එය ඉතාමත් අත්‍යවශ්‍ය කාර්යක් (නි)
මේක නම් ඉතාම බරපතල දෙයක්. රටේ සිවිල් නීතිය පිළබඳ ප්‍රශ්නයකදී හමුදාව සාමාන්‍ය ජනතාව කැඳවලා පරීක්ෂණ පැවැත්වීම නොකළ යුතු දෙයක්. නීතිඥ සංගමය දරන අදහස සම්පුර්ණයෙන්ම නිවැරදියි. (නි)
විනීත හමුදාවක් තිබුන ට වැඩක් නැහැ ඒවා විනීතව මෙහෙයවන්න ඕනෑ. (නි)
මෙතන කියනවා හමුදාව කුපිත කලේ තුන්වෙනි පාර්ශවයේ එක්කෙනෙක් කියලා. එතකොට වෙඩිතියන්න කියලා අණ දුන්නේ කවුද? (නි)
කවුරුවත් බොරුවට පොලිසි ගානෙ රස්තියාදු වෙන්න ඕනෑ නැහැ. දෙනෝදාහක් බලා සිටියදී වුණ මේ ඝාතනයට සම්බන්ධ අය අත්අඩංගුවට අරන් උසාවි ගෙනෙන්න බැරි මොකද? (නි)
ඔයාල හිතන්නේ මේ රටේ ඉන්නේ කොන්ඩේ බැදපු චීන්නු කියලද ,(අ)
"අපිට ඉන්න ලෝකේ විනීතම හමුදාව එහෙම කුපිත වුනා කියලා පිළිගන්න පුලුවන්ද ? " ඔව් නොබී නින්දටගියම හරිම විනීතයි. (අ)
මේ හැමෝම එකතු වෙලා වැලිවේරියේ ජනතාව නොමග යවන්න හදන්නේ කියලා වෙලාවකට හිතෙනවා. අන්තිමට තමන්ම තමන්ට වෙඩි තියා ගත්තා කියයිද දන්නේ නැහැ (නි)
කොහොම උත්සාහ කලත් ජනතාවගේ මතකයෙන් යවන්න බැහැ (දී)
ලංකාව යන අත නම් ඇත්තටම මට නම් නොතේරේ (දී)
ඕනෙම ආයතනයක මිනිස්සු ඉන්නවා සල්ලි වලට යටවෙන. එහෙම අය වෙන්න ඇති වෙඩි තිබ්බේ අහක ඉන්න ලමයින්ට?
මුහුණු දැක්කහම මොනවද දන්නේ නැහැ කියන්න පුළුවන්?වැරැද්ද වැරද්දක් විදිහට දකින්න අපේ මිනිස්සු පුරුදු වුන දවසට අපේ රටට යහපත් කලක් උදාවෙයි. (නි)
දැන් දැන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? (නි)
ඕක හින්දා තමයි කියන්නේ ඕනෑවට වඩා කාටවත් පුම්බන්න එපා කියලා. පුම්බලා වැඩි වුණහම අන්තිමේදී පුපුරනවා කියලා හිතුවොත් නම් හොඳයි.රටක හමුදාවක් ඉන්නේ රටේ ආරක්ෂාවට මිසක් ගම් වල ඇතිවෙන ප්‍රශ්න විසදන්න නෙමෙයි. ඒවාට තමයි පොලිසි තියෙන්නේ (නි)
හමුදාවට ලේ හිඟයක් එහෙම ඇතිවෙලා ලේ ගන්න ජනතාවව එක්කගෙන යන්න ආවා වෙන්නත් පුළුවන්. (නි)
ශාක්ෂි ඕනෑත් නැහැනේ. ඕක වෙච්චි දවසෙම කිවුවනේ තුන්වැනි පාර්ශවයේ වැඩක් කියලා (නි)
රාමසාන් වලට පස්සේ සෞදියේ ඉන්නේ බන්දුලට අංජනම් කියන වරමක් ලැබිලද කොහෙද. දැන් මූණු බලාගෙනත් මොනවදෝ කියන්න පුළුවන්ලු. මට කියන්න තියෙන්නේ අහෝ බන්දුල, කවුරු කළත් වැරැද්ද වැරැද්ද ලෙස දකින්න. පාට කන්නාඩි දාගෙන තමුන් නොදන්නා ප්‍රශ්න දෙස හැම දෙයක්ම දන්නා ලෙස ප්‍රකාශ නිකුත් නොකරන්න කියලා විතරයි. (නි)
චාමික කියන එක හරි. (නි)
වැලිවේරියේ ජනතාව වතුර ප්‍රශ්නයට පිළියම් ඉල්ලලා උද්ගෝෂණය කරපු දවස් වල ඔය කව්රුවත් හිටියේ නැහැ ජනතාව වෙනුවෙන්. (නි)
මුහුණු දැක්කම ගොඩක් දේවල් කියන්න පුළුවන් (නි)
පුහුල් හොර කරෙන් දැනේ. එකක් කඩතොළු වහගන්න ගිහින් තව එකක් නොවෙයි ගොඩක් හදාගන්නයි අර අඳින්නේ.... (නි)
වගකීමෙන්ද ඔය කියන්නේ? අපිට ඉන්න ලෝකේ විනීතම හමුදාව එහෙම කුපිත වුනා කියලා පිළිගන්න පුලුවන්ද ? මොකක්ද ඇත්ත එතකොට ? (නි)