IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වසර 150ට පසු ඕකීඩ් මලක් සොයාගනී

ශී‍්‍ර ලංකාවෙන් වඳවී යන්නට ඇතැයි සිතා සිටි අති දුර්ලභ උඩවැඩියා විශේෂයක් වසර 153 ට පසු සොයා ගැනීමට හැකි වූ බව උඩවැඩියා මල් වර්ග පිළිබඳ පර්යේෂකයකු වන අජන්ත පලිහවඩන මහතා පවසයි.
මෙලෙස සොයාගෙන ඇත්තේ වර්ෂ 1861 දී හුන්නස්ගිරියේ දී පළමු වරට වාර්තා කරන ලද උඩවැඩියා මල් විශේෂයකි. මෙරට මල් වර්ග ගැන පර්යේෂණයක නිරතව සිටි තවෙස්සි නමැති උද්භිද විද්‍යාඥයකු විසින් මේ මල් විශේෂය මුල් වරට හඳුනාගැණිනි. එය එකළ ඇරිඩස් ටෙසාලටුම් යනුවෙන් උද්භිද විද්‍යාත්මකව නම්කැර තිබිණි.
ඉන් පසු කිසි දිනක මෙරටින් සොයාගත නොහැකි වූ මේ ශාකයේ පළමු නිදර්ශකය පවා විනාශ වී ගොස් තිබූ අතර පේරාදෙණිය උද්භිද උද්‍යාන ශාකාගාරයේ චිත‍්‍ර ශිල්පියකු වූ අල්විස් මහතා විසින් අඳින ලද චිත‍්‍රයක් පමණක් ඇත. මේ චිත‍්‍රය පදනම් කැරගනිමින් උද්භිද විද්‍යාඥ ජේ.ඞී.හූකර් එය පළමුවරට සොයාගත් තවෙස්සි මහතාට ගෞරවයක් ලෙස වැන්ඩා තවෙස්සි ලෙස යළි නැම්කැර තිබිණි.
අජන්ත පලිහවඩන මහතා පවසන්නේ 2010 වර්ෂයේ දී කුරුණෑගල නගරයේ දී ශාක කඳන් පටවාගෙන යමින් තිබූ අත් ට‍්‍රැක්ටරයක වූ කොටයක  ඕකීඞ් පැල කිහිපයක් දුටු බවයි. මේ පැල සුලබ වැන්ඩා විශේෂයක් වන ටෙස්ටේසියා විශේෂයට අයත්යැයි ඔහු තීරණය කැර තිබිණි. එහෙත් ඒ පැල අතර වෙනස් ස්වභාවයක් ගත් පැලයක් ද දුටු හෙතෙම මේ පැලය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකැර තිබිණි.
වසර හතරකට පසු එහි මල් හටගත්තේය. උඩවැඩියා කැපුම් මල් සඳහා නව විශේෂ බිහිකරන්නකු ද වන පලිහවඩන මහතා මෙතෙක් නොදුටු මේ මල උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් සිරිල් විජේසුන්දර මහතා වෙත යොමුකිරීමට කටයුතු කළේය.
ශාකය පරීක්ෂා කළ සිරිල් විජේසුන්දර මහතා පවසන්නේ එය අදින් වසර 153 ට පෙර හුන්නස්ගිරියේ දී හඳුනාගත් වැන්ඩා තවෙස්සි නම් විශේෂය බවයි. ඒ අනුව මෙතෙක් ලෝකයෙන් තුරන්වී ඇතැයි සිතා සිටි ශී‍්‍ර ලංකාවට ආවේණික  ඕකීඞ් විශේෂයක් තවමත් මෙරට තිබෙන බව තහවුරු වී ඇත.

??????????

 

 



අදහස් (0)

වසර 150ට පසු ඕකීඩ් මලක් සොයාගනී

සිදත් Tuesday, 29 July 2014 02:51 AM

පරණ දේවල් කොහොමත් වටිනවා. කොහොමත් පොලිස් ආරක්ෂාව ගන්න වෙනවා. නැත්නම් ඕක උස්සාවි (නදී)

:       0       0

රජින්ද Monday, 28 July 2014 02:11 PM

බොහෝම සන්තෝෂයි.! (අ)

:       0       0

lලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 28 July 2014 03:21 PM

ලොකු මෝඩ වැඩක් කරලා තියෙනේ ඔය ගැන මෙහි විස්තර දැමීම ඔය ඕකිඩ් පැලය දුරලබ කියල දැම්මා මිනිස්සු සේරම දැන් ඕක සොයන්න ගන්නවා හොයගෙන හංගලා වැඩි ගානකට විකුනනන් පුළුවන් කියා දැනටමත් මැති ඇමති වරුන්ගේ නෝනලා ඔය ගහක් ඕනේ කියලා සොයන්න කියල ඇති තියන අනිත් ඕකිඩ් ටිකත් වද කර ගන්න පොටක් මේ දැනටමත් කැලා ඉවර කරනවා වල්ල පට්ටා හුනෝ හොයලා (අ)

:       0       0

හේවාවිතාරණ Tuesday, 29 July 2014 11:52 AM

පුදුමයකි මෙපමණ කල් ගිහිනුත් මල පර නොවුණ එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 698 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3609 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1297 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site