‘මේ අභාවයට පත් වුණු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා. ඒක මේ දරුවට කරන ලොකුම ලොකු අපහාසයක්. ලොකුම ලොකු නිග‍්‍රහයක්. නැතිවුණු දරුවාගේ කරපිටින් දේශපාලන ලකුනු දමා ගන්න, මනාප වැඩි කරගන්න ඡුන්ද ලබා ගන්න, සුපුරුදු පරිදි මේ රටේ කුජීත වු දේශපාලනයක් අනුගමනය කරන්න එපා කියන එක මම ඔය හැම දේශපාලඤයින්ගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
වැලිවේරිය අවට ගම්වල ජනතාව පීමට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේදී ඇති වූ ගැටුමෙන් වොඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අකිල දිනේෂ් සිසුවාගේ දේහයට එක්සත් ජාතික් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අවසන් ගෞරව දැක්වීම සදහා එම නිවසට ගිය අවස්ථාවේ ඔහු එසේ පැවසුවේය.
සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ රෝහලටද ගොස් තුවාල ලැබූ පාසැල් දරුවන් ඇතුළු තරුණයන්ගේ සුවදුක්ද සොයා බැලුවේය. ඉන් අනතුරැව සජිත් ප්‍රේමදාස මහතා වැලිවේරිය දේවස්ථානයට ගොස් ලක්සිරි නෝනිස් පියතුමන් හමු වූ අතර ඉන්පසු ගල්ඔළුව විහාරස්ථානයට ගොස් මාරාන්තික උපවාසය කළ තෙරි පැහැ සිරිධම්ම හිමියන් ද හමුවූවේය.
අකිල දිනේෂ් සහෝදරයාගේ වියෝවය පිළිබඳව අපි දැඩි ලෙස කම්පා වෙනවා. පළමුවෙන්ම වියෝවයට පත් වුනු ඒ තරුණයාගේ පවුලේ සියළු දෙනාටම මගේත් පේ‍්‍රමදාස පවුලේත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත්, ලංකාවාසී ජනතාවගේත් බලවත් කනගාටුව සාතිසය සංවේගය මේ අවස්ථාවේ මම පුදකරනවා. මම හිතන්නේ අද වෙනකොට තවත් කුරිරු මිලේච්ඡ ඝාතනයක් අපේ රටේ සිදුවූ අවස්ථාවක් මේක.
රටට ආදරය කරන අප සියළු දෙනා වග බලා ගන්නට ඕන කාරනයක් තමයි මේ වගේ ඝාතන වලින් මොනම පුද්ගලයෙක්වත් මොනම පක්ෂයක්වත් දේශපාලන වාසි ලබා නොගැනීම.
මේක දේහපාලන පක්ෂයක් නෙමෙයි මේක මිනී මැරුම් ප‍්‍රශ්ණයක්, . ඝාතන ප‍්‍රශ්ණයක්. විශේෂයෙන්ම අප හිතන්නට ඕනා මේ අහිංසක දරුවා ජීවිතක්ෂයට පත් වුනේ ඝාතනයට ලක්වුනේ ඇයි කියන එක.
මේ ප‍්‍රදේශයේ ජනතාවටත් රටේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුගේ ඕනෑ එපාකම් වගේම පිරිසිදු පානීය ජලය ලබා ගැනීම, පිරිසිදු ජලය ස්නානය කිරීම සඳහා ජලය ලබාගැනීමට කරපු අරගලයක ප්‍රථිඵලයක් හැටියට තමයි මේ මිනිස් ඝාතනය සිද්ධ වුනේ. අපි අහන්නට ඕනේ ශ‍්‍රී ලංකාවේ ජනතාවට පිරිසිදු ජලය පානය කිරිමේ අයිතිවාසිකමක් නැද්ද කියන එක.
පිරිසිදු ජලය පානය කිරීමේ අයිතිය තියෙන්නේ ජනතාවගේ කරපිටින් බලය ලබා ගන්නා දේශපාලඥයින්ට පමනද. පවිත‍්‍ර ජලය අපිරිසිදු කරන ස්ථානයකට ගිහිල්ලා අරගලයක් කිරීම මේ රටේ ජනතාවට අහිමි වූ අයිතියක්.
අද අපි අහන්නට ඕනේ එදා වසර 4 කට පෙර මේ රටේ කොටි ත‍්‍රස්තවාදය ඉවරකලාම ටී-56 දේශපාලනයට නැවතීමේ ලකුන තිබ්බා නම් ඇයි අද කොටි ත‍්‍රස්ථවාදයක් නැතිව අද ටී56 දේශපාලනය රජ වෙන දවසක් වී තිබෙන්නේ කියන එක.
මේ වගේ ප‍්‍රශ්න රැසක් තියෙනවා ලංකාවාසී ජනතාව අහන්නට ඕන, දැනගන්නට ඕන. ඒවට රටේ දේශපාලඥයින් පිළිතුරු සපයන්න ඕනා.
පක්ෂ, ජාති, ආගම් කුල මල පන්ති භේදයකින් තොරව මේ සිදුවුනු වරද අපි නිවරද කරන්නට ඕනා.
විශේෂයෙන්ම වර්තමාන රජය මේ සිදුවුන සිදුවීමට සම්පුර්ණ වගකීම දරන්න ඕනා.
අපිරිසිදු ජලය ලබා දෙනවයි කියන එක ජනතාව පුන පුනා කියද්දිත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය පාක්ෂික මහජන නියෝජිතයින් නිහඩව සිටියේ ඇයි කියන එක මහත් කුතුහලයක්.
පිරිසිදු පානීය ජලය ලබා දීම රටේ ජනතාව ජීවත් කරවීමේ කාර්‍යභාරයේ ප‍්‍රධාන අංගයක්. පිරිසිදු ජලය පානය කිරීමෙන් තමයි ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය සුරැකෙන්නේ.
මේ මූලික මානුසීය අයිතිවාසිකම අහිමු වුනු මොහොතකදී ජනතාව බලාපොරොත්තු වෙන්නේ බෝම්බ, උන්ඩ වෙඩි පහරවල් නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු ජල මුළාශ‍්‍රයකින් පවිත‍්‍ර වූ ජලයයි.
මෙන්න මේ කරුණ රටේ පාලකයින් අවබෝද කර නොගැනීම බරපතල අවසනාවන්ත කරුණක්. මේ කරුණු කාරනා ගැන කියද්දිත් පුන පුනාම මම නැවතත් කියන්නේ කරුණාකරලා මේ අභාවයට පත් වුනු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා. ඒක මේ දරුවට කරන ලොකුම ලොකු අපහාසයක්. ලොකුම ලොකු නිග‍්‍රහයක්.
නැතිවුනු දරුවාගේ කරපිටින් දේශපාලන ලකුනු දමා ගන්න, මනාප වැඩි කරගන්න ඡුන්ද ලබා ගන්න, සුපුරුදු පරිදි මේ රටේ කුජීත වු දේශපාලනයක් අනුගමනය කරන්න එපයි කියන එක මම ඔය හැම දේශපාලඤයින්ගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි.
එය එසේ ප‍්‍රකාශ කරන අතරම ජනතාවගේ කතිරයෙන්, ජනතාවගේ කරපිටින්, ජනතාවගේ ඡුන්ද බලයෙන් පත්වෙන මහජන නියෝජිතයින් ජනතාව රැක බලාගන්නට ඕනා නැවතත් රටේ මේ වගේ තත්වයක් උද්ගත වීම වැලැක්වීමට පැහැදිලි ක‍්‍රියා මාර්ගයක් අපි දියත් කරන්න ඕනා.
පාරවල් කොන්ක‍්‍රීටි කරන යුගයක, ගුවන් පාලම් ඉදිවෙන යුගයක ජාත්‍යන්තර වරායවල්, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වල් ඉදිවෙන යුගයක මේ ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීමට දේශපාලඥයින් කටයුතු කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනීමරුවන්ට දඩුවම් දෙන්න (දී)
බළලා මල්ලෙන් එලියට පැන්න නේද මහත්තයෝ? (නි)
කාගේ කාගේත් පම්පෝරි නවත්වා දැන්වත් මේ මිනිසුන්ට පිරිසිදු ජලය නොමිලයේ ලබාගත හැකි ක්‍රමයක් සලස්වන්න. දෙව් ලොවක් මැවීමට පෙර නැති බැරි අයට ජිවත් වීමට සැළැස්විය යුතුයි. (නි)
අර ඊතල තුනක් වටේට ඇදලා තියෙන ප්‍රතිචක්‍රිය ලෝගෝ එක මතක් වෙනවා මෙවැනි කතා ඇහෙනකොට. ප්‍රතිකාර ගන්නා සැමට ඉක්මන් සුවය පතමි. (නි)
කටුනායක, හලාවත, වැලිවේරිය....ඊළගට කොහෙද? (නි)
අතීතයේ කරුණු කාරනා මොනවා වූණත් සජිත්ලා වගේ දේශපාලකයෝ සාමාන්‍ය මිනිස්සු සමග හිටියා. අපේ හම්බන්තොටට කරපු වැඩ අපට අමතක කරන්න බැහැ.පක්ෂය මොකක් වුණත් සජිත් කියන්නේ හොඳ මනුස්සයෙක්. කිසි දෙයක් නොදන්නා අහිංසක දරුවෙක් මේ විදියට අකාලයේ මැරුනේ ඉහළ දේශපාලුවන්ගේ වැරදි නිසා (නි)
ලබාගත් ජයග්‍රහණද මේ තියෙන්නේ... (නි)
මේවා ජාතික අපරාද. කවදා හරි දවසක මේ අපරාද වලට හවුල් සියළු දෙනාට වන්දි ගෙවන්න සිද්ද වේවි. (නදී)
මේ මිනීමැරුම් දෙක ගැන සහ මාධ්‍යවේදීන්ට පහර දීම ගැන කරුණාකර සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න. ඔබෙතුමගේ නායකයා ගැන නම් රටේ බහුතරයක් කිසිම විශ්වාසයක් තබන්නේ නැත. නමුත් ඔබ තුමාට මේ දේ කරන්න පුළුවන්. පුළුවන් නම් මේ අසරණ දරු පවුලට ආණ්ඩුවෙන් සැලකිය යුතු වන්දියක් ලබාදෙන්න කටයුතු කරන්න.(නදී)
අවම බලය මෙහෙම නම් උපරීම බලය යෙදෙව්වොත් ඉන්දියාවත් අල්ල ගන්න පුළුවන් වෙයි අපේ හමුදාවට.මයේ හිතේ.(දී)
ඉන්දික මනෝජ් හරි, හමුදාව යවන්නේ පොලිසියට බැරි බයානක තත්ත්ව වලදී පොලිසියේ සහයට. ඒ යන්නෙත් ඉහල අන පරිදි. තත්වය පාලනය කරන්න නැතුව ජනතාවට ජීව උන්ද වලින් වෙඩි තියන්න නෙවි. (දී)
ඉතින් ඔය කරන්නේ ඒකම නෙවෙය්ද? පොඩ්ඩක් "කැපිපෙන්න " වෙන්න නෙවෙය්ද ඔය හදන්නේ?
ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කළ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)
සජිත් මහත්තය ලකුණු දාගත්ත, රනිල් මහත්තය කරපු කතාව දැක්කනම් අපිට තවම ලංකාව ගැන බලාපොරොත්තුවක් තිය ගන්න පුළුවන් වෙනවා, රනිල් විසිස්ට නායකයෙක්(දී)
මෙමෙ ප්‍රශ්නයට වග කිව යුත්තෝ ගෙදර යැවිය යුතුයි (දී)
අනේ අනිත් හාමුදුරුවන්ටත් බෙදන්න කිව්වලු.දේශපාලන වාසි එපානම් ඔය ටික වෙන්න කලින් ඔය කට්ටිය ඔතනට යන්න තිබුනනේ.ඔය කියපු කතාවම හොඳ වාසියක් තමයි. (දී)
අවසන් පොටෝ එකේ පවසන්නේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමයි. බොහොම කලාතුරකින් ඇසට ලක්වෙන දර්ශනයක්. තව බොහෝ දේවල් පියවරෙන් පියවර පිළිවෙලට ක්‍රියාත්මකයි. (දී)
ඒ කතාවනම් ඇත්ත (දී)
අවසන් පොටෝ එකෙන් යම් දෙයක් කියවනවා ,කුමක් විය හැකිද ? (දී)
කට්ටියක් සාමකාමීව විසිර යද්දී තව කට්ටියක් හමුදාවට ගල් දහන හැටි අපි ටීවී එකේ දුටුවා එහෙම කලේ ඇයිද? කවුද?ගැමියෝද? කියලා හරි උත්තර දෙනවා නම් හොඳයි. (නි)
"රනිල් විසිස්ට නායකයෙක්" වෙන කවුරුවත් නැතිනම්. (දී)
මේ එන ඔක්කොමලගේ වැඩ කටින් විතරයි. අඩුගානේ වතුර බෝතලයක්වත් ගෙනත් දුන්නද? (නි)
මේවට විරුද්ධව ඔයාවත් නැගී සිටින්න.බල්ලන්ට බුරන්න අරින්න. කඳු කඩා වැටෙන්නේ නැහැනේ...... (නි)
කටුනායක, හලාවත, වෙලිවෙරිය....ඊලගට කොහෙද? දේශපාලකයන්ගේ කීමට මේවා කරන්නේ නෙත්තන් කලින් සිද්දි වලට මොකද උනේ? ප්‍රබාකරන් මරුනෙත් සෙබලක්ගේ නොසලිකිමත් කමකින්ද? යුද්දේ දිනපුවම ලකුණු දාගත්ත වගේ මේවටත් වග කියන්න ඕනේ. (දී)
මම නම් දකින්නේ තමන්ගේ නායකයාට මඩ ගහන එක වැරදි දෙයක් විදියට. දෙන්නා අතර ඇති මතභේද ජනතාවට පෙන්නන එක මෝඩ වැඩක් (නි)
ඔබ කියන දෙය හරි. එහෙත් ඔබතුමාගේත්, ඔබ පක්ෂයේත් ඉදිරිපත් වීම මදි බවයි පෙනෙන්නේ. සාදාරණයට,මිනීමරුවන්ට විරුද්ධව කටුතු කිරීම වග කිවයුතු විපක්ෂයක වගකීමක්. එය පැහැර හරින්න එපා. ඔබතුමාට කළ හැකි දේ බොහොමයි (නි)
ඔබ හරි වෙඩි තියන්නේ දේශපාලකයෝ නෙවියි . කිසිම නායකයෙකු කියන එකක් නැහැ සිසුවෙකුට වෙඩිතියන්න කියල වෙඩි තියපු කෙනාගේ නොසැලකිල්ල හේතුවී තිබෙන්නේ මේවගේ දේවලදී සැමදාම විරුද්ද පක්ෂය දේසපාලන වාසී ලබාගන්න එකයි කලේ . මේ ක්‍රමයට විරුද්දව ඔබම කතාකළ එක හොඳයී
හම්බන්තොට මරන ගෙවල්වලට යන්නේ නැතිව ගම්පහ මරණ ගෙවල් වලට යන්නේ ලකුනු දා ගන්න නෙවෙයිද ?
දේසපාලන වාසි ගන්න එපා කියන කතාව ඇතුලේ පිරිලා තියෙන්නේ දේසපාලන අවාසි වෙන්න එති..
කවුද මේවාට වග කියන්නේ
අපිත් බබාලා නෙමෙයි සජිත් මහත්තයෝ. හොදේ. (නි)
අපිට මතකයි මහත්තයෝ 89-90 ව කාලය . (දී)
දේශපාලනයෙන් තොර ප්‍රශ්න කොහේද තියෙන්නේ? (නි)
දවසේ හොඳම ප්‍රවෘත්තිය... (නි)
විශීෂ්ටයි. ඔබ මහජන පවුරක් වන්න (නි)
මෙයත් අදහෙටම යනවා වගේ ??????
ඔබ තුමාගේ පැමිණීම වැලිවේරිය ජනතාව අගේ කරනවා. මෙවැනි අවස්ථවක ජනතාව අසරණයි. මේ අසරණ මිනිසුන්ට පිහිට වෙන්න (දී)
නිහාල් 89- 90 උනේ රටම ගිනි තියපු එක, බස් කොචචර ගිනි තිබ්බද. මේ මිනිස්ස එල්ලුවේ වතුර.. මෝඩ කතා කියන්න එපා.
ඔබතුමාගේ සාධාරන ප්‍රකාශය ඉතාම අගය කරමි. ලාංකික පුරවැසියෙක් හැටියට ඔබතුමාට හැකිනම් මේ ජනතාවගේ පානිය ජලය ප්‍රශ්නය විසඳලා දෙන්න යම් ක්‍රියා මාර්ගයක් ගන්න (නි)
ඒ කතාවනම් ඇත්ත නමුත් දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ
මට පෙන්නේ එපා කියා කියා එයාම වාසි ගන්න තමා ඔක්කොටම කලින් ගිහින් තියෙන්නේ
මෙ වෙලවේ මහජනයාත් එක්ක ඉන්න එය දේසපාලන වාසියක් නෙමේ
සජිත් පුතාටත් මාරුවක් ගන්න අවශ්‍ය වෙලාද මන්දා (නි)
සජිත් මහත්තයෝ., බළලා පැන්න නේද මල්ලෙන් එලියට...?(නදී)
මේ අපිට ශක්තිමත් විපක්ෂයක් නොමැතිකමේ ප්‍රතිවිපාකයි (නි)