නුවරඑළිය කඳපොල ගල් පාලමේ නිශාන්ත නිරෝෂණ ගමගේ(42) ගොවියා වසර එකොළහක් තිස්සේ උඩ පුස්සැල්ලාව සමර් හිල් වංගුව අසල බල්ලන් පහළොස් දෙනෙකුට කෑම දෙයි. හාල් කිලෝ තුනහමාරක බත් සමග මස් කටු බල්ලන්ට කන්නට දී ඉන්පසු ඔහු තම වගා කටයුතු අරඹයි.ඔහුගේ ලොරිය කෑම රැගෙන එනවිට දුර තියාම අදුනාගන්නට මේ බල්ලෝ සමත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික ඔබේ කතාවට මමත් එකගයි.(අ)
මොනවා වුනත් ලස්සන බල්ලෝ ටික (නි)
අනේ ඔහේලා පොලිතින් විසි කරන්නෙම නැහැ නේද? මෙතන ඉන්නේ ඔක්කොම නිකන් රහත් වෙච්ච අයනේ...විකාර..ඒ මනුස්සය කරන දේ කොච්චර වටිනවද? (නි)
හේමන්ත හරියටම හරි. මෙතන පොලිතින් ගැන, මස් ගැන කතා කරන අය හරිම සද්ගුණවත් අය වෙන්න ඇති නේද? (නි)
අමල් ඔයාගේ කීමට මම 100% එකග වෙනවා. නිල් රනා කියන්නේ මහපුදුම කෙනෙක්. මිනිහෙක් හොද වැඩක් කලාම එකට ඔහොමෝම කියන්නේ තිරිසනෙක්ම වෙන්න ඕනේ.(අ)
නීල්-රානා, අනේ යාළුවේ, එවන්නකෝ ඔයාගේ ඡායාරූපයක්. පුළුල් තිරයේ ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනයට. ලොකු පිනක් (නි)
කෑම දීම හොඳ වැඩක්. ඒ ප්‍රවෘත්තිය පල කරලා මිනිස් ගති ඉස්මතු කිරීමත් අගය කළ යුතුයි. සමාජයේ ඔක්කොම මිනිසුන් නොවන බවත් පේනවා. හොඳ අදහස් දාපු හැමෝම මේ පිනට දායක වේවා! (නි)
බල්ලන්ට , කපුටන්ට කෑම දෙන එක ලොකු පිනක් කියලා අපේ අම්මලා තාත්තලා අපිට පොඩි කාලේ ඉගැන්නුවේ. මොකද මෙයාලට කොයිතරම් කෑම දුන්නත් බඩගින්න නොනිවෙන නිසා. මෙතන අදහස් දාපු අයගෙන් 3-4 දෙනෙක් ඇරෙන්න( විශේෂයෙන් ඕනෑම දෙකට අසුබවාදී අදහස් පලකරන නිල්-රානා මහදැනමුත්තා ) මේ කරලා තියන්නේ පුණ්‍යය කර්මයක් කියලා පිළිඅරන් තියෙනවා (නි)
ඉතිං ඒකත් නව මාස දෙකක් කළ හැකිවේවි. මස් කටු කොහෙන්දෝ හරක් නොමරන කල? (නි)
අචිනි දැන් කියන්න හදන්නේ අචිනිත් පිස්සු බල්ලන්ට කන්න දෙනවා කියලද? (නි)
ඔබ කරන මේ සත් ක්‍රියාවෙන් ඔබට දස දහස් ගුනයින් යස ඉසුරු ලැබේවා (අ)
මෙම සත් ක්‍රියාවෙහි හොද මෙන්ම නරක දකින් පුද්ගලයෝද සිටිති. කොහොම වුනත් මේ සුනඛයන්ගේ මිනිසුන් ලග නැති කෘතගුණ සැළකීමක් ඇත. ඉතා විශිෂ්ඨ ක්‍රියාවක් දිව්‍ය ලෝක සම්පත් ලැබිය හැකි පුණ්‍යකර්මයක්. ඔබ වැනි මිනිසුන් තවතවත් බිහිවේවා! (නි)
කෙනෙකුට රැකියා හැකි ලොකුම දහම සිවුපාවකුටත් වරදක් වරදක් නොකර ජීවත් විමයි. හැම දහමකිම්ම කියාදෙන්නේ එයි.ඔබ සමාජයට ආදර්ශමත් පුද්ගලයෙක් ජය නියති අයියා.(අ)
ඔබතුමා කරන මේ සත්ක්‍රියාවට හිසනමා ආචාර කරමි (අ)
හරක් මරල බල්ලන්ට කන්න දෙන රටක්.අපේ අයට පෙන්නේ එක පැත්ත යි (අ)
මිනිසුන් ළඟ නැති උතුම් ගති මේ සුනකයන් ළඟ තිබෙන නිසා වෙන්න ඇති මේ මනුසයා බල්ලන්ට කන්න දෙන්නේ. මිනිසුන්ට කන්න දුන්නම බල්ලෝ වගේ හපනවා. ඒත් බල්ලෝ කවදාවත් කන්න දෙන කෙනාව හපන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු තව කෙනෙකුට කන්න දීල බල්ලෝ වගේ කියව කියව යනවා.(අ)
බඩගින්නේ එන්න සතෙකුට කන්න දීල අ සතාගේ බද පුරවනවා කියන්නේ ලොකු දානමය පින්කමක්.ඔබ අසරණ වෙන්නේ දෙන්නේ නැහැ ඔබ කරන පින් බලයෙන්.මම මෙහෙම කියන්නේ විසාල විශ්වාසයකින්.(අ)
පිනට දෙන්න හමූටම හිත දෙන්නේ නැහැ.මේ පිනම ආර්ති ඔබගේ සහා ඔබේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරූගී සතුටුමත් ජීවිතයක් ගත කරන්න.(අ)
එතාම හොද ක්‍රිරියාවක්.(අ)
මිනිසාගේ පරම යුතුකම බල්ලාට සේවය කිරීමයි! (අ)
සමහර කොමෙන්ට් දාන කට්ටියට පිස්සුබලු රෝගය හැදිලා වගේ ..... ඔබතුමා කරන මේ සත්ක්‍රියාවට හිසනමා ආචාර කරමි ....(අ)
මම හිතුවේ බල්ලෝ සපා කෑවාම විතරයි පිස්සු බලු රෝගය හැදෙන්නේ කියලා. බල්ලන්ගේ ෆොටෝ එක දැක්කත් පිස්සුබලු රෝගය හැදුනු අය ඉන්නවානේ.(නදී)
පිස්සු බල්ලෝ බෝ කරන එක නම් හොද දෙයක් නෙමෙයි (දී)
කෑම දුන්නා කියලා ජලභීතිකාව බෝවෙන එකේ වෙනසක් වෙන්නේ නෑනෙ. (ර)
මෙ මහතා බල්ලන්ට කෑම ගෙනත් දීම සුපුරුදු දසුනකි.මෙ බල්ලන්ගන ගොඩක් අයිතිකරුවන් සිටින බල්ලන්.මා දැනට වසර පහක පමන සිට මොවුන් දකිමි. වෙනත් බල්ලන් නම් වාහනවලට පනිමින් කරදර කරන මුත් මෙ රංචුව කිසිම දිනක වාහනවලට කරදර නොකරයි.එමෙන්ම කොතරම් වැහි වැස්සත් මමොවුන් මෙම වංගුවෙ දැකියහැකිය.
කරුණාව ඇති හොද මිනිසෙක්. මෙවන් මිනිසුන් අගය කරන්න ඕනේ.(නදී)
අවංකවම මේ කරනදේ ගොඩක් අගය කරනවා.මට තියන දුක මේ හැමදේම හොදින් දකින්න බැරිව ඒ කරන දේ හොද වෙනුවට කිසිම විදිහක පදනමක් නැතුව ඒ මනුස්සයට චෝදනා කරන කට්ටිය කිසිම හිරිකිතයක් නැතුවම කියන ඒවා . (අ)
මේක බලලා යන බල්ලෝ ගනන වැඩිවෙයිද දන්නේ නැහැ.(නදී)
චාමිකගේ තියරිය ට අනුව ඒඩ්ස් වැනි වසංගත නැති කිරීමට දඩාවතේ යන මිනිසුන්ගේ කර අඹන්න වෙනවා .(අ)
මෙයාලා කියන විදියට ජීවත් වීමේ අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. සත්තුන්ට මේ ලෝකේ ජීවත් වීම තහනම්. ආත්මාර්ත්කාමේ . මෙයාලට සතුන් ගැන මේ වගේ තීරණ ගන්න තියන අයිතිය මොකද්ද?(නදී)
නීල්-රනා, ඔබ හරි. මිනිසුන් බොහෝවිට දේවල් දකින්නේ බුද්ධියෙන් නොවෙයි හදවතින්. තමුන්ගේ දරුවෙකු දඩාවතේ යන සුනඛයෙක් කෑවොත්, ඒකෙන් ජල භීතිකාව හැදුනොත් ඔය කව්රුවත් සත්ව කරුණාව ගැන කතා කරන්නේ නැහැ. ඒ වෙලාවට. එතකොටයි සත්‍ය දකින්නේ ඔවුන්. ඔබේ වෙනස තියෙන්නේ ඔබ සත්‍ය දකින්න තමන්ට කරදරයක් වෙනතුරු සිටින්නේ නැහැ. දඩාවතේ යන සුනඛයෝ පෝෂණය කිරීම සම්පූණයෙන්ම වැරදි වැඩක්. එයින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් ඇති වෙනවා. යමෙකුට සතුනට කරුණාව දක්වන්න ඕනෑ නම් ඔහු ඒ සතුන්ගේ වගකීම බාරගෙන එම සතුන එන්නත් කර ඔහු සන්තකයේ තබා ගත යුතුයි. (නි)
වටිනවා නියමයි
ලොකු පිනක් අසරණ සතුන්ට කන්න දෙන එක. නමුත් පොළිතින් කොළ පරිසරයට මුදාහරිනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නොවේ. අපි හිතනවා මෙයා ඒවත් අස්කරන වැදගත් මහත්මයෙක් කියලා. (දී)
හිල්ටි ඔයානම් තිරිසනෙකුටත් අන්තයි.(නදී)
හරක් මස් කටු බල්ලන්ට කන්න දෙනවා. මේක පුදුම රටක් (දී)
කවුරු හරි හොද වැඩක් කළොත් ඒක දිරවන්නෙ නැති අයත් ඉන්නවා නේද? ඔයාට ගොඩක් පින් මේ කරන සත් ක්‍රියාවට. ඔබට ජය! (දී)
ඔබ වැනි උතුම් මිනිසෙක් ගැන අසන්නට ලැබීමත් සතුටක්. ඔබගේ සියලුම කාර්යන් සාර්ථක වේවා! (නි)
හොද වැඩක්. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
හාල් ඇටයක් අරගන්න සල්ලි නැති මිනිස්සු ඉන්න රටේ බල්ලොන්ට මස් බත්...? (නි)
නීල්-රනා අශ්වයා පිටෙන් වැටිලා ඔලුව පැලුනට පස්සේ තමයි මේ වගේ කතා කියන්න පටන් ගත්තේ . (අ)
පොලිතින් ගැන කතාකරනවා පොලිතින් නිෂ්පාදනය කරන්නේ බල්ලෝද? (අ)
වැඩේ නම් හොඳයි, ඒත් පොලිතින් බැග් පරිසරය දුෂණය කරනවා (නි)
හොද වැඩක්. නමුත් පොලිතින් වෙනුවට වෙන විකල්පයක් තිබේ නම් තවත් අගෙයි (නි)
මේ බල්ලන්ට කන්න දෙන්නේ මස් කටු ඒවා කොමද හොයාගන්නේ, අනික සතෙක්ව මරන්නේ නැතුව බල්ලන්ට කන්න දෙන්නේ කොහොමද, මිනිස්සුන්ට කන්න සතෙක් මැරුවොත් ඒකට විරුද්ධ අය මේකට මොකද්ද කියන්නේ.(නදී)
බල්ලෝ ටික දිහා බැලුවම නම් කියන්න බැහැ දඩාවතේ යන උන් කියලා. (දී)
මේක මිනිස්සුන්ට දන් දුන්නා නම් මීටත් වඩා පින් සිදුවෙයි. බල්ලෝ නම් කොහෙන් හරි කන්න හොයා ගනී. ඒත් අසරණ මිනිස්සුන්ට එහෙම බැහැනේ (දී)
සත් ක්‍රියාවක්, එන්නත් ලබා දුන්නා නම් සත් ක්‍රියාව තවත් පොහොසත් වෙයි (දී)
ඔබට මේ පිනම ඇති ඔබේ දිවි මග සාර්ථක වෙන්න (දී)
වැඩේ නම් හොදයි ඉතින්. ඒත් බලන්න පොලිතින් බෑග් හැමතැනම (දී)
ඔබ තුමාට පින්. මිනිස්සු වගේ සත්තු කොහොමද ඒ අයගේ බඩගින්න කියන්නේ. ඔබ තුමාට නැවතත් පින්. (නදී)
මෙවන් දෙයක් කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි (දී)
හාල් කිලෝ 3 2/1 ක බත් දෙන්න මෙයාට ගොඩක් මුදල් ඇති. මිනිස්සු 10ක් 15ක් කන බත්නේ. ලොකු පිනක්. (නදී)
බලු වෑන් එක ආවානම් මරු.(නදී)
ඔබට බොහෝ පින් අයත් වේවා! මෙලෝ පරලෝ වශයෙන් ඔබට මෙහි හොඳ ප්‍රතිපල නොඅනුමානවම ලැබෙනු ඇත.(නදී)
මම හිතනවා ඉතා හොද වැඩක් කියලා (දී)
ඔබට මේ පිනම ඇති ඔබේ දිවි මග සාර්ථක වෙන්න. (නදී)
ඔබතුමා කරන මේ ක්‍රියාවෙන් ඔබ කරගන්නේ වචනයෙන් කිව නොහැකි ලොකු පිනක්. සතෙකුගේ කුසගින්න නිවීම වගේම අද අපේ රටට අවශ්‍යම දෙයක් සත්ව කරුණාව, සත්වයින්ට කරුණාව නොදැක් වීමෙන් ලද පල විපාක තමයි අපි අද විදින්නේ. තිරිසනුන්ටත් අන්ත මිනිසුන් අතර ජීවත් වෙන අපේ ජීවිතේ ඉදිරි විනාඩි 5 හේ කව්රු කොතන විනාශ කරලා දමාවිද යන බයෙන් තමා රෑවෙන්නේ, එළිවෙන්නේ. අනාගතයක් ගැන, අපේ දරු පැටව් ගැනනම් හිතන්න වත් බැහැ.(නදී)
පිස්සු බලු රෝගය හැදෙන්නේ බල්ලන්ට පමණක් නොවනබව මේ තැනැත්තා දුටු විගස පෙනෙනවා. පාරේ දඩාවතේ යන බල්ලන් බොහොමයක්ම කුඩාකල මහමගට හෝ පන්සලකට ගෙනවිත් දමන්නේ නිවෙස් හිමියන්මයි. නිවෙස්වල ඇතිකරන බල්ලන් පවා ශරීර කෘත්‍ය සඳහා යවන්නේ බල්ලන් නොමැති අල්ලපු වතුවලට නැත්නම් මහපාරට. බල්ලන් සපාකෑම නිසා රජය වාර්ෂිකව විශාල මුදලක් වැයකරන බැවින් බල්ලන් ඇති නොකරන අයටත් ඒසඳහා බරපැන දරන්නට සිදුවෙනවා. බල්ලන් නොමිලේ එන්නත් කරන්නෙත් මහජන මුදලින්. ගෙදර කාල ඉතිරිවෙන ඉඳුල් ටික දාලා නොමිලේම මුර සේවයක් ලබාගැනීමයි බොහෝ නිවෙස්වල සිදුවෙන්නේ. ඒනිසා මේ ගැටලුවට ඇති හොඳම විසඳුම බල්ලන් ඇතිකරන්නන්ගෙන් බද්දක් අයකර ගැනීමයි. එවිට නිවෙස්වල සිටින බල්ලන් ලියාපදිංචි වීමක් සිදුවීමෙන් රෝග තත්වයන් මෙන්ම මෙයින් ඇතිවන සමාජීය අතුරු ප්‍රශ්නද පහසුවෙන් නිරාකරණය වෙනවා. රෝහල්, පොලිසි, මහාමාර්ග, වෙරල වැනි පොදුස්ථාන වල දඩාවතේයන බල්ලන් ඉවත් කිරීමත් ඔවුන් එවැනි ස්ථානවලට ගෙනවිත් දමන්නන් හා පෝෂණය කරන්නන් දඩයකට යටත්කිරීමත් අනිවාර්යයෙන්ම සිදුකල යුතුයි.(නදී)
මේ වගේ කෙනෙක් නාරාහේන්පිට ජාතික පොළ පාරෙත් ඉන්නවා උදේ එකොළහට විතර ගියොත් බලන්න පුළුවන් ඒ මහත්තය බල්ලෝ බළල්ලු සේරටම කෑම බෙද බෙදා යනවා.(නදී)
මේ වගේ අහිංසක සතුන්ට උපකාර කරන එක ලොකු පිනක්.(නදී)
ඔයා ලොකු පිනක් කරගන්නේ. මිනිස්සු ලග නැති ගති ගුණ බල්ලෝ ලග තියෙනවා. ඔබට මේ ආත්මෙදීම මේ පින් ලැබේ.(නදී)
පින් සිද්ද වෙන වැඩක්, නමුත් පොලිතින් කොලවල කෑම දීලා ඒ කොළ කැළේට දානවා ඇති, මම කැමතියි පිගන් ටිකක් මේ බල්ලන්ට අරන්දෙන්න.(නදී)
කෑම දුන්නට වැඩක් නැහැනේ. බලන්න පොලිතින් හැමතැනම (දී)
අවංක මනුස්සයෙක්,ඔබට බොහෝ පින් ලැබේවා! (දී)
අපිත් අපේ සල්ලි වලින් පාර්ලිමේන්තුවේ ඉන්න අයට හැමදාම කන්න දෙන්නේ හැබැයි ඒ අයට කලගුණ මතක නෑ.(නදී)
මහරගම නාවින්න ඉසිපතනාරාම පන්සලේ ඉන්න බල්ලන්ට මේ වගේ සත් ක්‍රියාවක් කරනවා මල් අම්මා කියන උපාසිකා මාතාව. සෑම දිනකම සවස 3.00 ට විතර බල්ලන්ට කැම අරගෙන එනවා. (නදී)
බණ්ඩා ලට හොද දේ දකින්න අමාරු ඇති නේද ? සජිත් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ විහින් සතුන් අසරණ කලේ කව්ද? සතුන්ට බෑ උයාගන කන්න තේරුම් ගන්න.(නදී)
බණ්ඩා ලට හොද දේ දකින්න අමාරු ඇති නේද ? මිනිස්සු අසරණ වෙලා එන්නේ විහින් , සතුන් අසරණ කලේකවුද ?සතුන්ට බෑ උයාගන කන්න තේරුම් ගන්න(අ)
හොද බලු වැඩක්.(නදී)
කරන වැඩේ හොද දකිමු. දශමයක් වැරදි නොබලන්න.(නදී)
ඔය කියන විදිහට පොලිතින් හැම තැනම තියනවනම් අවුරුදු 11 ට ඔතන පොලිතින් කන්දක් තියෙන්න ඕනා. මේ මහත්තයා ඒවා අයින් කරනවා ඇති. කරන හොද දේ දකින්න ඇත්තටම වරදක් තියනවා නම් පෙන්නලා දෙන්න. කුහක කමට ප්‍රතිචාර දමන්න එපා.(නදී)
වචනයෙන් නිම කරන්න බැරි සද්ක්‍රිරියාවක්.(නදී)
පොලිතින් ටික අයින් කරනකල් පොඩ්ඩක් ඉන්නවලකෝ. තාම බල්ලෝ කාල ඉවර නැහැ .ඕකනේ කියන්නේ බල්ලොත් එක්ක බැහැ කියලා.(නදී)
නීල්-රානා, බල්ලන්ට කන්න දීලා පිනක් කරන මනුස්සයෙන්ට මේ වගේ පහත් විදියට ඔහේ කතා කරද්දි කවුද බල්ලා කියලා අදුනගන්න අමාරුවක් නෑ. බුදු දහමේ විදියට මේක පිනක්.(නදී)
බල්ලන්ගේ කෑම වලට වැඩියෙන් ගොඩක් අයට පේන්නේ පොලිතින් කැබලි. කාලයක් තිස්සේ මේ සත් ක්‍රියාව කරන, මේ උත්තමයා අනිවාර්යෙන්ම පරිසර හිතකාමියෙක් වෙන්න ඕනේ. පොලිතින් උර පිළිවෙලකට විසිකරනවා ඇති. ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබෙවා.(නදී)
බෝධිසත්වයෙක් වැනි මිනිසෙක්. ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා!(නදී)
බණ්ඩලා කවදාවත් හොද වැඩ කල අය නෙවේනේ නේද බණ්ඩා.(නදී)
අනිවාර්‍යෙයන් ඡන්දෙට ඉදිරිපත් වෙයි.(නදී)
හොද වැඩක්, නමුත් මස් කඩ ටික වැහුවම ලොකු ගැටළුවක් ඇතිවෙයි නේද?(නදී)
මිනිසුන් ළඟ නැති උතුම් ගති මේ සුනකයන් ළඟ තිබෙන නිසා වෙන්න ඇති මේ මනුසයා බල්ලන්ට කන්න දෙන්නේ. මිනිසුන්ට කන්න දුන්නම බල්ලෝ වගේ හපනවා. ඒත් බල්ලෝ කවදාවත් කන්න දෙන කෙනාව හපන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු තව කෙනෙකුට කන්න දීල බල්ලෝ වගේ කියව කියව යනවා.(නදී)
කුමාර්, ටර්සන් නිකම් උරෝ වගේ දගලන්න එපා. මස් කටු කිවම ඔය තරම් පෙරේත මොකද? මේ ලිපියේ කොහෙවත් හරක් මස් කියලා නෑ නේද? මේ කරන වැඩේ අගයේ කරන්න කුහකකම පැත්තක දාලා.(නදී)
බෝධි සත්ව චරිතේ මම අහලා තියනවා. එක පුද්ගලයෙක් කෑම කාලා ඉදුල් වතුර බාල්දියකට දීලා එම පිනෙන් ගොඩක් දේවල් ලබා ගත්තා කියලා මම අහලා තිබෙනවා. (දී)
මේ වැඩේ හොදයි හැබැයි. බල්ලෝ නිසා පාරේ යන්න බැරි එකයි ගැටලුව. මේ වගේ බලු රංචුවකට පොඩි ළමයෙක් අහු වුනොත් ඉවර වෙන්නම කයි. (දී)
මෙතන බලු කතා දාන අය මට නම් දිරවන්නේ නැහැ. පිස්සු බලු රෝග කියන අයටමයි තියෙන්නේ. පොලිතින් ගැන එයාට උපදෙස් දෙන්න ඕඈ නැහැ. මෙවැනි සත් ක්‍රියාවක් කරන කෙනෙක් පරිසරය දුෂණය නොකරන්න වග බලා ගන්නවා ඇති. (දී)
අර බලසේනාව දැනගත්තොත් මස් කටු ගෙනා තැන, එයාලා ඔය වැඩේ නතර කරයි හොදේ. කටු වුනත් ඉතින් හරක් ගේ නේ? (දී)