රට පුරා පවතින නියං තත්ත්වය නිමාකොට වැසි ලබාගැනීමට දඹුල්ල පහළවැව ගැමියෝ සොකරි නාඩගම පැවැත්වූහ.
මෙහි විශේෂත්වය වන්නේ පෙරදා හත් අවුරුද්දක් වර්ෂාව නැති නුවරකට පතිනි බලයෙන් වැසි ලබාදීමයි. නාඩගමේ එන අයුරින් ගුරුවාගේ පපුව මත ලී වංගෙඩියක් තබා ඊට වී දමා මෙහි එන පතිනි බලය හිමි සොකරිය හා කාලිය එක්ව දෙමෝලෙන් වී සහල් වනතුරු කොටති.
දඹුල්ල සොකරි ගුරු කේ.ජී.ධර්මදාස මහතා ප්රමුඛ කණ්ඩායම මේ සඳහා එක්ව සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි නාඩගම් අපිට උරුම දේවල්. මේවා අපි කවදත් බොහොම අාසාවෙන් බලපු කියපු කරපු දේවල්. දැන් දැන් මේවා අපේ රටෙන් ටික ටික නැතිවේගෙන යනවා. කණගාටුයි කියන්න. ඉතින් ඉතුරු වී ඇති අපේ උරුමයන් අපි ආරක්ෂා කරගත යුතුයි (නි)
පෘථිවි තලයේ වෙසෙන දියුණුම සත්වයා මිනිසා කියා කීවාට මම නම් විශ්වාස නොකරමි (නි)
වැසි නැතිවීමට ගස් කපන දේශපාලුවන් වගකිව යුතුයි. (ර)
සාගත වසංගත හා එන නියඟ වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙළින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්. (ර)
මොලයෙන් තමයි මේ ලෝකය වැනසුනේ, මගේ ගැරහුමට නැත ඒ අය යොමු උනේ... (ර)
උතුම් පැතුමක් පෙරදැරි කරගෙන රටේ සියලු දෙනාට වැසි ලැබේවා කියලා අනාදිමත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ දේව කන්නලවුව ඉස්ට සිද්ධ කළ ගුරුන්නාන්සේ ප්‍රමුක සිල්පින්ටත් මේ වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කල ගම්වාසී සැමටත් , තවත් චිරාත් කාලයක් අපේ මේ පැරණි යාතු කාර්ම රැකගැනීමටත් මතුපරපුරට දායාද කිරීමටත් අවශ්‍ය සක්තිය දහිරිය නිරෝගී සුවය තෙරුවන් ගුණ බලෙන් සැමට ලැබේවා කියලා පතනවා (හේ)
අපේ සිංහලයට ජාතිය, ආගම, සංස්කෘතිය අමතක වෙලා.අපේ රටේ හිටපු සහ දැනට ඉන්න ප්‍රදාන පුරවැසියාගේ සිට හැම කෙනෙකුටම ස්වභාවධර්මයෙන් ලැබුණ දේ රැක ගන්න වුවමනාවක් නැහැ. (ම)
අපේ සංස්කෘතික අංග ආරක්ෂා කරමින් ඒවා මතු පරපුරට උරුම කිරීමට මෙම කණ්ඩායම දරන උත්සහය මහත් සේ අගය කරමි. එමෙන්ම වැසි ලැබුණත් නැතත් ඔවුන් සමාජයට සෙතක් බලාපොරොත්තුවි සම්ප්‍රදායික චාරිත්‍රයක් ඉටුකලා. (ම)
සිල්වා, කසුන්, සොකරිය හා කාලිය එක්ව දෙමෝලෙන් කොටන වාරයක් පාසා වදින්නේ ගස් කපපු අයගේ ඔලුවට (නි)
සිල්වා, ඔබ කියන දේ නම් සත්‍යම සත්‍යයි. (නි)
වැසි ඕනෑ නම් සොකරිය හා කාලිය එක්ව දෙමෝලෙන් කොටන්න තියෙන්නේ ගස් කපපු අයට (නි)
ඕක නටන්නෙ නියඟය සෑහෙන දික්ගැහිලා බලා ඉඳලා ඉඳලා බැරිම තැනනේ. කොහොමත් සදාකාලික නියඟය හෝ සදාකාලික වැස්ස නැහැ. දිගු නියඟයක් තිබුනොත් ඊළඟට වැසි වසිනවා. (නි)
සංස්කෘතික අංග පාසල් වල, සංස්කෘතික සංදර්ශන වල තිබීම වැදගත් (නි)
දේවෝ වස්සතු කාලේන... සස්ස සම්පත්ති හේතුච... දීතෝ භවතු ලෝකෝච... රාජා භවතු ධම්මිකෝ... රට තුළ තිබෙන වනාන්තර සහ වැව් තාව්ල්ල හරියට ආරක්ෂා කරගත්තොත් ජල සම්පතත් ආරක්ෂා වේවි. (නි)
නුවන්ගේ ක්ලව්ඩ් සීඩින් ක්‍රමයට සැහැල්ලු ගුවන්යානා, ඒවාට නියමුවන් හා අනිත් ද්‍රව්‍ය සොයනකොට අපිට වැහැලා ඉවරයි (නි)
දැන් ඉතින් වැස්සද?(හේ)
අක්කර ගණන් කැලෑ කපලා මේ රටට කරන විනාශය ගැන කාට කියන්නද? කවුද ඔය ප්‍රශ්නේට විසඳුම් හොයන්නේ? කවුද ඒක නවත්වන්නේ? ඔය වංගෙඩිය තියන්න ඕනෑ ඔය කෙනා උඩ නොවෙයි රට විනාශ කරපු උන් උඩ. මිනිස්සු නොමඟ අරින්න අවුරුදු ගනන් පරණ එ්වා අවුස්ස අවුස්සා ඉන්නේ නැතුව දැන්වත් මේ රට බේරාගන්න (නි)
මෙයින් වැසි වැස්සත් නැතත් ඒ ගැන කලබල වියයුතු නොවේ. අපේ සංස්කෘතික අනන්‍යතාවය ගැන සිතා මෙවැනි සංස්කෘතිකාංග සුරැකිය යුතුය. මේවා දැයට අහිමි වුවොත් එය ගසකට මුදුන් මුල අහිමිවූවාට සමවේ. මුල නොරැකි ගස නොරැකේ (නි)
මෙවැනි අපේ උරුමයන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන එක හොදයි. ජල මූලාශ්‍ර ආසන්න ස්වාභාවික වනාන්තරය අරක්ශා කරගත්තොත් අපිට වතුර ලැබෙයි හැමදාමත් (බ)
අපේ රටට සෙත් ශාන්තියක් වේවා මගේ පැතුමයි. කලට වැසි වසිවා. රට සෞභාග්‍යමත් වේවා. (බ)
වැසි ඕනෙනම් හිටවමු ගස් ඉක්මනට. නැතිනම් රටම ඉවරයි. (බ)
මේ කිසිම කරදරයක් නැහැ වාන් ඇරලා මුහුදට යවන වතුර ටික දේශපාලුවෝ ටික එකතුවෙලා හරියට කළමනාකරණය කළා නම්. (බ)
මේවා අනාදිමත් කාලයක සිට පැවතෙන අපේ සංස්කෘතිකාංග. මේවාගේ විද්‍යාත්මක පසුබිම සෙවීමට වඩා මෙම සංස්කෘතිකාංග අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අප සියල්ලන් සතු යුතුකමක් මෙන්ම වගකීමක්. (බ)
රොහාන්, පළමුවෙන්ම මගේ ගෞරවය ඔයාට, අද අපේ රටේ සංස්කෘතික අංගෝපාංග දවසින් දවස අභාවයට යනවා, මතු පරපුරට අපටයි කියලා කියන්න කිසිම දේශීය දෙයක් ඉතුරු වෙන්නේ නෑ, වැදි බණ දෙසන සමහර අයට තමන් උපන් දේශයත් අද අමතක වෙලා. බලන්න වෙනත් දියුණුයි කියන ජාතිත් තමන්ගේ දේ ට කොච්චර ගරු කරනවාද කියලා.(බ)
අපේ සංස්කෘතිය හරිම අහිංසක සිතුවිලි තිබ්බ ජාතියක් අපි. (ර)
සංස්කෘතික අංග කරගෙන යන ගමන් ක්ලවුඩ් සීඩින් වගේ තාක්ෂණයක් පාවිච්චි කළොත් නරකද. (බ)
මේ අවුරුද්දේ මුල් කාලයේත් වැසි නැහැ කියලා කට්ටියක් කලගෙඩි නැටුමක් නැටුවා මේ විදියට අන්තිමට මොකද වුනේ ඒ වැස්ස එක ගමක්ම නාය ගිහින් මළගෙයක් වුණා. (හේ)
මේවා රටක සංස්කෘතික අංග මෙහි තමන්ගේ අදහස් පලකරන සැවොම ඒවාට නිගරු නොකරන් ලෙසට සහ අපේ මතු පරපුරට මේවයේ අගය වටිනාකම් වටහා දෙමු එතකොට මේවා සුරක්ෂිත් වෙවී වැසි ලැබුන නොලැබුන මේ තමයි අපේ සංස්කෘතිය.(හේ)
ක්ලවුඩ් සීඩින් කියන තාක්ෂණය මඟින් වැසි වලාකුළු ඇතිකර වැස්ස ලබාගතහැකි ක්‍රමයක් දැන් ලොව භාවිතාවන බව නොදැනද මෙහෙම කරන්නේ (හේ)
දැන් දෙවියන්ගේ පිහිට තමයි තියෙන්නේ.(හේ)