බම්බලපිටිය ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු වාස් ගුණවර්ධන තවත් මාස තුනක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ මහාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අද (06) නියෝග කළේය.
ඔහු මුදාහළ හොත් සාක්කි කරුවනට බලපෑම් කරතියි පැමිණිල්ල අධිකරණය හමුවේ කියා සිටියේය.
රවිදුගේ පියා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද මේ නඩුවේ සැකකරුවෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් ,මෙහෙම තමා මානසිකව විදවීමට හරිනවා කියන්නේ (දී)
නෙහාරා ඔයා ලංකාව ගැන මොකවත් දන්නේ නැද්ද... මානසික වින්දවිල්ල කෙසේ වෙතත් ඊළඟ ඡන්දෙට හොඳට සුදුසුකම් තියෙන නිසා ඉහල ඉල්ලුමක් හා වැඩි ඡන්ද ප්‍රමාණයක් ෂුවර් (අ)
මේ දෙන්නාව එළියට දමලා සන්ධානයෙන් හෝ එජාපයෙන් මැතිවරණයට යැව්වා නම් අපේ අය ඒත් උඩපැනලා ඡන්දෙ දීලා වැඩිම මනාපයෙන් දිනවාවි (නි)
ඇයි මෙහෙම වෙන්නේ? අපි බලාගෙන ඉමුකෝ (නි)
නෙහාරට පිස්සුද? මේ රිමාන්ඩ් කරන්නේ ලංකාවේ හිරගෙදර. මානසිකව විඳවන්නේ රටේ ජනතාව. (නි)
මෙහෙම අය නිසා තමයි මේ රට කවදා හරි නැති වෙන්නේ.(දී)
නෙහාරා, මේක ලංකාව. මේ අය රිමාන්ඩ් එකේ හොඳට සැපට ඉන්නේ. අහිංසකයෙක් ගියොත් තමයි විඳවන්නේ.(අ)