IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


‘වසර 50කට පෙර ගංවතුර වළක්වන්න ගෙනා සැලසුම් තවමත් නෑ‘ - ජනපති

( සිරංගිකා ලොකුකරවිට )

‘ගංවතුර වළක්වාගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්වන්න‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

‘‘තමන්ට ලැබෙන මනාප ගැන බලාගෙන මහජන නියෝජිතයන් තීන්දු තීරණ ගන්නවා. රජයක් ගෙන එන සංවර්ධන යෝජනාක්‍රම වලට විරුද්ධ වෙනවා. දේශපාලන බේදයකින් තොරව මේ සංවර්ධන වැඩවලට එකතු වෙන්න“ යැයි ද ජනපති කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ආපදා විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි ගංවතුරක දී ගාල්ල දිස්ත්‍රික්කයට හානි සිදුවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිමේ දී ය. 



අදහස් (33)

‘වසර 50කට පෙර ගංවතුර වළක්වන්න ගෙනා සැලසුම් තවමත් නෑ‘ - ජනපති

wedage Thursday, 01 June 2017 05:58 AM

සැප වාහන ගෙන්වන එක ගැන නොවෙයි නේද?

:       0       53

Charith Kumasaru Thursday, 01 June 2017 06:31 AM

විපක්ෂය කියන විදියට ජනප්‍රිය තින්දුව ගන්න ඕන නැති නිසා තමයි ජේ.ආර්. මැතිතුමා විධායක ජනාධිපති කෙනෙක් හැදුවේ... දැන් ඔබතුමා එ්කත් නැති කරන්න කියෙව්වේ ඕවා නොදැනද? ජාතිවාදී ප්‍රශ්නයක් අාවොත් විධායකයේ වටිනාකම තවත් තේරේවි... !!!

:       0       108

rajith Thursday, 01 June 2017 06:51 AM

ලංකාවාසීන්ට දැන් පැහැදිලිද තත්වේ මොකක්ද කියලා?

:       0       47

Danushka Thursday, 01 June 2017 06:52 AM

ජනාධිපති පරිසර ඇමතිවරයා වෙලත් හරියන්නේ නැහැ... එක බල්ටියක්වත් නැහැ. කතාව පමණයි වගේනෙ...

:       0       71

anura Thursday, 01 June 2017 06:54 AM

අතීතය ගැන කිව්වා ඇති.... වර්තමානයේ ඔබතුමන්ලා ඇතුළු බලධාරීන් දැන් වැඩ කරලා රටට පෙන්වන්න....

:       0       70

Samayan Thursday, 01 June 2017 07:12 AM

කණගාටුවට කරුණ නම් තාමත් අපේ ජනාධිපතිතුමා පරණ කතා කියකියා ඉන්න එක.... කරුණාකරලා ඉදිරියට කරන දේවල් සහ තමන්ගේ ආණ්ඩුව ගන්න ස්ථිර තීරණ ගැන ජනතාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි !!!

:       0       30

ruchi Thursday, 01 June 2017 08:33 AM

ඔබතුමා මෙච්චරකල් කළේ මොකක්ද? දැන් වෙච්ච දේ වෙලා ඉවරයි...

:       0       39

Senarath Thursday, 01 June 2017 09:22 AM

මේකටවත් විසඳුමක් දෙන්න, පසුගිය අවුරුදු 2 තුළවත් නොකරපු එකේ... මිනිස්සු 300 කට වැඩිය මැරිලා තියෙනවා. කාටවත් දොස් කියලා වැඩක් නැහැ.

:       0       42

Perera Thursday, 01 June 2017 09:50 AM

ඔබතුමා ඇවිල්ලත් දැන් අවුරුදු 2 කට වැඩියිනේ. ඉතින් ඔබතුමාටත් තාම බැරි වුණානේ...

:       0       54

Ach-cha-ru Thursday, 01 June 2017 10:07 AM

ජනාධිපතිතුමනි ඔබතුමාවත් ක්‍රියාත්මක කරන්න. ඉතිහාසය වර්තමානයට වඩා වැදගත් වෙන්නේ එයින් විපාකයක් සිදුවුණාමයි. ඇත්තම කියනවා නම් ඉතිහාසය වැඩක්ම නැහැ.

:       0       2

Athula k Thursday, 01 June 2017 10:38 AM

රත්නපුරේ ගඟේ වංගුව කෙලින් කරන්න 70 - 77 කාලයේදී රජයෙන් ගඟක් කැපුවා. රජය පෙරළුන ගමන් ජේ.ආර්. මැතිතුමා එක වැහුවා. ඔන්න ඔහොමයි අපේ රටේ වැඩ...

:       59       95

hamu Thursday, 01 June 2017 10:43 AM

ඉතින් දැන් ජනාධිපතිතුමා වෙලා ඉන්දැද්දීත් කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දීලා අයින් වෙලා පයින්ම යමු..

:       3       42

ARUNALU Thursday, 01 June 2017 11:35 AM

ඔබතුමා අවුරුදු 40ක් ම නියෝජනය කරපු පාර්ලිමේන්තුවට තමයි බැරි වුණේ... ඔය කතා අපිට කියලා වැඩක් නැහැ...

:       0       58

NUWAN Thursday, 01 June 2017 11:36 AM

එහෙනම් මහත්තයෝ තව අවුරුදු 50 කින් එන නියඟේ නවත්වන්න අර විල්පත්තුවේ ගස් කැපීම නවත්වන්නකෝ!

:       0       43

nira Thursday, 01 June 2017 12:29 PM

වැඩිය කතාකරන්න එපා පරණ දේවල්.... මොනවහරි කරන්න.. .කියවනවා විතරයි වැඩ නැත

:       0       2

shan saudi Thursday, 01 June 2017 12:44 PM

මෙවන් දේ ක්‍රියාවට නැංවීමට නම් පළමුව දේශපලකයාගේ බලය සීමා කල යුතුය. එසේ නොමැතිව රටේ සිදුවන අයථා මුදල් ගනුදෙනු ,නීති විරෝධී කර්මාන්ත, නව ගොනැගිලි ඉදිකිරීම්, රජයේ දේපල අයථා පරිහරණය, රටේ වනාන්තර විනාසය, වගුරු බිම්, වැවු අමුණු, ගල් කදු, ගඟ හා ඇලදොළ, කුබුරු, වලට කරන විනාසය කිසි දිනක නතර කල නොහැක ඒ නිසා ඔය ඔබතුමා කියන ගංවතුර වළක්වන්න ගෙනා සැලසුම් හෝ නායයාම් වලකන සැලසුම් ක්‍රියාවට නංවනවා සිහිනයකි ඉහත කී සියලු දේ සදහා යම් කාර්යක් කරන්නේනම් ඒ සදහා අධිකරණයෙන් හා දිසාපතිවරයාගෙන් නිසි අවසර ලබාගැනීම අනිවාර්ය කල යුතුය. රජයේ කිසිම නිලදාරියෙකුට කිසිම දේසපලකයෙකුට බලපෑම් කිරීම දඩුවම් කිරීම සපුරා තහනම් කල යුතුය. දේශපාලකයාගේ කාර්ය වපසරිය හා ඔවුන්ගේ බල ප්‍රදේශයේ අයථා ක්‍රියාකාරකම් සිදුවන්නේනම් නිසි අදීක්ෂණයකින් පසු එම තනතුරෙන් නෙරපලීමටත් යලි දේශපාලනයට ඒමට නොහැකි වනසේ ඉවත් කල යුතුය. සුදුසු පුද්ගලයා පත් කිරීමටත් ජනපතිවරයාට නිසි බලය තිබිය යුතුය ඔහු ඒ කාර්ය අවංකව හා සාධාරනව සිදුකල යුතුය

:       0       39

බද්රානි Thursday, 01 June 2017 01:26 PM

අවුරුදු 50 කට කලින් කල යෝජනාවක් නම් ඉතින් අනිවාර්යයෙන්ම සුද්දෝ දුර දිග බලලා කල යෝජනාවක් වෙන්න ඇති.

:       2       3

Mahinda Wickramaratne California Thursday, 01 June 2017 01:31 PM

මේවට වග කියන්න ඕනේ ජනතාවද දේශපාලකයෝද ?

:       0       3

saman Thursday, 01 June 2017 02:44 PM

ඔබතුමත් පහුගිය අවුරුදු 20කත වැඩි කාලයක් රජයන් වල විවිධ ඇමති තනතුරු හොබවල තියනවා නේද?

:       0       29

silvi Thursday, 01 June 2017 03:04 PM

කතාව නතර කරලා වැඩ කරලා පෙන්නන්න

:       0       29

pradeep Thursday, 01 June 2017 03:15 PM

එක්කෝ අතීතයට බනිනවා. නැත්නම් මහා ලොකු දේවල් කරන්න කතා කරනවා. එත් වෙන දෙයක් නැත.

:       0       67

lalith Thursday, 01 June 2017 03:25 PM

ඉතින් ඔය වසර පනහෙම රට පාලනය කලේ අපිද? ඔබතුමාලා නැතිනම් ඔබතුමාලගේ කලින් පරම්පරාව නේද?

:       0       23

Tissa Thursday, 01 June 2017 03:38 PM

වසර පනහකට අසන්න කාලයක් ඔබතුමාත් දේශපාලනයේ හිටිය නේද?

:       0       33

siri Thursday, 01 June 2017 08:44 PM

ඔය කියන සැලසුම් අවුරුදු 50 කට කලින් ගෙනවානම්, ඔබලත් අඩු වැඩි වශයෙන් රට පාලනය කලානේද?මෙයාල මොනවා කියනවද කියල මෙයාලවත් දන්නේ නැහැ.

:       0       3

නුමා Thursday, 01 June 2017 09:41 PM

බොරුවට කයිවාරු ගැසීම නවතා මනාප/ චන්ද අමතක කර පරිසරය විනාශ කරන්නන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න. අධික දඩ/වසර 10ක වත් සිර දඬුවමක් සහ සියලුම යන්ත්‍රෝපකරණ රාජසන්තක කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්න. වසර 50 පෙර සැලසුම් නම් දැන් ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. ක්ෂණික වැඩ නැතිව සැලසුම් සහගත වැඩ අරඹන්න.

:       0       9

sunny Friday, 02 June 2017 12:30 AM

මෙයත් මොනවා හරී කියල යාවි. හැමෝම කරන්නේ එකම දේ

:       0       3

Kumara Friday, 02 June 2017 12:41 AM

හරියට අපි කරා වගේනේ

:       0       16

kumara Friday, 02 June 2017 01:46 AM

අපිටද කියන්නේ? ඒවා කරන්න තමයි බලය දෙන්නේ. සැලසුම් ක්‍රියාත්මක කරන්න. රට යන්නේ ආපස්සට බව තේරෙන්නේ නැද්ද ?

:       0       30

Ravi Friday, 02 June 2017 03:47 AM

ප්‍රශ්නය ඒක නෙමේ ඔබතුමන්ලා අද ගෙනෙන එක තව අවුරුදු පනහකින්වත් එයිද?

:       0       19

suran Friday, 02 June 2017 04:19 AM

මෙතුමාගේ ලොකු ලොකු කතා අහල දැන් ඇතිවෙලා, මෙතුමා යටතේ පාරිසරික ඇමතිකම තිබිලත් මෙතුමාට තවම නොහැකි වී තිබෙනවා දේශපාලකයින් සහ එයාලගේ ගෝලයන් පරිසරයට කරන හානිය නවතාගන්න.

:       0       30

Upu Friday, 02 June 2017 04:27 AM

අවුරුදු 50 මොකද්ද? අවුරුදු 2 යහපාලනේ වගේ තමා

:       0       86

chandra weerasinghe Wednesday, 07 June 2017 09:47 PM

ඔයත් දැන් බලයට ඇවිත් කොච්චර කාලයක් ගිහින්ද? මහින්ද මහත්තයානම් අඩු ගානේ බෙදුම් වාදය සදහටම නැති කරා !!යහ පාලනේ මොනවාද කලේ!! කයිය කෙලින එක විතරයි !! චන්ද්‍ර ඕක්ලන්ඩ්

:       0       55

RAMASINGHE Tuesday, 13 June 2017 07:16 AM

ජනාධිපතිතුමනි ඔබතුම නවත්වන්නේ සංවර්ධන කටයුතු විතරයි නේද කට්ටිය කෑගැහුවම බැරිද නවත්වන්න ඇමතිලට ගෙනෙන සැප වාහන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 567 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 714 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 312 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 782 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 218 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1735 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site