විශ්‍රාමික මේජර්වරයකු උතුරේ සේවයේ යෙදී සිටි සමයේදී නොසැලකිලිමත් ලෙස ක්‍රියාකරමින් අත්අඩංගුවේ සිටි කොටි සැකකරුවකු මරාදැමූ බවට වරදකරු වූයෙන් රුපියල් විසි ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස උසාවියෙන් කළ නියමයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මූලික වී මහජනයාගෙන් එකතු කළ එම මුදල අද මේජර් විමල් වික්රමගේට බාරදීම පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ දී සිදුවිය.
පේදුරුතුඩුව හමුදා කඳවුරෙන් 1998 ජූලි 20 වැනිදා පැනයාමට තැත් කළ රොබට් වෙලිංටන් නම් කොටි සාමාජිකයකුගේ මරණය සිදු කළැයි විශ්‍රාමික මේජර් විමල් වික්රමගේට කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය දෙවසරක සිරදඬුවමක් වසර 10කට අත්හිටුවා මියගිය වෙලිංටන්ගේ පවුලේ සමීපතම නෑයනට රුපියල් විසි ලක්ෂයක් ගෙවන ලෙස පසුගියදා නියම කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවෙකුට අදිකරණයෙන් නියමවූ මුදල සොයා දීමට පෙරමුණ ගත ඔබ සැමට ආචාරය. මින් නොනැවතී, යුද බිමේදී හෝ යුද සමයේ නොයෙකුත් වැරදි කළා යි අද අදිකරණය ඉදිරියේ සිටින හැම රණවිරුවෙකුම වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න. (ර)
මේ කරලා තියෙන්නේ රටක් වටිනා වැඩක්, ඔවුන්ට සුභ පතනවා. (බ)
කෝ එතකොට එදා ආණ්ඩුවෙන් කියලා කොටින්ට යටත්වෙච්ච 800 ක ගේ ජීවිත කොටි නැති කළාට වන්දි, අඩුම ගානේ සාධාරණයක්? (බ)
අපේ රටේ අපේ කෙනෙක් (වීරයෙක්) බේරගන්න අපිටම සල්ලි එකතු කරලා දෙන්න වුණා. රට යන අත නියමයි. (බ)
කොටි අපේ මිනිසුන්ට කරපු දේවල් සැමෝම දන්නවා. දේශපාලන භේද අමතක කරලා මෙවැනි විරුවන්ට අපි සහාය දිය යුතුයි. (බ)
එතකොට කොටි සිතාමතා මරලා දමපු කපල කොටලා බෝම්බ ගහල මරල දමපු අපේ කට්ටියට මොකවත් නැද්ද ? ඒ වාට කව්ද ණය ගෙවන්නේ ..? මේවා තමයි දෙපැත්තෙන්ම යන හිනා..? (බ)
හරියට කතා කරන්නේ ඊයේ අත්අඩංගුවට අරන් අද දඩුවම් දුන්න වගේ... (ර)
රට වෙනුවෙන් කැප වුන රණ විරුවන්ට මේවා දකිද්දී මොනවා හිතෙනවා ඇතිද..? (ර)
මේකේ අදහස් දාන සමහර අයට නොතේරෙන සත්‍ය තමයි ත්රස්තවාදීන් වගේ රජයේ හමුදාවකට හැසිරිය නොහැකි වග. (ර)
රූපවති, එයාලව පුනරුත්ථාපනය කරලා නිදහස් කළාම ඒ සියලු වරදින් නිදහස් වෙනවා.
මේ නඩුව දැම්මේ පහුගිය කාලයේ නේද?
මවු බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය මෙම සල්ලි එකතු කළේ. මෙම නඩුව ඇහුවේ මිට අවුරුදු 8-10 ට කලින්. තීන්දුව දුන්නේ පසුගියදා බන්දුල ගුණවර්ධන හීනෙන් නැගිටලා වගේ කවුරුවත් එකතු කරපු සල්ලි ටික ලෝකෙට පෙනෙන්න දෙනවා. (බ)
කොහොම උනත් කමක් නැහැ වෙන්න ඕනේ යුතුකමක් ඉටුවී තිබෙනවා. (ර)
මහපොළවට උහුලගන්න බැරි තරම් මෙවන් සිදු වීම් වෙනකොට, රටට සොබා දහමින් හෝ මොන අයුරකින් හරි විපත් එම වළක්වන්න බැහැ. පාලකයින්ගේ ඇස් ඇරේවා. (බ)